දෘෂ්ටිවාදී ට්‍රයියෑංගලයේ සර්වාංග පරීක්ෂාව

Image

පළමු ලිපියට මෙමඟින් පිවිසිය හැකිය

මුල් ලිපිය අවසන් කළ තැනින් ඉදිරියට ගමන් කිරීමේ දී චූල මතවාදී ට්‍රයියෑංගලයේ තුන්වැනි දෘෂ්ටිවාදය වන්නේ දීප්ති කුමාර ගුණරත්න යන රූපකාරක සාමාජ ක්‍රියාකාරිත්වයය. මේ පිළිබඳව පැහැදිලි කිරීමට ප්‍රථම මා විසින් මීට පෙර ලියන ලද ලිපියක දීප්ති පිළිබඳ සඳහන් කොටසක් සහ “කැරැල්ල“ නමින් ඇති ෆේස්බුක් පිටුවෙහි විමල් කැප්පෙටිආරච්චි විසින් කරන ලද සංවාදයක හැඳින්වීමේ උපුටනයක් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි.

ලෙඩෙකු කරතියාගෙන අතීතයට දුවන වෛද්‍යවරයෙකු වශයෙන් මහාචාර්ය නලින් ද සිල්වාත්, එම ලෙඩාම කීතු කීතු කරමින් ව්‍යච්ඡේදනය කරන වෛද්‍යවරයෙකු වශයෙන් දීප්ති කුමාර ගුණරත්නත් යන දාර්ශනිකයින් දෙදෙනාට රූපකාර්ථ නිර්චනයක් දෙමින් මගේ ඉහත ප්‍රවාදයට පිවිසෙන්නෙමි. මෙම දෙදෙනා ප්‍රවාහයන් දෙකක් ලෙස ගතහොත් අතීතය හා අනාගතය ලෙසත් ඉල්ලම් සහිත පෙදෙස් සොයා මැණික් සොයන්නන්ය. ආදරය හා වෛරය අතර සැරිසරන්නන්ය. බුද්ධිය හා තර්කය අතර සංවාද ගතවන්නන්ය. ශිෂ්ටත්වය හා ම්ලේච්ඡත්වය සොයන්න්නය. විකල්පයකට පාර කපන්නන්ය. නූතන ලාංකීය සිංහල දේශපාලන විඥ්ඥාණය මේ වටා භ්‍රමණය කරවන්නන්ය. අරමුණ වෙනුවෙන් ජීවත් වෙමින් පරමාදර්ශයට ආලෝකය සපයන්නන්ය.“ (මගේ)

“දීප්ති කුමාර ගුණරත්න යනු ශ්‍රී ලංකාවේ ලංකා පෙරටුගාමී පක්ෂයේ නායකයාය. ලංකාවේ දේශපාලන වියමන, වෙනස් සහ වෙනත් මානයකට රැගෙන ගිය මිනිසකු ලෙස අපි ඔහුව හඳුනා ගන්නෙමු. ඔහු පළ කරන අදහස් තරම් දාර්ශනික ගිනිදළු ඇවිළූ අදහස් පළ කළ වෙනත් දේශපාලන නායකයකු මෑත කාලීන ලංකාවේ සිටී ද යන්න පවා ප්‍රශ්නාර්ථයකි.“ (කැප්පෙටිආරච්චි)

ඉහත හැඳින්වීම්වලට අනුව වුවද    ඔහු නියෝජනය කරන  දෘෂ්ටිවාදය පිළිබඳව ආනුභාවික (empirical) හා ප්‍රමාණාත්මක(Quantitative) නිර්චනයක් දීමට තරම් භාෂාව සොයා ගත නොහැකි වුවත්, එහි ඇති ගුණාත්මක (Qualitative) බලපෑම සමාජ සංස්කෘතියට විශාල වශයෙන් ප්‍රතිථලගෙන දී ඇත. පශ්චාත් නුතනවාදී දෘෂ්ටිය කියා හැඳින්වුවද, විසංයෝජනවාදී දෘෂ්ටිය කියා හැඳින්වුවද, ව්‍යුහවාදී දෘෂ්ටිය කියා හැඳින් වුවද එවායින් අවසාන ප්‍රතිඵලයක් සොයා ගත නොහැකිය. එක්ස් කණ්ඩායම වශයෙන් ක්‍රියාත්මක වෙමින් පසුගිය කාලය පුරා ලාංකික සිවිල් සමාජයට කරන ලද බල පෑම සුළුවෙන් සත්සේරු කළ නොහැකි වන්නේ එක්ස් කණ්ඩායම විසින් සමාජ ගත කළ දැනුම බල සම්පන්න නිසාය. එය හරියට කෆීර් යානාවක් බඳුය. අකුණු විදුලිය සහිත වැස්සක් බඳුය. අනූව දශකයේ දී ඇති වූ මෙම සමාජ ව්‍යාපාරයේ දැනුම  හා බලය කිසියම් අණසකක් පතුරුවන්නට විය. එය නගර කේන්ද්‍රීය සිවිල් සමාජය යම් කිසි දෙදරුමක් ඇති කළ අතර එහි සාධනීය හා නිශේධනීය යන දෙඅංශයම අඩංගුව පැවැති බව මගේ විශ්වසයයි. මෙම නව දැනුම් ප්‍රවාහය විසින් විශ්ව විද්‍යල දැනුම නැමැති චීන මහා ප්‍රාකාරය ධනවාදය නැමැති කාලතුවක්කුවෙන් බිඳ දමන්නාක් (මාක්ස් එංගල්ස් කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනයේ සඳහන් කරන්නාක් මෙන්) මෙන් විශ්ව විද්‍යාල දැනුමට අභියෝගයක් විය. ඇකඩමික දැනුමේ ඇති අතාර්කික බව එක්ස් විසින් ගෙනන ලද ප්‍රවාද තුල තදින් ප්‍රකට වූ අතරට සිවිල් සමාජ දේහය හරහා විදුලියක් කොටන්නාක් මෙන් මෙහි බලපෑම, ජනමාධ්‍ය, සාහිත්‍ය සිනමාව ඇතුලු බොහෝ ක්ෂේත්‍රයන් තුලට නව මානයක් හා චිචාරයක් එක් කරනු ලැබුවේ අලුත් භාෂාවක් හා එම භාෂාවට පාරිභාෂික ශබ්ධමාලාවන් ද නිර්මාණය කරමිනි.

එක් අතකින් සමාජය අවදි කරද්දී, තවත් අතකින් සමාජ ක්‍රියාකාරීන් නිහඬ කරවීම ද සිදුවිය. සාම්ප්‍රදියික දැනුමෙහි මළකඩ කඩමින් ඇති වූ තර්කනවේදය නව පරපුරට විලාසිතාවක් බවට ද පත් කිරීමට දායක විය. එම සමාජ බලවේගයෙහි පුරෝගාමියෙකු ලෙස දීප්ති ප්‍රධාන වන අතර එක්ස් කණ්ඩායමේ ඇතිවන කණ්ඩනය හේතුවෙන් දීප්ති ප්‍රමුකව ගොඩ නැගෙන දේශපාලන පක්ෂය වන ශ්‍රී ලංකා පෙරටුගාමි පක්ෂය ක්‍රමික අනන්‍යතාවකට හැඩ ගැසීම සිදු වුවත් එහි අනන්‍යතාවයේ හැඩය තේරුම් ගැනීමට කාලය අවැසිය. අනෙක් අතට එම පක්ෂය ද මාක්ස් ලෙනින්වාදී ආකෘතික දේශපාලන දර්ශනයක පිළිබිඹුව පෙන්වද්දී, ලාංකීය වමේ මෙතෙක් පැවැති ස්වභාවය යම් වෙනසකට ලක්කරන්නක් ද වනු ඇත. එනම් සාම්ප්‍රධායික මාක්ස් ලෙනින්වාදී දැනුමෙන් එහාට ගමන් කරන්නකි.

සර්වාංග පරීක්ෂණය (overall checkup)

මේ අනුව මෙම දෘෂ්ටිවාදී ට්‍රයියෑංගලය සර්වාංග පරීක්ෂණයකට ලක් කිරීමේදී, සමස්ථයෙහි අභිප්‍රාය වන්නේ සාධනීය විශ්ලේෂණයකට(constructive analysis) යොමු වීම වන අතර පළමු ලිපියෙහි මුලින් සඳහන් කළ යෙදුම් දෙකක අපේක්ෂිත අර්ථය නැවත විග්‍රහකර ගැනීම වැදගත් යැයි සිතමි. එනම් “චූල“ සහ “පර්ෂද“ යන වචන දෙකය.  චූල යනුවෙන් සඳහන් කිරීමේ දී ඉන් වක්‍රව කියැවෙන්නේ මහා එක්ක් හෝ ඊට වැඩි ගණනක් ද, කුඩා දෘෂ්ටිවාද තවත් බෙහොමයක් තිබිය හැකි බවය. පුද්ගල නාමයන් සහිතව මෙම සාකච්ඡාව මතු කරද්දී “අනෙකුන්“ (others) නිර්මාණය වීම නොවැලැක්විය හැකි වුවද, එම අනෙකා ද චූල ඝණයටම අයත් වන්නකි. ප්‍රස්තුතයට අදාල සන්දර්භයන් සාක්ච්ඡා කිරීමේ දී, සෙසු අයව හෝ පුද්ගලයන් නිෂේධ වීම හෝ අවැදගත් වීමක් සිදුවීම මෙහි සමස්ථයෙන් අපේක්ෂා නොවේ.

පර්ෂද යන වචනය සිංහල භාෂාවෙන් හැඟවුම්කරන දෙයට අදාල අර්ථය ලැබේද යන සැකය නිසා මේ පීළිබඳව පැහැදිලි කිරීමට cluster යන වචනයම තවත් විග්‍රහ කරන්නේ නම්, මෙම යෙදුම පර්යේෂණ තුල භාවිත කිරීමත් විශේෂයෙන් සිනාරියෝ ගොඩනැංවීම්වලදී යොදාගැනීම සිදුවේ. ඒ අනුව කිසියම් අදාල මාතෘකාවක් විග්‍රහයට ගැනීමේ දී හෝ ගොඩනැංවීමේදී හෝ ඊට අදාල බොහෝ උප කාරණා තිබිය හැකිය. එහෙත් ඒ සියල්ල විග්‍රහය සඳහා යොදා ගත නොහැකිය.එහෙත් රැස්කරගන්නා ලද සෙසු වැදගත් දේ ද අවශ්‍ය විටෙක ප්‍රයෝජනයට ගැනීමට ඉඩ තබා ගනිමින් අදාල සිනාරියෝව සඳහා අවශ්‍ය ලෙස තෝරා ගැනීම ක්ලස්ටර් (Cluster) කිරීම නම් වේ.මේ අනුව ලංකා දේශපාලනයේ මතවාදී ට්‍රයියෑංගලය යනුවෙන් සඳහන් කිරීමේ දී ඉන් ගම්‍ය වන්නේ, මෙය පමණක්ම බව යන්න පිළිබඳ ඇති වැරදි වැටහීම නිවැරදි කිරීමට මෙම කෙටි සඳහන උපකාරක වනු ඇතැයි සිතේ.

එසේම මෙහි තවත් ඉදිරියට යෑමට ප්‍රථම, පළමු ලිපියේ දී ලලිත් කුගන් පිළිබඳ කරන ලද සඳහන තුලින් වැරදි අර්ථ සංඥාවක් නිකුත් වෙමින් “එම පැහැර ගැනීම් කිරීම සාධාරණීයකරණය කිරීමක් වැනි හැඟීමක් පැමිණි පාඨකයෙකු වේ නම්, මුලින්ම භාෂව හැසිරවීමේ දුබලත්වය වෙනුවෙන් සමාව ඉල්ලා සිටිමි. මන්ද ලලිත් කුගන් සහෝදරවරු වෙනුවෙන් අප ද හැකි පමණින් මැදිහත් වීම් කර ඇති බව ද දන්වමිනි. එහෙත් ලලිත් කුගන් සිදුවීම සම්බන්ධයෙන් මතු කිරීමට අවශ්‍ය වූයේ සදාචාරමය ප්‍රශ්නයකි. එය ශේක්ෂ්පියර්ගේ හැම්ලට් නාට්‍යෙය් එක් ජවනිකාවක් වන පියාගේ මරණයත් සමග අම්මාගේ අනෙක් විවාහය සිදුවනු දකින හැම්ලට් මෙනෙහි වීමෙනි. (සමහර විට මෙම සංජානනය ද නොගැලපෙනු ඇත.) එය වුවද ලිපියෙහි අරමුණට හානියක් වෙමින්  යමෙකුට සිත් තැවුලක් වේ නම් ඊටද සමාව ඇයැදිමි.

 දැන් ඇත්තේ ඉහත ලිපියෙහි සඳහන් කරන ලද රූපකීය දෘෂ්ටිවාදයන් යලි පරීක්ෂාවට ලක් කිරීමය. ඒ අනුව අනාගතය පිළිබඳ විය යුතු සිනාරියෝවක් ගොඩනගන්නේ නම් යන අර්ථයෙන් මෙම සටහනට ඇතුලු වුවහොත් මෙහි සඳහන් චූල දෘෂ්ටිවාද තුනෙහි එක් රූපකීය ප්‍රවාහය වන විමල් වීරවංශ ගූන්‍ය වී යනු ඇත්තේ ඔහු වෙනත් කලාපයක ස්ථානගත වන බැවිනි.එය පළමු ලිපියෙහි සඳහන් කර ඇත. එහෙත් මෙම විග්‍රහයට ඔහුව බද්ධ වීමේ වැදගත්කම වන්නේ ජවිපය හා ජවිපය නැවත මතවාදීව කණ්ඩණය වී බිහිවන පෙරටුගාමී සමාජවාදී පක්ෂය නිසාය. දෘෂ්ටිවාදයක් නැති ක්‍රියාකාරිත්වයක් ඇති යනුවෙන් හැඳින්වූ ජවිපයට විමල්ගේ දිශාවට නැතිනම් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවකට ගමන් කිරීමේ අවකාශය කාලය අනුව සිදුවිය හැකි බැවින් දේශපාලනික චලනයකදී එයට වෙනස් විය හැකි ශඛ්‍යතාවක් ඇත. ඔවුන්ගේ එම හැරවුම අනාගත සිනාරියෝවක් නිර්මාණය කිරීමේ දී වැදගත් වන්නේ ජාතික වශයෙන් ලංකා දේශපාලනයට හෙලන දෘෂ්ටිය අනුවය. අනෙක් අතට වැදගත් වන්නේ ජවිපේ කණ්ඩනයේ සෙසු පාර්ශවය වන පෙසපේ මතවාදීමය ලෙස ජවිපය අතික්‍රමණය කරමින් ඉදිරියට පැමිණ ජවිපෙන් වෙන්වීමේ දෘෂ්ටිවාදයේ වෙනස සලකුණු කිරීම පිනිස අරගලයක යෙදී සිටීම දේශපාලනික අර්ථයෙන් ඇති සුවිශේෂීකම නිසාය.

 Image

මේ අනුව ජවිපය ත්‍රිකෝණ ගත කළහොත් වැදගත් කෝණ දෙක වන්නේ ජවිපය හා පෙසපය. එයින් ද ජනප්‍රිය ජාතික දේශපාලනය තුල ඇති වන චලනයන්ට අනුව ජවිපේ හැරවුම කුමන දිශාවකට තල්ලු වේද යන්න පැහැදිලි නැතත්, පෙසපය ඉන් එහාට ගමන් කරමින් සොයා යන දේශපාලනයක නිරත වීමේ ගුණය ප්‍රකට කරන බැවින් චූල දෘෂ්ටිවාදයන් අතරට නැවත කලස්ටර් කිරීමේ දී පෙසපය පැමිණෙනු ඇත. එවිට ට්‍රයියෑංගලය වන්නේ පෙසපය + ( කුමාර[i]) හිරු + (භාෂණ) සහ එක්ස් + පෙරටුගාමී පක්ෂය + (දීප්ති). එබැවින් මෙම දෘෂ්ටිවාදී දහරාවන් තුන තුල ඇති ප්‍රතිවිරෝධයන් සමනය කර ගැනීමෙන් කිසියම් ප්‍රමාණයකට හෝ නිර්මාණශීලි විය හැකි වන්නේ නම් ( ට්‍රාන්සෙන්ඩ්(Transcend) වීමට හැකි වේ නම්), ලංකාව පිළිබඳ සොඳුරු සිහිනයකට අඹ ඇටයක් සිටු විය හැකිය.එය අද හෙට නොව මතු දිනක මතු පරපුරක ආදර්ශීය උරුමය වනු ඇත. එය යුරෝපීය ප්‍රාජාතන්ත්‍රවාදයේ ඇරඹුම සළකුණු ගත කළ ඉතිහාසය මෙන් ලාංකීය ඉතිහාසය තුලද සෙල්ලිපියකින් සටහන් තැබෙනු ඇත. ඒ සඳහා ද්විත්ව කාර්යයක් ඇත.

Image

ඉන් පළමු වැන්න එක් එක් දහරාවන්ගේ අභ්‍යන්තරික ගැටුම්වල මතුපිට ඇති හැසිරීම(Behavior) නැමැති අයිස්බර්ගය තුරන් කර දැමීම පිණිස ආකල්ප(attitudes),ප්‍රතිවිරෝධයන්(contradictions) ගේ මූල බීජයන්(root causes) වී ඇති මතවාදී හා පුද්ගලික යන ද්විත්ව හේතුන් කරා ගමන් කරමින් සාධනීය සමාලෝචයකට පැමීණීමට අවශ්‍ය සංහිඳියාව(reconciliation) ගොඩ නගා ගැනීමෙනි.එම සංහිඳියාව උතුරු දකුණු සංහිඳයාවේ ද පහන් එලියක් වනු නොවනු මානය. මෙම වගකීම වනාහී එක් අයෙකුට පමණක් නොව සියල්ලන්ගේම වැඩකි. එක් පරම්පරාවක තවමත් ජීවත්වන කෙලවාගත්තවුන්ගේ වැඩකි. කෙලවා නොගැනීම පිණිස දැමිය යුතු අත්තිවාරමකි, කළ යුතු සංගායනාවකි. තම තමන් නිවැරදි නම් සමස්ථය වැරදි වන්නට හේතුව කුමක් ද යන්න නැවත කල්පනා කිරීමට කාලය අවශ්‍ය ප්‍රමාණයටත් වඩා අප සතුව ඇත. එබැවින් මෙම දේශපාලනික සංහිඳියාව සඳහා ගමන් කිරීමට ඇති ප්‍රෙවේශයන් බොහොමයක් වන අතර එහිදී වැදගත් වන්නේ අනන්‍යතාවන් (identities) සහ අනන්‍යෝන්‍ය හඳුනාගැනීම ය( mutual recognition).

මේ පිළිබඳව තවදුරටත් ඉඩ තැබීම ඊ ළඟ කොටසට තබමින් ළමා කතාවක් වන ඩිස්නි ප්‍රින්සස් (Disney Princess)හි “ ඔවුන්ගේ ලෝකයේ කොටස“ (part of their world)නම් කොටසෙහි කිඳුරියක පිළිබඳ කතාන්දරයේදී එන සඳහනක් මතක් කිරීමට කැමැත්තෙමි.

“Daddy said humans were cruel. But I know that any creature who could make things as beautiful as these treasures couldn’t be all bad” (Grace Windsor) (තාත්තා කිව්වේ මනුෂ්‍යයින් කියන්නේ නපුරු ජාතියක් බවය. එහෙත් මම දන්නවා මේ වගේ ලස්සන දේවල් නිර්මාණය කරන්නට හැකි කිසිම කෙනෙකු නපුරු විය නොහැකි බව)

ලස්සන දේවල්, අපූරු දේ නිර්මාණය කරන මිනිස්සු නපුරු විය නොහැකිය. ඔවුනට එකට එක් විය හැකි වනු ඇත. එය එතරම්ම අසීරු වන්නේ ද එක් වීමේ ඇති වැදගත්කම නිසාය. අපට සිහින මැවිය හැකිය. ජෝන් ලෙනන් කියන්නාක් පරිදි, ඔබට කිව හැකිය, මම සිහින දකින්නෙකු ලෙස. එහෙත් යම් දිනක ඔබද අප හා එකතු වනු ඇත.

You, you may say
I’m a dreamer, but I’m not the only one
I hope someday you’ll join us
And the world will be as one

උදය ආර්. තෙන්නකෝන්


[i] පෙරටුගාමී සමාජවාදී පක්ෂය සම්බන්ධයෙන් කුමාර ගුණරත්නම්ව සඳහන් කිරීම ද රූපකීය ලෙස වැදගත්වන හේතු අතරට ඔහුගේ නායකත්වය හා එහි බලපෑම සුවිශේෂීය. එනම් ඔහු පිටුවහලේ සිට ලාංකීය දේශපාලනය වෙනුවෙන් ක්‍රියාත්මක වීම යන කාරණයේ දීය. එහිම අනෙක් වැදගත්කම වන්නේ විදේශයක සිට ජාත්‍යන්තරය දෙසටත්, ලාංකීය ඩයස්පෝරාව දෙසටත් හැරීමට ඇති හැකියාවේ පුමාණය වැඩිකම නිසාය. එය විය යුත්තේ හා කළ යුත්තේ කෙසේද යන්නත් දේශපාලනික දෘෂ්ටීන් හඳුනා ගන්නේ කෙසේද යන්නත් වැදගත් තීන්දු තීරක කාරණාය.

විමල් භාෂණ සහ දීප්ති: ලංකා දේශපාලනයේ මතවාදී ට්‍රයියෑංගලය

Image

(සැලකිය යුතුය: මෙහි සඳහන් නාම රූපකයන් පිළිබඳ පුද්ගලික අගතීන්ගෙන් තොරව එම රූපක නියෝජනය කරන ප්‍රවාහයන්ගෙන් හා දෘෂ්ටිවාදයෙන් තේරුම් ගැනීම සුභවාදයක් අපේක්ෂා කරන අප හට වැදගත්වනු ඇත. )

පාර පශ්චාත්  යටත් විජිත ශ්‍රී ලංකාවේ[i] මෑත කාලීන මතවාදයන් හා එහි දේශපාලනික චලනය තේරුම් ගැනීමේදී මහා මතවාදයන් තුල අධිනිෂ්චය වී ඇති චූල මතවාදයන් තුනක් රූපකාශ්‍රයෙන් විග්‍රහයට ගැනීමට මෙම ලිපිය මගින් උත්සාහ ගන්නා අතර එහි ඇති ශක්‍යතා පරිමාණය සමාජීය වෙනසකටත් සමාජීය දිශාවේ බහු මානයන් වටහා ගැනීමටත් ඉවහල් වන්නේ කෙසේදැයි සාකච්ඡා කිරීමට මුල පුරන්නක් ලෙස මෙම සටහනට ප්‍රවිෂ්ට වෙමි. මෙහි  කියැවෙන මහා මතවාදය යන්න රාජ්‍ය කේන්ද්‍රකරගත් ජනප්‍රිය සිංහල බෞද්ධ ඒකීය ජාතිවාදික මතවාදය වන අතර එහි ගාමකයන් අඩු වැඩි වශයෙන් පුද්ගලයාගේ සිට පවුල පාසල ආයතන හා සෙසු දේහයන් තුල නියෝජනය වෙමින් පෝෂණය වීම නිරන්තරයෙන් සිදු වෙද්දී, මෙම සමස්ථය තුල අධිනිෂ්චය වි ඇති චූල මතවාදී රූපක ත්‍රිත්වය පර්ෂද (cluster) ගත කළහොත්  විමල්(ජවිපෙ) භාෂණ (හිරු)හා දීප්ති(එක්ස්) ලෙස හැඳින්විය හැකිය.

Image

 මෙම ත්‍රිකෝණික රූපකීය මතවාදයන් තුන වැදගත් වන්නේ පශ්චාත් මර්ධන අවධිය වූ අනූව දශකයෙන් ඔබ්බට පැමිණ ස්ථරගතව සමාජ චලනයට බලපෑම් කිරීමට ඇති හැකියාව නිසාය. විමල් යනු ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් ලෙස සමාජානුයෝජනය වූ විමලසිරි ගම්ලත් නොහොත් විමල් වීර වංශ වන අතර භාෂණ යනු ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් මතවාදී කණ්ඩනයකින් පසුව හිරු කණ්ඩායම තුල සමාජානුයෝජනය වූ රෝහිත භාෂන අබේවර්ධනය. දීප්ති යනු ජවිපේ මතවාදයෙන් එලියෙහි, එහෙත් සමාජය සොයා ගිය කෆ්කා කෙනෙකි. එම සොයා යෑමේ දී පශ්චාත් නූතන වාදය තුල සමාජානුයෝජනය වී එක්ස් නම් සමාජ සංවිධානය තුල අනන්‍ය වූ ද ඉන් පසුව එහි බෙදීමෙන් පසු තත්තවය තුල සංවිධිතව  සමාජගත වූ දීප්ති කුමාර ගුණරත්නය.

විමල් භාෂණ හා දීප්ති යනු සංකේතීය රූපකයන් තුනක් පමණක් නොව එක් පරම්පරාවක් නියෝජනය කරමින් ත්‍රිකෝණික වූ මතවාදයන් තුනකි(Ideological Triangle). එක දහස් නවසින අනූවෙන් පසුව වඩාත් බැරෑරුම් ලෙස උතුර සහා දකුණ වශයෙන් ධ්‍රැවිය වූ ලාංකික භූමිය තුල මෙම රූපකයන් තුන ලාංකිය ගැබ තුල පිළිසිඳගත්තේ විකල්පය නියෝජනය කරමිනි. ග්‍රාමීය, නාගරික හා වාර්ගික වශයෙන් අනු පිළිවෙලට විමල් දීප්ති හා භාෂණ පෙළගැස්වූ විට එක් සූත්‍රයක් ගොඩනගා ගත හැකි අතර ජාතිකවාදය,වාර්ගිකවාදය හා විසංයෝජන විචාරවාදය ලෙස ද හඳුනා ගත හැකිය. තවද ප්‍රවාදිත, ප්‍රතිචාදිත හා සහවාදිත යන දයලෙක්තික සම්බන්ධය මෙම රූපක තුන එක් කර සිනමා පෝස්ටරයක් සකසා ගැනීමෙන් පරිකල්පනය කර ගත හැකිය. එහි පෙනුම විය හැක්කේ පිටට පිට දී සිටින විමල් හා භාෂණ මැද සිටින දීප්ති සහිත සිතුවම් රූපකයන්ය. එසේම මෙම ත්‍රිත්වටයහි විභවීය පොදු කුලකය වී ඇත්තේ මාක්ස්වාදයය.  එපමණක් නොව මෙහි ප්‍රභවයේ මූලාශ්‍රය වන්නේ ජනතා විමුක්ති පෙරමුණය. පශ්චාත් මර්ධන කාලය තුල නැවත ගොඩ නැගුණු ජවිපයට ලාංකීය සාමාජ වෙනසේ විකල්පය නිර්මාණය කිරීමේ දාර්ශනික අපොහොසත්කම හේතුවෙන් පශ්චාත් මර්ධන අවධිය බහුමානික චලනයන්ට ගොදුරු වෙද්දී, විකල්පීය බලය නැමැති වස්තුව අන් අයගේ ගිණුම්වල තැන්පත් කර එහි පොලිය පමණක් නොව තැම්පත් මුදල් ද යලි ලබාගත නොහැකි තැන්පත්කරුවෙකු බවට ජවිපය පත්විය. එය බංකොලොත් මූල්‍ය ආයතනයක් බඳු වූ මහා ජාතිවාදී අන්තයයි. එම තැම්පත් කිරීමේ උපරිමය වූයේ සිංහල බෞද්ධ මහා මතවාදයේ පොරෝනය තුලට රිංගීමය.ඒ අනුව නාමික මාක්ස්වාදය හා සමාජවාදය, ධර්මපාල අමරසේකර  හා නලීන්ගේ මහාවංශික සිංහල බෞද්ධ ජාතිවාදය තුලට දිය වන්නට පටන් ගෙන තනුක විය.  එම අන්තරගත වීම ජවිපේ පුරෝගාමි මතවාදය තුල ද සැඟවුණු ඇටවිසමයක්(atavism) ලෙස පැවැති අතර, අනූ හතරේ චන්ද්‍රකා ද ඉන්පසුව මහින්දව ද බලයට පත් කරමින් සමාජ චලනයේ විකල්පීය ගුණය මහා ජාතිකවාදයට කැලතෙන්නට වීම ඓතිහාසික ප්‍රපංචයක් විය. එපමණක් නොව එය වර්තමානය හා අනාගතය මනුෂ්‍ය සමාජයක් ලෙස ආත්ම ඝාතනයකට ලක් කර ඇත. මෙම ඓතිහාසික අත් වැරුද්දේ ප්‍රතිඵලයක් ලෙස සමාජය අඳුරු මහා මහාවංශික මතවාදයේ අවතාරය සමාජ දේහය පුරා සුසමාර්ශයක් ලෙස යලි තහවුරු වීම පටන් ගන්නට විය. එහි ප්‍රතිඵලය වූයේ කවුරුත් දන්නා පරිදි මහා විනාශ කාරී යුද්ධයකට සමාජය ගොදුරුවීමය. මෙකී සිද්ධි දාමයේ සමස්ථය සැලකිල්ලට ගනිමින් ලිපියට ප්‍රස්තුථ චූල මතවාදයන් තුන සමාජය තුල ක්‍රියාත්මක වන්නේ කෙසේ දැයි ද අඳුරු මහා මතවාදය විපරිවර්තනය කරනු හැකි වන්නේ කෙසේ  දැයි වෙන් වෙන් වශයෙන් හා සහ සම්බන්ධිත වශයෙන් තේරුම් ගැනීමට උත්සාහ ගැනීම මෙමගින් බලාපොරොත්තු වේ.

විමල් විරවංශ

ජවිපය විසින් නිර්මාණය වූ විමල් ජවිපෙන් වෙන් වීමේ සලකුණ ලකුණු කර ඇත්තේ ජවිපයට යලි ගොඩට පැමිණීමට නොහැකි ලෙසය. එය සමපාත වන එක් නිදසුනක් වන්නේ එල්ටීටීයෙන් කරුනා වෙන් වීම යන්නටය. බොහෝ දෙනා මෙම විභේදනයන් සාධනීය දෙයක් ලෙස විග්‍රහ කරමින්, දැන් ජවිපය ශුද්ධ ඇත යැයි පැවසුවද විමල් ජවිපයෙන් වෙන් වූයේ එහි උරුමයේ දයාභාගය(Dayabaga) ද රැගෙනය. එනම් විමල් සවකීය දේශපාලනික පක්ෂය ගොඩනගා ගනිමින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව හා සහවාස වී ඇත්තේ ජවිපය සතු දෘෂ්ටිවාදය රැගෙනය. ජවිපය හා විමල් අතර දෘෂ්ටිවාදීමය වශයෙන් වෙනසක් සලකුණු කිරීමට නොහැකි වී ඇති අතර මතු පිට තලයේදී කුමන දේශපාලන හැඩ ගනු ලැබුවද එම ක්‍රියාකාරම් තුල දෘෂ්ටිවාදී දාර්ශනික ගැඹුරක් අඩංගු වී නොමැත. මේනිසා ජවිපේ දෘෂ්ටිවාදයේ ප්‍රති නිෂ්පාදිතය වූ විමල් නම් රූපකය යන්න සමාජයට වැදගත් බලපෑමක් කරනු ඇත්තේ එම දෘෂ්ටිවාදය සමග සමාජයේ භෞතික සවරූපයට අනුවර්තනය වීමෙනි. විමල් යනු බැරෑරුම් ලෙස නොපැවැතුණු මහා මතවාදය තුලට එම මතවාදය ප්‍රති නිෂ්පාදනය කරමින් බලපැම් සහගත වූ  සිය චූල මතවාදය නියෝජනය කරමින් ජාතිකත්වය පලිහ කර තමන්ට කළ හැකි ඕනැම දෙයක් කරන සෙසු දක්ෂණාංශික දේශපාලන ප්‍රපංචයකි. පශ්චාත් යටත් විජිත ජනප්‍රිය දේශපාලනට සංස්කෘතියක් වූ අගතින් සියල්ල  අනෙකාට වඩා හොඳින් කරමින් සමාජය නියෝජනය කරන පිලිගත් සමාජ පිළිලයකි. එය නම් ජවිපය දෘෂ්ටිවාදය, මහා මතවාදය සමග වෙළමින් තමන් තැන්පත් කළ වටිනාකමට පොලිය ද වැල් පොලියද ලබා ගනිමින් වංචාව දූෂණය කප්පම් කොමිස් යන සකළ දූෂණයන් කරමින් සමාජය තුල යහතින් වැජඹීමේ වරප්‍රසාදය අත් කර ගත්තෙකි.එය ජවිපය විසින් තැන්පත් කළ වස්තුව පැවරුමකින් ලබාගත් උරුමකරුවෙකි. එනිසා විමල් යනු ජවිය කීම තුල ජවිපය යනු එසේ නම් කුමක් දැයි විමසා බැලුව හොත් හමු වන්නේ වෙනස් දෘෂ්ටියක් නැති ක්‍රියාකාරිත්වයකි.  ඔවුන් පාර්ලීමේන්තුව තුල දී, මහා මාර්ග වීදි තුල දී සංවාද සාකච්ඡා තුල සකල විධ අගතීන්ට එරෙහිව සටන් අවි එසවුවද එවා පලක් නොවන්නේ ඇයි දැයි කල්පනා කළ යුතුය. ඔවුන් සතු වූ දෘෂිටිවාදය විමල්ට ද මහින්දටද දන් දීමෙන් සමානයන් වීම තුලය. මෙම පාර පශ්චාත් අවධියේ දී ඔවුන් ආත්මයක් නැති හඬක් ඇති කුහරයක් වී ඇත. විමල් විසින් ගොඩනංවන ලද සංකේතීය ප්‍රචාරක ලේකම් තනතුර ඹහුත් සමග වාෂ්ප වූයේ එහි පුද්ගලයා මිසක සංකේතිය බර තුනී කරමිනි. විජිත හේරත් හෝ පුබුදු ජාගොඩගේ වර්තමාන භූමිකාව පිළිබඳ සංජානනය කර ගෙන බැලුවහොත් අපගේ මනසේ අවතාර කරනු ලබන්නේ විමල් වීරවංශය. මෙය කිසිවකු හරිද වැරදිද යන්න නොව එම භූමිකාව අවසාන කරනු ලැබූ ස්වභාවයේ ගති ලක්ෂණයන්ය. වර්තමානයේ හෝ අනාගතයේ දී වමේ දේශපාලනික ගොඩනැංවීම් වල ප්‍රචාරක ලේකම් තනතුරට අර්ථ සැපයෙනු ඇත්තේ සැක සිහිතභාවයකින් හා විමල් වීරවංශගේ දේශපාලනික සිනාරියෝව තුල මතු කරන අර්තයන්ද මුසු කරමිනි. ඒ අනුව විශ්වාසය හා සැකය තුල එම තනතුරට පත්වන්නාගේ භුමිකාව විනිෂ්චය වෙමින් පැවතුන ද එහි අපේක්ෂිත  භූමිකාව ඉටු වන්නේ කුමන ප්‍රමාණයෙන් දැයි විමර්ෂණය කළ යුතුය.

රෝහිත භාෂණ

රෝහිත භාෂණ යනු මහා මතවාදයට පිටු පා උතුර දෙස බලා සිටගත් සිංහල බෞද්ධ මහාවංශික ද්‍රෝහියෙකි. දකුණේ මාධ්‍ය හා සිංහල දෘෂ්ටිවාදයට, වාමාංශික ප්‍රවාහයට බලපෑම් කිරීමේ සන්දර්භය තේරුම් ගත යුත්තේ එහි ප්‍රභවය හා ව්‍යාප්තිය තුලය. ජවිපෙන් කණ්ඩනය වී හිරු කණ්ඩායම බවට පත්ව ඒ තුලින් දකුණට ඇති කර ඇති දෘෂ්ටිවාදී බලපෑමෙන් වමට හා විකල්ප අපේක්ෂාවන්ට ගැලවිය නොහැකිය. මෙහිදී හිරු කණ්ඩායම යන සාමුහික හැඟවුම්කරණයෙන් නියෝජනය වූ දකුණේ සිට උතුර දෙස බැලීමේ දෘෂ්ටිවාදය සරල ලෙස දෙමළ ජාතිකවාදය හෝ ප්‍රතිපෝෂක ජාතිවාදය ලෙස හෝ බෙදුම්වාදී දෘෂ්ටිවාදය ලෙස හඳුනාගත හැකි වීම හා එහි ප්‍රාමාණික සත්‍යයක් ගැබ්වුවද මාහා ජාතිවාදය තුල පීඩනයට පත්ව ඇති වාර්ගික අන්‍යතාවයකින් යුක්ත දෙමළ ජනායාගේ යුක්තිය හා ගරුත්වය වෙනුවෙන් දකුණට පිටු පා සිට ගැනීම කිසිවටක නිෂෙධ කළ නොහැකිය. පවත්නා ක්‍රමය තුල දමිළ පීඩිතයාගේ පරිකල්පනීය රාජ්‍යෙය් චූල දෘෂ්ටිවාදී විමුක්තිදායකයාය. මාක්ස්වාදය වැනි ජාත්‍යන්තරවාදයකින් හෝ පංති දෘෂ්ටිවාදය තුල එම වාර්ගික දෘෂ්ටිවාදය පරාජය කිරීමට උත්සාහ ගත්ත ද එය යථාර්ථයක් නොවන්නේ මහා ජාතික සිංහල බෞද්ධ දෘෂ්ටිවාදයෙන් සමාජය හා වාම දේශපාලනයට ගැලවිය නොහැකි විසාවෙනි.  එසේම දෙමළ ජනයාගේ අයිතීන් වෙනුවෙන් හඬ නඟන හා හඩ නැඟූ සිංහල හඬ වූයේ හිරු කණ්ඩායම පමණක් නොව තවත් පුද්ගලයින් හා සාමාජ කණ්ඩායම් උතුරේ අරගලය වෙනුවෙන් දකුණේ සිට ක්‍රියාත්මක විය. නිදර්ශන වශයෙන් සඳහන් කළ හොත් වික්‍රමබාහු කරුනාරත්න  හා ඔහුගේ දේශපාලනය,දියැස කණ්ඩායම තුල සිටි ෆැට්ට්‍රික් වසන්ත අහිංසක යන අය ද නිර්මාල් රංජිත්, බෝපගේ වැනි ඇකඩමියානුවන්ද දෙමළ ජාතික ප්‍රශ්නය වෙනුවෙන් මත ප්‍රකාශ කළ වුන්ය. ( නම් සඳහන් නොකළ ද තවත් බොහෝ අය සිටින බව කරුණාවෙන් සලකන්න). එසේ වුවද යුද්ධයත් සමග ඇතිවන වෙනස් කම් හමුවේ හිරු කණ්ඩායමේ සංයුතිය වෙනස්ව අභ්‍යන්තරික ඛණ්ඩනයන් ඇති වුවත් භාෂණ නම් රූපකය තුලින් නියෝජනය කරනු ලබන දෘෂ්ටිවාදය වැදගත් වන්නේ හා තේරුම් ගත යුත්තේ ප්‍රධාන කාරණා දෙකක් ඔස්සේය.

  1. ලාංකික දේශපාලනයේදී
  2. ජාත්‍යන්තර දේශපාලනයේදී

ලාංකික දේශපාලනයේ දී මාහා මතවාදයේ අනෙකා වීම තුල බලය හා පැවැත්ම තහවුරු කර ගැනිමටත්, අවතාර ප්‍රවෘත්ති නිර්මාණය කරන මාධ්‍යන්ටත් මෙම චුල දාෂ්ටිවාදය ආයෝජනයකි. අනෙක් අතට දෙමළ ජනයාගේ නොවිසඳුණු ගැටලුවට ජීවයක් උතුරේ දෙමළ දේශපාලනයට ද ලැබීම කැපී පෙනෙන ලක්ෂණයක් වන අතර වැදගත්ම කාරණය වන්නේ විකල්ප සමාජ වෙනසකට දේශපාලනික සිහින දකින්නන්ට මෙකී වාර්ගික දාෂ්ටිවාදය මාර්ග බාධකයක් වීමය. අනෙක් වැදගත් කාරණය වන්නේ භාෂණ නොවන වෙනත් විකල්ප පුද්ගලයින් හෝ දේශපාලනික කණ්ඩායම් දෙමළ ජනයාගේ අයිතීන්, ස්වයං නිර්ණ අයිතිය,වෙනම රාජ්‍ය යන මූල දර්මයන් පිළිගනු ලැබුව ද භාෂණ මතවාදයට සමානව හෝ ඉන් එහාට ගමන් කිරීමට නෙහැකි වී ඇත්තේ මන්දැයි සිතිය යුතුය. ඊට ඇති පිළිතුර වන්නේ නව්‍යකරණය වී ඇති ජාත්‍යන්තර දේශපාලනයය.

දෙදහස් නවයේ ජන ඝාතක යුද්ධයත් සමග දෙමළ ජනයාගේ ප්‍රශ්න ජාත්‍යන්තරකරණය වූ අතර වෙනම රාජ්‍ය යන්නට ඇති කොන්දේසිවල ඇති භූමිය යන්න පාර භෞමික වන්නට විය. බලහත්කාරය හා මිලිටරි ආධිපත්‍ය තුල දෙමළ නිජ බිම සිරගත කරනු ලැබුව ද දෘෂ්ටිවාදය විසින් ගොඩනංවන ලද රාජ්‍ය දෙමළ ජනයා තුල ඉදිකර යෑමට ප්‍රභාකරන්ට හැකි විය. ලාංකික දේශපාලනය තුල මෙන්ම ඩයස්පෝරා දේශපාලනය තුල කුමනාකාරයේ බෙදීම් දෙමළ ජනයා තුල ඇති වුවද කාල්පනික රාජ්‍යෙය් සිතියම සිත්වලින් මැකිය නොහැකිය. අනෙක් අතින් ඩයස්පෝරා දේශපාලනය සාකල්‍යවාදී හැඩයන්ට විපරිවර්තනය වීම නිසා භාෂණගේ උතුර දෙසට සිට ගැනීම අතිශය වැදගත් කාරණයක් වන්නේ ජාතික ප්‍රශ්නය යන අධිනිෂ්චිත කාරණය නැවත වටයකින් තේරුම් ගැනීමෙනි. එනම් පශ්චාත් යුද අවදියේ වැදගත්ම කේන්ද්‍රීය කාරණය වන්නේ යුද්ධයයේදී සිදු වූ අපරාධ සඳහා යුක්තිය ඉල්ලා සටන් කිරීමය. සාමය හා සංහිඳියව යන්න සමාජයක් තුල ස්ථාපිත කිරීමට නම් අගතියට පත් ජනයාට හා ජන කණ්ඩායම්වලට යුක්තිය ඉටුවීම ගැටුම් න්‍යායේ ද ජාත්‍යන්තර නිතියේ ද, ස්භාවික යුක්තියේ ද අන්තර්ගත කොන්දේසියකි. එම ක්‍රියාවලිය වෙනුවෙන් භාෂණ සෘජුවම පෙනී සිටීම ජාත්‍යන්තර දේශපාලයේ වැදගත් ලකුණක් සලකුණු කරන අතර දෙමළ ජනයාගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින අනෙක් පිරිසට නොවැටහෙන හෝ අතහැර දමා ඇති හෝ භෞතික නොහැකියාව යන කාරණාවන්ගෙන් තේරුම්ගත හොත් ඔවුනට දෙමළ ජනයාගේ ප්‍රශ්නයේ නාඩිය අල්ලා ගැනිම පිණිස භාෂණ මතවාදය පරාජය කිරීම හෝ අතික්‍රමණය කිරීම අසීරුය.

නිදසුනකට ගත හොත් භූමිය ගින්දරින් සමතලා කොට හැට දහසකට අධික ජීවිත විනාශ කොට සිය භූමිය තුලම සිරකරුවන් කර දමා ඇති කාලයක අප්‍රයෝගික ලෙස එහි සමාජවාදය සඳහා සටන් කිරීමට ගිය ලලිත් කුගන් වෙනුවෙන් කඳුළු සැලීමේ හෘද සාක්ෂිය හා ඒ තුලින් දෙමලාව දිනා ගැනීමේ උපාය උපක්‍රම ඉතාමත් අතාර්කික හා පසුගාමි වනු ඇත්තේ අධිනිෂ්චිත කාරණාව තුල ලලිත් කුගන්ව සූත්‍රගත කර ගැනීමට ඇති දෘෂ්ටිමය දිළිඳුභාවයය. මේ නිසා දකුණේ දෙමළ දේශපාලනය හෝ වාමාංශික ජාතික මාක්ස්වාදය භාෂණ දෘෂ්ටිවාදය තුල ගැටලුවක් නිර්මාණය කරනු ඇත. එය පිළි ගැනීම හා ක්‍රියා කිරීම එක් අතකින් අභ්‍යන්තරික වශයෙන් ලාංකීය විකල්ප දේශපාලනයේ නියැලෙන්නට මර්ධනීය අභියෝගයක් විය හැකි වුවද, පිටුවහල්ව චූල දෘෂ්ටිවාදය ජාත්‍යන්තරීකරණය කිරීමට භාෂණට හැකි වීම දේශීය දේශපාලනයේ අනාගතයට බලපෑමක් නොවනු ඇත් ද යැයි සිතිය නොහැකි ද.එය ලෝක යථාර්ථයට අනුව අනාගතය තුල දී සිදු නොවනු ඇතැයි කීමට තරම් දෙමළ ජාතික ප්‍රශ්නය සරළ වී නැත.

අනෙක් අතට ප්‍රජාතන්ත්‍රවාදය යන කාරණයේදී මෙම දෘෂ්ටිවාදය රට තුල පමණක් නොව ඩයස්පෝරාව තුල සිටින අනෙක් ක්‍රියාකාරීන්ට ගැටලුවක් වී ඇතැයි සිතන ප්‍රමාණය සැලකිය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදය යන පුළුල් සංකල්පය හා එහි සංස්කෘතිය මහා ජාතිවාදයේ අඳුරට හෝ පාර පශ්චාත් යටත් විජිත රාජ්‍යයට අදේශ කිරීමට ඇති හැකියාව හා අවබෝධය ද, ඊට ඇති විකල්පීය කැපකිරීම් ද අවම නිසා, බටහිරට හෝ යුරෝපයට අනුව ඩයස්පෝරාව ප්‍රජාතන්ත්‍රීයකරණය කිරීම යන්න බැරෑරුම් අවස්ථාවකි. නොමළ ගෙයකින් අබ සොයන්නාක් මෙන් එල්ටීටීයට සම්බන්ධයක් නොමැති හෝ එම අපේක්ෂාවෙන් විගලිත් දෙමළාව සොයා ප්‍රජාතන්ත්‍රවාදය උගැන්වීම හෝ සමාජ වෙනස කිසි දිනක අපේක්ෂා කිරීම දේශපාලනික අලසකමක් හෝ මුග්ධබවක් වන්නේය. එසේම එය අභියෝගාත්මක කාරණයක් වන්නේ විදෙස්ගත දමිළ ප්‍රජාව යනු ක්‍රියාකාරිත්වයෙන්( කඳෙන්) යුරෝපය / බටහිර වුවද දෘෂ්ටිවාදයෙන් වාර්ගිකවාදී දෘෂ්ටිය තුල එතුන පුද්ගලයන්ය.මෙය උතුර දෙසට සිටගත් භාෂණ පිටුවහලේ සිට දෙමළ ඩයස්පෝරාව දෙස ද හැරී බැලීම  බලපෑම් සහගතය. අනාගතයේදී ලාංකීය දේශපාලනයේ විකල්ප සිනාරියෝව ගොඩ නැගෙනු ඇත්තේ එකයි එකයි භාගය නම් ක්‍රමයකටය (1, 1, ½: one and one half system). එනම් අභ්‍යන්තරික විකල්ප බලවේගය, භාහිර විකල්ප බලවේගය හා භාගයක් වූ ජාත්‍යන්තර බලවේගය නම් සමස්ථයේ දේශපාලනය තුලිනි.එහි හැඩයට හා ගුණය පිළිබඳව අනාවැකි කීමට කල් වැඩි වුවත්, කල්පනා කිරීමට අවස්ථාව දවසින් දවස බල කරනු ලැබීම නොවැලැක්විය හැකිය.මෙම උදා වෙන තත්ත්වය වෙනත් ලෙස ලාංකීය ගැටලුවට ප්‍රවිෂ්ටවීමට කල්පනා කරන්නන්ට ඇති අභියෝගයක් වන අතර එය වටහා ගත යුත්තේ හා ක්‍රියා කළ යුත්තේ පුද්ගලිකත්වය හෝ අන්‍යතාවන්ගෙන් ඇති ‍දේශපාලනික බෙදීම්වලට වඩා අධිනිෂ්චිතය හා විය යුත්ත හා කළ යුත්ත තේරැම් ගැනීමෙන් පමණකි.

 Image

මෙම ලිපියෙහි ඉතිරි කොටසට ගමන් කිරීමට ප්‍රථම චූල මතවාද තුන සූත්‍රගත කිරීමේ ඉහත සහන් අසම්පූර්ණ රූප සටහන තේරුම් ගැනීමට ද කියවන ඔබට බාරවනු ඇත. එසේම අවසානයට හා අරම්භයට පැවසිය යුතු කරුණ නැවත මතක් කරමි.

මෙහි සඳහන් නාම රූපකයන් පිළිබඳ පුද්ගලික අගතීන්ගෙන් තොරව එම රූපක නියෝජනය කරන ප්‍රවාහයන්ගෙන් හා දෘෂ්ටිවාදයෙන් තේරුම් ගැනීම සුභවාදයක් අපේක්ෂා කරන අප හට වැදගත්වනු ඇත.

උදය ආර්. තෙන්නකෝන්


[i] මගේ අදහස් දැකිවීමේ දී පාර පශ්චාත් යටත් වාජිත යනුවෙන්  නිරන්තරයෙන් හඳුන්වනු ලබන්නේ ලංකාව පශ්චාත් යටත් විජිත යන නිර්වචනයෙන් එහාට ගොස් ඇති බැවින් හා පශ්චාත් යටත් වාජිත වාදය යන දේශපාලනික, ආර්ථික, සමාජීය හා සංස්කෘතික සන්දර්භයෙන් විගලිත වීමට නොහැකි නිසාය.

විපක්ෂයේ සිහින සිනාරියෝව(Scenario) සහ ලංකාවේ අනාගත දේශපාලනය

Pigeons fly in front of the parliament square in downtown Beirut

දෙවන කොටස

 (පසු ගිය කලාපයෙන් සිනාරියෝ (Scenario) යන්න කුමක්ද පිළිබඳවත් ලංකා දේශපාලනයේ විය හැකි සිනාරියෝවක් ලෙස රාජපක්ෂ සිනාරියෝව පිළිබඳව නිෂ්චිත ප්‍රශ්නාවලියක් යටතේ සාකච්ඡා කරන ලදි. මෙහිදී සහෘද හිතවතුන්ගෙන් ලැබුනු ප්‍රතිචාරයන් අතර ප්‍රමුක වූයේ ලිපියෙහි අඩංගු සමහර සංකල්පීය වචනවල ඇති තේරුම් ගැනීමේ අසීරුතායයි. නිදර්ශනයක් ලෙස සිනාරියෝ යන්නත්, සංතතිය හා අසංතතිය යන වචනවල ඇති සිංහල සරල අර්ථයයි. සංතතිය යන්නට ඉංග්‍රීසි භාෂාවෙන් ලැබෙන වචනය වන්නේ continuity සහ අසන්තතිය යන්න discontinuity යන අදහසයි. ඒ අනුව සන්තතිය යන්න අඛණ්ඩ පැවැත්ම යන්න ද අසන්තතිය යන්න එහි විරුද්ධාර්තය ද වේ. මේ අනුව පසුගිය කලාපයේ අන්තර්ගත කොටසක උපුටනයක් නැවත ගෙනහැර පාමින් පැහැදිලි කිරීමට කැමැත්තෙමි.

“පවත්නා බල දේශපාලනික ස්වභාවයට අනුව සන්තතිය හා අසන්තතිය පදනම් වී ඇත්තේ රාජපක්ෂ බල කේන්ද්‍රය මූලික කර ගත් සමස්ථයක් තුල බැවින් අනාගතය සඳහා විය හැකි ශක්‍යතාවන්ගේ ස්වභාවය නිර්ණය වී ඇත්තේ පවත්නා ආණ්ඩු බලය තුලමය. ඉන් ගම්‍ය වන්නේ රාජපක්ෂ නොවන අනෙකුත් පාර්ශවයන් සතු සිනාරියෝ තුල ඇති තෝරා ගැනීම් හා ශඛ්‍යතාවන් සක්‍රීය බවින් අර්ථ විරහිත වීම තුලය. මේ නිසා අනාගතය තවදුරටත් රාජපක්ෂ අනසක තුල විවිධාකාරයෙන් නිර්මාණය වීමට අවශ්‍ය පරිසරය සැපයෙනු ඇත. ඒ අනුව සන්තතිය තුලම අසන්තතීන් නිර්මාණය උවත් එයම සන්තතීන්ගේ දිගුවක් වනු ඇත. එය තව දුරටත් පැහැදිලි කළ හොත් කිව හැකි වන්නේ රාජ පක්ෂ බල කේන්ද්‍රයම අනාගතය සඳහා ලාංකීය දේශපාලනික සිනාරියෝ ගොඩ නැගෙනු ඇත.මෙමගින් පැහැදිලි කිරීමට උත්සාහ ගනු ලබන්නේ රාජපක්ස රෙජීමයේ අඛණ්ඩ පැවැත්මක් පැවැතීමත්, එසේම ඒ තුල ඛණ්ඩණීය ස්වභාවයක් ඇතත් එම තත්ත්වය නැවත අඛණ්ඩ පැවැත්මක් බවට පත්වීමට අවශ්‍ය කරන වටපිටාව රාජපක්ෂ අණ්ඩු ක්‍රමය තුල ඇත යන්නය. එය එසේ වන්නේ රාජපක්ෂගේ දක්ෂතාවයකට වඩා ප්‍රතිවාදීන්ගේ ඇති අදක්ෂතාවයත්, ඥාති සේවාදායකයේ ඇති බැඳීමත් හේතුවෙනි.)

විපක්ෂයේ සිනාරියෝව

විපක්ෂයේ සිනාරියෝව ගොඩනැගීමට අවශ්‍ය පසුතලය නිර්මාණය කිරීමට ප්‍රථම විපක්ෂය යන්න කුමක්දැයි වාස්තවිකව වටහා ගත යුතු යැයි හැඟේ. මූලික අර්ථයෙන් ගත් කල විපක්ෂය යන්න පාර්ලීමේන්තුවේ නියොජිතයන්ගෙන් ආණ්ඩු පක්ෂයේ පිරිස නොවන සෙසු පිරිස විපක්ෂයට ගැනේ. එහෙත් මෙම පිරිස විපක්ෂය වේදැයි යන්න නැවත සිතා බැලීමට සිදු වන හේතු ගණනාවක් ඇත. එම  හේතු අතර වැදගත් වන කාරණය වන්නේ ආචාර ධාර්මිකව නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ හරය උල්ලංඝණය කිරීමය. එනම් කිසිදු නෛතික හෝ ප්‍රතිපත්තිමය පදනමකින් තොරව විපක්ෂයේ ජනතා නියෝජිතයෙකු හට ආණ්ඩු පක්ෂයට මාරු විය හැකිය. ජනතා පරමාධිපත්‍ය විකෘති කරමින් ජනතා ඡන්දය හා එම ජනතාවගේ අභිලාසය පුද්ගලයෙකුට තීන්දු කළ හැකි අතර විපාක්ෂික ජනයා කැමැති වුවද නැතිද සංකේතිය වශයෙන් නියෝජිතයාට තීනිදු කිරීමේ ස්වකීය අයිතිය විසින් ප්‍රජාතන්ත්‍රීය මූලික මූල ධර්මය කෙළෙසනු ලැබීමයි. මෙය මැත ඉතිහාසය තුල බහුල වශයෙන් සිදුව ඇති බවට ඇති තරම් උදාහරණවලින් පෙන්නුම් කළ හැකිය. මෙම නීති හා සදාචාර විරෝධී ස්වභාවයෙන් සැබැවින්ම පෙනෙන්නේ ආණ්ඩු පක්ෂය යන්න ද විපක්ෂය බවය. නිදසුන් ලෙස චන්ද්‍රිකා කුමාරණතුංග ජනාධිපතිවරියේ ආණ්ඩු කාලය තුල සිට රාජපක්ෂ ආණ්ඩු කාලයේ මේ තාක් දුරට සිදුව ඇති මාරුවීම පරීක්ෂා කළහොත් දැකිය හැකි වන්නේ එක්සත් ජාතික පක්ෂයේ විසාල පිරිසක් ආචාර ධාර්මික විරෝධීව ආණුඩු පක්ෂය නියෝජනය කිරීමය. ඒ අනුව වඩාත් නිවැරදිව තර්ක කළ හැකි වන්නේ රාජපක්ෂ ආණ්ඩුව යන්න එක්සත් ජාතික පක්ෂයේ අර්ධ ආණ්ඩුවකි. එය සභාග හෝ සන්ධාන ආණුඩුවකට වඩා වෙනස් වන්නක් වන අතර නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ දී ජනතාවට හිමිව ඇති යැයි සලකන තර්ක ඥාණය (Reason) යන ඓතිහාසික නියෝජන ප්‍රජාතන්ත්‍රවායේ මූල ධාර්මික අර්ථය අහොසි කරමින් ජනතාව හිස් මිනිසුන් පිරිසක් බවට පත් කිරීමය. ජනතා කැමැත්ත පර්ලීමේන්තුව තුල මූර්තිමත් නොවීම හේතුවෙන් පාර්ලිමේන්තු දේශපාලනය අද වන විට අතාර්කික වි ඇතිවාක් පමණක් නොව සමස්ථ සමාජයේ විකෘතිය පිළිබිඹු කරන්නක් ද වේ. එහෙත් එය ජනතාවට ද ගැටලුවක් නැත. බැලූ බැල්මට රටට ද ගැටලුවක් නැත. යම් පමණකින් හෝ පිළිබඹු වන නිර්ණායකයක් ඇත් නම් එය වන්නේ ඡන්දය දීමෙන් වැලකී සිටින පිරිසය. එයද නිෂ්චිතව හඳුනා ගැනීමට නොහැකි වුවත් ඔවුන්ව ලංකා දේශපාලනයේ ආණ්ඩු ක්‍රම වෙනසට වඩා සමාජ වෙනසක් සඳහා සංඥා කරන කොටසක් බවට යම් ඉඟියක් දීම වැදගත් ලක්ෂණයකි. එහෙත් එයට නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඔබ්බට ගිය විකල්ප විප්ලවීය අර්ථයක්  ඇත්ද යන්න උරගෑමේ ක්‍රමවේදයක් නොමැත.

ඊ ලඟ කරුණ වන්නේ විපක්ෂයේ නියෝජිත පිරිස විපාක්ෂික අර්ථයෙන් සිටිය ද ඇතුමුන් විපක්ෂය නියෝජනය නොකිරීමය. ඔවුන් වක්‍රාකාරයෙන් පවත්නා ආණ්ඩු ක්‍රමය සුරකින්නෝ වෙති. අනෙක් වැදගත් කරුන වන්නේ විපක්ෂය යන්න පක්ෂ එකකට වැඩි ගණනකින් සමන්විත වීමත් මෙම සමස්ථය තුල විපාක්ෂික සම්මුතිකාමයක් දක්නට නොලැබීමය. මේ නිසා විපක්ෂයේ  පොදු සිනාරියෝ ගොඩ නැගීම තරමක් අසීරු වන අතර එයට සිනාරියෝ කිහිපයක් තිබිය හැකි වන්නේ ඒ ඒ පක්ෂවලට ඇති තෝරා ගැනීම් අනුවය. එනිසා එම පක්ෂවල ශඛ්‍යතාවයන්ට අනුව ප්‍රධාන හා උප සිනාරියෝ ගොඩ නැගිය හැකිය.

එක්සත් ජාතික පක්ෂයේ සිනාරියෝව

1994 චණ්ද්‍රකා කුමාරනතුංග ආණ්ඩුව බලයට පත්වීමත් සමග ඇති වූ චලනයන් සැලකිල්ලට ගැනීමේ දී එජාපය අතිශය බරපතල ලෙස ව්‍යච්ඡේදනය වන්නට වූයේ ඊට ආවෙනික අන්‍යයතාවක් නිර්මාණය කර ගනිමිනි. මැතිවරණ ක්‍රමය තුලත්, ඊට පෙර හා පසුත් යන සමස්ථ කාල අවකාශය තුල සංඥා කරමින් කියා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදයේ අර්බුදය හා ජනතා අභිලාස සහ දේශපාලනයේ ඇති දැවැන්ත පරතරයයි. පක්ෂය හා ප්‍රතිපත්ති වෙනුවට පුද්ගලයා ද දේශපාලනය වෙනුවට උපයෝගිතාවාදය මත පදනම් වූ පුද්ගල පැවැත්ම ඉස්මතු වීමයි. මේ නිසා එජාපය යන්න සමාජයේ ස්වරූපය ප්‍රකට කරන කැඩපතක් ලෙස හැඳින්විය හැකිය. එම ස්වරූපයේ වාසිය ආණ්ඩු බලය සහිත නායක්ත්වය ප්‍රයෝජනයට ගත් අතර අවශේස විපාක්ෂික කණ්ඩායම් ද එජාපයට පාඩම් උගන්වමින් පැවැතුණු හා පවත්නා ආණ්ඩු බලයට සහයෝගය දක්වමින් එජාපයේ අනාගත සිනාරියෝව සුණු විසිණු කරන්නට විය. අතීතය එසේ වන විට වර්තමාන එජපයේ ස්වරූපය කෙබඳු වේද යන්න හා එහි නිර්මාණය විය හැකි සිනාරියෝව සතු ශක්‍යතාව අධ්‍යයනය කළ යුතු වේ.

සිනාරියෝව සඳහා අවශ්‍ය මූලික පසු තලය

පියවර 1

තෝරා ගත හැකි ප්‍රශ්න

  1. එජාපයේ නායකත්වය යනු කුමක් ද
  2. එහි ආණ්ඩු ක්‍රමයේ ස්වරූපය කෙබඳු වේද
  3. ඇති විය හැකි ප්‍රතිවිරෝධතා කෙබඳු වේද
  4. සමාජ ක්‍රමය කුමන හැඩයක් ගනී ද

පියවර 2

එජාපයේ නායකත්වය යනු කුමක් ද

මෑත කාලය තුලදී ලංකා දේශපාලනයේ දයලෙක්තිකය උපරිමයෙන් ක්‍රියාත්මක වූ සංසිද්ධියක් වේ නම් එය එජාපයේ නායකත්වය පිළිබඳ ගැටලුවයි. මෙහිදී බොහෝ දෙනෙකුගේ සරළ හා ග්‍රම්‍ය නිර්වචනය වූයේ රනිල් වික්‍රමසිංහ යනු නොහැකි නායකයෙකු යන්නය. පහසුවෙන් එසේ පැවැසිය හැකි වුවත් වික්‍රමසිංහ යනු ලංකා සමාජ දේශපාලනයට නොවැටහෙන චරිතයකි. එජාපයේ පරිහාණියේ හේතු කාරකය ඔහු යැයි පැවැසීම අතාර්කික වන්නේ ඔහු පාර පශ්චාත් යටත්විජිත දේශපාලන චරිතයක් වන බැවිනි. සමාජය ඔහුට වඩා පිටු පසින් සිටීමේ ප්‍රතිඵලයේ අස්වැන්න ඔහු බුක්ති විඳුනු ලබන අතර උපයෝගිතාවයට අනුව වේශනිරූපණය වීමේ   නෙහැකියාව ප්‍රකට කළ ද ඔහුගේ  හා එජාපයේ ඉරණමට හරස් කරනු ලැබුවේ අතීතය හා අනුපූරක (complimentary other)අනෙකා විසිනි. එම අනෙකා නම් උතුර හා දකුණ යන දෙ අන්තයේ මර්ධන ඉතිහාසයයි. එනම් ජනතා විමුක්ති පෙරමුණ සහ එල්ටීටීඊ සංවිධානයයි. එය එසේ නොවිනි නම් මහින්ද රාජපක්ෂ වෙනුවට ජනාධිපති විය හැකිව තිබුණේ රනිල් වික්‍රම සිංහය. එසේ වූයේ නම් කුමක් වන්නට තිබුණේ දැයි කීම සිනාරියෝවක් නොවන බැවිනුත් අතීතය ගැන අනාවැකි කීමට වඩා එය තේරුම් ගනිමින්  වර්තමාන රනිල් හා අනාගත එජාපයට  ඇති සිනාරියෝව නිර්මාණය කිරීම වැදගත් වනු ඇත.

වර්තමාන රනිල්

පෙර කී පරිදි වර්තමාන රනිල් යනු දයලෙක්තිකය විසින් පරිණත දේශපාලණඥ්යෙකු බවට පත් කළ ප්ලේටෝගේ පරම රජ්‍යෙය් දාර්ශනික පාලකයා බඳුය. මෙය උපහාසයකට හෝ ආ වැඩීමකින් එහාට පැමිණ ගෝලීය ධනවාදයේ හා ලිබරල් අර්ථ ක්‍රමය පදනම් කරගිනිමින් වැටහා ගත යුතු වේ. යුතෝපියානු පාලකයෙකුට හෝ වෙනත් පරිණත රජ්‍ය නායකයන් සමඟ සංසන්දනයෙන් නොව මහින්ද රාජපක්ෂ හා සංසන්දනයෙන් පමණක් බව ගණන් බැලුව හොත් රන්ල් මහින්දට වඩා බර වැඩිය. නමුත් පශ්චාත් යටත් විජිත ජනයාට එම බර වැටහෙනුයේ යකඩ කිලෝ දාහක බරින් යුතු ගෝනිය වන මහින්ද හා පුළුන් කිලෝ එක් දහස් පන්සියයකින් බර ගෝනියක් වන රනිල් අතරින් යකඩ ගෝනිය වන මහින්ද බර වැඩි බවය. එනම් නූතනත්වයට වඩා අතීතය හා සම්ප්‍රදාය බරවැඩි වීමය. එය එසේ උවත් රනිල්  ප්‍රමුක එජාපය ද නොදන්නේ ප්‍රජාතන්ත්‍රවාදයය. එම අර්තයෙන් ආණ්ඩු ක්‍රමයේ වෙනසක් ඇති උවද ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධ කාරණයේ දී ඇති ගැටලුව මහින්දගෙන් එහාට සුභවාදී ලෙස ගමන් කිරීමට ඉඩක් ඇත්දැයි යන්න අවිනිෂ්චිතය. එහෙත් රනිල්ගේ මෑතම කාලීන වෙනස්වීම තුලින් පෙන්නුම් කරන විභවයේ සාධනීය ස්වරූපය වන්නේ, යම් ලෙසකින් ආණ්ඩු ක්‍රම වෙනසක් එජාපය ප්‍රමුකව සෙසු පක්ෂ හා එක්ව සිදුවුව හොත් පවත්නා පවුල්වාදී ඒකාධිපතිත්වය අහෝසිකරමින් සෙසු දේශපාලනය සඳහා ද ප්‍රජාතන්ත්‍රවාදය හා යුක්තිය උදෙසා බලපෑම් කළ හැකි ඉදිරිගාමි පිරිසකගේ දෘෂ්ටිවාදීමය මග පෙන්වීම හා තෙරපුම සඳහා අවකාශයක් පාදා ගත හැකි වීමය.

අනෙක් අතට ගොඩ නැගෙන විපක්ෂයේ  නායකත්වයෙන් රාජපක්ෂ නායකත්වයේ ඇති වෙනස වන්නේ අතීත මහින්ද හා අනාගත නිර්වචනය නොවූ නායකත්වය යන්නය. අතීතය නිර්වචනය වී ඇති නිසාත් අනාගතය නිර්වචනයට ඉඩ ප්‍රස්ථාව ඇති නිසාත් විපක්ෂය  එක්ව ගොඩ නැගෙන ආණ්ඩුව පරන ගණක් හැදීම්වලින් තොරව වන සූත්‍ර ආදේශ කිරීමට පරිසරයක් නිර්මාණය කර ගැනීමට ප්‍රගතිශීලී විපාක්ෂිකයන්ගේ වගකීමකි. එබැවින් වර්තමාන තත්තවය වන විට රනිල්ගේ නායකත්වයේ විපරිවර්තනය පෙරට වඩා සාධනීය වී ඇත. මෙම නව හැඩය නිර්මාණශීලී දේශපාලනයට අවකාශයක් ඇති අතර එය කොතෙක් දුරට තාර්කික වන්නේ දැයි කීම න්‍යායට වඩා භාවිතාව තුල සිදු විය යුත්තකි. මෙතෙක් වූ වෙනස් කම් පවා ප්‍රමාද වී ඇතත් විය හැකි සාපේක්ෂ සාධනිය වෙනසක් එජාපය තුල සිදු වී ඇත. ඒ තුල රනිල්ගේ නායකත්වය සෙවැනැලි නායකත්වයක් බවට පත්ව ඇත. එජාපයෙන් හෝ රනිල්ගෙන් සමාජවාදය හෝ සමානාත්මතාව හෝ දූෂණයෙන් තොර සමාජයක් අපේක්ෂා කළ නොහැකි උවත් ඒ සඳහා අවශ්‍ය සංයුතියේ කොටස් කරුවන් වීමට ඉඩක් ඇත් ද නැත් ද යන්නට ඉඩක් පවත්නා තත්වයට වඩා ලැබිය හැකිය.

එහි ආණ්ඩු ක්‍රමයේ ස්වරූපය කෙබඳු වේද

සාකච්ඡා සැලසුම් හා සංවාද තුලින් ගම්‍ය කරන්නා වූ සිනාරියෝවට අනුව මහින්ද රාජපක්ෂ රෙජීමය පැරදවීමට ගෙනෙන විකල්ප තක්සේරුව වන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමින් පාර්ලීමේන්තුවට බලය පැවැරීමය. මේ සඳහා පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කරමින් ජනාධිපතිවරණයට තරඟ කිරීමය. ඒ සඳහා ප්‍රකාශ වී ඇති යෝජනා හා බලපෑම් වලට අනුව නිෂ්චිත පැහැදිලිතාවක් දැකිය නොහැකි වුව ද, යම් ලෙසකින් මහින්ද රාජක්ෂව ජනාධිපති වරණයේ දී පාරාජය කිරීම නැමැති ප්‍රධාන මුරිච්චිය ගලවනු ලැබුව හොත් රාජපක්ෂ සන්ධානය අහස් යානයක් කඩා වැවෙන්නාක් මෙන් බිමට ඇද වැටෙනුයේ වැදගත් බොහෝ දේ සිදුවීමෙන්ය. එහෙත් ගොඩ නැගෙන ආණ්ඩු ක්‍රමයෙන් හෝ ඔවුන් සතුව  ඇති වාස්තවික සැලසුම්වලින් සැලකිය යුතු වෙනසක් අපේක්ෂා කළ හැකි ද යන විශ්වාසය ඇතැත්, විපක්ෂයට මහින්දව පැරදවීම කළ හැකි වන්නේ නම් එය කළ හැකි වන්නේ බොහෝ පාර්ශවයන්ගේ එකමුතුවෙන් බැවින්, නිර්මානශීලීන්ට, ඉදිරිගාමීන්ට එය මෙහෙයවීමේ නායකත්ව සුක්කානම නැමති තෙරපුමේ සිනාරියෝව ගොඩ නැගිය යුතුවේ. එය අතීත නිදර්ශනයකින් තේරුම් ගන්නේ නම්, පසු ගිය කාලයේ දෙමළ ජනයාට එරෙහිව රාජපක්ෂ හා එකතු වෙමින් ඔහුට චින්තනයක් ද සපයා දෙමින් දස දසහස් සංඛ්‍යාත ජන සංහාරයක් කිරීමට සාර්ථක ඛේදනීය සිනාරියෝවක් නිර්මාණය කළ ජවිපය (පෙරටුගිමින්ද ඇතුලත්)ට විලෝමීය කාරයයක් නැවත ඇත. එය කොට්ට උරය කණපිට ගැසීමක් නොවන  නමුත්  නිෂේධනීය අන්තාවාදයක සිට සාධනීය අන්තවාදයකට නැවත ගමන් කරමින් අතර මග සිට කිරීමට ඇති කාර්යයක් වන්නේය. එය රනිල්ට හො වෙනත් පුද්ගලයෙකුට චින්තනයක් හැදිම වෙනුවට රටට හැදිය යුතු චින්තනයේ පංගුකාරයන් වීම ය. එහෙත් විපක්ෂයේ සිනාරියොව සඳහා එම කොටස්වල ඇති නැමියාව හා චින්තනමය හැකියාව පිළිබඳ අනාවැකි පල කළ හොහැකි බැවින් ඊට ඉඩ තැබිය යුතු අතරම, ඔවුන්ගෙන් තොරව ආණ්ඩු ක්‍රමයක ස්වරූපය කෙබඳු වේ දැයි යන්න කිව හැක්කේ ආණ්ඩු ක්‍රමයක් නැත යන්නය. ඔවුන් යනු ජවිපය මෙන්ම සෙසු කොටස් වන සරත් ෆොන්සේකා, දෙමළ ජාතික සන්ධානය හා අනෙකුත් සියල්ලේ සහයෝගයෙන් මිසක රාජපක්ෂව පරාජය කිරීම කළ හොහැකිය යන්නය. මෙහිදී පාර්ලීමේන්තුවේ පදනමක් නැති උවත්, ජන පදනමක් නැති උවත් දෘෂිටිචාදීමය බලය හා අනන්‍යතා ශක්තීන් විශාල මෙහෙයයක් සිදු කරන බැවින් හැම කෙනෙකුම වැදගත් වන්නෝය. එහෙත් එය එසේ සිදු වීමට ශඛ්‍යතාවක් පෙන්නුම් කරන ප්‍රමාණය ප්‍රාමාණිකව ඇත්තේ පහළ අගයක බැවින් ආණ්ඩු ක්‍රමයක් පිළිබඳ සිනාරියෝව සාධනීය අර්ථයෙන් ගැටලුවක් වී ඇත.

ඇති විය හැකි ප්‍රතිවිරෝධතා කෙබඳු වේද

ප්‍රධාන පක්ෂය වන එජාපය මෙන්ම සෙසු කුඩා පක්ෂ හා පුද්ගලයන් තුලත් ප්‍රධාන වශයෙන්ම පැවැතිය හැකි ප්‍රතිවිරෝධය වන්නේ අන්‍යයතාව හා බලය සම්බන්ධ කාරණාවය. මේ සඳහා සාමුහිකව පිළිගත හැකි සම්මුතිකාමී යොජනාවන් හා ආදර්ශයන් ප්‍රකට කරනු වෙනුවට පුද්ගලත්වය තරාදියට දමිමින් මස් රාත්තල ඉල්ලා සිටීම වෙනුවට රටක් ජනතාවක් හා අනාගත පරපුරක් වෙනුවෙන් කැපකිරීම් හා එකිනෙකාගේ(each other/ einanderer) දේශපාලනික සංස්කෘතියකට පුහුණු විය යුතුය. අතීතයෙන් පාඩමි ඉගෙන ගනු විනා අතීතh ක්ෂතියක් (Trauma)ලෙස   ගනිමින් එය තම දේශපාලනික මෙවලම් කර ගැනීමෙන් කිසිවකුට පලක් නොවන අතර පුද්ගලික වශයෙන් තමන්ට ද පලක් අත් නොවනු ඇත. අනෙක් අතට ලාංකීය දේශපාලනික සංයුතිය හා සංස්කෘතිය අනුවත් අපේක්ෂා විභේදනය වී ඇති සවභාවයත් අනුව තනි පක්ෂ දේශපාලනය යන්න ප්‍රජාතන්ත්‍රවාදය ගොඩ නැගිය හැකි ආයතන වීමට කිසිදු ඉඩක් නොමැත. අවශ්‍ය වන්නේ නම් මේ පිළිබඳ ගෝලීය වශයෙන් ඓතිහාසික තත්ත්වයන් සොයා බැලිය හැකිය. ලාංකිකයන් වන බොහෝ අපට තවමත් කුඩා හෝ ඉඩම් කැබැල්ලක් ඇති බැවින් හැහෝම තමන්ගේ කියා ගෙදරක් සාදා ගැනීමට සිහින දකින්නාක් මෙන් සෑම පක්ෂයක් විසින් ස්වකීය අණසක රටට පැතිරවීමට සිහින දකිනවා විය හැකි උවත්, යථාර්ථය වශයෙන් තමාගේ සිහිනය නැමැති කූඩයට චතුස් කෝටික සිහින දයලෙත්තිකයන් දමා ගැනීමේ උභතෝකෝටිකයෙන් ගැලවිය හැකි නම් අපූර් නිර්මාණශීලි පුද්ගලයෙකු ග්‍රීක පුරාවෘත්තවල මෙන් පැමිණිය යුතුය.

එනිසා හැඩයෙන් හා ගුණයෙන් අනිවාර්යයෙන්ම ප්‍රතිවිරෝද ගණනාවක් පැරණි හා අලුත් වශයෙන් ඇති විය හැකි අතර සියල්ල නිර්ණය වනු ඇත්තේ සිනාරියෝවෙහි ඇති සූත්‍ර හා විද්‍යාත්මක තත්වය මෙන්ම අවංකභාවය හා කැපවීම තුලය.

සමාජ ක්‍රමය කුමන හැඩයක් ගනී ද

පවත්නා උද්දච්ඡ මුග්ධ අධම ආණ්ඩු ක්‍රමය නැතිකිරීම විසින්ම සමාජයේ හැඩය වෙනස් වීමට බලපානු ඇත. එම වෙනස හා හැඩය තුල ඇති අවකාශය සමාජය යළි ගොඩ නැගීමට වැඩබිමක් කර ගැනීමට හැකි සංස්කෘතියක් නිර්මාණය කර ගත නොහැකි වේද. මෙය ඉතිහාසයේ එක්වරක් වූ දෙය දෙවරක් සිදුවීමක් නොවීමට සන්ධාන ගත ප්‍රගතිශීලින්ගේ නැණ පමන හා නිර්මාණශීලී කැපවීම ඓතිහාසික වනු ඇත. තනිව වීරයෝ වනවාට ඩවා සාමූහික වීරත්වයේ අසිරිය අපට කිව නෙහැකි වනු ඇත් ද?

උතුරේ දෙමළ ජනයාගේ අනාගතය තීරනය කිරීම ඒ ආකාරයෙන් එක්වරම නොවිසඳුනද අතීතය සමග ඇති ගනුදෙනුවෙදී යුක්තිය පිළිබඳ අපේක්ෂාව හිමිවනු ඇත්තේ නව ආණ්ඩු ක්‍රමය ගන්නා ක්‍රියා මාර්ග තුල නොව රාජපක්ෂගේ ඇද වැටීම තුලය. එය ද වෛරයෙන් තොරව යුක්තිය හා සාධාරණත්වය තුලින් දේශපාලනික හා සමාජ සංස්කෘතික සංහිඳියාවක් කරා ගමන් කරන පාලමක් වන්නට පුළුවන.

මේ පිළිබඳ තවත් දේ ඉදිරියට

උදය ආර්. තෙන්නකෝන්

ලාංකීය මිනිස් ඛේදවාචක, සුසුම් හෙලිම් හා අභියෝගය

 

Image

1971දි සිංහල තරුණ තරුණීයෝ 30,000 කට අධික පිරිසක් ඝාතණය කරන ලදී.  ඒ යටත් විජිත පාලකයන් විසින් බලහත්කාරයෙන් ගොඩනගා සිය වසකට වැඩි කාලයක් පවත්වාගෙන යැමෙන් පසු දේශීය පාලක පංතිය වෙත 1948 දි පිරිනමන ලද ශ්‍රී ලාංකීය ජාතික රාජ්‍ය තුළ තම ජිවිත වලට අත්වි ඇති ඉරණමින් මිදී තමන්ටද අනාගත පරම්පාරවන්ටද  සුභදායි රාජ්‍යයක් ගොඩනැගිමේ අරමුණෙන්, පැවති රජ්‍ය බලය සන්නධ ක්‍රියාකාරිත්වයක් මගින් පහකර තම සිහින රාජ්‍යය වු සමාජවාදි රාජ්‍ය ක්‍රමයක් ස්ථාපිත කිරිමට උත්සාහ කිරීම නිසාය. 1987-1989 කාල වකවානුව තුල නැවත වාතාවක් සිංහල තරුණ තරුණියන් විසින් එවැනිම උත්සාහයක් දැරිමේ වරද රාජ්‍ය විසින් නිවැරදි  කරනු ලැබුවේ තවත් ජිවිත60,000 කට වැඩි ගනණක් බිළිගැනීමෙන් ය.

 පැහැරගෙන ගොස් මරා වළලා දමන ලද මිනිසුන්ගේ ඇට කටු දකුනේ තැනින් තැන තවමත් මතුවෙමින් පවති.

 විසි වන සියවසේ මැද භාගයේ පටන් භාවිතාවට නැගෙන සාමාජ නැගිටීම්, ඝාතණය හා මර්දනය තුළ යටපත් කර දැමිමේ ශ්‍රී ලාංකීය රාජ්‍යයේ ක්‍රියාකාරිත්වය එහි විශාලතම පුරවැසි ජනකාය වන සිංහල සමාජය විසිඑක් වැනි  සියවෙසේ මුල් කාර්තුව තුළ ද  “රතුපස්වල” ජනතාව හරහා අත් විදිමින් සිටී.

ජාතික රාජ්‍යයේ දෙවන විශාලතම ජාතිය වු දෙමළ ජාතියේ ඉරණම මහා ජාතියේ ඉරණමෙනුත් එහා ගියා වු අර්බුදයක් වනුයේ ඔහුන් හට, සිංහල ජාතිය විදින්නා වු පිඩනයන්ගෙන් එහා ගියා වු තම ජාතිකත්වය මතද පිඩාවට ලක් විමයි. 1948  ඇරඹි  ඔවුන්ගේ ඉරණම 2009 වන විට 21 වන සියවසේ සිදුවු මිනිස් සංහාරයක් දක්වා ගමන් කර, තව දුරටත් නොවිසඳුනු මිනිස් ඛේදවාචකයක් හරහා ඉදිරියට ඇදෙමින් පවති . මෙහි ඇති අනික් ඛේදවාචකය වනුයේ දෙමළ ජාතියේ නොවිසඳුණු ඛේදවාචකය දශක ගනණාවක් පුරාවට දිවෙනුයේ රාජ්‍ය මර්ධණයේ කරවටක් එරී සිටින මහ ජාතිය වු සිංහල ජාතියේ ද සහාය ඇතිව විමයි.

1948 සිට අද දක්වා ශ්‍රී ලාංකාව තුළ සාමකාමී කාලයන් යනු, රාජ්‍ය ප්‍රචන්ඩත්වය මගින් එහි පුරවැසියන්ගේ ඉල්ලීම් යටපත් කර පවත්වාගෙන යනු ලබන කාල වකවානු සඳහා මිසක, රාජ්‍යක මුලික කාර්‍යයක් වු, පැන නැගෙන සමාජ අර්බුදයන් විසඳීම සඳහා පවතින සාමාජ, ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික ව්‍යුහයන්, දීර්ඝකාලීන විසඳුමක් වෙනුවෙන් පරිවර්තණය කිරීමකින් අත් පත් කර ගන්නා සාමකාමි කාලයන් නොවේ.

රටේ මුලිකම හා විසඳීමකින් තොරව විසඳුමක් නැති දෙමළ ජාතියේ දේශපාලන ප්‍රශ්නය ප්‍රකාශයට පත්වන මාධ්‍ය 2009 මැයි 18 වන දිනෙන් පසු නැවත වරක් තුවක්කුවේ යකඩ කටින් මිනිස් මස් කටට මාරු වී ඇත.

1948 යටත් විජිත කරණයෙන් නිදහස ලබූ දා පටන් විසඳුමක් වශයෙන් දෙමළ ජාතික දේශපාලනය වෙතින් පැමිනි ෆෙඩරල් රාජ්‍ය මොඩලයද, 50-50 යෝජනා ප්‍රතික්ෂේප විමද,  1956 සිට විටින් විට ඔහුන් වෙත මුදා හල ප්‍රචන්ඩත්වයට එරෙහිවද සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමෙන් හා දෙමළ සිසුන්හට විශ්ව විද්‍යාල තුළට ඇතුලු විමට ඇති හැකියාව අවම  කරමින් 1970 දී ඇති කළ ප්‍රමිතිකරණ ප්‍රතිපත්තියද.1972 ව්‍යවස්ථාව මගින් සුළු ජාතින් හට  එතෙක් පැවති ව්‍යවස්ථාවෙන් ලැබී තිබු එකම ආවණයද ඉවත් කිරිමෙන් පසු. 1976 වඩුක්කොඩෙයි යෝජනාව හරහා දෙමළ ජාතියට ඇති එකම විසඳුම වෙනම රාජ්‍යක් යන නිගමනයට දෙමළ ජාතික දේශපාලකයන් පැමිණියේය. ඔහුන්ගේ යොජනාව ජන්තාව අතරට ගෙන යනු ලැබිමට යොදා ගනු ලැබු වෙද පැවති  ඡන්ද ක්‍රමයයි.

1977 මැතිවරණයේදි 82% දෙමළ ඡන්ද දායකයන් ප්‍රමාණයකින් මෙම යෝජනාව අනුමත වු අතර, 1978 නව  ව්‍යවස්ථාවෙන් දෙමළ ජාතියට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තම මතයක් දැරිමේ අයිතිය පමණක් නොව පාර්ලිමේන්තුව නියෝජනය කිරීමද අහුරා දමන ලදි.

 70 දශකයේ අවසන් භාගයේ පටන් මස් කටින් තමන් කළ අරගලයට යකඩ කටින් හා ප්‍රචන්ඩත්වයෙන් පමණක් පිළිතුරු ලැබු දෙමළ තරුණ පරම්පරාව, තම ඉල්ලීම් දිනා ගැණිමේ මාධ්‍ය ද මස් කටින් යකඩ කටට මාරු කරන ලදී. මිනිස් ජිවිත ලක්ෂ ගනණක් බිලිගත් එහි අවසානය 2009 මැයි 18 වන දින සටහන් වින. යුද්ධය හා එහි ගමන් මග පිළිබඳව කුමන මති මතාන්තර පැවතියද මැයි 19 වන දින සිට එළඹිය යුතුව තිබුනේ දේශපාලනිකව වෙනත් දිනයකි. දෙමළ ජාතියෙ ප්‍රශ්නයට විසදුමක් සෙවිමේ එකම බාධකය වශයෙන් 80 දශකයෙන් පසු රට කර වු සියලුම ආණ්ඩු විසින් ආඩපාලි කියමින් සිටි LTTE ය සහමුලින්ම විනාස කිරිමෙන් පසු ඔවුන්ට ගෙන ඒමට නොහැකිව පැවති දේශපාලන විසඳුමක් ගේනෙනවා වෙනුවට රටේ දේශපාලනය නැවත ගමන් ඇරඹුවේ 1948 දෙසටය.

 2010 මහා මැතිවරණයේදි ෆෙඩරල් විසඳුම තම ජාතියේ අර්බුදයට විසදුමක් ලෙස පිළිගන්නා දෙමල ජාතික සන්ධානය පැවති මැතිවරණයෙන් ජයගත් අතර දකුනේ නියොජිතයන් ලෙස පැමිණි කිසිඳු දේශපාලන කණ්ඩායමකට සැලකිමකට භාජනය කල යුතු ප්‍රමානයක ජන බලයක් නොලැබුනේය.

මෙම වසරේ සැප්තැම්බර් මස ප්‍රථම වරට  පවත්වන ලද උතුරු පළාත් සභා ඡන්දය යනු ජාතික දේශපාලනයේ වැදගත් සංධිස්ථානයකි. පළාත් සභා යනු දෙමළ ජාතියේ දේශපාලන ප්‍රශ්ණයට විසඳුමක් ලෙස සිංහල සාමාජයේ දැඩි විරෝධය මත ඉන්දීය රජයේ බලහත්කාරය මත පිහිටවනු ලැබු දේශපාලන හා පරිපාලන ව්‍යුහයකි. තම ප්‍රශ්නයට විසඳුමක් ලෙස තමන්ගේ විමසීමකින් තොරව පිහිටවන ලද උත්තරය පිළිබඳව  උතුරේ දෙමළ  ජනතාවට තම අදහස ප්‍රකාශ කිරිමට ලැබුනු ප්‍රථම අවස්ථාව මෙයයි.

මෙම තිරණාත්මක ඡන්දයේදි ලැබුනු ප්‍රතිඵලය පිළිබඳව කිසිවකු විශ්මයට පත් නොවුනද, මැතිවරණය අරබයා සිංහල දේශපාලන සමාජ ක්‍රියා කල ආකාරය හා මැතිවරණයෙන් පසුව ගෙවී යන මේ මොහොතේදි ක්‍රියා කරමින් සිටින ආකාරය දෙස විපරමෙන් බලන කළ පෙනි යනුයේ ඉතිහාසයේ එකම සිදුවිම නොව මහා ඛේදවාචකයක් එකම ආකාරෙයෙන් දෙවන වරද සිදු විමට යන බවයි.

ලාංකික ජාතික රාජ්‍ය හා එහි වෙසෙන සංඛ්‍යාතමක කුඩා ජාතීන් අතර පැවතිය යුතු සම්බන්දය පිළිබඳව සිංහල සමාජයේ ඇති මතවාදය මුල් වකවානුවේදී මුලික වශයෙන් බලය බෙදිමට පක්ෂ හා විපක්ෂ යනුවෙන් පිල් දෙකක්ට බෙදිය හැකි වුවද 80 දශකයෙන් පසු වෙනම රාජ්‍යක් වෙනුවෙන් පෙනි සිටින සුලු පිරිසක් ද දකුනේ සිංහල සමාජෙයෙන් බිහි විය. මෙහිදී බලය බෙදීමට විපක්ෂ කණ්ඩායමේ ක්‍රියා කාලාපය පිලිබදව සාකච්ඡා කිරිම අලුත් අදහසක් නොවන බැවින් බලය බෙදිමට පක්ෂ කණ්ඩායම් හී ක්‍රියා කාලාපය පිලිබදව පමණක් අවධානය යොමු කිරිමට කැමැත්තේමු.

 දකුනේ සිංහල සමාජයේ වමාංශිකයන් හා  ලිබරල් වාදීන් යනුවෙන් තමන්ව හදුන්වා දෙමින් සිටිනවුන් බලය බෙදිමට පක්ෂය. නමුත් මොවුන්ගෙන් වෙනම රාජ්‍යක් වෙනුවෙන් සෘජුවම පෙනි සිටින හා දේමළ ජාතියේ සවයං තිරණ අයිතිය පිලිගනු ලබන සුළුතරයක් හැර, අන් සියලු දෙනාම යුද්ධයේදී  LTTE හි ප්‍රචන්ඩත්වයට විරුද්ධ යැයි කියන සටන් පාඨයට මුවා වී මර්ධණකාරි රාජ්‍යට සෘජුව හෝ වක්‍රව සහාය පල කළෝ ය. මොවුන්ගේ මුලික තර්කය වුයේ  “මේLTTE නැත්නම් අපි දන්නවා දෙමළ ජනතාවට දේශපාලන අයිතීන් ලබා දෙන හැටි” යන්නයි. නමුත් මොවුන්ගේ සැබැ නිරුවත නැවත වරක් පෙනෙනු ලැබුවේ මෙවර පළාත් සභා ඡන්දයට පෙරාතුව දෙමළ ජාතික සන්ධානය තම ප්‍රතිපත්ති ප්‍රකාශය එලි දැක්වු මොහොතේ පටන්ය.මෙහිදී විශේෂයෙන්,කෘරතර  යුද්ධයේ දී රජයේ නි‍ය්‍යාචාර වරුන් වී සිට නව තත්වය යටතේ සමාජ ප්‍රජාත්න්ත්‍රවාධයේ මුර දෙවතවුන් විමට වලි කන. ලිබරල්වාදී යැයි කියාගන්නා දේශපාලන ප්‍රවනතාවයේ ප්‍රකාශකයන් වන, සිවිල් වැසියන්ට එරෙහිව සිදුවු අපරාද වලින් පාලක රෙජිමය හා මර්දනකාරි රජ්‍යයේ යුධ නායකයන්ව ගලවා ගැනිමේ මෙහෙයුමේ නිරතව සිට, හිසේ සිට දෙපතුළ දක්වාම දෙමළ රුධිරයෙන් පෙඟී ඇති දායාන් ජයතිලකද, තිසරණී ගුණසේකරද, D.B.S ජෙයරාජ් ඇතුලු බොහෝ දෙනෙකුගේ මතවාදි මෙහෙයුම හා අන්ත සිංහල ජාතිවාදි මතවාදය ද, ත්‍රස්ථවාදය පිළිබඳව මහාචාර්යවරයකු හා පාලක රෙජිමයේ සුරතල් උපදේශකයකු ද වන රොහාන් ගුණරත්න අතර වෙනස ලකුණු වන්නේ දිය මත ඇඳි ඉරකින් මෙනි. මොවුන් සියලු දෙනාට අනුව දෙමළ ජාතික සංධානය හරහා නැවත කරළියට පැමින ඇත්තේ LTTE හි ව්‍යාපෘතියයි.

දශක හයකට වඩා සුලු ජාතින් පෙළූ හා වසර තිහකට වඩා කෘරතර යුද්ධයකට මැදිවි සිටි රටක ලිබරල්වාදී යැයි කියාගන්නා දවල් මිගෙල් රෑ දනියල් මහත්වරුන්ගේ කෙරුවාව මෙසේය. වෙනම රාජ්‍යක් වෙනුවෙන් පෙනි සිටි සුළුතරයේ අති බහුතරය නැවත වෙනම රාජ්‍යක් වෙනුවෙන් සටන් කරනා ව්‍යාපාරයක් දෙමළ සමාජයෙන් පැන නැගේවා යන සිහිනයේ සුව විදිමින් නින්දකට වැටි ඇතිසේ ය.

දෙමළ ඩයස්පොරවේ තත්වයද මීට දෙවැනි නැති සැටි ඔහුන්ගේ ක්‍රියා කලාපයන් තුළින් මොනවට පැහැදිළි වේ. මෙහිදි ටැමිල් නෙට් කන්ඩායම ගැන පමනක් සදහන් කලොහොත්, ඔවුන්ට අනුව විග්නේශ්වරන් යනු අධිරාජ්‍ය වාදයේ හොරනෑවකි. සිංහල ජාතිවාදීන්ට කදිමට ගැලපෙන් නාමකරණයක් හැර මෙය වෙනින් කුමක්ද.

80 දශකයේ පටන් දෙමල ජාතික ප්‍රශ්ණය තම කලාපීය බල දේශපාලනයේ උවමනාවට යටත්කර තබා ගැනිමේ මෙහෙයුමේ නියතව සිට,  LTTE පරාජය කිරිමේ යුද්ධයට විශාල සහයක් ලබා දුන් ඉන්දියාව නැවතත් ප්‍රශ්නයේ ප්‍රධාන කරකවන්නෙක් බවට පත් විම ඉතිහාසයේ ඛේදවාචකයක් ද නැත්හොත් සරදමක්ද ? දෙමළ ජාතික සංධානයට අනුව,1987 දී අත්සන් තබන ලද ඉන්දු- ලංකා ගිවිසුමෙ තීන්ත වෙලිමටත් කලින් එහි ඇති බලතල කප්පාදු කළ පළාත් සභාවක පාලනයක්වත් ඉන්දියාවේ මැදිහත් විම නොවුනානම් නොලැබෙන බවයි. ඔවුන්ට අනුව කප්පාදු කළ බලතල හා එයින් එහාට යන්නා වු බලතලද ඉන්දියාවේ සහයෝගයෙන් ලබා ගන්නා බවයි.

ජාතිකව හා කලාපීයව සිදුවන විශාල දේශපාලන ක්‍රියාවලියක් කුඩාම සම්පිණ්ඩනයකට හකුලුවා දැක්වුවහොත් ඉහත ආකාරයේය.

කළ යුත්තේ කුමක්ද?

ප්‍රශ්නය අති සරලය, මක්නිසාදයත් ජාතින්ගේ ප්‍රශ්නය විසඳන ආකාරය පිළිබඳව න්‍යායන් ටොන් ගනණින් අප ලඟ ඇති බැවිනි.

ඇසිය යුතු ප්‍රශ්නය වනුයේ කළයුත්ත කරණුයේ කවුරුන් විසින් ද කියාය.

අප අපගෙන්ම වහා වහා ඇසිය යුතු ප්‍රශ්නය වනුයේ, තවත් ඛේදවාචකයකට ඉඩ හැර, යුධ අපරාධ පිළිබඳව ගොරනාඩු පවත්වමින්ද, මේ මොහොත්දිත් අපට වැරදුනා යැයි කියමින් නැවත නිවැරදි විමට අවස්ථාවක් ඉල්ලා සිටිමෙන්  සැහිමට පත්වෙනවාද යන්නය.

ප්‍රමාදය පසු තැවිල්ලට නොවේ විනාසයට හේතු වේ.

 ටෙරල් අබේසිංහ

උපුටා ගැනීම-http://www.lankaviews.com/sn/index.php?option=com_content&view=article&id=19589:2013-11-25-12-26-04&catid=69:2009-08-07-09-41-10&Itemid=130

 

 

මේ කිංඩි හිනාව ඔබටමයි!

 Image
CHOGM වලට ලක ලෑස්ති වෙමින් තිබූ ලංකාව වෙත ඔබේ නෙත නැවත මොහොතකට යොමු කරන්න. මාතරදී කුරාම් ෂයික් මරාදමා ඔහුගේ සහකාරියට ලිංගික බලහත්කාරකම් කිරීම ගැන චෝදනා ලැබ සිටි දේශපාලඥයන්ට එරෙහිව නැවත නඩු විමසීම් මේ දිනවල හදිසියේම කැඳවනු ලැබීය. එම සැකකරුවන් නැවත රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය. මේ ගැන ජාතික සහ ජාත්‍යන්තර මාධ්‍යයන් ඔස්සේ ප්‍රචාරය කරවනු ලැබීය. එම අවධියේම ත්‍රිකුණාමල සිසුන් පස් දෙනා ඝාතනය පිළිබඳ යටගොස් තිබූ නඩුවද නැවත විභාග කිරීම ඇරඹිණ. ඒ සම්බන්ධයෙන් සෙබළුන් ගණනාවකට එරෙහිව චෝදනා ලැබුණි.
මේ සිදු වන්නේ මූනිච්ඡාවට කරන හුදු මවාපෑමක් බව තතු දන්නා අයට නම් අරුමයක් නොවීය. නමුත් CHOGM  අහවර වී සති දෙකක් යාමටත් පෙර තමන්ගේ සහකාර චෞරයන් රාජපක්ෂ රෙජීමය විසින් සුපුරුදු වැයික්කියට නැවත මුදා හරීවි යැයි කියා බොහෝ දෙනෙකු නොසිතීය. නමුත් එය දැන් සිදුව හමාරය.
‘ඩේවිඩ් කැමරන්ට හොඳ පාඩමක් ‘ ඉගැන්වීමට මේ බලු රෑණ නැවත දඩයමට මුදා හරින්නේ ලාංකීය ජනයාගේ සුභාශිංසනය මැදයි. කූඩුවලින් එලියට එන ඔවුන්ගේ මුව පුරා ඇති සමච්චල් සිනාව නැත්නම් ඔවුන්ගේම භාෂාවට අනුව ‘කිංඩි හිනාව’ ඔවුන් මෙසේ විහිදුවන්නේ කැමරන්ට කිංඩියට බව සිතා ගන්නා ඔබ(ලාංකීය ජනයා), නොදන්නා ( නොදන්නවා නොව නොදන්නා බව තමන්ටම සපථ කර ගන්නා) ‘ඕකට හොඳ වැඩේ’ ‘ අධිරාජ්‍යවාදීන් පර බල්ලන්’ ‘එල්ටීටීඊ ඔත්තුකාරයන්’ ‘ නැත්නම් පර සුද්දට අපි දුන්න බැටේ’ කියමින් දෑත් පිරිමදිමින් සිනාසෙනු ඇත. ඒත් මහත්වරුනි මේ බලු රෑන් දඩයම් කරන දඩබිම වන්නේ ලංකා පොළොවයි. එහි විවිද වැයික්කිවල සරණා මෙවැනි බලු රෑන් හුරතල්කරන මහින්දගේ රාජපක්ෂ පැලැන්තිය මෙහෙයවන මෙම බලු රෑන්වලට  කැමරුන්ට එරෙහිව කළ හැකි කෙන්ගෙඩියක් නැත. මෙම බලු රෑන්වල දඩයම් වන්නේ ඔබලාමය. එනිසා මොවුන්ගේ මේ වියරු ‘කිංඩි හිනාව’ ඔවුන් යොමු කර ඇත්තේ ඔබලා වෙතමය.
ඒ ඇයි කියා ඔබ මොහොතක් හිතනවානම් ඔවුන් ඔබට මේ ගරහන්නේ ඔබගේම කරමතම නැග බව ඔබට පෙණෙනු ඇත. මෙවැනි රස්තියාදුකාර බලු රෑන්වලට තම මනාපය දීම තුලින් ඔබගේම නායකයන් ලෙස මොවුන් පාර්ලිමේන්තුවලට යවනු ලබන්නේ ඔබලාම මිස සුදු අධිරාජ්‍යවාදීන් හෝ එල්ටීටීඊ කාරයින් විසින් නොවේ.
දේශපාලඥයින්, මෙහිදී මා හඳුන්වන්නේ පාර්ලිමේන්තුවට පළාත් සභා හෝ ප්‍රාදේශීය පාලනයට ඔබේ මනාපයෙන් පත්ව ඇති දේශපාලඥයන්, කීදෙනෙකුට එරෙහිව මිනී මැරුම් චෝදනා තිබේද? එසේ චෝදනා නොලැබුවා වුවත් ප්‍රසිද්ධියේ ඔවුන් කී දෙනෙකු මිනී මරා තිබේද? කුඩු වෙළෙදුන්, ස්ත්‍රීන්ට ලිංගික බලහත්කාරකම් කරන්නන්, හොරුන් සහ තක්කඩින් කී දෙනෙකු ඔබේ මනාපයෙන් මේ තැන්වලට පත් කර සිටීද? එසේ එතැනට ගියවුන්ගෙන් කී දෙනෙකු ඔබට (ජනයා) තර්ජනය කරමින්, පහරදෙමින්, ප්‍රසිද්ධියේ ගස් බඳිමින් ඔවුනගේ කැමැත්ත අනුව නොහැසිරෙන්නේද? ඒත් ඔබ ඔවුනට ඔබේ මනාපය නැවත නැවතත් දී ඇත. දෙමින් පවතී. එසේ නම් ඔවුන් ඔබට කිංඩි සිනාවක් පෑම අරුමයක්ද? ඇත්ත තත්වය නම් ඔවුන් ඔබට එසේ ‘කිංඩි සිනාවක්’ නොදාම බැරිය. අපට කීමට සිදු වන්නේ ‘කුම්බලා ඔලු කෑවානම් දුක විදපන් බළලෝ ‘ කියාය.
රාජපක්ෂ පැලැන්තිය ඇමරිකාවට බැණ අඩගසමින් කෑ මොර දෙන විට ඔබ හෝයියා කියා අත්පොළසන් දෙමින්, විසිල් ගසමින්, වටයක් නොව වට දෙකක්ම කරකැවී නටයි. ‘දුන්න බැටේ’ කියා සිතමින්  සතුටින් උද්දාම වී ඔල්වරසන් දෙනු ලබයි. මහින්දට බේත් ටික ගන්නට යන්නේද ඇමරිකාවටයි. බැසිල්ගේ වේදනාව නිවා ගන්නේද ඇමරිකා සංචාරයකිනුයි. ගෝඨාගේ පවුලම මෙන්ම රාජපක්ෂ සනුහරයම ජීවත් වන්නේද ඇමරිකාවේය.
නමුත් ‘අපේ චූන් අපට චූන්’  ලෙසින් චූන් වන ඔබලා දෙස බලන රාජපක්ෂලා තවත් පදයක් දෙකක් ගයා ඔබව චූන් කරන්නේ ‘ගහපන් බඩ පිනුමක්’ කියන්නාක් මෙනි. රතිඤ්ඤා වැල් පත්තු කර කිරිබත් මහපාරවල බෙදමින් ඒ අනුව ඔබ බඩ පිනුම් ගසයි. ඔබ කවුද කියා රාජපක්ෂලා දනී.
වහසිබස් දොඩන රාජපක්ෂලා රට තුල නීතිය බල්ලාට දමන්නේ ඔබේ පූර්ණ ආශිර්වාදය මැදයි. නීතිය කෙලෙසන විට ඔබේ අත් පොළසන් නාදය ඔවුන් දෙසවන රැව් පිළිරැව් දෙයි. විරුද්ධ පක්ෂය යැයි කියා ගන්නා ජනතා විමුක්ති පෙරමුනේ භාෂාවත් යූනඑන්පියේ භාෂාවත් රාජපක්ෂලාගේ භාෂාවට නොවෙනස්ය. රාජපක්ෂගේ භාෂාව අධිරාජ්‍ය විරෝධය, බටහිර විරෝධය, මානව අයිතීන් කෙළෙසීමට විරුද්ධවන අයට ඇතිවන විරෝධය,   ලොව වෙනත් රටවල් ලංකාවේ මානව අයිතීන් උල්ලංගනය කිරීම කතා කිරීමට ඇති විරෝධය මේ අතර ප්‍රධාන වෙයි. අඩු වැඩි වශයෙන් අන් පක්ෂ ද මේ භාෂාවම භාවිතා කරනු ලබයි. එසේ නම් එතුලින් සිදු වන්නේ රාජපක්ෂලාගේ දේශපාලන භාෂාව තව තවත් ශක්තිමත්වීම මය.
ඒවාගේම අපි බොහෝ විට ‘අද නීතියක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ලංකාවේ අද නීතියක් නැහැ ‘ කියා කීමට පුරුදුව ඇත. ඒ අපි එසේ කියන්නේ අපට මේ ‘පර සුද්දන්’ සදා දී ගිය ‘සෑම මිනිසෙකුම නීතිය ඉදිරියේ සමාන අයෙකුය’ යන අධිරාජ්‍යවාදී නීතිය ගැන සිතමින් සහ එය නිවැරදිය යන මතයක සිටිමිනි.
නමුත් අපි අද පසුකරමින් සිටින ‘අධිරාජ්‍ය විරෝධී අවධියේ’. අපට පර සුද්දාගේ නීතියෙන් වැඩක් නැත. ඇත්ත නම් අපි අද අපේ නීතිය බලපවත් වන්නෙමු. සියළුම යටත් වැසියා අධිපතියාට යටත්ව ජීවත් විය යුතුය  යන අපේ නීතිය රට තුල ක්‍රියාත්මක වේ. රට තුල නීතියක් නැත කීම අමුම අමු බොරුවකි. එතුල ක්‍රියාත්මක වන්න් අපේ නීතිය වන අධිපතියාගේ වුවමනාව සහ ඔහුගේ වචනය නීතිය ලෙස ගැනීමයි. අධිපතියාට අවශ්‍ය නම් ගැත්තාට කැමති දෙයක් කිරීමට ඔහුට අයිතියක් ඇත. මරා දැමීම, දූෂණය කිරීම හෝ සමච්චලයට ලක් කිරීම එම නීතිය තුල ඉතා සාමාන්‍ය දෙයක්ය. ලංකා සිංහල සමාජය එය ඉතා ආදරයෙන් වැළඳ ගෙන අනුමත කර ඇත. (දෙමළ මිනිසුන් පමණක් තම මානව අයිතීන්, නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ සමානාත්මතාවය ගැන කතා කරති)
අධිරාජ්‍යවාදීන්ගේ නීතියට අනුව නම් අපි( රජයේ නිලධාරියෙක් හෝ මැති ඇමතිවරයෙක්) ජනාධිපතිට හෝ ජනාධිපතිගේ සහෝදරයෙකුට හෝ පවුලේ අයෙකු ඉදිරිපිට කොන්ද දෙකට නමා හෝ දණ බිම ඇණ හෝ බිම දිගා වී නමස්කාර නොකරන්නෙමු. ඒත් අපි අද සම්පූර්ණයෙන්ම  අධිරාජ්‍යවාදයෙන් නිදහස්ව අපේම නීති ක්‍රමයට අනුව ජීවත්වන බැවින් ඔවුන් ඉදිරියේ කොඳු නමන්නේ, දණ ඔබන්නේ අපටම වූ අපේ චූන් අනුවයි. CHOGM සමුළුවට ගී ගයන ලංකා ගායක ගායිකාවන් ලංකාව ගැන වර්ණා කරමින් එහි ඇති ශ්‍රේෂ්ඨ උතුම් බව  ගායනා කරයි. යම් රටක් තුල මිනිසුන් අතුරුදහන්වේනම් සංචාරකයන් පවා ප්‍රසිද්ධියේ මරා ඔවුන්ගේ සහකාරියන් දූෂනය කරයි නම් එම රටෙහි ඇති උතුම් බව ගැන තමන්ම ගායනා කළාට ලෝකය ඔබට උත්තමාචාර පවත් වන්නේ නැත. සෑම ෆැසිස්ට් රාජ්‍යයකම කරන අයුරින් තමන්ගේ උතුම් බව වර්ණා කරමින් තමන් ගැනම ගුණ ගී ගයමින් සියළුම මානුෂික නීති උල්ලංගනය කරන්නේ නම් එම රටට ගරු කරන ලොවක් නැත. ඇත්තෙන්ම මිනිස් නිදහස අනුමත කරන රටකට,  භියකින් තොර සමාජයක් ඇති රටකට ලෝකය හිස නමනු ලබයි.
මා ජීවත් වන ජර්මනියේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක්  ඇතිවීමට පෙර වැඩවසම් අවධියේදී රඳළයා සහ ප්‍රවේණිදාසයා ලෙස රඳළයාට කැමති දෙයක් තම දාසයාට කිරීමේ අයිතිය රඳළයාට පැවතිණි. රඳළයාට එරෙහි වු අය රඳළයාගේ උදහසට ලක් වූ අතර එසේ උදහසට ලක් වූ අය දණ්ඩනයට ලක් විය. බොහෝ විට ඔවුන් මරා දමනු ලැබීය. එසේ නැත්නම් මෙසේ උදහසට ලක් වූවන් ‘මරා දැමීමට නිදහස් කළ ‘ (Vogel frei) අය ලෙස ප්‍රකාශ කරනු ලැබීය. අද වන විට රාජපක්ෂ සනුහරයට සහ ඔවුන්ගේ දඩ බල්ලන්ට එරෙහි වූ ලාංකිකයෙකු ද ‘මරා දැමීමට නිදහස් කළ ‘ (Vogel frei) අයෙකු ලෙස නොනිල ලෙස ගම්‍ය වෙයි. නමුත් රාජපක්ෂලාට එරෙහි වන්නන් මරා දැමීම, දණ්ඩනයට ලක් කිරීම ඔබ ඉවසන්නේ ඔබ ද එය අනුමත කරන ඔබ පිලිගන්නා නීති ක්‍රියාදාමය නිසාවෙනි. එසේ නම් කැමරන්ලාට හෝ නව නීදන් පිල්ලෙලාට දමනවා යැයි ඔබට හඟවන රාජපක්ෂලාගේ ‘කිංඩි හිනාව ‘ ඇත්තටම යොමුව ඇත්තේ ඔබටමයි.
– රංජිත් හේනායකආරච්චි –

ලංකාවේ අනාගතය සහ දේශපාලනය තුල සිනාරියෝ ගොඩනැංවීම

 scenario building

පළමු කොටස

හැදින්වීම

ලංකාවේ සමාජ දේහය සීග්‍ර ලෙස ඇතුලට කුණු වෙමින් පිටතට ඉදිමෙමින් නවීකරණය වීමක් දැකිය හැකිය. මේ හේතුවෙන් අභ්‍යන්තරික සමාජීය වෙනසක් සඳහා දේශපාලනික වෙනසක අවශ්‍යතාවක් දරුණු ලෙස පැන නගිමින් තිබේ. මෙම දරුණු පැන නැගීම සමාජය තුල හා එහි වැසියා තුලම හිර වී  ගෙවෙමින් යන දේශපාලන ජීවිතය සුවදායක නොමැති බැවින්, ඉන් නිදහස් කර ගැනීම පිණිස දේශපාලන සමාජයේ ප්‍රමුක ප්‍රගතිශීලී පිරිස් හට දිගු හා කෙටි කාලීන  අත්‍යවශ්‍ය වගකීමක් ඉතිහාසය විසින් උරුම කිරීමට බලකෙරෙමින් තිබේ.

මේ සඳහා බල දේශපාලනික වේදිකාවේ දේශපාලනික කණ්ඩායම් හා පුද්ගලයන් හට වෙන් වෙන් වශයෙන් දේශපාලනික හා සාමාජීය සිනාරියෝ ඇත. ගැටලුව ඇත්තේ දේශපාලනික බලයෙන් හෝ සමාජීය බලයෙන් රට වෙනස් කිරීමට කල්පනා කරන්නන්ගේ සිනාරියෝ සතුව ඇති සක්‍රීය ධාරීතාවයෙහි ඇති ගැටලු සහගත බවය. එබැවින් ලාංකීය දේශපාලනයේ සුසමාදර්ශී වෙනස උදෙසා දේශපාලනික සිනාරියෝවන් හඳුනා ගැනීම හා නිර්මාණය කර ගැනීම වැදගත් වන අතර එය මුල් තැනක් ගන්නකි. නමුත් පුද්ගලයන්ට හා දේශපාලනික පක්ෂ කණ්ඩායම්වලට අනුව අඩු වැඩි වශයෙන් මෙකී සිනාරියෝ ගොඩනගා ගැනීම සිදු වුවත් එවා යථාර්ථවාදී ශක්‍යතා ගුණයෙන් යුක්ත වන්නේ දැයි කල්පනා කළ යුතු අතර ඒ පිලිබඳ නැවත සලකා බැලීම පිණිස සිනාරියෝ යන්න කුමක් දැයි හඳුනා ගැනීම හා සිනාරියෝ ගොඩ නැගීම පිළිබඳ න්‍යායික කතිකාවකට පිවිසුමක්  මෙම ලිපිය මගින් පෙන්වා දීමට අපේක්ෂා කෙරේ. මේ සඳහා ප්‍රධාන වශයෙන් දේශපාලන සමාජය වර්ගීකරණය කරමින් සිනාරියෝ ගොඩ නැංවීම කරනු අතර ඒ සඳහා පහත සඳහන් සාධකයන් ප්‍රස්තුථ කර ගත හැකි වේ.

  1. රාජපක්ෂ සිනාරියෝව
  2. විපක්ෂ සිනාරියෝව
  3. විකල්ප සිනාරියෝව
  4. වමේ සිනාරියෝව

සිනාරියෝවක් යනු කුමක්ද

සිනාරීයෝවක් යනු අනාගතය පිළිබඳව විය හැකි විස්තාරිත දැක්මන් හෝ අනාගතයේ වියහැකි පැතිකඩයන් හෝ මානයන් පිළිබඳ කතාන්තරයකි. එය බොහෝවිට ආදර්ශමය දැක්මක් හෝ අනාගතය පිළිබඳ අධ්‍යයන ක්‍රමවේදයකි. සිනාරියෝවක් යනු අනාගතය පිළිබඳ අනාවැකි කියවීමක් නොවන අතර  එය තරමක් සමාන වන්නේ අනාගතය පිළිබඳ යම් (simulation) ආභාසනයකටය. නැතිනම් සමාකරණයකටය. එසේත් නැතිනම් ව්‍යාජ වේශයකටය. ඒ අනුව සිනාරියෝ යන්න පැහැදිලිකර ගැනීමේ ක්‍රමයක් හෝ තීරණ ගැනීමේ උපකරණයන්  යන දෙයාකාරයම භාවිතයට ගැනීම සිදු වේ. ප්‍රධාන වශයෙන් වර්තමානයේ  ඇති (discontinuities)අසන්තතීන් පැහැදිලිව හඳුනා ගැනීමට හා ඒවායේ පවතින තෝරාගැනීම් සහ එහි ශක්‍යතාවන්වන්ගේ විපාකයන් හෙලිදරව් කරගැනීම සිනාරියෝවක් මගින් සිදු වේ. සාමාන්‍යෙයන් සිනාරියෝ ගොඩනැංවීම පිළිබඳ න්‍යාය හා ක්‍රමවේදයන් පදනම් වනුයේ ආයතන හා ව්‍යාපාරයන් පිළිබඳ අනාගතය සැලසුම් කර ගැනීමට හා එය සාර්ථකකර ගැනීම පිණිසය. මෙම සංකල්පය දේශපාලන ව්‍යාපාර හෝ සංවිධාන හෝ පුද්ගලයන් සම්බන්ධකර ආදේශකර යම් කිසි කතාන්තර ගොඩ නැගුවහෝත් එය ද අනාගතය ගැන යම් චිත්‍රයක් ඇති කර ගැනීම තුලින් සමාජයේ ඇති විය හැකි චලිතය හඳුනාගතහැකි වනු ඇත.

සිනාරියෝ අධ්‍යයනය ලාංකීය දේශපාලන සන්දර්භයට ගලපා තේරුම් ගැනීමේ දී වර්තමානයේ ඇති අසන්තතීන් මොනවාද යන්න හා මෙම වාස්තවිකයන් හරහා අනාගතයට පිවිසීමට ඇති තෝරා ගැනීම් කුමක් දැයි යන අදහසින් සිනාරියෝ ගොඩ නැගීම කරනු ලැබිය යුතුය. මෙයට කාලය හා අවකාශය පදම්කර ගනිමින් අනාගතයේ විය හැකි යැයි සිතිය හැකි ශක්‍යතාවයන් සැලකිල්ලට ගත හැකි අතර සාමාන්‍යෙයන් ලාංකීය දේශපාලනයේ සිදු වන්නාවූ ගොඩනැංවිම කරනු ලබන්නේ මැතිවරණ ක්‍රමය පදනම් කරගෙනය. ආණ්ඩු බලය වෙනස් විම පිළිබඳ සිනාරියො ගොඩනගා ගනිමින් ඊට සම්බ්න්ධ ක්‍රියාකාරී සැලසුම් කිරීමය.මෙතෙක් පැවැති පශ්චාත් යටත් විජිත දේශපාලනයේ ප්‍රධාන දේශපාලනික ප්‍රවාහයන්ගේ ඉලක්ක කේනද්‍රගතවූයේ මෙකී බල කේන්ද්‍රයන් අරමුණු කරගෙනය.  ආණ්ඩු මාරු වී ඇති කාලයන් හා අවකෘශයන් අධ්‍යයනය කිරීමේ දී බලය මාරු කිරීම සඳහා ක්‍රියා කර ඇති ආකාරය ද, බලය වෙනත් ආකාරයකින් අල්ලා ගැනීම පිණිස විප්ලවීය අර්ථයෙන් ක්‍රියා කොට අසාර්ථක වූ සිනාරියෝ අපට ඉතිහාසය පුරා දැකිය හැකිය.අතීතයේ සිදු වූ සිනාරියෝ පසෙක තබමින් අනාගතය පිළිබඳව දේශපාලනික වශයෙන් සිනාරියෝ වර්ග දෙකක් යටතේ තේරුම් ගත හැකිය.

  1. විය හැකි සිනාරියෝ
  2. විය යුතු සිනාරියෝ

විය හැකි සිනාරියෝ

පවත්නා බල දේශපාලනික ස්වභාවයට අනුව සන්තතිය හා අසන්තතිය පදනම් වී ඇත්තේ රාජපක්ෂ බල කේන්ද්‍රය මූලික කර ගත් සමස්ථයක් තුල බැවින් අනාගතය සඳහා විය හැකි ශක්‍යතාවන්ගේ ස්වභාවය නිර්ණය වී ඇත්තේ පවත්නා ආණ්ඩු බලය තුලමය. ඉන් ගම්‍ය වන්නේ රාජපක්ෂ නොවන අනෙකුත් පාර්ශවයන් සතු සිනාරියෝ තුල ඇති තෝරා ගැනීම් හා ශඛ්‍යතාවන් සක්‍රීය බවින් අර්ථ විරහිත වීම තුලය. මේ නිසා අනාගතය තවදුරටත් රාජපක්ෂ අනසක තුල විවිධාකාරයෙන් නිර්මාණය වීමට අවශ්‍ය පරිසරය සැපයෙනු ඇත. ඒ අනුව සන්තතිය තුලම අසන්තතීන් නිර්මාණය උවත් එයම සන්තතීන්ගේ දිගුවක් වනු ඇත. එය තව දුරටත් පැහැදිලි කළ හොත් කිව හැකි වන්නේ රාජ පක්ෂ බල කේන්ද්‍රයම අනාගතය සඳහා ලාංකීය දේශපාලනික සිනාරියෝ ගොඩ නැගෙනු ඇත. එය විය හැකි සිනාරියෝවක් වනු ඇති අතර එය විවිධ හැඩයන් මෙන්ම චලනයේ වෙනස් කම්වලට භාජනය වීමට නියමිත විය හැකිය. මෙම වෙනස් වීම්වල ඇති අසන්තතීන් පරීක්ෂා කළහොත් රාජපක්ෂ බල ව්‍යුහය පදනම් කර ගත් සිනාරියෝ පහත පරිදි න්‍යයගත කළ හැකිය.

සිනාරියෝ ගොඩ නැංවීම- Scenario Building  No 1

රාජපක්ෂ  සිනාරියෝව-Rajapaksha Scenario

කාලය 2013- 2020

පියවර 1

කේන්ද්‍රීය කාරණා හඳුනාගැනීම (සිනාරියෝ සඳහා පසුතලය සැකසීම)

ලංකා දේශපාලනයේ අනාගතය සඳහා වන පසුතලය ගොඩනැංවීමේ දී ප්‍රශ්නාවලියකින් ප්‍රවිෂ්ටව ප්‍රධාන කාරණාවලට අවතීර්නය විය හැකිය.

ප්‍රශ්න

  1. ඊ ලඟ වසර දහයක් සඳහා රටේ නායකයා විහ හැක්කේ කවරෙක් ද
  2. ආණ්ඩු බලය කුමන ස්වරූපයක් ගනු ඇත් ද
  3. ඇති විය හැකි ප්‍රතිවිරෝදතා කෙබඳු වේද
  4. සමාජයක් ලෙස කුමන ප්‍රතිපල අත්කර ගනී ද

පියවර 2- ප්‍රධාන කාරණා හඳුනාගැනීම හා විෂ්ලේෂණය

ඉහත ප්‍රශ්නවලට පිළිතුරු රාජපක්ෂ බල කේද්‍රය තුල ස්ථානගත කළ හොත් මේ සඳහා ප්‍රධාන  සහ උප ප්‍රධාන සිනාරියෝ ගොඩ නැගිය හැකිය.

ඊ ලඟ වසර දහයක් සඳහා රටේ නායකයා විය හැක්කේ කවරෙක් ද

ඒ අනුව පළමු ප්‍රශ්නයේ ප්‍රධාන පිළිතුර වන්නේ ඉදිරි කාලය සඳහා මහින්ද රාජපක්ෂ නම් වන වර්තමාන ජනාධිපතිවරයාම රටෙහි නායකයා වනු ඇති බවය.ඔහු ජනාධිපතිවරයා බවට පත්වීමට අවශ්‍ය පසුලතය සැකසෙන විට අභ්‍යන්තරිකව උප සිනාරියෝ ගණනාවක් නිර්මාණය වීම නොවැලැක්විය හැකි වුව ද  එම සිනාරියෝ නැවත තමා සතු කර ගැනීමේ ගුරුත්ව කේන්ද්‍රය රාජපක්ෂ වටාම ගොඩ නැගෙනුයේ ඒ සඳහා විකල්ප බලවත් ශක්‍යතාවයකින් වෙනත් දිශාවකට ගමන් කිරීමට නොහැකි කම නිසාය.

ආණ්ඩු බලය කුමන ස්වරූපයක් ගනු ඇත් ද

ඒ අනුව ආණ්ඩු ක්‍රමයේ ස්වරූපය වනු ඇත්තේ ෆ්‍රට් සැලට් කැඳ හැලියකි. එහි ඇති ගුණය වන්නේ ෆ්‍රට් සැලට් අඩංගු වීමය. නමුත් එය කැඳ හැලියකි. ආණ්ඩුවේ සංයුතිය තවත් ප්‍රසාරණය වීමෙන් යම් කේවල් කිරීමේ හෝ බලපෑමක් කිරීමේ හැකියාවක් ඇති කොටස්වල බලය තව තවත් තනුක කරනු ඇත.එය සිදු වන්නේ පිටත සිටින, එනම් විපක්ෂයේ ඊනියා විකල්ප පිරිස් හා විපක්ෂයේ ඇතැම් පුද්ගලයන් අවසානයේ රාජපක්ෂ හා එකතු වීමෙනි. සජිත් ප්‍රෙමදාස හා ඔහුගේ අනුගාමික කොටස් වන ශිරාල් ලක්තිලක වැනි ඊනියා ලිබරල් වාදීන් මෙම අවසාන නිමේෂයේ රාජපක්ෂට සහයෝලය දෙනු ඇත. කොමියුනිස්ට් හා සම සමාජ පක්ෂයේ තත් කාලීන භූමිකාව ද විමල් වීර වංශ, චම්පික රණවක වැන්නන්ගේ කට හඬට හෙම්බිරිස්සාව වැළදෙනු ඇතත්, දෘෂිටිවාදයෙන් ශක්කි සම්පන්න චම්පික වැන්නෙක් කුමන්ත්‍රණකාරී ලෙස හැසීරීමෙන් ඔහුගේ ජීවිතය පවා අහිමි වීමට ඉඩ ඇත.

ඇතිවිය හැකි ප්‍රතිවිරෝධතා

ගණන් කළ නොහැකි තරමේ ප්‍රතිවිරෝදතාවන් ගොඩ නැගිය හැකි අතර ඉන් ප්‍රධාන තැනක් ගනු ඇත්තේ රාජපක්ෂ පවුලේ පිරිස් අතරය. ඉන් ප්‍රමුක වන්නේ රාජපක්ෂ ජනාධිපතිවරයාගේ විශ්‍රාමයෙන් අනතුරුව සිහසුන තම පුත්‍රයාට උරුම කිරීමට කරන ප්‍රායෝගික දේශපාලනික හා සමාජීය ක්‍රියාවලිය තුලය. පළමු ප්‍රතිවිරෝධය එල්ල වන්නේ ගෝඨාභය රාජපක්ෂ වටා ගොඩ නංවන සුපිරි සිංහල බෞද්ධ බලවේගය ප්‍රමුක කර ගත් පිරිස්ය. මේ සඳහා චම්පික රණවක උපක්‍රමිකව විශාල කාරයයක් කරනු ඇත්තේ, ජාත්‍යන්තරව වර්ධනය වන මානව හිමිකම් උල්ලංඝණයන් පිළිබඳ පීඩනය හා තින්දු තීරණ උපකාර කරගනිමින් සිංහල ජාතියේ නියම ගැලවුම් කරු ගෝඨාභය රාජපක්ෂ බවට සුජාතකරණය කරමිනි. විමල් වීරවංශ ද එම පිලට පැනීමට බොහෝ ශඛ්‍යතාවක් ඇති නමුත් ඔහුගේ දූෂණ හා ක්ෂය වන ජනප්‍රියත්වය විසින් කිසිවකුට අත්‍යවශ්‍ය නොවනු ඇත. එ බැවින් ඔහු රාජපක්ෂ පරපුර පවත්වාගෙන යෑමට දිවිහිමියෙන් කටයුතු කරනු ඇත.

බැසිල් රාජපක්ෂ රටේ නායකයා වීමේ සිහින සිනාරියෝවක් ගොඩ නගනු ඇතත් එහි ශඛ්‍යතාව අල්ප වනු ඇත්තේ ඕනෑම විටෙක ඔහුව පාලනය කළ හැකි පරිදි තබා ගැනීමට උපදෙස් සැපයීම තමා තුලම සිටින ධම්ම දිසානායක වැන්නන් නාමල් රාජපක්ෂට සහයෝගය දැක්වීමෙනි. මතු වීමට තැත්කරන ඕනෑම අවස්ථාවක ඔහුව අදෘශ්‍ය ලෙස මෙහෙය වීම සඳහා ඩලස් වැනි මාධ්‍ය චැනලයන් යොදාගනු ඇත. කෙසේ වෙතත් පවුල තුල ගොඩ නැගෙන ප්‍රතිවිරෝදතාව තීව්‍ර වනු ඇත්තේ රාජ පක්ෂටම වාසි ගෙනදෙන අයුරින් නිසා, ඇති වන කුමණ්ත්‍රණවලින් මැක්බත් නාටකයේ සවරුපයක් අත්කර නොගනු ඇත. මන්ද රාජපක්ෂ ලේ ඥාතිත්වය රාජ්‍ය හා ජනතාවට වඩා ඝණකම් බැවිනි.

ඉතිරි උප සිනාරියෝ විපක්ෂය හා ගොඩ නැගෙන්නට නියමිත සන්ධාන හා ගැට ගැසුනද පලක් අත්නොවනු ඇත. ( මේ සියල්ල පවත්නා තත්තවය අනුව විපක්ෂයේ හා සෙසු කොටස් (විචල්‍ය ) වෙනස් නොවන ලෙස සලකමින් හා ජනතාව වෙනස් වුවද ඔවුන්ව සුසමාදර්ශී වෙනසකට සූදානම් නොවන බැවින් මෙම මෙසේ සිදු විය හැකිය)

සමාජයක් ලෙස කුමන ප්‍රතිපල අත්කර ගනී ද

දෙමාපියන්ට අනුව දරුවන් හැඩ ගැසෙන්නාක් මෙන් රටේ නායකයාට හා ඔහුගේ භාවිතාවට අනුව සමාජය නිර්මාණය වීම මේ වන විටත් සිදුවනු ඇති බැවින් පීඩනය යන්න මහගමසේකරගේ කවියක් වනු ඇත. එනම් “දුක  ඇතුලේ තියෙන සතුට දුක් විඳලම ඉගෙන ගන්න” යන්න තුල ජනතාව එහි යථාර්ථයක් වනු ඇත. වංචාවට දූෂණයට අනුවර්තනය වූ ජනයා ද අඩු වැඩි වශයෙන් එහි ශුද්‍ර කොටස් කරුවන් බවට පත් වී, ඒ පිළිබඳ පාර්ලීමේන්තුවේ රූපවාහිනියේ බණ කියන අනුර දිසානායක වැන්නන්ට සිනාසෙනු ඇත. එය නාට්‍යාකාරව නරඹනු ඇත. සමාජය අපූරු පන්නයේ සිහිනය වෙනුවට බොරුව කරපින්නාගත් ක්‍රමයකට හැඩ ගැසෙන විට සිහිනයක් සහිත දේශපාලන න්‍යායන්ට හා කැපවීම්වලට මෙම දෙයාකාර අසන්තතින් හඳුනා ගත්ත ද ජනයා මුදා ගැනීම නැමැති මෙහෙයුම්වලින් හෙම්බත්වනු ඇත. අධ්‍යාපනයේ සිටම බොරුව ක්‍රමයක්(System) බවට පත්වීම නිසා අගයයන් (Values)හා ධර්මතා (Norms0ද, බෞද්ධාගම ද යොහෝවාගේ ආගමක් හෝ එසේත් නැතිනම්, සිංලයා බේරා ගැනීම යන මිථ්‍යා අභිමතාර්ථයෙන් සිංහල ජනයා තව තවත් ප්‍රපාතයටම   හෙලීමට ලක් වන ජන වර්ගයක් වීම නොවැල්විය හැකි ආරම්භයක් වනු ඇත.

විපක්ෂයේ විය හැකි සිනාරියෝව ඊ ලඟ කොටසට

උදය ආර්.තෙන්කෝන්

ඉල්මහේ අඳුරු සෙවණැලි

 

 Image

ඉල් මාසෙ සීතල සුළඟ ඇඟේ හිරිකඩු මතුකරමින් හමායයි. ඒත් ගස්වල තාමත් පිරිල තියෙන කහපාට. රතුපාට, දම්පාට කොල මතට ඉල් මාසේ කහපාට හිරු එළිය වැටුනම හරිම ලස්සනයි. කස්තානියන් ගස්වල, බියර්කන් ගස්වල මුදුන්වලට හිරු එළිය වැටිල දිලිසෙනව.

 එතකොට මිනිස්සුන්ට මතකයට එනව ළඟදිම මේ පාට පාට ලෝකය එකම අඳුරු අලු පාටකින් වැහිල, ඉන්පස්සෙ හිම පියලි පියාඹන්න ගන්න බව. සීතල හිමෙන් පළාතම වැහෙනකොට කොළ නැති ගස්වල ඉපල් විතරක් අලුපාට අහසට ඇඟිලි දික් කරන හැටි ආයෙ දකින්න පුළුවන් බව සිහි ගන්වනව.

බර්ලින් නගරයටත් මේ කාලය උදාවෙලා. නොවැම්බරය කියන්නෙ බර්ලින් නගරයට වගෙම මුළු ජර්මනියටම අමතක කරන්න බැරි, අමතක නොකළ යුතු ඉතිහාසයක් ඇති තැනක්. දැනට වසර 75 කට උඩදි, ඒ කියන්නෙ 1938 නොවැම්බර් 09 වෙනිදා ජර්මානුවන්ගේ ඉතිහාසයට විශාල කළු පැල්ලමක් එකතු කරමින් එතකොට බලයෙ හිටපු හිට්ලර්ගෙ නාසි ආණ්ඩුව විසින් සංවිධානාත්මකව එක රැයකින් යුදෙව්වන්ට එරෙහිව සංහාරයක්  දියත් කිරීම ඇරඹමින්  NSDAP පක්ෂය, (National Socialist Deutsche Arbeiterpartei) ( ජාතික සමාජවාදී ජර්මන් කම්කරු පක්ෂය) විසින් මෙහෙයවන ලද මෙම නොවැම්බර්  09 වෙනි දින සංහාරය ඔවුන් එදා හැදින් වූයේ ‘රයිහ් ක්‍රිස්ටාල් නහ්ට්’ Reichskristallnacht  (රාජධානියේ දිදුළන රැය)  කියාය.ඒත් එදා නාසි මේ සංවිධානාත්මකව ඇරඹූ යුදෙව් සංහාරය සාමාන්‍ය ජර්මන් මිනිසුන් කළ දෙයක් විදිහට ලෝකයට හඳුන්වා දෙන්නයි නාසීන් උත්සාහ කලේ. කෙසේ වුවත් අද වන විට ජර්මන් මිනිසුන් මේ රාත්‍රිය හඳුන්වන්නේ‘ රයිහ්  පෝග්‍රෝම් නහ්ට්- Reichspogromnacht (රාජධානියේ භීෂණයේ රාත්‍රිය)  කියාය. එදා නොවැම්බර් 09 දින රෑ යුදෙව් පල්ලි (සිනගෝගස්) 1400 කට ගිනි තබනු ලැබීය. යුදෙව් කඩ සාප්පු සහ ගෙවල් දොරවල්වල වීදුරු ජනෙල් කඩා බිඳ දමනු ලැබීය. සාප්පු ගිනිබත් කරනු ලැබීය. කැඩූ ජනෙල් වල වීදුරු කටුවලින් පාරවල් පිරී ගිය අතර ගිනි ගන්නා ගෙවල්වල එළියෙන් මේ වීදුරු කටු දිලිසෙන විට  මෙම දිලිසෙන වීදුරු කටු ඔවුන් හැදුන්වූයේ ‘රයිහ්  ක්‍රිස්ටාල් නහ්ට් – Reichskristallnacht’ යනුවෙනි. ඇත්ත නම් ඒ රෑට පමණක් යුදෙව්වන් 400කට වඩා ප්‍රමාණයක් මරා දමනු ලැබීමයි. යුදෙව් මිනිසුන් 33000 ක් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔවුන් වධකාගාරවලට යවනු ලැබීය. මේ රාත්‍රියේ ගිනි තැබූ සාප්පු සහ යුදෙව් දේපළ වටා නාසි ජර්මානුවන් සිංදු කියමින් නැටීය. ඒත් එදා සිදුවීම් ගැන පිංතූර දකින මගේ මනස තුල මගේ මතකයට ඇඳුනේ ලංකාවයි.

1983 රාජ්‍ය අනුග්‍රහයෙන් සංවිධානාත්මකව දෙමළ කඩ ගිනිතබා, දෙමළ මිනිසුන් මහමග පණ පිටින් පුළුස්සමින් ඒ වටා බයිල කියමින් නැටූ මිනිසුන්ගේ රූ මා මතකයට නැගුණි. එක රැයකින් එක් ලක්ෂ පනස් දහසක් පමණ අනාථාගාරවලට ගාල් කරනු ලැබූ අතර ඔවුන්ව නැව්වල පටවා අනාථයන් ලෙස උතුරට පටවනු ලැබුණි.  කඩ සාප්පු කඩමින්, අතින් කරින් බඩු එල්ලාගෙන ඒවා මංකොල්ල කෑ හැටි එදා අපිට දකින්නට ලැබිණ. ලංකා රජයද එදා උත්සාහ කලේ මේ විනාශ කිරීම් සිංහල ජනයා කුපිතව නැගිට කළ දෙයක් ලෙස පෙන්වීමටයි.

මේ නොවැම්බර් 09 දින උදේ බර්ලිනයටත් හිරු හොඳින් පායා තිබිණ. සීතල වුවත් ඉල් මාසයේ ලස්සන දවසක ලකුණු අහස පුරා පැතිර තිබිණ. හැමතැනම පදික වේදිකාවල මිනිස්සු කණ්ඩායම් රැස්වී පදික වේදිකාවේ ඇති යමක් රෙදි කෑලිවලින් පිස දමමින් සිටිනු දුටු මම ඔවුන් කුමක් කරනවාදැයි ලංවී එබී බැලුවෙමි. මේ මිනිසුන් කරමින් සිටියේ එදා ඒ අන්ධකාර සමය සිහි ගන්වා එවැනි දෙයක් නැවත ඇතිවීම වලක්වා ගැනීමට ඒ මතකයන් නැවත අවදිකිරීමකි. මේ පදික වේදිකාවල ඔවුන් සුද්ධ කරමින් සිටියේ 1995 ජර්මන් කලාකරුවෙකු වූ  Gunter Deminig –  ගුන්ටර් ඩෙම්නිග් විසින් ආරම්භ කළ මුළු යුරෝපය පුරාම පදික වේදිකාවල ‘නාසි ජර්මිනියේ ඝාතනයන්’ සිහි කරවීම සඳහා ලක්ෂ ගණනින් වළලා ඇති පා පැකිළෙන ගල්ය. සිමෙන්ති ගල්වලින් සම මට්ටමකට තනා ඇති පදික වේදිකාවේ අගල් 6 x 6 මෙම පිත්තල ගල් වළලා තිබුනේ අගල් භාගයක් අනෙක්වාට වඩා මතුව සිටින ලෙසයි. එවිට මග යන එන්නන්ගේ පය ඒවායේ පැකිලේ. පය පැකිළුණු අය එදෙස බලන විට එම ගල මෙන්ම ඒ මත ලියා ඇති වැකිය ද නෙත ගැටේ. මේ ගල් වළලා තිබුනේ යම් කිසි ගෙදරකින් යුදෙව්වෙක් හෝ යුදෙව්වන් ගණනාවක් ගෙන ගියේ නම් ඒ ගෙන ගිය ගෙවල් ඉදිරිපිට පදික වේදිකාවේය. මේ ගල මත ලියා තිබුනේ මේ ගෙන ගිය පුද්ගලයාගේ උපන් දින ඇතුළු විස්තරයි. එතුලින් එදා ඝාතනය වූ මිනිසුන් ගැන මතකයක් සෑම මොහොතකම මග යන එන්නන් තුල මතු කරනු ලබයි. මෙතුලින් ඔවුන් උත්සාහ කරනුයේ ඒ අඳුරු කුරිරු යුගය සදා මතකය තුල තැන්පත් කිරීමයි. මේ වන විට ජර්මනිය තුල පමණක් මෙවැනි ගල් 43000 ක් වළලා ඇත. මේ නොවැම්බර් 09 දින උදෑසන ජර්මන් මිනිසුන් පදික වේදිකාවල වටවී මේ පිරිසිදු කර ඔපවත් කරමින් තිබුනේ ඒ කුරිරු යුගය අමතක නොවීමට තමන්ගේ මතකයයි. මෙය දුටු මා තුල ඇති වූයේ පහන් සංවේගයකි. ඒ කාලකණ්නි වරද පිළිබඳ මතකය ඔවුන් අමතක නොකිරීම ඒ සාපරාධී අපරාධ නැවත ඇතිවීම වලක්වා ගැනීමට කරන උත්සාහය දුටු මට ඇතිවූයේ සතුටකි.

තමන්ගේ අතීත වැරදි හඳුනා නොගැනීම තුලින්, එම වැරදි වැරදි ලෙස පිලි නොගැනීම තුලින්, එම වැරදි නැවත නැවත ඇති කරන ඉතිහාසයක් ඇති මා උපන් රට වෙතට මගේ මතකයන් නැවත ඇදී ගියේ සංවේගී සිතිවිලිවලට මැදිවය.

ඉල් මාසය ලංකාවට කොපමණ අඳුරු සෙවණැලි වැටුනු කාලයක්ද? වැරදි දේශපාලන ක්‍රියාවන් නිසා (ඒ තමන් කරන ක්‍රියාව ඉතා නිවැරදි දේශපාලන ක්‍රියාවක් යයි ද එයින් ජනතා සුභ සිද්ධියට මග පෑදෙනවා යැයි ද විශ්වාස කරමින්) බල අරගලය තුල නිවැරදි මග පෙන්වීමක් නොමැති නිසාවෙන් කී දහසක් ජීවිත අකාලේ විනාශ කර දමා තිබේද? මෙසේ රට තුල මිනිසුන් මරා දැමීම් වලදී රජය, රජයේ හමුදා, පොලීසි සහ පරා මිලිටරි කණ්ඩායම් විසින් ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගැසූ අය ද, විප්ලවවාදීන් ය කියන ජනතා විමුක්ති පෙරමුණ වැනි කණ්ඩායම් විසින් ද්‍රෝහීන් ලෙස නම් කළ අය ද, එල්ටීටීඊ ඇතුළු දෙමළ සන්නද්ධ කණ්ඩායම් තම විරුද්ධවාදීන් ද්‍රෝහීන් ලෙස නම් කරමින් ද ඒවාගේම එම ප්‍රදේශවල ජීවත් වූ සිංහල හෝ මුස්ලිම් මිනිසුන් ද මරා දමනු ලැබීය. රජයේ හමුදාවන් සහ පොලීසි විසින් ත්‍රස්තවාදීන් ලෙස නම් කරමින් දෙමළ සිවිල් වැසියන් ද ඒවාගේම දෙමල සටන් කාමීන් ද වශයෙන් මෙකී නොකී ලාංකිකයන් ලක්ෂ ගණනක් මේ වන තුරු මරා දමනු ලැබ ඇත. එය අඩු වැඩි වශයෙන් තව දුරටත් සිදු වෙමින් පවතී. ඒ සඳහා වෛරී මතවාදයන් විවිධ දේශපාලන බලවේග විසින් නැවත සමාජ ගත කරමින් පවතී.

දකුනේ ‘ඉල් මහ විරු’ සමරු පවත්වන්නේ මිය ගිය තම පක්ෂ සාමාජිකයින් සමරමිනි. ඒත් ඔවුන් අතින් මිය ගිය අයට හිමිවන තැන කුමක්ද? ඉතිහාසයේ වැරදි තේරුම් නොගැනීමෙන් ඒ වැරැද්ද නැවත නැවත සිදුවීම වලක්වා ගත නොහැකි වන බව  අපි දනිමු.  නමුත් ඉතිහාසයේ වැරැද්ද ‘වීර ක්‍රියාවක්’ සංකේතවත් කරමින් එයට තව තවත් ආශ්වාදජනක බවක් ගොඩ නගන්නේ නම් එතුලින් එම වැරැද්ද නැවත ඇති කිරීමට ඉනිමං තනනවා පමණක් නොව තවත් මහා ඉතිහාසීය ඛේදවාචකයකට මග පාදන බව අපි මතක තබා ගත යුතු වෙමු.

දේශපාලන ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට මිනිසුන් මරා දැමීම පහසු දෙයකි. ලංකා සමාජය 1971 සිටම ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට මිනිසුන් මරා දමති. ඒ එකා දෙන්නා නොව දස දහස් ගණනින් ය. ඒත් ඒ දේශපාලන ප්‍රශ්න ඒ අයුරින්ම හෝ ඊටත් වඩා තීව්‍ර සහ සංකීර්ණ වී නැවත මතුවන බව මේ 42 වසරක ලේ වැකුණු ඉතිහාසය ලංකා සමාජයට නැවත නැවතත් කියා දෙනු ලැබීය. කියා දෙමින් තිබේ. එහෙත් මේ සත්‍යයට මොහොතක් සංයමකින් සිතා ප්‍රශ්න නිරාකරණයට ඇති එකම මාර්ගය වන සාකච්ඡා සහ ඇහුම්කන් දීම ආදේශ කිරීමට ලංකා දේශපාල බලවේග මේ ඉල් මස වත් ඉටා ගන්නේ නම් එය ලංකා සමාජයට මහත් සුභ සිද්ධියක් සහ සහනයක් සදනු ඇත.

එකෙකුගේ ද්‍රෝහියා අනෙකාගේ ආදරවන්තයාය. එකෙකුට ත්‍රස්තවාදියා අනෙකාට කැප කිරීම් කරන වීරයෙකි. එකෙකුට කුලී භටයා අනෙකාට රට රකින්නෙකි. එකෙකුට ප්‍රතිවිප්ලවවාදියා අනෙකාට ප්‍රජාතන්ත්‍රවාදියෙකි. එකෙකුගේ විප්ලවවාදියා අනෙකාට ත්‍රස්තවාදියෙකි. ඉතින් මෙසේ මිනිසුන්ට ලේබල් අලවා මරා දැමීමෙන් වත්, මරා දමා ලේබල් ඇලවීමෙන් වත් ලංකා සමාජය ගිලී ඇති මේ අන්ධකාරයෙන් ගොඩ ආ නොහැක.

මොහොතක් සිතා බලන්නේ නම් 71 සිට මරා දැමූ අය කොපමණද? ඔවුන්ගෙන් කී දෙනෙක් ගැන ඔවුන්ගේම අනුගාමික පක්ෂ හෝ කණ්ඩායම් දනී ද? ඔවුන්ගේ මිය ගිය නාමයන්ගේ කීර්ති නාමය විකුණන කී දෙනෙක් ඒ මිය ගියවුන්ගේ දරුවන් ඥාතීන් විඳින වේදනාව හඳුනත්ද? මෙය උතුරේත් දකුණේත් මේ වන තුරු නොකඩවා සිදුවෙමින් පවතී. මේ සත්‍යයෙන් අපට පලා ගිය නොහැක. කළ යුත්තේ මිනී මරණ දේශපාලනයට තිත තැබීමයි. මිය ගිය අය ගැන වීර කතා කීම වෙනුවට ඔවුන් සමරමින් ඔවුන් මිය යාමට හේතු වූ වැරදි දේශපාලනය ගැන කතා කළ යුතුය. ඔවුන් සැමරීම තුලින් විය යුත්තේ ඒ නිස්කාරණ මරා දැමීම් විවේචනය වීම මිස කිසි වග විභාගයක් නැතිව ඒ අවධියේ වැරදි දේශපාලනය වීර කාව්‍යක් කර එතුලින් තවත් එවැනිම කොටසක් වල පල්ලට යැවීමට එම දේශපාලන වැරැද්ද නැවත කිරීම නොව නිවැරදි දේශපාලනයකට එය මගක් කර ගැනීමයි. මේ ඉල් මස ‘විරු සමරු ‘ පවත්වන අතරම එදා තම වැරදි දේශපාලනයෙන් මිය ගිය විරුද්ධවාදීන් ගැන ද මෙනෙහි කරන්නේ නම් එය නිවැරදි දේශපාලන ගමනකට මග පෙන්වීම ආරම්භ කරනු ඇත.

– රංජිත් හේනායකආරච්චි

එවිට ඔබේ හෙළුව ඔබට පෙනෙනු ඇත- රංජිත් හේනායකාරච්චි

 

 Image

මේ දිනවල ලංකාවම මඟුල් ගෙයක සිරි උසුළයි. මහින්ද රාජපක්ෂ මනමාලයා වී ඇති මේ මඟුල කෑමට රටටම බල කර ඇත. CHOGM සමුළුවේ සභාපති වීමේ මනමාල හිනාවෙන් මුහුණ පුරවාගත් මහින්ද පමණක් නොව ශිරන්ති සහ නාමල් ද ඔහු සමග සරන්නේ හඳ පෑවූ මුහුණුවලින් යුතුවයි.

මඟුල්වලට අනවශ්‍ය ලෙස විය පැහැදම් කිරීම ලාංකිකයා සතු අපූරු ගුනාංගයකි. මෙහි දී සිංහල, දෙමළ, මුස්ලිම් කියා වෙනසක් නොමැත. බොරු පුරාජේරුව සඳහා ඔවුන් ණය තුරස් වෙමින් හට්ටි මුට්ටි පවා උකසට තබමින් මඟුල් කති. එය ඉතිං ලාංකිකයා වන අපේ සහජ ගතිය වේ.

CHOGM සමුළුවේ සභාපති වීමෙන් තමනට මහත් පිලිගැනීමක් ලෝකය තුල ඇති වේය යන ග්‍රාම්‍ය මනසින් හිස පුරවා ගත් රාජපක්ෂ මේ මඟුලට විශේෂ බරක් යොදා ඇත. රටේ ඇති සෑම තඹ දොයිතුවම ඒ සඳහා වැය කරමින් කන මඟුලේ තරම රටට දැනෙනු ඇත්තේ  මඟුලෙන් පසුව ඒ සඳහා වන්දි ගෙවීමට ජනයාට සිදු වන විටයි.

එක අතකින් රාජපක්ෂලා සහ ඔහුගේ හෙංචයියන් බටහිර රටවලට බැණ අඩ ගසන්නේ සරම අතින් ඔසවා ගෙනයි. බටහිරට බනිනු ලබන්නේ ඔවුන් අපේ සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කර අපගේ ජාතික වටිනාකම් විනාශ කිරීමට කැස කවන මාර සේනාවක් ලෙස රූප මවමිනි. ඔවුන් බටහිර රටවල කොඩි පුච්චමින්, පෙළපාලි යමින්, උපවාස කරමින්, බැණ අඩ ගසන්නේ තමන් දිවි පරදුවට වුව තබා තම සිංහල බෞද්ධ රට මේ අධිරාජ්‍යවාදීන්ගෙන් බේරා ගැනීමට සටන් වැදීමට සපථ කරමිනි.

ඇත්ත නම් මේ බැණ අඩ ගැසීම් තුලින් කරනුයේ සිංහල සමාජය හොද පදමට තෙම්පරාදු කිරීමයි. මේ තෙම්පරාදුවට ලක් වූ සිංහල බෞද්ධ සමාජය  තමන් ද එම වදන්ම මතුරමින්, තමන්ගේ ජාතිය ගලවා ගැනීමේ ඉටු දෙවි කෙනෙකු තමනට පහළ වී ඇති බවත්, තමනට රජෙක් ලැබී ඇති බවත් ජප කරමින් මේ පරපුරට ආවඩති. ස්තෝත්‍ර ගී ගයති. මේ උද්දාමයෙන් මත්වන ඔවුන් තමනට කුසගින්නක් නොව අඩුම තරමින් කුසක් පවා ඇති බව අමත කර මේ නායකයින් පසුපස ඇදෙන්නේ බැටළු හිමියා පසුපස ඇදෙන බැටළු රෑනක් මෙනි.

අනෙක් අතින් මේ නායකයින්ම ‘පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව’ සහ එහි වැදගත්කම ගැන තොරක් නැතිව කතා කරන විට, ඒ සඳහා කෝටි ප්‍රකෝටි ගණනින් රාජ්‍ය මුදල් වැය කරමින් මේ බැටළුන් රෑනට රසකර හැපීමට චුයින්ගම් එකක් ලෙස දෙනු ලබන විට එය ආසාවෙන් වැළදගෙන හැපීම අරඹති. ඉතිං මේ සිංහල බෞද්ධයාම එම චුයින්ගම් හපමින් සිටින්නේ ‘සමුළුව හොදායි…’ කියමිනි. මේ සමුළුව තුලින් ලංකාවට අති විශාල පිළිගැනීමක් ලෝකය තුල ඇති වන බව, විශේෂයෙන්ම එහි සභාපතිකම තුලින් රාජපක්ෂට අමුතුම බලයක් ලෝකය තුල ඇතිවන බව ලංකාවේ සියලුම ජනමාධ්‍ය තුලින් (ඇත්තෙන්ම ලංකාවේ ඇත්තේ ජන මාධ්‍යක් නොව ජඩ මාධ්‍යකි) ප්‍රචාරය කරමින් කරනුයේ සිංහල බෞද්ධයාට රසකර හප හපා සිටීමට මොලයය චුයින්ගම් එකක් දීමය.

කෝටි ගණනින් මහජන මුදල් කාබාසිනියා කරමින් රාජපක්ෂ මනමාලයා කරන මේ මඟුල ඇත්තටම තම හීනමානය වසා ගැනීමට කරන දැගලීමකි. රාජපක්ෂලාට පමණක් නොව ලංකාවටත් අද වන විට ඔවුන්ගේ පසුගිය ක්‍රියාකලාපයන් නිසා ලෝකය තුල ඇත්තේ පහත් පිලිගැනීමකි. ඒ ලංකාව තුල මිනිස් අයිතීන් ගරු නොකරන යුක්තියක්, නීතියක් නැති, කැලෑ නීතිය රජයන තත්වයක් ඇති නිසාවෙනි. එය නැතිකර ගත හැක්කේ සමුළුවට කෝටි ගණන් මුදල් නාස්ති කිරීම තුලින් නොව මිනිසුන්ට ජීවත්වීමට සුදුසු යහපත් තැනක් බවට රට පත්කිරීම තුලින් පමණක් බව මේ රාජපක්ෂලාට නොවැටහෙන්නේ මෝඩ මහන්තත්වයකින් ඔවුන් හිස් උදුම්මාගෙන ඇති බැවිනි.

නමුත් රාජපක්ෂලා සහ ඔවුන්ගේ හෙංචයියලා සියුම් සිංහල බෞද්ධයා වෙත මොර දෙන තරමට ඔවුන් මේ අධිරාජ්‍ය විරෝධීන් නොවෙති. ඔවුන් එසේ හැබෑවටම අධිරාජ්‍ය විරෝධී නම් වචනවලින් කියන දෙයට හාත්පසින් විරුද්ධ ක්‍රියාමාර්ගයක් වන මේ පොදු රද සමුළුව ලංකාවේ පවත්වන්නේ නැත. හැබෑව නම් ඔවුන්ගේ දරුවන්, මුණුබුරන් අධ්‍යාපනයට සහ පදිංචියට යන්නේ (සමහරු තමන්ම පවා) ඇමරිකාව, ඕස්ට්‍රේලියාව නැතිනම් යුරෝපයට මිස චීනයට හෝ උතුරු කොරියාවට නොවේ. ඔවුන් මේ කරන්නේ මහා බොරුවක් ප්‍රෝඩාවක් නොවේනම් මෙය කුමක්ද? බොරු කීම ලාංකිකයාට ආවේණික ගතියකි. නමුත් තමන්ගේ බොරුව තුල තමන්ම රැවටී සිටීනම් එය මහත් ඛේදවාචකයක් නොවන්නේද?

රාජපක්ෂලා ඇතුළු කල්ලිය නම් බොරුවක ගිලී සිටින්නේ තම වාසිය සඳහායි. ඒත් රටේ අනුගාමික ජනයා මේ තුල ගිලී සිටින්නේ කුමක් සඳහාද? මෙහිදී කීමට ඇත්තේ ‘තල නම් තෙලට වේලේ. මීබෙටි ඇන්නෑවේ කුමට වේලේද?’ කියායි.

මෙහිදී මෙම CHOGM වලට එරෙහිව ජනතා විමුක්ති පෙරමුනේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් කියන කතාවක්ද මතක් කරමි. ‘ආණ්ඩුවේ සමහර උදවිය කැප්පෙටිපොල ලා පුරන්අප්පුලා සමරනව. අනික් පැත්තෙන් ඔවුන්ව මරා දමපු සුදු අධිරාජ්‍යවාදීන්ව සමරනව. මේ දෙකම එකවර කරන්නේ කොහොමද කියන එකයි ප්‍රශ්නය’ ඉතිං මේ විජිත හේරත් මහත්තයලට අමතක වෙන තරම. දැනට වසර 25ට උඩදි තමන්ගෙම සොයුරන්ගේ ඔලුවලට පරාල ඇණ ගහපු උන් එක්ක විජිත මහත්තයල එක කැබිනට් එකේ හිටියෙ කොහොමද කියල තමන්ටම ප්‍රශ්නයක් නොවීම අපිට නම් ප්‍රශ්නයක්. තමන්ගෙ නායකයව පණ පිටින් පුච්චපු, තමන්ගේ සොයුරු සොයුරියන් දස දහස් ගණනක් වද දී මරපු හමුදාවන්ට වීරෝධාර හමුදාව කියා නම් කර ‘රණවිරු’ සම්මානයෙන් පුද දී මානෙල් මල් පුදපු හැටි විජිත මහත්තයලට අමතකයිද? ඒ මදිවට ඒ මරාදාපු අයව ‘ඉල්මහ විරුවන්’ ‘අප්‍රියෙල් විරුවන්’ කියා සමරන විට ඒකෙ ප්‍රතිවිරෝධයක් ඔබලාට නොපෙනීම අපිටනම් ප්‍රශ්නයක්.

අනේ සහෝදර මහත්වරුනි, නුඹලාට ලැජ්ජා නැති තරමක්! නුඹලාගේ ප්‍රකාශවල ඇති වීර කැප්පෙටිපොලලා, පුරන්අප්පුලා, ගොන්ගාලේගොඩලා, බූටාවේ රටේරාළාගේ නම් වෙනුවට ප්‍රේමවතී මනම්පේරිලා, විජේවීරලා, ශ්‍රීමා විතානලා ආදී නම් ඇතුළු තවත් දස දහස් ගණනක නම් එකතු කර 1818,1848 වෙනුවට 1971 සහ 1987-90 එතැනට එක්කර බ්‍රවුන්ඩ්රිජ්ලාගේ නම් වෙනුවට සරත් ෆොන්සේකලා, ජගත් ඩයස්ලා, ශවේන්ද්‍රලා ආදීන්ගේ නම් එකතු කර බලන්න. එවිට ඔබේ හෙළුව ඔබට පෙනෙනු ඇත.

රංජිත් හේනායකආරච්චි

පසු වදන

මීට ටික කලකට උඩදී මෙහි ජීවත්වන ලාංකිකයන් ගායනා කළ ගීතයක් මෙහි තාලය ‘මහබෝධි මුලේ විදුර‘සුනේ රැස් විහිදෙන්නා’

ලංකාව ලොවේ ධර්මදීපයයි පවසන්නා

ඊර්ෂ්‍යාව ක්‍රෝද මද මානෙන් පිරී තිරෙන්නා

ලංකාව ලොවේ දම් දිවයයි අපි පවසන්නා

කුල ජාතිය ආගම් භේදව මිනී මරන්නා

කන්නඕනා නම් කබර මාලු තලගොයි මාලු

කරල ගන්ව අපි ඕන වෙලාවට මගෙ යාලු

මූන ඉච්ඡාවට හිනා මුවේ පිං බේරෙනවා

අනේ දියරෙද්දෙන් හීන් සැරේ බෙල්ල කපනවා

කතාවෙදි විහිදෙයි රැස් වලල්ල ධර්ම චක්කරේ

කටේ නරිවාදන් රෙද්ද තෙමා පල්ලෙ වැක්කෙරේ

බඩේ දඩ මාංශ සිල්රෙද්දෙන් මුවා කරනවා

ගහේ වග දන්නා අයට කඩා කොල පෙන්නනවා

අතුරුදහන් කිරීම භීෂණයේ කලාවකි – රංජිත් හේනායකආරච්චි

Image

ලංකාවේ දකුණු කොනේ සිට උතුරු කොණටත්, බටහිර කොණේ සිට නැගෙනහිර කොණටත් අඩු වැඩි නැතිව තම දරුවන්, සහෝදර සහෝදරියන් හෝ මාපියන් අතුරුදහන් වීමේ වේදනාවට ජනයාට මුහුණ දීමට සිදු වී තිබේ.

එම අතුරුදහන් වූ පුද්ගලයන් අතුරුදහන් කිරීමට බලපා ඇත්තේ ද එකම එක හේතුවකි. ඒ ඔවුන් කුමන හෝ දේශපාලන මතයක සිට යම් කිසි දේශපාලන පක්ෂයක හෝ සංවිධානයක ක්‍රියාකාරිකයෙකු හෝ උදව්කරුවෙකු වීමයි. රැඩිකල් දේශපාලනයක කොටස් කරුවෙකු මෙන්ම වෘත්තීය දේශපාලන පක්ෂයක, වෘත්තීය සමිතියක හෝ මිනිස් අයිතීන් පිළිබඳ ක්‍රියාකාරකයෙකු වීම ද ලංකා සමාජයේ අතුරුදහන් කර දැමීමට හේතු වී ඇත. අතුරුදහන් කිරීමේ දේශපාලනය කොතෙක් දුරට ලංකා සමාජයට අනුගත කර ඇත්ද වටහා ගැනීමට අප මතක් කළ යුත්තේ ‘සුදු වෑන් එකක් ‘ යන්න පමනි. ලංකා සමාජයේ වයසකම පුද්ගලයාගේ සිට කුඩා දරුවා දක්වා එහි අරුත ‘පැහැර ගෙන යාම’ බව දනී. මෙයින් තහවුරු වන්නේ භීෂණය ලංකා සමාජය තුල නිදන් ගත රෝගයක් වී ඇති බවයි.

 අතුරුදහන් කර වීම ගැන ලංකාවට ඉතිහාසයක් ඇත. මගේ මතකය තුල ඉතිහාසයේ මුලින්ම මේ අතුරුදහන් කරවීම ඇරඹෙන්නේ 1971 සිටයි. එක උදාහරණයක් නම් කෙහෙල්ඇල්ලේ ගාන්ධි සහෝදරයා අතුරුදහන් කර වීමයි. ගාන්ධි සහෝදරයා 71 මැයි මුල දී අත්අඩංගුවට ගැනෙන්නේ මාකඳුරේදීය. දින ගණනාවක්ම දිවයිනේ ප්‍රධාන පුවත්පත්වල ප්‍රධාන සිරස්තලය වූයේ ගාන්ධි සොයුරා අත්අඩංගුවට පත් වීමයි.

එවකට මා සිරකර සිටියේ ‘හැමන් හිල්’ දූපත් බන්ධනාගාරයේය. මගේ පියා මා බැලීමට ජුනි මස යාපනයට පැමිණ කළ විස්තරය අනුව ගුවන් හමුදාව සහ පොලීසිය මැයි මස 06 වන දින ගාන්ධි සොයුරාව අපගේ ගෙදරට ගෙනවිත් තිබේ. ඔහුට කොතරම් වද දී තිබුණා ද යත් එක ඇසක් එළියට පැන තිබූ අතර මුළු ශරීරයට එකම තුවාලයක් බවට පත්කර තිබිණ. එදා ගුවන් හමුදාව සහ පොලීසිය ගාන්ධිට පහර දෙමින් විමසා තිබුනේ මා කොහි සිටීද යන්න ගැනයි. අප්‍රියෙල් 06 වන දින යාපන කොටුවේදී හමුදාවන්ට යටත් වන මා ඒ වන විට රඳවා සිටියේ ‘හැමන් හිල්’ දූපත් බන්ධනාගාරයේය. කෙසේ වුවද ගාන්ධි සොයුරා කිසිත් පවසා නොමැත. එදින ගුවන් හමුදාව සහ පොලීසිය මගේ පියාගේ නිවස ගිනිබත් කර බෝම්බ ගසා බිත්ති ද පෙරළා දමා ඇත්තේ මා අත්අඩංගුවට ගැනීමේ චේතනාවෙනි. අත්අඩංගුවට පත් ගාන්ධි ගැන ඇසින් දුටු අවසාන සාක්ෂිය වන්නේ මගේ පියාය. එයින් පසු ගාන්ධි අතුරුදහන් වේ. ගාන්ධිට සිදු වූ දෙයක් මේ වන තුරු කිසිවෙකු නොදනී. ඔහුගේ බිරිඳට හෝ දරුවනට අඩුම තරමින් ඔහුගේ මිනිය වත් දකින්නට නොලැබිණි. මේ එදා 71 සිදු කළ අතුරුදහන් කිරීම්වලින් එකක් පමණි.

එදා සිට අද දක්වා වසර 42 ක් ගතවී ඇත. අසූ ගණන්වල උතුරේ තරුණ තරුණියන් අතුරුදහන් කරවනු ලැබීය. අතුරුදහන් කරවීම සඳහාම විවිධ හමුදා සහ පොලිස් ඒකක ගොඩ නගනු ලැබීය. ඒවා විශේෂ ඒකක ලෙස ලස්සන නම්වලින් හැඳින්වූවත් ඔවුන්ගේ කාර්යය වී ඇත්තේ රජයට එරෙහි දේශපාලන මත දරණ ඔවුනට අභියෝගයක් විය හැකි වූ පුද්ගලයන් පැහැර ගෙන ගොස් ඔවුගේ ගහලයන් ලෙස ක්‍රියාත්මක වීමයි. බොහෝ විට මෙම පැහැරගෙන යාම්වලට අණදුන් විකෘති දේශපාලඥයන් එසේ පැහැර ගෙන ආ විරුද්ධවාදීන්ව තමා පුද්ගලිකවම වදයට පමුණුවා ඇති අතර සමහර අවස්ථාවන්හිදී තමා විසින්ම තම ප්‍රතිවාදියා මරා දැමීම කරනු ලැබීය.

සන්නද්ධ දේශපාලන කණ්ඩායම් ද තම බල ආධිපත්‍ය පවත්වා ගැනීමට යොදා ගනු ලැබුවේ මෙම පැහැරගෙන ගොස් මරා දැමීමේ භීෂණ කලාවමය. අසූ ගණන්වල විශේෂයෙන්ම 87- 90 දක්වා  භීෂණ කාලයේ ජනතා විමුක්ති පෙරමුණ තම විරුද්ධවාදී මත දරන්නන් පැහැර ගෙන යාම සහ ඝාතනය තම භීෂණ ආධිපත්‍යයේ කලාව බවට පත්කර ගනු ලැබීය.

අසූ ගණන්වල මැද සිට LTTE, ටෙලෝ, ප්ලොට්, EPRLF වැනි දෙමළ සන්නද්ධ කණ්ඩායම් විසින් ද මෙම පැහැර ගෙන යෑම අතුරුදහන් කරවීම හෝ ඝාතනය තම බලය පැතිරවීමට අනුගමනය කළ කලාවයි.

ප්‍රගීත් එක්ණැලිගොඩලා කුගන් හෝ ලලිත් ලා මෙන්ම තව කී දහසක් නම් අතුරුදහන් කරවා ඇත්ද? ලංකා සමාජයට මෙම අතුරුදහන් කරවීමේ කලාව අලුත් දෙයක් නොවේ.

87-90 දක්වා අතුරුදහන් කළ වූවන්ගේ සංඛ්‍යාව, ජනාධිපති කොමසමට අනුවම තිස් තුන් දහසක් ඉක්මවයි. එයින් අදහස් වන්නේ 33000 කගේ පවුල්වලට තම සහෘදයාට වූ දෙය දැන ගැනීමට ඇති අයිතිය පවා අහිමි කිරීමයි. උතුරේ මේ ප්‍රමාණය මීට වඩා විශාලය. එපමණක් නොව ඔවුන්ට ඒ ගැන කතා කිරීමේ අයිතිය පවා ඔවුන්ගෙන් උදුරා ගෙන ඇත. තම අතුරුදහන් වුණ ඥාතියා හෝ සහෘදයා ගැන කතා කිරීමම අතුරුදහන් වීමට හේතුවක් වී ඇත.

මෙම අතුරුදහන් කරවීම්වලට වගකිවයුතු පුද්ගලයින් ලංකා සමාජයේ ගමක් පාසා වාසය කරති. ඔවුන් තම දූ දරුවන්, තම දෙමාපියන් සමග එකට ජීවත් වන්නේ කරවටක් ලේ තවරා ගත් දෑත් වලින් යුතුවයි. ඒත් ඔවුන් ගැන වගේ වගක් අප සමාජයට නැතුවා පමණක් නොව බොහෝවිට ඔවුනට ගරු බුහුමන් සහ ගරු නම්බු නාම ද ප්‍රධානය කරති. මෙයට හොඳම උදාහරණයක් නම් තම අසහාය නායක විජේවීරගේ සිට තම පක්ෂයේ පහළම සාමාජිකයා දක්වා අමු අමුවේ මරා දැමූ, පණ පිටින් ගිනි සෑයවලට පුද කළ ගහල හමුදාවලට පසු කලක දී ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් අපේ රට රකින රණ විරුවන් ලෙසින් විරුදාවලි දෙමින් මනෙල් මාල් මාල වලින් පුදනු ලැබීමයි.

සියළුම පැසිස්ට් හා ඒකාධිපති රාජ්‍යයන් හි බල අධිකාරය භීෂණය තම යටපත් කිරීමේ කලාව බවට පත් කර ගනු ලැබීය. එය මුසොලීනීගේ වේවා, හිට්ලර්ලාගේ හෝ ෆැන්කෝලාගේ වේවා, ස්ටාලින් හෝ පොල්පොට්ලාගේ වේවා, පිනෝචෙට් හෝ මාකෝස්ලාගේ වේවා, සුකර්නෝ හෝ මොබුටුලාගේ හෝ වේවා මෙකී නොකී සෑම පැසිස්ට් හෝ ඒකාධිපති රාජ්‍යයන්හි බලඅධිකාරය තම අණසකට ජනයා යටත් කර ගැනීම භීෂණය කලාවක් කර ගනු ලැබීය. භීෂණය විවිධ ස්වරූප වලින් ජනතාව වෙත ගෙන එනු ලබයි. කෙලින්ම ගෙදරටම එන පොලිස් හා හමුදා මගින් අත්අඩංගුවට ගැනීම, මරා දැමීම, රාත්‍රියේ ගෙවලට එන නිල නොලත් පාරා මිලිටරි කණ්ඩායම් එවීම, මහ දවාලේ ගෙවල්වලට පැන පහර දෙන තගරි කණ්ඩායම් එවීම, මහ මඟ මළමිණී බගෙට පිච්චෙන්නට හැර වැළලීම තහනම් කර බලු කපුටනට බුදීමට සැලැස්විම, අතුරුදහන් කිරීම හෝ තර්ජනය කිරීම ආදී නොයෙක් ආකාරයෙන් භීෂණය භීෂකයා විසින් සමාජ ගත කරනු ලබයි.

බලය රජවරුන් අත පැවති සමයේ ඔවුන් ජ්නයා භීෂණයට පත් කලේ ප්‍රසිද්ධියේ උල තැබීම, කැබලිවලට කපා මං මංවාවත්වල එල්ලීම, පණ පිටින් හම ගැසීම, දරුවන් වංගෙඩිවල දමා කෙටවීම, ගල් ගස්වා මරා දැමීම, මිය යන තුරු කස පහර දීම ආදී දණ්ඩනයට පත් කිරීමෙනි. ලෝකයේ රජවරුන් වෙනුවට නවීන රාජ්‍යයන් බවට පෙරලෙද්දී එදා භීෂණයම වෙනත් ස්වරූපයක් ගනී. යම් රටක රාජ්‍ය කොතරම් දුරට ප්‍රජාතන්ත්‍රවාදී නොවේද, කොතරම් දුරට ඒකාධිපති හෝ පැසිස්ට්වාදී වේද, එතරම් දුරට එම රාජ්‍ය භීෂණයේ ආධිපත්‍යයට නතු කරනු ලබයි. එදා රාජ වධ බන්ධනයන්ගේම දිගුවක් වන භීෂණය අද වන විට එහි සියුම්ම කලාව වන අතුරුදහන් කිරීමේ කලාව බවට පත්කර තිබේ. අතුරුදහන් කිරීම තුල ඔහු හෝ ඇයගේ ඥාතීන්ට, හිතවතුන්ට ඔහු හෝ ඇය වෙනුවෙන් අවසාන බුහුමන් පැවැත්වීමේ අයිතිය පවා උදුරාගනු ඇත.

කිසියම් බල අධිකාරයකට, කිසියම්ම රාජ්‍යකට මිනිසෙකු අතුරුදහන් කරවීමේ අයිතියක් නොමැත. එය කිසිම ශීලාචාර සමාජයක් අනුමත නොකරන ක්‍රියාවකි. වැරදිවලට දඬුවම් පැමිණවීම නීති ක්‍රමයක් යටතේ සිදුවිය යුතු දෙයකි. අතුරුදහන් කරවීම කිසියම්ම නීතියකට වලංගු නැති නීති විරෝධී ක්‍රියාවකි. හමුදාව, පොලීසිය, රාජ්‍ය හෝ මොනයම්ම කෙනෙකුන් එය ක්‍රියාවට නගන්නේ නම් ඔවුන් ක්‍රියාකරන්නේ නීති විරෝධීවයි. මනුෂ්‍යත්වයේ නීතිය සහ න්‍යාමයන්ටද එරෙහිවයි. එනිසා එයට එරෙහිවීමට සෑම මිනිසෙකුටම අයිතියක් ඇතිවා මෙන්ම එයට එරෙහිවීම සෑම මිනිසෙකුගේම යුතුකමක් ද වන්නේය.

යම් සමාජයක් මිනිසුන් අතුරුදහන් කරවීමේ ‘භීෂණයේ කලාව’ තම සමාජයෙන් අතුරුදහන් නොකරන්නේ නම් එම සමාජයට කිසි දිනක සැනසීමක් හිමි නොවනු ඇත. භීතිය හා අනාරක්ෂිතභාවය එම සමාජයේ මධ්‍ය ලක්ෂය බවට පත්වනු ඇත.

මහින්ද රාජපක්ෂ ලඟදී ‘අල්ජසීරා’  නාලිකාවට දෙන ලද සම්මුඛ සාකච්ඡාවකදී සුදු වෑන්වලින් පැහැර ගැනීම යනු අමූලික බොරුවක් බව පවසන්නේ පෙම්වතුන් පෙම්වතියන් රහසේ පැන යාම  මෙම කතා ඇතිවීමට මූලික හේතුව ලෙස දක්වමිනි. ඔහුම මානව හිමිකම් ගැන කතා කළ 87 -90 අවධියේදී ජිනීවා මානව හිමිකම් කොමිසම ඉදිරියේ මෙවැනි පැහැර ගැනීම් ගැන තමා කළ කතා අද ජනාධිපති ඔහුට අමතකව ඇත.

ලංකාවේ ජනවහරක එන ‘ලැජ්ජා නැතිකම මහ මුදලිකමටත් වඩා ලොකුයි’ යන්න මෙහිදී මතක් කරමින් ජනාධිපති රාජපක්ෂට අපට කිව යුතුව ඇත්තේ ‘ලැජ්ජා නැති කම ජනාධිපතිකමටත් වඩා ලොකුයි ‘ කියාය.

රංජිත් හේනායකආරච්චි

බුද්ධ ශාසන අමාත්‍යංශය වැටලීම හෙවත් බොදු බල සේනා කල්ලියේ අභාවයේ ආරම්භය

 bodu bala
“චරථ භික්ඛවේ චාරිකං බහු ජන හිතාය, බහු ජන සුඛාය
ලොකානුකම්පාය, අත්ථාය හිතාය, බහු ජන සුඛාය, දෙවමනුස්සානං
මා එකෙන ද්වෙ අගමිත්ථ දෙසෙථ භික්ඛවෙ ධම්මං
ආදි කල්‍යාණං පරියොසාන කල්‍යාණං සාත්ථං සඛ්‍යංජනං කෙවල පරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්ම චරියං පකාසෙථ”
“මහණෙනි බොහෝ දෙනාට හිත සුව පිණිස,ලොවට අනුකම්පා පිණිස දෙව් මිනිසුන්ට වැඩ පිණිස හිත පිණිස සැප පිණිස චාරිකාවෙහි හැසිරෙව්. දෙදෙනෙක් එක මඟ නොයව්. මහණෙනි මුල, මැද අග යහපත් වු අර්ථ සහිත වූ ව්‍යඤ්ජන සම්පත්තියෙන් පරිපූර්ණ වූ ධර්මය දේශනා කරවු. පිරිසුදු බ්‍රහ්මචර්යාව ප්‍රකාශ කරවු”
මේ වන විට ලංකා බෞද්ධ සමාජය තුලද සීග්‍ර ක්‍රියා කාරකම් කොටසක් සිදු වෙමින් පවතී. නමුත් එහි මූලය පරික්ෂා කර බැලීමේදි අපට පෙනී යන ප්‍රධාන කරුණක් වන්නේ එය බුදුන් වගන්සේ විසින් දේශනා කරන ලද බහුජන හිතසුව පිණිස යන මූලික සංකල්පයෙන් බැහැරව ඊට ඉදුරාම වෙනත් උවමනාවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන බවකි . මෙතුවක් දිනක් බොහෝ ජනයාට උභතෝකෝටිකයක් ලෙස ක්‍රියාත්මක වූ ” බොදු බල සේනාව ” නම් වූ මිසදුටු කල්ලියේ යථා ස්වරූපය කරලියට පැමිණීමේ ධනාත්මක ලක්ෂණයක් ලෙස බුද්ධ ශාසන අමාත්‍යංශය වැටලීමේ සිද්ධිය වටහා ගැනීම වඩාත් යෝග්‍ය බවකි.
සිත , කය, වචනය, නම් වූ තිදොර සංවර කරගත් ධම්ර්‍ධර , විනයධර භික්ෂු පරම් පරාවෙන් පැවත එන අතලොස්සක් වූ භික්ෂූණ් තවමත් නිවන් අවබෝධ කර ගැනීම නම් වූ තම පරම චේතනාවෙන් මෙන්ම ශාසනයේත්, ධර්මයේත්, පොදු සමාජයේත් උන්නතිය වෙනුවෙන් ඉතා නිහඩ එහෙත් සාධනීය යුතුකම් කොටසක් ඉටු කරමින් සිටින මොහොතක, මිසදුටු අදහස් දරන සිත, කය, වචනය යන තිදොරවත් සංවර කර ගැනීමට අපොහොසත් ධම්ර්‍ධරත්වයෙන් මන්ම විනයධරත්වයෙන්ද පරිහාණියට පත් වූ දුෂ්ශිල ඤාණසාර වැනි චීවරධාරීන් පිරිසක් විසින් බලහත්කාරයෙන් අත්පත් කරගැනීමට උත්සාහ කල බෞද්ධ සමාජයේ අයිතිය ලබා ගැනීමේ අසාර්ථක උත්සාහයේ පරාජය මේ අනුව මෙතැන් පටන් ඔවුන් අත් විදිනු ඇත.
දුෂ්ඨ අරමුණු පෙරටු කොට ගත් මෙම කල්ලිය බිහි වීමේ මුල්ම තන පටන් එය බෞද්ධ විරෝධී කල්ලියක් බව අවබෝධ කොට ගෙන සිටීම සාධනීය ලක්ෂණයකි. මෙම කල්ලිය පිලිබදව කන වැකුණු මුල්ම දින වලදිම කල සොයා බැලීමේදී මා විසින් අවබෝද කර ගත් පරිදි එහි අරමුණු බහුජන හිතසුව පිණිස පවතින්නක්  නොවන බව මීට ඉහතදී කීප අවස්ථාවකදීම සදහන් කරන්නට යෙදුනේ එබැවිනි. එසේ උවද මෙම කල්ලිය වටා ආකර්ෂණය වෙමින් සිටි අතලොස්සෙන් බොහෝමයකට එය තේරුම් ගැනීමට නොහැකි වූයේ බෞද්ධ දර්ශණයේ මූලික අරමුණු පිළිබදව ඔවුන් තුල පැහැදිලි වැටහීමක් නොතිබූ නිසා යන්න මාගේ හැගීමයි.
එසේම මෙම දුෂ්ඨ කල්ලියේ ප්‍රධාන අරමුණ දේශපාලඥ්යෙකුගේ  උවමනාවක් බව බොහෝ දෙනෙකු විස්වාස කලද, අතලොස්සකට එම තත්වය වටහා ගැනීමට නොහැකි වූයේද දේශපාලන තත්වයන් විග්‍රහ කර ගැනීමට ඔවුන් තුල පවතින අපොහොසත් කම නිසා බව මා විස්වාස කරමි.
බොදුබල සේනා කල්ලිය දුෂ්ඨ අරමුණු පෙරදැරි කරගත්  මිසදුටු අදහස් දරණ පිරිසකගේ උවමනාවක් බව මේ වන විට ඔවුන් විසින්ම ඔප්පු කරමින් සිටී. ඔවුන්ගේ සටන් පාඨයන්, භාෂා විලාශය සහ ක්‍රියා කාරකම් තුලින් ඒ බව මනාව සමාජයට පසක් කොට දෙමින් සිටී.
මේ කල්ලිය විසින් ඔවුන්ගේ උපරි ව්‍යුහය තුල ප්‍රදර්ශණය කල සටන් පාට හා ක්‍රියාකාරකම්  මේ වන විට පාරාවලල්ලක් වී ඔවුන් වෙත පැමිණෙමින් තිබෙන අතර ඒ සියළු සිද්ධිදාමයන් පසෙක තිබියදී ඔවුන්ගේ උපරි ව්‍යුහයේ සහ අධෝව්‍යුහයේ සැගවී පවතින ක්‍රියාකාරකම් සහ දුෂ්ඨ අරමුණු යමෙකු තේරුම් ගැනීමට උත්සුක වන්නේ නම් එය තේරුම් ගැනීමට බෞද්ධදර්ශණයේ හෝ දේශපාලන දර්ශණය පිළිබදව ඉතා ගැඹුරු හැදෑරීමක් සිදු නොකල එහෙත් යමක් ස්වාධීනව සිතිය හැකි ඕනෑම පුද්ගලයෙකුට අසීරු කාරණාවක් නොවනු ඇත.
මා කැමතියි මාගේ දැණුමේ හැටියට මේ කල්ලිය සහ ඔවුන්ගේ මේ පවිටු අරමුණු පිළිබදව මට හැගෙන දේ ඔබ වෙත ඉදිරිපත් කරන්නට. ඔබට හැගෙන දේද මේ ආකරයෙන් සමාජය සමග බෙදා හදා ගනු අතැයි මා අපේක්ෂා කරමි. ඒ සදහා ඔබ ඉදිරිපත් වන්නේ නම් ඔබගේ චින්තාවේ ප්‍රමාණය අනෙකාට දැන ගැන්වීමට අවස්ථාවක් ලබා දීමක්ද වනු ඇත.
මා මෙම චීවරධාරීන් ප්‍රමුක කල්ලියේ මතු පිටින් පෙන්වන සහ ඔවුන් විසින් සමාජයට අණාවරණය නොකර රහසිගතව ක්‍රියාත්මක කරනු ලබන මූලික දුෂ්ඨ අරමුණු පිලිබදවත් එය මෙහෙය වන්නන් සහ ඔවුන්ගේ අරමුණු  පිළිබදවත් මට හගෙන ආකාරය ඔබට පෙන්වා දීම පහසු වනු වස් මෙම මිසදුටු කල්ලිය විසින් සමාජය ඉදිරියේ ගොඩ නගන කරුණු සරළව මෙසේ කැටි කරමි .
* බෞද්ධාගමට තර්ජනයක් ඇත.
* ඇතැමුන් හිතා මතාම ධර්මය විකෘති කරමින් සිටී ලංකාවේ බෞද්ධ ජනගහණය පහල යමින් පවතී
* ශාසනය පිරිහෙමින් පවතී.
* බෞද්ධ දර්ශණය ආරක්ෂා කර ගැනීමට දේශපාලකයින් ඉදිරිපත් නොවේ
* අන්‍යාගමිකයින්ගේ ආක්‍රමණයක් ඇත. ආදී වශයෙන් ඉතා පහසුවෙන් නූගත් මිනිසුන් රැවටිය හැකි පෙරළා ප්‍රස්න නොකරනු ඇතැයි ඔවුන් විසින් අපේක්ෂා කරන තේමාවන් කීපයක් පෙන්වමින් මෙම කල්ලිය විසින් සිදු කරනු ලබන ප්‍රෝඩාව වටහා ගැනීමට නම් මෙම කරුනු සදහා වගකිව යුත්තන් කවුරුන්දැයි මූලිකව සොයා බැලිය යුතුය.
* බෞද්ධාගමට තර්ජනයක් සහ ධර්මය විකෘති කිරීමක් මේ දින වල ලංකාව තුල තදින් සිදුවන බව මාද පිලිගනිමි ඒ වෙනින් කවුරුවත් නොව බොදු බල සේනා නම් වූ මෙම මිසදුටු කල්ලියයි.
 මොවුන් විසින් බෞද්ධාගමේ මුලික හරයන් ඉතාමත් අමු අමුවේ විනාශ කරමින් සිටීම බෞද්ධාගමට තර්ජනයක් නොවන්නේද? ධර්මය විකෘති කිරීමක් නොවන්නේද? අවිහිංසාව  මුලික කරගත් බුදුදහමේ එම පදනම විනාශ කරනු ලබන්නේ කෙතරම්නම් දුෂ්ශීල ලෙසද? සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! යනුවෙන් උදේ සවස සිදු කරනු ලබන ප්‍රාර්ථනයන් සියලු සත්වයන් කෙරෙහි බෞද්ධයාගේ සිත් සතන් තුල පැතිර වූ මෛත්‍රී ආකල්පයන් විනාශ කොට දමන්නේ බෞද්ධ දර්ශනය ආරක්ෂා කරන්නද විනාශ කර දමන්නද යන්න සිතා බැලිය යුතු වන්නේ සිත කය වචනය යන තිදොර සංවර කර ගත් ධර්මධර, මෙන්ම විනයධරවද කටයුතු කරන සියලු සත්වයන් උදෙසා කරුණාව මෛත්‍රීය පෙරදැරි කරගෙන කටයුතු කරනු ලබන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා නම් වූ සිව්වනක් පිරිසම වන්නෝය.
 යම් ආගමක මූලික සංකල්පයන් විනාශ කිරීම යනු එම ආගම හා දර්ශනය විනාශ කිරීමක්ම වන්නේය. මේ දුෂ්ඨ කල්ලිය විසින් සමාජය තුල ගොඩනගන්නට උත්සාහ කරන්නේ කරුණාව මෛත්‍රීය පෙරදැරි කරගත් අවිහිංසාවාදී බෞද්ධයා වෙනුවට ඊර්ෂ්‍යාව, වයිරය, ක්‍රෝධය,තෘෂ්ණාව,භය,මෝහය වැනි දුෂ්ශීලයන්ගෙන් පිරිපුන් අබෞද්ධයින් කොටසක් නොවේද? මොවුන් මේ විනාශ කරනු ලබන්නේ  ලංකා සමාජය තුල පවතින බෞද්ධ පදනම පමණක් නොව මේ වන විට බටහිර ප්‍රමුඛ ලොව පුරා සීඝ්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බෞද්ධ දර්ශනයේ පදනමයි.
 එසේම ලංකාවේ සිංහල ජන පදනම පහළ යමින් පවතින බව ඔවුන් විසින් සමාජ ගත කිරීමට  උත්සාහ කරමින් සිටියි. සත්‍ය ලෙසම මෙය කුමන සංඛ්‍යා ලේඛණ  පදනම් කරගනිමින් ගොඩ නගන ලද තර්කනයක්ද? සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛනයන්ට අනුව සැමටම ඉතා පහසුවෙන් සොයා බැලිය හැකි මූලාශ්‍රයක් ලෙස මා ඔබට විකිපීඩියා තොරතුරු අඩවියට ගොස් එහි යථා ස්වරූපය වටහා ගන්නා ලෙස යෝජනා කරමි.
 ඒ අනුව
 1881 වර්ෂය වන විට ශ්‍රී ලංකාවේ සිංහල ජනගහනයේ ප්‍රතිශතය වන්නේ 66.91% වේ. එය 2011 වර්ෂය වන විට 74.88% කි.
1881 වර්ෂය වන විට ශ්‍රී ලාංකික දමිළ ප්‍රතිශතය 24.90% වූ අතර එය 2011 වර්ෂය වන විට 11.21% ලෙස සදහන් වේ.
1881 වන විට 6.69% ක් වූ මුස්ලිම් ජනගහනය වර්ෂ 2011 වන විට 9.23% කි.
මේ ආකාරයෙන්ම ආගමික පදනම සලකා බලන කල
වර්ෂ 1881 වන විට 61.53%ක් වූ බෞද්ධ පදනම වර්ෂ 2012 වන විට 70.19%කි.
 1881 වර්ෂය වන විට 21.51%ක් වූ හින්දු ආගමික පදනම වර්ෂ 2012 වන විට 12.61%කි.
වර්ෂ 1881 වන විට 7.17%ක් වූ මුස්ලිම් පදනම වර්ෂ 2012 වන විට 9.71% කි.
 වර්ෂ 1881 දී 9.71% ක් වූ ක්‍රිස්තියානි ආගමික පදනම වර්ෂ 2012 වන විට 7.45% කි.
 ඔබ බෞද්ධයකු ලෙස යමෙක් කියන කරන නිසා ඔබත් එය අනුගමනය කරනාවාට, විශ්වාස කරනාවාට වඩා ඒ පිළිඹද සොයා බලා විමසිලිමත්ව එම ප්‍රත්‍යක්ෂයන්ට එළඹීමට ඔබට හැකිය. ශාසනයේ පිරිහීමක් පිලිබඳවනම් මාද විශ්වාස කරමි. එය ශාසනයේ පමණක් නොව මුලු මහත් සමාජයේම පිරිහීමක් ලෙස මා සළකමි. එසේ නොවන්නේනම් මෙවැනි මිස දුටු කල්ලියකට මේ බෞද්ධ සමාජය තුළ මෙලෙස දුර්මතයන් පැතිරවීමට පිරිසක් එක් නොවනු ඇත. මෙය වර්ෂ 1956 සිට බෞද්ධ සමාජයත් ශාසනයත් නතු වීමේ ප්‍රතිඵලයක් ලෙසත් දෙශපාලකයන් විසින් ආගමික පදනම තම පටු අරමුණු වෙනුවෙන් පාවිච්චි කිරීමක ප්‍රතිඵලයක් ලෙස මිසක් අහඹුවක් නොවන බව මාගේ හැගීමයි.
 ශාසනයේ පිරිහීමක් ඇත්නම් එය නැවත ගොඩනගන්නට වන්නේ පාරට බැසීමෙන් හෝ තව කෙනෙකුගේ දේශපාලන අතකොලුවකු නොවන අත එහිදී කලයුතු වන්නේ කුමක්දැයි යන්න කතිකා කර ගත යුත්තේ සංඝ සමාජය තුළදී මෙන්ම බෞද්ධ සමාජය තුලද ධාර්මික කතිකාවතක් ගොඩ නන්වා ගැනීමෙනි. මෙය ආකාරයටම ගිහි පැවදි බෞද්ධ සමාජයේම පිරිහීමක් ඇත්නම් එය ආරක්ෂා කර දෙන මෙන් එය ගොඩ නන්වා දෙන මෙන් දේශපාලකයකුගෙන් ඉල්ලා සිටීම මොන තරම් නම් විහිලු සහගත ක්‍රියාවක්ද? ලක්ෂ ගනණක මිනිසුන් තමන් වටා සිටිනවායැයි පුරසාරම් දොඩන මේ චීවරධාරියා ඇතුලු කල්ලියට යෝජනා කල යුතු වන්නේ හැකිනම් ලක්ෂ ගනණක් සිටින පිරිස අතුරින් පනස් දාහක භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කණ්ඩායමක් ගොඩ නගා ඔවුන්ට පුරුදු පුහුණු කොට එක් වසරක් දෛනිකව ග්‍රාමයෙන් ග්‍රාමයට ගෙයින් ගෙට ගොස් සියලු සත්වයන් හට කරුණාව මෛත්‍රිය පෙරදැරි කොට ගත් බහුජන හිත සුව පිණිස ධර්ම ප්‍රචාරක චාරිකාවක නියලෙන ලෙසයි. සිත කය වචනය සංවර කොට ගෙන අඩුම තරමින් පන්සිල් පද පහවත් රැකගෙන ප්‍රතිපත්ති පූජාවක යෙදී පෙන්වන ලෙසයි. එහෙත් මෙහි හාස්‍ය වන්නේ මෙම කල්ලියේ ප්‍රධානියෙක් ලෙස කටයුතු කරන දෙශපාලන බළල් අතක් වූ ඥාණසාර නම් වූ චීවධාරීයාටවත් පන්සිල් පද පහ ආරක්ෂා කර ගැනීමටවත් නොහැකි තත්ත්වයක් තුල අනුගාමිකයින් පනස්දාහක් ගොඩනගන්නේ කෙසේද යන්නයි.
 මා ඉහතින් සදහන් කලේ මේ දුෂ්ඨ කල්ලියේ මතුපිටින් පෙන්වනු ලබන කරුණු වලින් කිහිපයක් පමණයි. බොහෝ මිනිසුන් දකින්නේ මේ ක්‍රියාකලාපයයි. නමුත් මෙහි සැඟවුනු දෙශපාලන හස්තය හදුනා ගැනීම ද ඉතා වැදගත් කාරණාවකි. මෙම දුෂ්ඨ කල්ලියේ මූලික අරමුණ ශාසනය බෞද්ධාගම හෝ ඊට අදාළ වෙනත් කරුණක් නොවන බව පැහැදිළිය. මතු පිටින් දකින වීරයන් කෘතිම ලෙස මවාපාන ලද රූකඩයින් මිසක් තම හර්දය සාක්ෂියට එකඟව සැබෑ වුවමනාවෙන්, සද්භාවයෙන් කටයුතු කරන පිරිසක් නොව ඉතාමත් දුෂ්ඨ පාපී චේතනාවන්ගෙන් යුත් කල්ලියකි. මෙම කල්ලියෙහි මහා මොළකරු ඉතාමත් සියුම් ලෙස ඔවුන්ව හසුරවමින් සිටී. මදක් සිතන්න, මේ කල්ලිය මෙතුවක් කරන ලද ක්‍රියාකාරකම් පිළිබඳ පසු විපරමක් කර බලන්න. ඔවුන් විසින් අභියෝගයට ලක් කළ පිරිස කවුදැයි සොයා බලන්න.
පළමුව කූරගල සිද්ධිය පිළිබඳ සිතන්න. රට තුල පවතින නීතිය අනුව කටයුතු කළත් ඒ කෙරෙහි විශ්වාසයක් නොතබා ඒ සඳහා සෘජුව මැදිහත් වූ මැදිහත්කරුවා කවුද? නීතිමය කටයුත්තකට තනි පුද්ගලයකු මැදිහත්ව යුක්තිය පසිඳලන්නේ කෙසේද? එවිට නීතිය නම් වූ සමාජ සම්මුතියට වඩා තනි පුද්ගලයෙකු බලවත් වන්නේ කෙසේද? මෙය දැකිය හැක්කේ බරවා රොගියෙකු යොධයකු කිරීමක් ලෙසයි. එසෙත් නැත්නම් රොගී තත්වයක් මත ඇති වූ තරබාරු රෝගියෙකු යෝධයකු ලෙස අර්ථ ගැන්වීමක් ලෙසයි. රටේ පාලන බලය හොබවන මහින්ද රාජපක්ෂ ඇතුලු පවුල් පාලනය තුලදී ඒ රටේ පවතින නීතිය නිසි ආකාරව ක්‍රියා නොවන්නේ නම් හෝ රටේ පවතින වෙනත් ආයතනයක් අකර්මණ්‍යව ඇත්නම් එහි වගකීම දැරිය යුත්තෝ පාලකයින් නොවන්නෝද?  නමුත් මෙහි සිදු වන්නේ කුමක්ද ?ඒ අඩු පාඩුව විවේචනය කරනවා වෙනුවට ඒ පාලකයින්ට එම අකර්මණ්‍ය වූ ආයතනයන් නගා සිටු වීමට බල කරනවා වෙනුවට එම අකර්ණම්‍යතාවයට වග කිව යුත්තන්ගෙන් කෙනෙක් තෝරා ඔහු නිසා යුක්තිය පසිදවා ගැනීමට හැකි වූ බව පවසා සමාජය තුලට වැරදි අර්ථකතනයක්  ලබා දෙන්නේඑය කෙතරම්  නරක වූ ආදර්ශයක්ද ? මෙම තත්වයට වග කිව යුත්තන් යෝධයින් කිරීමටත් ඔවුන් ජාතියේ ගැලවුම් කරුවන් කිරීමටත් ඉතා සියුම් ලෙස සමාජය තුල යම් මතවාදයක් ගොඩ නැගීමටත් මේ පිරිස දායක වන්නේ කෙතරම් සටකපට ලෙසද ?
මෙය සැළසුම් සහගතව සිදු කළ පහත් පෙලේ කුමන්ත්‍රණයකි. මේ වන තෙක් මෙම දුෂ්ඨ   කල්ලියේ කිසිවෙක් රාජපක්ෂ හිතවාදීන්ව විවේචනය කර ඇත්ද? ඔවුන්ට එරෙහිව ඇත්ද? ඩිලාන් පෙරෙරා ඇමතිවරයාට එරෙහිව කථා කළ අසංවර භාෂාව භික්ෂුත්වයකට කෙතරම් ගැළපේද? සිත කය වචනය අසංවර විනයෙන් පිරිහුන අවම තරමින් බොහෝමයක් ගිහියන් විසින් රකිනු ලබන පංච ශීලයෙහිවත් පිහිටා කටයුතු කළ නොහැකි චීවරධාරීන් බෞද්ධත්වය වෙනුවෙන් පෙනී සිටින්නේ නම් එවන් දුෂ්ශීල චීවරධාරීන් ශාසනයෙන් නෙරපා හරින තෙක් තමන් දන්නා බෞද්ධකම රැකගෙන එවන් දුෂ්ශීල කල්ලියකට නතු නොවී සිටීම වඩාත් වැදගත් වනු ඇත.
ඩිලාන් පෙරේරා ඇමතිවරයාට මේ ආකාරයෙන් පරුෂ වචනයෙන් කථා කිරීමට ඔවුන්ට අවස්තාවක් උදා වන්නේ මෙම ඇමතිවරයා පිළිබඳව රාජපක්ෂ පවුල් පාලනයට සුභවාදී ආකල්පයක් නොවන බැවිනි. මන්ද ඔහු කලින් චන්ද්‍රිකා හිතවාදීයෙකි. මෙම යථාර්තය සමාජයෙන් සැඟවීමට උත්සහා කළද එය අනාගතයේදී සාර්ථක නොවනු ඇත. මෙහීදී යමෙකුට තර්ක කළ හැකි එම චීවරධාරියා විසින් බැසිල් රාජපක්ෂ ඇමතිවරයාවත් දෝෂාරෝපණයට ලක් කළ බව එම දුෂ්ඨ කල්ලිය හරහා ඉටු කර ගනිමින් සිටින්නේ ඉතාමත් පටු දේශපාලන අරමුණුය. එම යතාර්ථය තුළ මෙම කල්ලිය මෙහෙයවන ගෝඨාභය රාජපක්ෂ නම් වූ ප්‍රතිරූපය සමාජය තුළ ගොඩනන්වා ගැනීම නම් වූ පුද්ගලික වුවමනවන් ඉටු කරන කල්ලිය මොවුන් වීමයි. ඒ තම පුද්ගලික අරමුණු වෙනුවෙන් මිනිසුන් ඝාතනය කොට හෝ වෙනත් සමාජ අර්බුදයන් නිර්මාණය කොට එහි මැදිහත්කරු ලෙස ක්‍රියාකිරීමෙන් එම තත්ත්වය කලමනාකරණය කර තම ප්‍රතිරුපය ගොඩ නගා ගැනීමෙන් එහා ගිය සමාජීය අරමුණක් නොමැත. මේ සඳහා හොඳම නිදසුන නම් පානීය ජලය ඉල්ලා හඬ නැගූ රතුපස්වල ජනයාගෙන් කිහිපදෙනෙකු කෲර ලෙස ඝාතනය කොට දරුනු ලෙස පහර දී වධ බන්ධනයන්ට  ලක්කොට මර්ධනය කිරීමයි. තම පවුලේ බල අරගලය තුළදී මේ වන විට ජාත්‍යන්තරව වඩාත් වාසි සහගත තත්ත්වයක් ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතා වෙතයි. එම ප්‍රතිරූපය විනාශ කිරීම මේ සියලු කුමන්ත්‍රනයන්ගේ අරමුණයි. ඥාණසාර චීවරධරීයා විසින් බැසිල් රාජපක්ෂට එරෙහි වීමට හයියක් ගන්නේ ගෝඨාභය රාජපක්ෂගෙන් මිසක් තම කල්ලියේ හෝ තමන්ගේ ශක්තියෙන් නොවන බව අවධාරනය කළ යුත්තකි.
මේ තත්තවය තුළ බුද්ධ ශාසන  අමාත්‍යංශය ගෝඨාභය රාජපක්ෂ යටතට පැවරීම ඉල්ලා සිටීමෙ උවමනාවද ගෝඨාභයගේම මිසක් මෙම කල්ලියේ හෝ සමාජීය උවමනාවක් නොවන බව පසක් කොට ගත යුත්තකි. බුද්ධ ශාසන අමාත්‍යංශය හෝ වෙනත් රාජ්‍ය ආයතනයක් හෝ රට හෝ පිරිහී ඇත්නම් කළ යුතු වන්නේ එම පිරිහීමට වග කිව යුතු පාලන තන්ත්‍රය පළවා හැර රටත් එහි වෙසෙන ජනතාවත් නගා සිටු විය හැකි පලන තන්ත්‍රයක් බලයට පත් කිරීම මිසක් එම දුර්වල පාලන තන්ත්‍රයට වග කිව යුතු අයෙකුගේ ප්‍රතිරූපය ගොඩ නැන්වීම නොවන බව ඉතාම සරළ තර්කනයකි.
ඒ හා සමගම මෙතුවක් මා ඔබ වෙත ඉදිරිපත් කලේ පවතින සමාජ සංසිද්ධීන් තුලින් මා මාගේ  පරිකල්පන ශක්තිය  මත ගොඩ නගා ගන්නා ලද අදහස් සමුදායකි එමෙන්ම එහි තවත් දිගුවක් ලෙස මෙම ඥාණසාර නම් වූ චීවරධාරියා රැක බලා ගැනීම ඔහුවටා සිටින ගෝල බාලයින්ගේ යුතුකමක් සේ මා සලකමි. මන්ද මෙම කල්ලිය මගින් ඉටු කර ගත යුතුවූ වැඩ කට යුතුවලින් විශාල ප්‍රමාණයක් මේ වන විට අවැසි උදවිය සම්පූර්ණ කොට ගෙන ඇති බව මාගේ හැගීමයි. මන්ද මෙය මෙහෙයවන අදිසි හස්තයද තමන් මේ කරන්නේ දැලි පිහියෙන්  කිරි කෑමක් බව හොදින්ම දන්නා බැවිනි . ඔහු මේ වෙහෙස මහන්සි වී ඇති දැඩි කරන ලද්දේ ඇතෙකි.
නමුත් මේ ඇතා ලෙස ඇති දැඩි කිරීමට උවමනා උවහොත් ඉතා ඉක්මනින් සමාජීය වශයෙන් විනාශ කර දැමිය හැකි දුර්වලයෙකු තෝරා ගත්තේ මෙය දැලි පිහියෙන් කිරි කෑමක්  බව හොදාකාරයෙන්ම දන්නා බැවිනි. බුද්ධ ශාසන අමාත්‍යංශය ඔහුට ලබා ගැනීම අපහසු දෙයක් නොවූවද මෙහිදී සිදු කරන්නේ එය සමාජීය ඉල්ලීමක් වශයෙන් ඉදිරියට දමා ගැනීමයි . මේ ආකාරයෙන් දැඩි සමාජීය  ඉල්ලීමක් මත මෙම අමාත්‍යංශය බාර ගැනීම මෙම නාටකයේ අවසන් ජවනිකා කීපයයි . ඉන්පසු මෙම බලසේනා කල්ලියේ කාර්ය භාරය අවසන් . මෙම කල්ලිය ඉන් පසු පැවතීම මෙම මෙහෙයුම් කරුවාටද බාදාවකි. මෙම නව අමාත්‍යංශය නුදුරේම ගෝඨාභය රාජපක්ෂ වෙත විතැන් වනු ඇති . ඉන් පසු ලංකාවේ සිටින එකම සහ හොදම බෞද්ධයා වනු ඇත්තේ ඔහු පමණකි. මෙහි සරළ යථාර්තය නම් මේ වන විට 70% කට වඩා වන බෞද්ධ ජන්ද පදනමයි.
අනෙක් ජන්ද දායකයි ජාතීන් ලෙසත් ආගමික කුඩා කණ්ඩායම් ලෙසත් ජාතික ජන්ද පදනමෙන් වෙන් කොට දැමූ පසු ලංකාවේ ප්‍රධාන පක්ෂ තුල වන බල අරගලය ප්‍රයෝජනයට ගනිමින් ලංකාවේ සිටින එකම ( ප්‍රභූ පවුල් වලින් පැවතෙන ) සහ හොදම බෞද්ධයා ලෙස සියයට 70% ජන්ද පදනමින් අඩක් දිනා ගැනීම මෙහි එකම අරමුණයි.එබැවින්  මෙම චීවරධාරියා වටා මෙහෙයුම් කරුවාගේ උවමනා වන් ඉටු කිරීමට සිටින්නම් හැර අනෙක් ඇත්ත ගෝල බාලයින්ගේ ප්‍රධාන වගකීම විය යුත්තේ ඔහුව ආරක්ශා කිරීමයි. මන්ද ඔහුගේ ආරක්ශාව වෙනුවෙන් ඩිපෙන්ඩර් රථයක් ලබා දීමම සැක සහිතය. එමගින් සමාජය වෙත ගම්‍ය කරනු ලබන පණිවිඩය වනුයේ මෙම චීවරධාරියාට මේ වන විටද ජීවිත තර්ජනයක් තිබූ බව මවා පෑමයි. ඇතුගේ වටිනා කම දෙවිදියටම ලබා ගැනීමට මෙම මෙහෙයුම් කරුවා ඉතාමත් සූක්ෂමය, තියුණුය. එම නිසා මෙම බුද්ධ ශාසන කටයුතු අමාත්‍යංශය ගෝඨාභය මහතා භාර ගැනීමෙන් අනතුරුව ඉන් එහා ඇති විය හැකි තත්වයන් සමනය කර ගැනීමටත්, නුදුරු අණතුරු කල් තබා අවබෝධ කර ගැනීමටත් සිහිණුවනින් යුතුව හැම අවස්ථාවකදීම කට යුතු කිරීමට ඇති හැකියාවත් ඉතාමත් වැදගත් වනු ඇත.
අජිත් දසනායක   Ajith Dasanayaka

අනේ අනිච්ඡං – නලීන් නොදකින මොක්පුර

Image

සිංහලයාට, සිංහල ගැමි බෞද්ධයාට පමණක්  හැඟෙන්නේ යැයි, උපදින්නේ යැයි සඳහන් කරන “අනේ අනිච්ඡං“ යන ගැඹුරු දාර්ශනික සිතිවිල්ල පිළිබඳ මහාචාර්ය නලීන් ද සිල්වාගේ ‍ප්‍රවාදයේ ඇති අධිමානික හරයේ දිග පළල පිළිබඳව කෙටි සාකච්ඡාවක් කිරීම, ලාංකික සමාජය පුරා වෙලී ඇති අගතිය දුරුකර ගැනීමට ඉවහල් වනු ඇතැයි සිතමි.  ඔහුගේ සිංහල බෞද්ධ චින්තනය පදනම් කරගත් අති ජාතිවාදය විසින් බෞද්ධ දර්ශනයේ මූලික සංකල්ප පවා විකෘති කිරීමත්, ඒ තුලින් ෆැසිස්ට් බෞද්ධ දර්ශනයක් බවට පරිවර්තනය කිරීමට සිංහල බෞද්ධ ජාතිවාදයට හැකිවාව ලැබී ඇත. ඔහුගේ මෙම සංකල්පීය ව්‍යාපෘතිය හරියට සම්පූර්ණ ගෙයක් කුඩා කාමරයකට ඇතුල් කිරීමක්, නැතිනම් බූලියකට බැරල් එකක් බැස්සීමක් වැනි චින්තනයකට පටුවීමත් නිසා ඔහුගේ ලෝක දැක්ම ලංකාව නැමති ලෝකයට බොන්ෂායි කර ගැනීම නිසා නිලීන් වැනි බුද්ධිමතෙකුගේ නිර්මාණශිලීත්වය ඇත්තේ එම විකෘතිය තුලමය. එනම් ඔහුගේ පැවැත්ම හා අනන්‍යතාව ඇත්තේ බොන්ෂායි ලෝක දැක්ම තුලය. ඔහු විසින් ගොඩනංවන බලහත්කාරය  රාජ්‍ය ප්‍රමුක සෙසු දේහයන් සිය අවිඥ්ඥාණික ආර්ශය කරගන්නා විට, සමාජ භාවිතාව හා චින්තනය නන්නත්තාර වීමෙන් ආත්මිය වශයෙක් ඉරිතැලුණු සත්වයෙකු සිංහල බෞද්ධයා ලෙස අපට හමු වේ. මෙම සත්වයා මූල ධාර්මිකව විකෘති ආත්මයක් සහිත සත්වයෙකි. එම තත්ත්වය බිහිවීමේ ඇරඹුමේ දොරටුව වන්නේ ථෙරවාද බුදු දහම ලාංකීය සමාජය තුලට ඇතුලු වීමෙනි. අවිහිංසාව මෙන්ම මනුෂ්‍යත්වය මුඛ්‍ය කොටගත් දර්ශනයක් රාජ්‍ය හා බද්ධ වීමේ දී එහි මූලධාර්මික පිපිරීම සිදු වන්නේ හිංසනය සාධාරණීය කරණය කිරීමෙනි. ආගමික සංස්ථාවේ පැවැත්ම උදෙසා රාජ්‍ය බලය වැදගත් සාධකයක් වීමෙනි. අනෙක් අතට හින්දු දර්ශනය හා එම සංස්කෘතියෙන් මිදීමට නොහැකි වීමෙනි. එම නිසා ලංකාව විෂයෙහි දී බුදු දහමේ ආත්මය කෙළෙසීම රාජ්‍ය හා බද්ධවීම නිසාත්, විපරිවර්තනය සිදුවීම හින්දු ආගම නිසාත් ඇති වීම තුල සිංහල බෞද්ධයා ගේ ආත්මය පළමුව හින්දු ආත්මය තුලත් දෙවැනුව සිංහල බෞද්ධ රජ්‍ය දෘෂ්ටිවාදය (දෙමළා අනෙකා වීම තුලත්) විසිනුත්  බෙදීමකට ලක් කිරීම සිදු වී ඇත. තුන්වැනි බෙදීම සිදුවන්නේ යටත් විජිත වාදය හා ධනවාදයේ ගති ලක්ෂණ උත්තරාරෝපනය වීම තුලදීය. මෙම ත්‍රිත්වය තුලට කොටුවන සිංහල බෞද්ධයාව තේරුම්ගත යුත්තේ හා සාධණීය වෙනසකට ලක්කළ යුත්තේ සමස්ථයෙන් මිසක ඒක කෝණික කල්පිතයන්ගෙන් නොවේ. එහෙත් නලීන් ද සිල්වාට සිංහල බෞද්ධ හැර සියල්ල අනෙකාය. ඒ තුල න්‍යාය ගත කරන ඔහුගේ ප්‍රවාද සිය ජයග්‍රණය උදෙසා ඔහුට සිතෙන සිතෙන අයුරින් හා වාසිදායක අයුරින් යොදා ගැනීම ඔහුව විමසන කල පැහැදිලි වන්නේය. ඔහු ප්‍රාමාණික බුද්ධිමතෙක් හා උගතෙක් වන යථාර්ථය තුල ඔහුට නො වැටහෙන සත්‍ය නම් හිතාමතා කරන වංචනිකත්වයක් මිස, අවිඥ්ඥාණිකත්වයක් නොවනු ඇතැයි සිතේ. චංචාව තුල ඇති වී ඇති අන්‍යතාව හා පැවැත්ම විසින් ඔහුගේ සසරට ඔහු ආදරය කරන්නට වන්නේය. එබැවින් සිජහල බෞද්ධ චින්තනය නැමැති කබරයාව ඕනෑම මොහොතක තලගොයෙකු කර ගැනීමට තාර්තික ඔහුගේ ලෝකය විවර වී ඇත.

මෑතක දී ඉරිදා දිවයින කාලාපයකට ලියන ලද ලිපියක බෞද්ධ දාර්ශනික චින්තන කැබැල්ලක් වන “අනේ අනිච්ඡං“ යන්න ගැන ඔහුගේ විග්‍රහය හා අනේ අනිච්ඡං තුල ඇති භෞතික යථාර්ථය තේරුම් ගත යුත්තකි.

මහාචාර්ය නලීන්ගේ   සඳහන් කරීම:

“මැකෝලිගේ දරුවන් ගබ්සා වූ සිලනීස්‌ කණ්‌ඩායමට පණ දීමට උත්සාහ දරද්දී සිංහලයෝ විවිධ ආකාරයෙන් තම යුදෙවු ක්‍රිස්‌තියානි යටත්විජිත විරෝධී සටන ඉදිරියට ම ගෙන ගියහ. වාරියපොළ සුමංගල හිමියන් ඇතුළු භික්‌ෂුන් වහන්සේ ද අනගාරික ධර්මපාලතුමා ද, කැප්පෙටිපොළ නිළමෙ ඇතුළු ගිහියෝ ද එයට සහභාගි වූහ. එහෙත් ඇතැම් මුස්‌ලිමුන්ගෙන් එයට සහායක්‌ ලැබුණ ද උඩ සිට පගළට ක්‍රියාත්මක වන දෙමළ ජාතිකවාදය හේතුවෙන් දෙමළ ජනයාගෙන් ඒ සඳහා කිසිම ආධාරයක්‌ නො ලැබිණි. අරුමුගම් නාවලර්තුමාගේ ව්‍යාපාරය වුව ද බටහිර ක්‍රිස්‌තියානි යටත්විජිතවාදී රාමුව තුළ ම වූ හින්දු පුනර්ජීවනයක්‌ පමණක්‌ විය. ඉංගිරිසිහු සියලු ජනවර්ග, විශේෂයෙන් ම දෙමළ ජනවර්ගය සිංහලයන්ට විරුද්ධව යොදාගත්හ. ඉංගිරිසින්ට හා පොදුවේ බටහිරයන්ට යුද්ධයෙන් පරාජය කළ නොහැකි වූ ජාතීන් අතර ප්‍රධාන ම තැනක්‌ ගත්තේ සිංහල ජාතිය ය. බටහිරයන්ගේ ඉන්ද්‍රිය පිනවන, පෞද්ගලිකත්වය ඉස්‌මතු කරන සංස්‌කෘතියට අභියෝග කළ හැකි එකම සංස්‌කෘතිය හෙළ (සිංහල) බෞද්ධ සංස්‌කෘතිය යෑයි සිතමි. අපේ ගැමියන්ගේ අනේ අනිච්චන් යන්නෙහි ඇති දාර්ශනික ගැඹුර හෙරක්‌ලිටස්‌ලාගේ ප්ලේටෝලාගේ නිෂ්ට්‌ස්‌සේලාගේ රසල්ලාගේ විට්‌ගන්ස්‌ටයින්ලාගේ මාක්‌ස්‌ලාගේ හෙගල්ලාගේ ඩෙරීඩාලාගේ ජියෑක්‌ලාගේ දර්ශනවල නැත. (අනාත්ම හෙවත් නොපැවැත්ම පිළිබඳ ප්‍රශ්නය විදුසර පත්‍රයෙහි දිගින් දිගට ම සාකච්ඡා කෙරෙයි) බටහිර දාර්ශනිකයන්ගෙ පඹගාල පශ්චාත්නූතනවාදීහු ව්‍යාජ විදග්ධ වචනවලින් ප්‍රදර්ශනය කරති. පට්‌ටපල් බොරු වූ කතන්දරවලින් සමන්විත බටහිර විද්‍යාවට සමස්‌තයක්‌ ලෙස ගත් කල ලෝකය කාලකණ්‌නි කිරීම හැර කළ හැකි දෙයක්‌ නැත.“

නලීන් ද සිල්වා මහතා ඉහතින් සඳහන් කරන අදහස්වල ඇති පරස්පරයන් වෙන වෙනම විග්‍රහ කළ යුතු වුවත් ඔහු විසින් ඉදිරිපත් කරන, අපගේ මාතෘකාවට අදාල කොටස වන්නේ පහත උපුටනයය.

“අපේ ගැමියන්ගේ අනේ අනිච්චන් යන්නෙහි ඇති දාර්ශනික ගැඹුර හෙරක්‌ලිටස්‌ලාගේ ප්ලේටෝලාගේ නිෂ්ට්‌ස්‌සේලාගේ රසල්ලාගේ විට්‌ගන්ස්‌ටයින්ලාගේ මාක්‌ස්‌ලාගේ හෙගල්ලාගේ ඩෙරීඩාලාගේ ජියෑක්‌ලාගේ දර්ශනවල නැත.“

සිංහල සංස්කෘතියට හා සිංහලයාට ඇති එහෙත් අනෙක් සංස්කෘතින්ට, දර්ශනයන්ට නැති මෙම දාර්ශනික ගැඹුර සබැවින්ම කුමක් ද. මෙයට ඇති මගේ පිළිතුර නම් දයලෙක්තිකය අහිමි වීම හා නන්නත්තාර වීමය. එය තවත් විස්තර කරනු ලැබුවහොත් ඇතිවීම හා නැතිවීම මිස පැවතීම යන්න ඉහත ගැමියාට සිංහලයාට සංස්කෘතියට නොමැති වීමය. පවතී එහෙත් නොපවතී. ජීවත් වේ එහෙත් ජීවිතයක් නැත. පැවතීම තුල කාලයක් ඇත එහෙත් ඊට අර්ථයක් නැත. අර්ථය සඳහා අවකාශයක් නැත. අවුරුදු සියයක් ජීවත් වුව ද මෙම තිථිය (පැවැත්ම) සඳහා අර්ථවත් ජීවිතයක් මෙකී ගැමීයාට ලැබෙන්නේ නැත. එබැවින් අනේ අනිච්ඡං හා සමානම තවත් ගැඹුරු දාර්ශනික කැබැල්ලක් වන්නේ “ ඔහේ ඉන්නවා“ යන්නය. නගරයේ ජීවත්ව සිට ඈත ගමකට ගොස් දින කිහිපයක් ජීවත්ව බැලුවහොත් දැනෙන දෙයක් වනුයේ කාලය හෙමින් ගමන් කරන බවය. ඒ නිකං ඔහේ සිටීම තුලය. නිකං ඔහේ සිටීම යන්න සමාජ ක්‍රමයක ගැටළුවකි. එහි ඵලයක් ලෙස අනේ අනිච්ඡංවීම වීම පුද්ගලික හෝ දාර්ශනික ගැඹුරකට වඩා රාජ්‍ය හා සමාජ ක්‍රමයේ ගැටලුවක් වීම නලීන් දකින්නේ යහපත් ප්‍රපංචයක් ලෙසිනි. සමාජ සංවර්ධනය අහුරන නිෂ්ක්‍රීයත්වයකට මග පාදන විරාමය භෞතික ලෝකයෙන් ලෝකෝත්තර ලෝකයකට ඇතුලු කරමින් යථාර්ථය තුල නන්නත්තාරකර දැමීමකි.

ඇතිවීම හා නැතිවීම අතර ඇති පැවතීම දයලෙක්තිකයකට හසු නොවීම තුල ඉතිහාසයක් නොමැති වනු ඇත. සංස්කෘතියක් නොමැති වනු ඇත. (යටත් විජිත වාදය සම්බන්ධයෙන් ඉන්දියාව සම්බන්ධයෙන් කරන විග්‍රහයේදී ඉන්දියාවට ඉතිහාසයක් නැතැයි කීමේ තර්කය හා යථාර්ථය ලංකාව සම්බන්ධයෙන් ද පරතරයක් ඇති නොකරන බව මගේ හැඟීමයි.) එවැනි සමාජයකට විශාල කාල අවකාශයක් පවා පැවැත්මේ අර්ථ විරහිත ක්ෂණයකි. එම ක්ෂණය තුල ඇතිවන අනේ අනිච්ඡං යන සිතිවිල්ල බෞද්ධ චින්නතන කැබැල්ලක් පමණක්ම නොව හින්දු චිනතය ද, එක් තැන පල් වූ පැරණි සමාජ නෂ්ටාවශේෂයන්ගේ පරාවර්තනයකි. එම නෂ්ඨාවශේෂයන් දුරු වී නැති සමාජයකට අනේ අනිච්ඡං තවමත් වලංගු වනු ඇත.

එබැවින් ජීවිතය අහස් වෙඩිල්ලක් වැනිය. උල්කාපාකයක් වැනිය. පැවැත්මට කාලයක් හා එම කාලයට අර්ථයක් ලබාගත හැකි සමාජයක් නැති සංස්කෘතියක පහසුම මග මෙලොව අමතක කර එලොව සිහිපත්කරවීමය. එය නම් හින්දු  බුදු මගය. අනේ අනිච්චං කීම හැර වෙන විකල්පයක් නැත.  එහෙත් නලීන්ගේ මෙම ගැඹුරු ගැමියා, සිංහලයා මොහොතක පහළ වන මෙම සිතිවිල්ල හා අඛන්ඩව නොබැඳී ඉන්පසුව බටහිරට හැරෙමින් භෞතිකයට ලොබ බඳින්නේය.කළ හැකි නම් ලෝක විනාශයටම පෙලඹෙන්නේ මන්ද යන්න තුල කියැවෙන්නේ ආත්මීය නන්නත්තාරවීමයය. මරණ දැන්වීමේ හේතු පාඨය හැරුණු කොට, භෞතික වස්තූන්ට ලොබ බදින්නේය. වැටට, නියරට, කෙස් ගසක වෙනසට මරා ගන්නේය. ඉන් අනතුරුව එක් මොහොතක තමන්ට අදාල නොවන වියුක්ත දෙයකට අනේ අනිච්ඡං කියන්නේය. මෙම ආත්මීය නන්නත්තාර වීම තුල කරන රංගනය යන්න පුද්ගලයාගේ ප්‍රශ්නයක් වුවද එහි මූලය නැවත ගමන්කරනුයේ රාජ්‍ය වෙතය. පුද්ගයා  නන්නත්තාර කිරීමෙන් සාමාජයද සංස්කෘතියද නන්නත්තාරවීමේ දී එම සමාජයට හා සංස්කෘතියට හිමි දයලෙක්තිකයද නන්නත්තාර වන්නේය. එවිට පැවැත්ම අස්ථාවර වන්නේය. ඊට අවශ්‍ය ප්‍රතිවිරෝදය දයලෙක්තික වනුයේ ශූන්‍යත්වයට ගමන් කිරීමෙනි. එසේ නොවිමට නම් රටක් ලෙස ඊට අර්ථයක් පැවැතිය යුතුය. නලීන්ට අනුව නම් තවමත් රටක් යනු සිංහලයන්ගේ රටකි. බෞද්ධ ජාතියකි. නලින්ගේ ප්‍රක්ෂේපණය රටේ නායකයාටද බෞද්ධ පූජකයාටද නිවැරදි විය හැකිය. බලය ලබා ගැනීම සඳහා විපාක්ෂිකයාටද විකල්පිකයාටද නිවැරදිය. ජාතිකවාදී වාමාංශිකයාටද නිවැරදිය. මෙය ස්වභාවික යුක්ති මූලධර්මයට විරුද්ධ වූ දයලෙක්තිකයක් බැවින් බලවත් කොටස වන රාජ්‍ය තුලින් ප්‍රකාශමාන වන්නේ නන්නත්තාර ප්‍රවාදයන්ය, ප්‍රතිවිරෝධයන්ය, සහවාදයන්ය. ජනතාවට කියන්නට ඇත්තේ අනේ අනිච්චං කියා මිස වෙනකක් නොවේය. එය පැරණි යුගයේත්, ආශ්චර්යය කරා ගමන් කරන පාර පශ්චාත් යටත් විජිත මහින්ද යුගයේද කියන්නට ඇත්තේ ඇනේ අනිච්ඡංය යන්නය.

අනෙක් අතට මෙම දාර්ශනික ගැඹුර රාජ්‍ය පාලකයන්ට නොහැඟෙන්නේ මන්දැයි ද උත්පාද තිථි භංග යන යථාර්ථය තුල උත්පාදය හා භංගය අමතක කර, තිථිය ගැන පමණක් කල්පනා කරන, ක්‍රියාකරන රාජපක්ෂ හා පවුල් ජාලය හා ඔහුගේ කඳ පණුවන් වූ ඒජන්තයින්ට ද ඊනියා සංඝ සමාජයට ද මෙම ගැඹුර නැත්තේ ඇයි ද යන්න නොතේරෙන්නේ මන් ද යැයි නලීන්ට ප්‍රශ්න කළ නොහැක්කේ ඇයිද යන්න ඇති ගැටලුවකි. රටක් ලෙස සමාජයක් ලෙස යුක්ති ධාර්මිකව පාලනය ගෙන යා යුතු ලෙසට පටහැනිව මර්ධනය දූෂණය හා ප්‍රජාතන්ත්‍රීය විරෝධීව ක්‍රියා කිරීම දෙමළාව චප්ප කිරීමෙන් පමණක් සාධාරණිය කරණය කිරීමට හැකිවන නලින්ගේ සිංහල බෞද්ධ ශිෂ්ටත්වය අතිශය ම්ලේච්ඡය. ඊට කිව යුතු වන්නේ ද අනේ අනිච්ඡං කියා ය.

උදය ආර්. තෙන්නකෝන්

නන්නත්තාර දයලෙක්තිකය සහ ප්‍රගතිය උදෙසා අගතිය වෙන් කරගැනීම

Imagecomplicated dialectics

සමාජයක් හා සමාජයක වෙසෙන මිනිසුන් වශයෙන් අප මේ ගෙවන යුගය වනාහී  අන්‍යෝන්‍ය ලෙස එකිනෙකා නන්නත්තාර කරනු ලැබූ තනුක කාල පරිච්ඡේදයකි.  පුද්ගලයාගේ සිට රාජ්‍ය දක්වා සෑම දේහයක්ම තනුක වෙමින් (එහි ඇති ඝණත්වයට දියර එක්වීම සිදු වෙමින්) විසරනය වන කාල පරිච්චේදයක් ලෙස පාර පශ්චාත් යටත් විජිත ශ්‍රී ලංකාව හැඳින්විය හැකිය. එම සිදු වීම ප්‍රගතිය විසින් නොව අගතිය විසින් සිදු කිරීමේ යථාර්ථය හඳුනාගත යුතුව ඇත.

මෙම තත්ත්වය ධනවාදයේ පලයක් ලෙස හෝ අධිරාජ්‍යවාදයේ පලයක් ලෙස හෝ නව ලිබරල්වාදයේ පලයක් ලෙස හෝ යටත් විජිතවාදයේ පලයක් ලෙස හෝ බටහිර ක්‍රිස්තියානියේ පලයක් ලෙස හෝ යන කැමති කැමති න්‍යායයන්ගෙන් සූත්‍රගත කළ හැකි වුවත්, එය කොයිතාක් දුරකට ගැලපේද යන්න ලෝකයට හා ලෝකයේ සෙසු සන්දර්භයන්ට අනුව නොව ලංකාවට අනුව සිතිය යුතු වන්නේ රටක් ලෙස අප නන්නත්තාර වී ඇති නිසාවෙනි. මෙම නන්නත්තාරවීම භාහිරයට සාපේක්ෂකවද අභ්‍යන්තරයෙහි අභ්‍යන්තරයට සාපේක්ෂකවද සත්‍යයක් වුවත් එය පසක් වූ ජනතාවක් සහ ජන හිතෛෂී මනුෂ්‍යයින් සහිත සමාජක්‍රියාකාරිකයන්ගේ නන්නත්තාරවීම තුල මුළු මහත් සමාජයම එකිකෙකාට නන්නත්තාරවීම ජීවිතයේ අත්‍යන්ත විලාසිතාවක් වී ඇත.

ඉන් මිදීම වනාහී අන්කවරදාකටත් වඩා අතිශයින් සංකීර්ණ කාරයයක් වී ඇත්තේ පුද්ගලයාට මෙන්ම සමාජයටද දිශාවක් අහිමිවීමෙන්ය. මෙතෙක් පැවති පශ්චාත් යටත් විජිත යුගය එක් එක් කාලය විසින් සමාජ චලනය හා වෙනස තීරණය කළ බව අතීත සාක්ෂි සටහන් කළ ද, (එය යහපත් යැයි අදහස් නොවේ) පාර පශ්චාත් අවධිය වන රාජපක්ෂ යුගය යනු වීසි දැලක් දමමින් අවශ්‍ය ආකාරයට දැල ඇදගන්නා කාලයක් කරගෙන ඇත. මේ තුල මුළු මහත් සමාජයම දැලට හසු වී නන්ත්තාර වී ඇත. ඉන් ගැලවීමට කිසිවකුට මේ තාක් හැකියාවක් වී නැත්තේ ප්‍රතිවිරෝධයන් තමා තුලද අනෙකා තුල ද එකිනෙකා තුල ද නන්නත්තාර වීම තුල ය. මෙකී ත්‍රිකෝණික නන්නත්තාරවීම තුල එහි උපරිම වාසිය දිනෙන් දින අත්පත් කර ගැනීමේ වාසනාව රාජපක්ෂට ඉතිහාසයේ අගතින් විසින් උරුමකර දීම නිසා එම මගෙහි තවදුරතේ ගමන් කිරීමට හැකියාව ඇතිවා පමණක් නොව, ඊට ආවේනික සංස්කෘතියක් ද නිර්මාණය කරමින් සමාජය හැඩගස්වන අතර එය වෙනස් කිරීමට ක්‍රියාකරන්නා ද නොදැනීම එම තත්ත්වය විසින් පැවැත්මේ කොටස්කරුවන් කරමින් යන්නට සමත් වි ඇත.

ශ්‍රී ලාංකිකයාට රටක් ලෙස භූමියක් ඇත. එම භූමිය යුද්ධයෙන් පසුව සිතියමින් අඛණ්ඩ කර තිබුණ ද චින්තනයෙන්, මනුෂ්‍යත්වයෙන් කඩා විසිරුවා ඇත. සිංහල බහුතරයාට විශ්ව සාධාරණ යැයි කියන ආගමක් ඇත. ආගම ජනයාටද ජනයා ආගමටද චංචනිකයන් කර ඇත. ආචාර ධර්මයන්, සාර ධර්ම, නිති ධර්ම යන සකල ධර්මයන් පැවැත්මේ අංගයන් මිසක, මනුෂ්‍ය ආත්මය ආමන්ත්‍රණය කරන සාරයන් වී නොමැත. මේ තත්තවය තුල  ලංකාවටම සුවිශේෂි වූ අනන්‍ය වූ ජනකායක් ඇත. එම ජනකාය පාලනයකට යටත් කර ඇති රජයක්, ආණ්ඩුවක් ඇත. එම යටත් වීම ස්වාභාවිකරණය වූ ජනකායේ ජීවිතයන්ට විකල්පයක් ලෙස ද ඇත්තේ නන්නත්තාර වූ ජීවිතයන්ය. එම ජීවිත ළගම සිටින අසල්වැසියාට ප්‍රක්ෂේපනය වනු විනා රටකට හෝ එහි සංස්කාතියට බද්ධවන්නක් නොවී ඇත. එම ජීවිතයන් සඳහා තත් කාලීන ආණ්ඩුව, විපක්ෂය, හා විකල්ප දේශපාලනය මඟින් කරන බොහෝ දේ ඇත. ඒ අතරින් බලය බුක්ති විඳින්නා වූ කොටස විසින් අතපත ගාන දෑ සමාජ සම්මතය, සමාජ සංවර්ධනය, ජාතියේ උරුමය වි ඇත. මෙතෙක් පැවැති සියලු දේ අහෝසි කරනු ලැබූ පසු අලුත් සම්ප්‍රදායක් නිර්මාණය කර ඇත. එම සම්ප්‍රධාය වනාහී ප්‍රතිවිරෝදයන් නන්නත්තාර කිරීමය. එනම් දයලෙක්තිකය නන්නත්තාර කිරීමය. දයලෙක්තිකය යන්න අහසට අරින අහස් කූරු, නිලා කූරු මෙන්ය. දයලෙක්තිකය හඬ නගා ගුවන් ගතව පිපිරේ ඉන්පසු කිසිවක් නැත. මෙම පිපිරුම දයලෙක්තිකයට ද විරුද්ධාර්ථ සිද්ධියකි. එනිසා එය නන්නත්තාරය. ලංකා සමාජය විෂයෙහි මෙම නන්නත්තාරය හඳුනාගත හැකි පස් සාම්පල පුද්ගලයාගේ සිට රාජ්‍ය දක්වා පරික්ෂාවට ගතහැකිය. උත්තරය නන්නත්තාරය වන විට මෙම නන්නත්තාර දයලෙක්තිකය යන්න කුමක් දැයි විමසා ගැනීමේ ප්‍රවාදය අද දවසේ අභියෝගය  වන්නේය.

සාමාන්‍යෙයන් දයලෙක්තිකය යන්න විශ්ව ක්‍රියාවලියක් වන විට එය මිනිස් ප්‍රගමනය සඳහා ඉදිරියට විකාශනය වන්නකි. ම්ලේච්ඡ යුගයන්ගේ සිට ධනේෂ්වර ක්‍රමය දක්වා සමාජ ක්‍රමයන් ලෙස විකාශනය වූයේ මෙම නියාමයට අනුවය. එම නියාමයන් කාලයට තාලයට අනුව විවිධ හැඩ ගනු ලැබුවද දාර්ශනික වශයෙන් දයලෙක්තික සහසම්බන්ධකම් මත ලෝකය ගමන් කරන්නට පටන් ගෙන ඇත. මනුෂ්‍ය සම්බන්ධතා හා මිනිස් පරිකල්පනයන් සියල්ල දිශාගතවනු ඇත්තේ ප්‍රගතියේ ගමන් මග දෙසටය. ධනේෂ්වර ක්‍රමය පවා එහි ඇති නෛසර්ගික පසමිතුරු ප්‍රතිවිරෝධයන් තුලින්ම ඇති කරනු ලබන සහවාදයන් තුලින් පෙන්නුම් කරනු ලබන්නේ ප්‍රගතිශීලිත්වයක් සහිත සමාජයක්ය. මිනිසුන්ය. ස්වාභාවික ක්‍රියාවලියක් ලෙස ඇති දීර්ඝ කාල පරිච්ඡේදය කෙටි කිරීමේ ක්‍රියාවලිය නැතිනම් වෙනස් කිරීමේ ක්‍රියාවලිය යන්න ප්‍රගතියේ  විප්ලවය වන්නේය. එය ස්වභාවිකත්වයෙන් සංස්කෘතික ක්‍රියාවලියක් කිරීමේ සමාජ දේශපාලනික විප්ලවයකි. ධනේෂ්වර ක්‍රමය වනාහී අතීතයට සාපේක්ෂකව ප්‍රගතිශීලි සමස්ථයක පලයක් මිසක එය ගර්හාවට ලක් කිරීමෙන් එතෙක් පැවැති අතීතය ප්‍රගතිශීලි යැයි සමස්ථය තුල හැඟවුම් නොවන්නකි. ධනේෂවරයේ ක්‍රියාකාරීත්වය නග්න වන බැවින් එවා එලිපිට හෙලි දරව් වීම තුල එහි පැවැත්ම උදෙසා විශාල සංස්කෘතික ක්‍රියාවලියක් ඉතිරිව ඇත. එය වනාහී ධනේෂ්වර සංවර්ධනයේ ඉදිරි අවධිය වන අතර එය නන්නත්තාර මිනිසුන්ගේ විලාපයන්ගෙන් පරාජයට පත් කළ නොහැකි වන්නේ ඔවුන් තවමත් එම ක්‍රියාවලියට පිටු පසින් සිටින බැවිනි. එබැවින් ධනේෂවරයට ඇත්තේ අඩු ආයු කාලයක් යැයි කීම වනාහී එම හඬ නැවත තමන්ටම ප්‍රතිරාව නංවන්නකි. පෙර නොවූ විරූ අයුරින් මෙම ක්‍රියාවලිය විසින් ලෝකයම නන්නත්තාර කර ඇතත්, ඊට සරිලන විකල්පය උදෙසා වන මතවාද දර්ශනයන්ගෙන් මග පෙන්වන ලෝකයට මිනිසා ඇත්තේ බොහෝ සෙයින්ම පිටු පසිනි.

එවැනි තත්ත්වයක් තුල ලංකාව දෙසට හැරී එහි අභ්‍යන්තරයට පිවිසුණු කල මෙම ලෝක දෘෂ්ටියෙන් නිර්වචනය කිරීමට පෙර ලංකාව ඊට ආවේනික ලක්ෂණයන්ගේ ඇති ගති ස්වභාවයන් හඳුනාගත යුතුව ඇත. මෙම ආවේනිකයන් ලෝක ධනේශ්වරයේ දියරයන් සමග මුසු වී ඇති කාලයක නිසා සමාජය යහපත් කරන්නාට එනම් පවතින නපුරෙන් බේරා ගැනීමට කළ යුතු දැවැන්ත කාර්ය වන්නේ අභ්‍යන්තරය භාහිරයෙන් වෙන් කර ගැනීමය. එහෙත් විකල්ප දේශපාලනය සමස්ථය තුල වෙලී පැවතීම තුල දයලෙක්තික වශයෙන් නන්නත්තාර වී ඇත. ලෝකයේ පවත්නා කුමන හෝ යහපත් ආදර්ශයක් වෙත සාපේක්ෂක වශයෙන් ලඟා වීමට අදහස් කරන්නේ නම් මුලින්ම අත්හළ යුතු අගතිය වන්නේ අගතීන් ලෙස අධිනිෂ්චය කරගන්නා වූ භාහිර සාධක වලින් ලාංකාව වෙන්කර ගැනීමය. මන්ද ලාංකික සමාජ සැකැස්ම භාහිරයට සාපේක්ෂකව අතිශය අගතියක් වන බැවිනි.මේ සඳහා සංයුක්ත නිදර්ශන කිහිපයක් ගතහොත් සඳහන් කළ හැකි ප්‍රමුක සංකල්ප තුනක් ඇත. ධනවාදය නව ලිබරල්වාදය හා අධිරාජ්‍යවාදය යන ත්‍රත්වයයි. ලංකාවට වෙනසක් අවැසි නම් මේ පිළිබඳ කතා නොකොට දේශපාලනය කිරීම යුගයේ ඇති අභියෝගාත්මක ව්‍යාපෘතිය වන්නේය. එය නව වමක ප්‍රගතිශීලි කථිකාව වන්නේය. අද ලාංකීය සමාජය පත්ව ඇති තත්ත්වය තුල විප්ලවීය වනු ඇත්තේ හංසයෙකු දියෙන් කිරි වෙන්කර ගන්නාක් මෙන් ලාංකීය සමාජයේ ප්‍රගතියේ දයලෙක්තිකය හඳුනා ගැනීමය. ධනවාදය, නව ලිබරල්වාදය හා අධිරාජ්‍යවාදය කොතරම් අගතිගාමී වුවත් ඊට වඩා අගතීන් ලාංකීය අභ්‍යන්තරය තුල පවත්නා බැවින් නන්නත්තාර වී සිටින්නා වූ දයලෙක්තිකයෙන් එගොඩ වීමට කරන දේශපාලනය යනු චේ ගුවෙරා සැමරීමට හෝ ලෝක බැංකුවට විරුද්ධ වීම නොව අද ඇත්තේ යුද්ධයෙන් පසුව මස්මරන්නා විසින් එලා ඇති නපුරෙහි වීසි දැල හැකිලීමටත් බොර වී අපවිත්‍ර වී ඇති කිළිටි දිය නැමැති සමාජය පවිත්‍ර කිරීමට අවශ්‍ය සූත්‍ර සකසා ගැනීමය. මෙම අභියෝගය මෙතෙක් පවතින සියලු වාමාංශයන්ට කට උලුක්වන්නක් මෙන්ම, මෙම ප්‍රවාදයට ඔළොක්කුවක් ද වනු ඇත. අවශ්‍යම වන්නේ නම් චීන ධනවාදය ගැන චීන අධිරාජ්‍යවාදය ගැන, චීන ලිබරල්වාදය ගැන කතා කරීම අත්‍යන්තව වැදගත් වනු ඇත. ඒ අතර ඉහත සමස්ථය පිළිබඳව නිහඬව හැදෑරීම කරන ගමන්, ලංකාව වෙනස් කළ හොත් එය ඉදිරිය සඳහා ප්‍රෙයෝජනවත් වනු ඇත. මේ සඳහා සිදුකර ගත යුතු පළමු වැන්න නම් පැවැත්මේ ලෝක දැක්මෙන් හා අනන්‍යතා ලෝක දැක්මෙන් ඔබ්බට ගමන් කිරීමය. එනම් පැවැත්ම සඳහා කරන දේශපාලනයත් අනන්‍යතාව රැක ගැනීම සඳහා කරන දේශපාලනයත් හඳුනා ගනිමින් ඉන් සුසමාදර්ශී වෙනසක් කිරීමය. මෙය, “මමයි අහවල් පක්ෂයේ පොර , මමයි නායකයා, අපියි මාක්ස්වාදී, මමයි නියම සමාජවාදී, ලෙනින්වාදී, ජාත්‍යන්තරවාදී“  යනාදී අනන්‍යතා දෘෂ්ටීන්ගෙන් ගොඩනංවා ඇති පැවැත්මේ සීමාවන් පුළුල් කළ යුතුව ඇත. එසේ නොකරන්නේ නම් ඉර එලියට හසු වූ අයිස් කැටයක් පරිද්දේන් දයවනු ඇත. පොලොවට පස්වුවද මිනිසාට සමාජයට වැඩක් වනු නොමැත. එපමණක් නොව අපට ඔබට යහතින් සිටීමට ඉඩ දෙන්නේ ද නැත. මන්ද අධිනිෂ්චය වී ඇති දෘෂ්ටිවාදයන් තුලින් කරන්නා වූ විනාශය තේරුම් නොයන බහුතර සම්මුතිය විසින් රටක ජාතියක විනාශය සඳහා සිය මිනීවල සකසා ගනිද්දී, ඊට සුදුසු වූ දයලෙක්තිකය වී  ඇත්තේ නන්නත්තාරත්වයම නිසාය. මෙම නන්නත්තාරවීම යන්න පාදඩ කරණය නොව ආත්මය භුවල්ලෙකු බවට පත්කිරීමය. මීට එකක් යැයි කිව හැකි හේතු කාරණා නොතිබුණද, හේතුව එකක් ලෙස කල්පනා කරන සමාජය වෙනස් කරන්නට වෙහෙසෙන චින්තකයන්  ද නන්නත්තාර වී ඇත්තේ මෙම භූවලු දයලෙක්තිකයන් හා ඒකීය දිශාවක් වෙත කේන්ද්‍රීය වීම නිසාය. අනන්‍යතා දේශපාලනයෙන් ඔබ්බට විතැන් වීමට ඇති නොහැකියාව හා අනවබෝධය නිසාවෙනි. එබැවින් අගතිය නපුර හා එහි දුගඳ හඳුනා ගැනීමට සූදානම් නොවීම යනු ඩාවිවින්ගේ නියාමයට හසු වීමකි.

උදය ආර්.තෙන්නකෝන්

‘දෙමළාගේ ප‍්‍රශ්නය කුමක්ද ?’ ගැන කෙටි සටහනක්

tamils question

නිර්මාල් රංජිත් දේවසිරි විසින් රාවය පුවත් පතට හා demalageprashnaya.wordpress.com   බිලොග් අඩවියට ලියමින් සිටින ‘දෙමළාගේ ප‍්‍රශ්නය කුමක්ද?’ ලිපි මාලාව ඉතා උනන්දුවෙන් කියවමි. මෙම ලිපි මාලාව සම්බන්දයෙන් මාගේ උනන්දුව ඇති කරන ප‍්‍රධාන කාරණය වන්නේ, මා දන්නා තරමින් සිංහල සමාජය තුළ මෙවැනි ප‍්‍රවේශයකින් සිංහල ජාතික චින්තන කථිකාව ප‍්‍රශ්න කිරීමක් මා දැක නැති බැවිනි. ලංකාවේ වාමාංශික ව්‍යාපාරය කිසි දිනක ජාතික චින්තන කථිකාව විදිමත් ලෙස ප‍්‍රශ්න කිරීමට සමත්වී නැත යන්න මගේ විශ්වාසයයි. එය එසේ වීමට බලපෑ ප‍්‍රධාන කාරණා දෙකක් ඇත. එක කරුණක් වන්නේ වාමාංශිකයන් බහුතරයක් අතර පවතින මතයක් වන, සිංහල ජාතිවාදීන්  සමග සංවාද කර වැඩක් නැත යන මතයයි. අනික් කාරණය වන්නේ සිංහල ජාතිකවාදී කතිකාව සම්බන්දයෙන් කරනු ලබන ප‍්‍රශ්න කිරීම එම කථිකාවෙන් පිටත සිදුවීමයි. සිංහල ජාතික චින්තන කථිකාව විදිමත්ව ප‍්‍රශ්න කිරීමට නම්, එම කථිකාව එම කථිකාව තුළම ප‍්‍රශ්න කල යුතුය. නිර්මාල්ගේ ලිපි මාලාව හරහා සිංහල ජාතික චින්තන කථිකාව එම කථිකාව තුළම ප‍්‍රශ්න කිරීමට මුලපුරා ඇතයි සිතමි. ජාතික චින්තන කථිකාව සම්බන්ධයෙන් වන මෙම විදිමත් ප‍්‍රශ්න කිරීමේ වැදගත් කම අවධාරනය කරන අතරම දෙමළාගේ ප‍්‍රශ්නය ලංකාවේ ප‍්‍රධානතම ප‍්‍රශ්නය වශයෙන් පිලිගැනීම තුළ දකුණේ සමාජය තුල පදනම් වන ප‍්‍රගතිශීලි දේශපාලන ව්‍යාපාර, සමාජ ව්‍යාපාර හා දේශපාලන පක්ෂ පැටලෙන අර්බූදයද අප හදුනාගතයුතු යැයි සිතමි.

දකුණේ වාමාංශික දේශපාලන ව්‍යාපාරයන් දෙමළ ජාතික ප‍්‍රශ්නය ලංකාවේ ප‍්‍රධානම ප‍්‍රශ්නය වශයෙන් ගෙන ක‍්‍රියාකිරීම තුළ සිදුවී ඇත්තේ දකුණෙ වැඩකරන සහ පිඩිත ජනයාගේ ප‍්‍රධාන දේශපාලන හා සමාජ ප‍්‍රශ්න ද්විතීක කොට සැලකීමයි. නමුත් දකුණේ රැුඩිකල් දේශපාලන ව්‍යාපාරයන්ට විප්ලවීය දේශපාලන භාවිතයක් ගොඩනගා ගැනීමටත්, විප්ලවීය විකල්පයක් ගොඩනගා ගැනීමටත් අවශ්‍ය වන්නේ්ම් තමන් පදනම් වන ප‍්‍රජාවන්ගේ සමාජ, දේශපාළන හා ආර්ථික අවශ්‍යතාවයන් ස`දහා මූලිකත්වය දිය යුතුව ඇත. දකුණේ ප‍්‍රජාවන්ගේ අයිතීන් සදහා මූලිකත්වය දීම තුළ විකල්පයක් ගොඩනගාගැනීම තුළ පමනකි අනෙකුත් පීඩිත ජාතීන්ගේ සම අයිතීන් වෙනුවෙන් අපට ශක්තිමත්ව පෙනීසිටිය හැකිවනු ඇත්තේ.

වර්තමානයේ ලංකාවේ ‘ජාතික ප‍්‍රශ්නය’ උතුරු නැගෙනහිර දෙමළ ජනයාගෙ ප‍්‍රශ්නයට පමණක් ඌණනය කිරීමටද නොහැක. ලංකාවේ ජනවාර්ගික ගැටලුව උතුරු නැගෙනහිර වසන දෙමළ ජනයාගේ ප‍්‍රශ්නයට එහා ගිය සංකීර්ණ ස්වරූපයක් ගෙන ඇත. මෙයට මුස්ලිම් ජනයා ගේ ප‍්‍රශ්නයද ඇතුලුව බොහෝ සාදක එකුවී ඇත.

පැවති පලාත් සභා මැතිවරණය තුළ විමල් වීරවංශ ඇතුලු සිංහල අන්තවාදී කොටස් ස`දහා වැඩි ජන්ද ප‍්‍රමාණයක් නොලැබීම මගින් සිංහල අන්තවාදී මතවාදය ස`දහා සිංහල සමාජය තුළ සුජාතබාවය හැකිලෙමින් පවතින බවට නිගමනය කල නොහැක. සිංහල සමාජය තුල වන සිංහල අන්තවාදී මතවාදය පැවති පලාත්සභා මැතිවරණය තුළදී එක්සත් ජනතා නිදහස් සන්ධානය ලැබු ජන්ද තුළම අඩංගු වූවාය යන්න මාගේ පිළිගැනීමයි’  අනෙක් අතට  සරත් ෆොන්සේකා ලැබූ ජන්ද තුළ ප‍්‍රධාන වශයෙන් අඩංගු වන්නේ ද සිංහල ජාතිවාදී විඤානයකින් දෙන ලද ජන්දයන්ය. සරත් ෆොන්සේකාට ජන්දය දුන් ග‍්‍රාමීය ජන්දදායකයා ඔහුට ජන්දය දෙනු ලැබුවේ රට දෙමළ ත‍්‍රස්තවාදයෙන් මුදවා ගත් අභීත සෙන්පතියෙකුට දෙන සිංහලයකුගේ ජන්දයක් වශයෙනි. මෙවැනි පසුබිමක දෙමළ ජාතික සන්ධානය ලැබු මෙම මැතිවරණ ජයග‍්‍රහනයෙන් පසු අනාගත ලංකාවේ දේශපාලන වර්ධනයන් කුමන ස්වරූපයක් ගනු ඇතිද?

දෙමළ ජාතික සන්ධානය උතුරේ ලැබූ විශීෂ්ඨ මැතිවරණ ජයග‍්‍රහනය ස්ව්‍යංනීර්න අයිතිය සම්බන්ධව උතුරේ දෙමළ ජනයාගේ අභිලාශය නැවත ප‍්‍රකාශවීමක් බව ඉතා පැහැදිලිය. මින් අනතුරුව මහින්ද රාජපක්ෂගේ සිංහල උත්තමවාදී රජය තවදුරටත් ‘උතුරේ වසන්තයක් ’ වෙනුවෙන් මුදල් වැය නොකෙරුනු ඇත. උතුරේ සංවර්ධනය ස`දහා රජය මගින් වෙන්කරන ප‍්‍රතිපාදන ඉදිරියේදී  සිමා කිරීමක් බලාපොරොත්තු වියහැක. එවැනි තත්වයක් තුළ දෙමළ ජාතික සන්ධානයේ පදනම උතුර තුළ පවත්වා ගැනීමට දෙමළ ජාතිකත්වය ගොඩනැගීමේ ක‍්‍රියාවලිය ස`දහා වැඩි අවධානයක් දීමට දෙමළ ජාතික සංධානය යොමුවනු ඇතැයි සිතමි. මෙහි ප‍්‍රථිපලය වනු ඇත්තේ උතුරේ දෙමළ ජාතිකත්වය ගොඩනැගීමේ ක‍්‍රියාකාරීත්වයන්ට එරෙහිව දකුණේ සිංහල අන්තවාදී කොටස් විසින් සිංහල සමාජයේ මතවාදය සංවිධානය කිරීමට උත්සහා කිරීමයි. දරුණු ආර්ථික අර්බූදයක ගිලීයමින් සිටින රාජපක්ෂ රෙජීමයේ පදනම දකුණේ සිංහල ජනයා මත නැවත වටයකින් තහවුරු කරගැනීම ස`දහා මෙම තත්වය ඉතා උපක‍්‍රමශීලී ලෙස රාජපක්ෂ රෙජීමය විසින් කලමණාකරනය කරගැනීමට උත්සහ දරනු ඇත. මෙවැනි තත්වයක් තුළ දකුණේ වාමාංශික ව්‍යාපාරයන් දකුණේ වැඩකරන ප‍්‍රජාවන්ගේ ප‍්‍රශ්න මත ප‍්‍රධන වශයෙන් පදනම්ව තම දේශපාලන අරගලයන් ඉදිරියට ගෙනයාම තුළ පමනකි මෙම පවතින රෙජීමයට එරෙහි පැහැදිළි විකල්පයක් ගොඩනගාගත හැකිවනු ඇත්තේ. මෙවැනි විකල්පයක් ගොඩනගා ගැනීමකින් පමනකි පීඩිත ජාතීන්ගේ සමඅයිතීන් වෙනුවෙන් ශක්තිමත්ව පෙනීසිටිය හැකිවනු ඇත්තේ.

සිංහල උත්තමවාදයෙන් සිංහලයාව ‘ගලවා ගැනීමටනම්’ දකුේණ් වාමාංශික ව්‍යාපාරයන් දකුණේ සමාජය මුහුන දෙන සමාජ, දේශපාලන හා ආර්ථික ප‍්‍රශ්න කෙරෙහි මුල්තැන දී එම ප‍්‍රශ්න සම්බන්දයෙන් අරගල කර යුතුය යන්න මාගේ විශ්වාසයයි. දකුනේ වෙසෙන ප‍්‍රජාවන්ගේ සමාජ, දේශපාළන සහ ආර්ථික ප‍්‍රශ්න කෙරෙහි මූලිකත්වය දී අරගලකරන දේශපාලන ව්‍යාපාරයන් සමග නිර්මාල් විසින් ජාතික චින්තන මතවාදය ප‍්‍රශ්නකරනු ලබන ප‍්‍රවේශය වැනි ප‍්‍රවේශයන් සමපාතවීමෙන් පමනකි අපට දකුනේ සැබෑ විකල්පයක් ගොඩනගාගතහැකි වනුඇත්තේ.

නෙවිල් උදිත වීරසිංහ

නැවත 1948 ට පැමිණීම – රන්ජිත් හේනායක ආරච්චි

Image 

ඡන්දය අවසන් වී ඇත. ප්‍රතිඵල වලින් ලංකා සමාජය ගැන පැහැදිලි රූපයක් මවාපාන අතර තේරුම් ගන්නේ නම් රටටම හොඳ පණිවිඩයක් දෙනු ලබයි. යුද්ධයෙන් බෙදූ රට, යුද්ධයෙන් පසු ද එක් වූයේ නැත. පාලකයින්ට එසේ එක් කිරීමට වැඩ පිළිවෙලක් මෙන්ම වුවමනාවක් තිබුනේ නැත. උතුරට පැහැදිලි හමුදා පාලනයක් ද දකුණට ආධිපත්‍යවාදී පාලනයක් ද පැවතුණි. ඡන්දය පාවිච්චි කිරීමේදී උතුරේ ජනතාව තමන්ගේ අයිතීන් දිවි දෙවනුකොට සලකන බවක් පෙන්නුම් කරමින් තමන්ගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය වෙනුවෙන් පෙනී සිටින බව පෙන්වා ඇත. බත් පතට, අරක්කු ටිකට, සාරියකට ගැති ගොස්තරවාදී දේශපාලනයකට ඇබ්බැහි වී ඇති දකුණෙන්, දකුණේ ඡන්දදායකයන්ගෙන් ඔවුන් පැහැදිලිවම වෙනස් බව පෙන්වා ඇත.

එයින් පෙන්වන්නේ රට ධ්‍රැවීකරණය වී ඇති බවයි.  ඒ එක් පැත්තකින් නොව විවිධ පැති වලිනි.

සිංහල ඡන්දදායකයා අති සිංහල ජාතිවාදයට මෙන්ම ගොස්තරවාදයකට (මුදලට, රැකියාවට ද්‍රව්‍යමය පගාවකට වැනි )ඡන්දය පාවිච්චි කරන විට දෙමළ ඡන්දදායකයා තම ප්‍රජාතාන්ත්‍රීය අයිතීන් වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරමින් පැහැදිලි දේශපාලන මිනිසුන් බවට තමන් පත් වී ඇති බව පෙන්නුම් කරයි.

එමෙන්ම සිංහල ඡන්දදායකයා සිංහල ජාතිවාදයේ හික්මීයන්, නළාකරුවන්, කසකරුවන්, පසුපස නොව පැහැදිලි සිංහල ජාතිවාදී බලවේගය වන නැතිනම් ජාතිවාදයේ මුදුන් මල්කඩ ලෙස ඔවුන් සලකන මහින්ද බලවේගය සමග පෙළ ගැසී ඇත. සිංහල ජාතිවාදයෙන් මිදුන ඡන්දයක් දකුණේ නැති තරමට දකුණ සිංහල ජාතිවාදය තුල ධ්‍රැවීකරණය වී ඇත.

මෙහිදී දෙමළ ඡන්ද දායකයා දේශපාලනීකරණය වීම තුල ද සිංහල ඡන්දදායකයා සිංහල ජාතිවාදී වීම තුල ද පැහැදිලි ධ්‍රැවීකරණයක් පෙන්නුම් කරයි.

ඡන්දයෙන් පසු පෙන්නුම් කරන අනිකුත් ඛේදවාචකය වන්නේ සිංහල දේශපාලන පක්ෂ, වමේ කියා ගන්නා පක්ෂ ඇතුලත්ව ඡන්දයේ ප්‍රතිඵල වැරදියට කියවීමයි. උතුරේ ජනයාගේ දේශපාලණීකරණය වූ ඡන්දය ඔවුන් විග්‍රහ කරන මුග්ධ ආකාරය තුලින් එය පැහැදිලි වෙයි.

‘උතුරු පළාතේ සෑම දිස්ත්‍රික්කයකම දෙමළ සන්ධානයට 2/3 ජනතා වරමක් දී ඇත. පසුගිය වසර 3 පුරා රජය විශාල ලෙස වියදම් දරා ගෙන ගිය සංවර්ධන වැඩපිලිවෙල ප්‍රමාණවත් වී නැත.’ –  වාසුදේව නානායක්කාර

‘උතුරු වසන්තය තුලින් දැවැන්ත සංවර්ධනයක් උතුරට යොමු කර රාජපක්ෂවරුනට කළගුණ සැලකීම වෙනුවට ඔවුන්ට මුල අමතක වෙලා ‘ – බැසිල් රාජපක්ෂ

‘උතුරු පළාතේ ඡන්ද ප්‍රතිඵලය බරපතල තත්වයක් මතුකර තියෙනවා. එම ප්‍රතිඵලයෙන් ජාතිවාදය, බෙදුම්වාදය තහවුරු වෙලා තියෙනවා……….උතුරේ ඡන්දයට ඇත්තේ ජාතිවාදී පදනම තමයි. T.N.A. දිනා තිබීම බෙදුම්වාදයේ ජයග්‍රහණයකි’

– ටිල්වින් සිල්වා

මේ ඉහතින් දැක්වෙන්නේ ජ.වි.පෙ, වාසු සහ නිදහස් සන්ධානය වැනි අයගේ දැක්මයි. මෙයට අමතරව දේශපාලන විචාරයන් ලියන විචාරකයන් ඉතා ටික දෙනෙකු හැර වැඩි දෙනා මෙම ඡන්දය විග්‍රහ කර ඇත්තේ දෙමළ ජාතිවාදයට දෙමළ ජනයා ඡන්දය පාවිච්චි කර ඇති බවයි. ඔවුන් වැඩි දෙනාට නොපෙනෙන දේ වන්නේ

*දෙමළ ඡන්දය පැහැදිලිවම දේශපාලනීය වූ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් පෙනී සිටින අතර සිංහල ඡන්ද ජාතිවාදය තුල ගිලී ඇති බවයි.

*වමේ සහ රජයේ මෙන්ම සිංහල දේශපාලන ක්‍රියාවෙන් පමණක් නොව දර්ශණයෙන් ද ගොස්තරවාදී වී ඇති බව.

මේ ඉහත දේශපාලකයන් කියන්නේ වැඩිපුර ද්‍රව්‍යමය වාසි ඇති කලා නම් දෙමළ ජනයා සිංහල පක්ෂ වලට ඡන්දය දෙනු ලබනු ඇති බවයි.

මෙයින් රටේ දේශපාලනය වටහා ගත හැකි වනු ඇත. කෑමට බීමට යමක් දී පාරවල් දෙකක් තුනක් හැදුවා නම් කළගුණ සැලකිය යුතුයි. (ඇත්තෙන්ම මෙය පගාකාරී මානසික තත්වයකි)

21 වන සියවසේ දේශපාලනය යනු පාරක් හැදීම නොව මිනිසුන්ගේ නිදහස සහ අයිතීන් තහවුරු කිරීමේ දේශපාලනයක් විය යුතු බව ඔවුන් වටහා ගෙන නොමැත. කෑම බීම හෝ පාරවල් තැනීම ද මෙම අයිතීන්වල කොටසක් පමණි. (ලංකාව පුරා පාරවල් වලට කොන්ක්‍රීට් දැමීමේ ‘කොන්ක්‍රීට් වනාන්තර’ වැඩ පිළිවෙල මහින්ද රජයේ වැඩපිලිවෙලින් නොව ලෝක බැංකුවේ වැට සටහනකි)

ලංකාවේ දේශපාලන බලධරයන්ට හදුනාගැනීමට අවශ්‍ය  නම් අද මේ ඡන්දයෙන් පැහැදිලිවම දෙන ප්‍රධාන පණිවිඩය වන්නේ රටේ ජාතික ප්‍රශ්ණය වසර 65 ක රවුමක් කැරකී නැවත 1948 යටත් විජිතවාදීන් අපට රට භාරදී යන විට තිබූ තැනට නැවත පැමිණ ඇති බවය.

මේ වසර 65 ක පාරාවලල්ල කැරකී නැවත තිබුණ තැනට පැමිණ ඇත්තේ කොපමණ විනාශයක්, කොපමණ ජීවිත ප්‍රමාණයක් බිලිගෙන ද යන්න මා විස්තර කළයුතු  ද නැත. දෙමළ ජනයාගේ අයිතීන් සාමකාමී ලෙස ඉල්ලීමට එරෙහිව ප්‍රචන්ඩත්වය යෙදවීමේ හේතුවෙන් දෙමළ ප්‍රචන්ඩත්වය ඇතිවීම හා වසර 27 ක යුද්ධයක් විසින් රටම විනාශයට ඇද දැමීය. මිනිස් ජීවිත ලක්ෂ ගණනක් ද , මිලියන් ගණනක් අනාථයක් සහ සරණාගතයන් ද බිහි කලේය. සම්පූර්ණයෙන්ම මානසික ආබාධයකට ගොදුරු වූ ජන සමාජයක් උතුරේ මෙන්ම දකුණේ  ද ඉතිරි කරනු ලැබීය. අද වන විට ලංකා සමාජය තුල අරක් ගෙන ඇති අපරාධ සහ ඒවායේ ස්වභාවය විග්‍රහ කරන්නේ නම් ඒවාට මූලික හේතුව යුද්ධයේ අතුරු ප්‍රතිඵල බව පැහැදිලි කර ගත හැකි වනු ඇත.

කෙසේ වුවත් මෙපමණ විනාශයන්ට මුහුණ දී හෝ දෙමළ සමාජය ඉතා බුද්ධිමත් සහ පැහැදිලි මනසකින් යුතුව මෙම ඡන්දයේදී තම ඡන්දය තුලින් දේශපාලන වුවමනාව පැහැදිලිව ඉදිරිපත් කර ඇත. ඒ වෙනුවට දකුණේ ඡන්දය පවුල්වාදයට ගොස්තරවාදයට සහ ජාතිවාදයට යට වී තිබේ.

1948 නිදහස ලබන විට සුදු අධිරාජ්‍යවාදීන් විසින් අපට ඉතිරි කර ගිය ලංකාව දෙසට මොහොතකට හැරෙමු.

*එකම පරිපාලනයකට යටත් කළ ලංකාවක්

*දියුණු අධ්‍යාපන ක්‍රමයක්

*නීතියේ ආධිපත්‍ය ඇති රාජ්‍ය පද්ධතියක්

*පුද්ගලයා සතු අයිතීන්ට නීතියේ රැකවරණයක්

*තමන්ගේ ඡන්දයෙන් තම නියෝජිතයා තෝරා ගැනීමට ඇති අයිතිය

*මුළු රට පුරා විහිදුන මංමාවත් සහ දුම්රිය මාර්ග පද්ධතියක්

මේ මා ඉහත ඉදිරිපත් කරන්නේ විජිතවාදීන් අපට උරුම කරන ප්‍රජාතන්ත්‍ර අයිතීන් ( මේවා පූර්ණ ඒවා නොවූවද) කොටසකි. නමුත් අධිරාජ්‍ය වාදීන් අප රට යටත් කර ගන්නා විට

*ලංකා දූපත රාජ්‍යයන් ගණනාවක් වෙන් වෙන්ව පැවැතුනු භූමියකි.

*අධ්‍යාපනය හිමිව තිබුණේ රදලයන්ට සහ හාමුදුරුවරුන්ට පමනි.

*නීතිය වූයේ ඒ ඒ රජුගේ සහ පළාත් පාලනය කළ නිලමේලා ගේ කැමැත්තය.

*පුද්ගලයා අයිති වූයේ රජුට සහ රදලයන්ටය.

*යටත් වැසියා නැත්නම් එදා අප හැඳින්වූ ආකාරයට ‘ගැත්තාව’ අයිතීන් කියා දෙයක් තිබුණේ නැත.

*නායකයන් පත් කර ගැනීමට යටත් වැසියාගේ කැමැත්ත සැලකුවේ නැත.

*මුළු රට පමණක් නොව ගම් නියම්ගම් පවා වන ලැහැබ් තුලින් වෙන් වී තිබූ අතර යාපනයේ සිට කොළඹට යා යුතු වූයේ ගොන් තවලම් වලිනි. එය ද අලි, වලස් ප්‍රහාර මැද ය. උඩරටට යාමට ද එකා පසුපස එකා යන ගිරි දුර්ග මැද පයින් ගමනකි.

සුද්දා ගල නොවිද්දානම් උඹලත් තාමත් ඉන්නෙ අමුඩය පිටින්’  යන කියමන ෂෙල්ටන් පයාගල කලාකරුවාගේ කියමනකි.

මේවා ලියන්නේ අප අගය කළ යුතු දෙය අගය කිරීමටත් පිටු දැකිය යුතු දෙය පිටු දකින්නටත් නොදන්නා දේශපාලනයක් තුල සිර වී සිටි බැවිනි.

කෙසේ වුව ද මම මගේ තේමාවට එමි. 1948 ඡන්දයෙන් බලයට පත් වූ පාර්ලිමේන්තුවම පුරවැසි පනත මගින් උඩරට දෙමළ ජනයාගේ පුරවැසි අයිතිය අහෝසි කරනු ලබයි. ඒ වන විට රටේ දළ ජාතික ආදායමෙන් 2/3 ලැබුනේ තේ වලිනි. එසේ මුළු රටම ඔවුන් මත යැපුණා වුනත් අපට ලැබුණු පලමු අවස්ථාවෙන්ම අපි ඔවුන් රටක් නැති මිනිසුන් බවට පත් කළෙමු.

එදා දෙමළ ජනයාට මුහුණ දීමට සිදු වූ තත්වය සැලකිල්ලට ගත් දෙමළ නායකයින් තමිල් අරිසකච්චි නැතිනම් ෆෙඩරල් පක්ෂය ගොඩ නැගූ අතර දෙමළ ජනයා ස්වයං පාලන ඒකක සහිත සංධිය ක්‍රමයක් ඉල්ලා සිටිනු ලැබීය.

මෙම ඉල්ලීම් වටහාගෙන එයට සාධාරණ විසඳුමකට ඒම වෙනුවට 1956 දී මුළු රටේම දෙමළ ජනයාට දෙවැනි තැනකට ඇද දමමින් සිංහල පමණක් රාජ්‍ය භාෂාව බවට පත් කරනු ලැබීය.

1972 දී ලංකාවේ එතෙක් තිබූ ව්‍යවස්ථාව අහෝසි කර අලුත් ව්‍යවස්ථාව  තුලින් එතෙක් සුළු ජනවර්ගවලට ව්‍යවස්ථාවේ 29 වන වගන්තිය තුලින් හිමි කර තිබූ ආරක්ෂාව අහෝසි කරනු ලැබීය. එපමණක් නොව 1972 ව්‍යවස්ථාව තුලින් බුද්ධාගම රාජ්‍ය ආගම ලෙස නම් කරනු ලැබීය. එතෙක් රටට තිබූ නම  ‘ලංකාව’ වෙනුවට  පක්ෂයක නමක් වූ ‘ ශ්‍රී ලංකා ‘ ලෙස නම් කරනු ලැබීය. එයින් පසු ලංකාව, ශ්‍රී ලංකාව විය.

1978 ව්‍යවස්ථාව මුළු දේශාපාලනය ඒකාධිපති ජනාධිපති ක්‍රමය සහිත ව්‍යස්ථාවකට යටත් කරනු ලැබීය. 2010 දී 18 වන ව්‍යවස්ථා සංශෝධනය තුලින් රට තුල ඉතිරිව තිබූ ප්‍රජාතන්ත්‍රික ව්‍යුහයන් ද වල පල්ලට යවනු ලැබීය.

මේ මා ඉතා කෙටියෙන් සටහන් කලේ යටත් විජිතවාදීන් මේ රටේ ජනතාවට තහවුරු කර තිබූ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් මේ රට ස්වදේශීය පාලකයින් විසින් එකින් එක කප්පාදු කර දැමූ අයුරුය. පහත ප්‍රස්ථාරයෙන් එය පැහැදිලිව පෙනේ. (මෙසේ ස්වදේශීය පාලකයන් ප්‍රජාතන්ත්‍ර අයිතීන් කප්පාදු කර දැමූ සහ ජනතාව එයට ඉහට උඩින් කැමැත්ත දීම වෙනම ලිපියකින් විග්‍රහ කළ යුතු මනෝභාවයකි.)

ඉතින් නැවත වසර 65 ක පරාවලල්ල කැරකී ජාතික ප්‍රශ්නය 1948 සිටි තැනට පැමිණ ඇත. පණිවිඩය හදුනා ගන්නේ නම් පමා වී වැඩි වූවා වුවත් තවමත් විසඳුම් ඇත.

දෙමළ ජනයා තම දෑත දිගුකර සහයෝගයෙන් දේශපාලන විසඳුමකට ඒමට ඇති කැමැත්ත මෙම ඡන්දයෙන් පැහැදිලි පෙන්නුම් කර ඇත.

දෙමළ ජනයාට පමණක් නොව මුළු ලංකාවේම ජනයා ප්‍රජාතන්ත්‍රවාදයේ හිඟයකින් පෙලේ. දෙමළ ජනයාගේ නැතිනම් සුළු කණ්ඩායම්වල අයිතීන් තහවුරු වන දේශපාලන බල බෙදීමකින් අරභා රට තුල ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍ය නැවත තහවුරු කිරීමක දේශපාලනයකට රට තුල අඩිතාලම නොදමන්නේ නම් රට තව තවත් ධ්‍රැවීකරණය වී යනු ඇත. අඩුම තරමින් එක්සත් බවත් රැක ගැනීමට නොහැකි මට්ටමක රට පත් වීම වැලැක්විය නොහැකි වනු ඇත.

ඉතිහාසයේ සරදමක් මෙන් සුදු අධිරාජ්‍යවාදීන් අපට පවරණවිට දකුණේ සිට කන්කසන්තුරේ දක්වා දුම්රිය මාර්ගයක් තිබුණි. අද එය ඇත්තේ කිලිනොච්චිය දක්වා පමනි. ජාතික ප්‍රශ්ණය ද එසේමය. එදා යම් ප්‍රජාතන්ත්‍රවාදයක් සුළු ජාතීන්ට හිමිව තිබිණ. අද ඔවුන් සතු ඒ එදා තිබූ අයිතීන් ද අහිමි කර ඇත. හරියටම කන්කසන්තුරේ දක්වා තිබූ දුම්රිය අද කිලිනොච්චිය දක්වා පමණක් තිබෙන්නාක් මෙනි.

නමුත් ලංකා දේශපාලන බල අධිකාරිය වටහා ගත යුතු වැදගත්ම දෙය 1948 ලංකාවේ ජන අයිතින් ගැන ජාත්‍යන්තර ප්‍රජාව දැක් වූ විමසිල්ල මෙන් සිය ගුණයකට එහා ගිය විමසිල්ලක් ජාත්‍යන්තර ප්‍රජාව අද ලංකාවේ සුළු ජන ජන කණ්ඩායම් වල අයිතීන් ගැන දක්වන බවයි. අනෙක් අතින් 1948 මිනිසුන්ගේ ජ්‍රජාතන්ත්‍ර අයිතීන් ගැන ලෝකය තිබූ තැනින් විශාල ඉදිරියකට අද ලෝකය ගමන් කර ඇති බවයි.

එනිසා පැරණි ප්‍රස්ථා පිරුළක් වන ‘දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ’ යන කියමනෙන් මේ කෙටි සටහන අවසන් කරමි.

රන්ජිත් හේනායක ආරච්චි

අඳුරු රටක සොඳුරු සුදු රෝස මල- සුනිලා අබේසේකර

sunila

 

සුනිලා අබේසේකර මහත්මියගේ අභාවයට කරන ගෞරවයක් ලෙස ඇය පිළිබඳ මතක මතවදයන් අතර රංජිත් හෙන්නායකාරච්චි සමඟ කරන ලද සාකච්ඡාවක්

චරිතයක් නොමැති පිළිකන්නේ නළුවා: ශෙල්ටන් පයාගල

220px-SheltonPayagalaImage

ශෙල්ටන් පයාගල – ශුද්‍ර මිනිසෙකුගේ චරිතාපදානය:

පළමු කොටස මෙතැනින්

 2 කොටස

අසූව දශකයේ අග භාගය තුල  දියත් වූ මර්ධනයෙන් පසුව හෙමිහිට නැගිට ආ දකුණු සමාජය යම් ආකාරයක නිහඬ බවක් අත්කරගත් අතර කොළඹ කේන්ද්‍රකරගනිමින් බොහෝ තරුණ පිරිස් කැරකෙන්නට විය. එක් පැත්තකින් අත්අඩංගුවට පත්ව ජීවත් වීමට හැකි වූ ජවිපේ තරුණ තරුණියන් සෘජු පුනුරුත්තාපනයකට ලක් කළ අතර තරුණ සේවා සභාව තරුණ අසහනය සමනය කිරීමට ඇති කළ සමාජීය ආයතනයක් යැයි කීම වඩාත් නිවැරදි විය හැකිය. විවිධ විෂයයන් මූලික කර ගනිමින් තරුණ හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවත්, හා එය වඩාත් සජීවී කිරීම පිණිස විවිධ කේෂ්ත්‍රයන් නියෝජනය කරමින් තරඟ පවත්වන්නට විය. සාහිත්‍ය හා ක්‍රීඩා අංගයන් අතර ප්‍රමුක හා ජනප්‍රියත්වයක් අත්කර ගත් සංස්කෘතික මාධ්‍ය වූයේ යොවුන් නාට්‍ය තරඟයය. ලාංකීය නාට්‍ය කලාව තුල අසූවේ දශකය කැපී පෙනෙන කාල පරිච්ඡේදයක් වීම හා මර්ධනයෙන් පසුව පැමිණි අනූවේ දශකය තුල තරුණ ප්‍රශ්න හා දේශපාලනික කාරණා පසුබිම් කරගත් සංවාදගත නාට්‍ය කලාවක් මෙන්ම සාහිත්‍ය සංස්කෘතියක් ඇති විය. එය (තරුණ තරුණියන්ගේ මැදිහත් වීම) සාහිත්‍ය හා කලාවේ වර්ධනීය අවධියක් ලෙස හෝ උත්කර්ෂවත් කාලයක් යැයි කියනවාට වඩා, යළි සමාජයට ඇතුළු වීමේ දොරකඩක් බවට පත් විය. පුනුරුත්තාපනය වූ රුඩිකල් දේශපාලන සංවාදය කොළඹ කේන්ද්‍රකර ගනිමින් යලි ඉපදීමටත් තරුණ තරුණියන්ට එකතු වීමේ අවස්ථාත් ඇති කරන්නට විය.

 නාට්‍ය ඩැඩමුළු, පාඨමාලා විවිධ ගුරුකුල නියෝජයන කරමින් ඇති කළ සාහිත්‍ය හා කලා වර්ධනය හා එහි අරමුණු පරමාර්ථයන් මෙකල තරම් නිරුවත් නොවුවත් අඩුවැඩි වශයෙන් ග්‍රාමිය තාරුන්‍යෙය් අනන්‍යතා අර්බුදය හා තමා ඉදිරියේ ඇති සිහිනය කරා ගමන් කිරීමට ඇති පාලමක් ලෙස නාට්‍ය කලාව ප්‍රාථමික ගුරුවරයා විය. නාට්‍යයක රඟපැම හෝ නාට්‍යයක් නිෂ්පාදනය කිරීම, ඉන් අනතුරුව ඇතිවන පිළිගැනීම තුල ටෙලි නාට්‍ය හෝ චිත්‍රපට නළු නිළියෙකු හෝ අධ්‍යක්ෂවරයෙකු වීම ඉදිරි පියවර සහිත අපේක්ෂා විය. එහෙත් මෙම කාලය තුල මර්ධනයට ලක් කර තිබුණු ජවිපේ දේශපාලනික අවකාශය වක්‍රාකාරයෙන් ප්‍රකාශ කිරීමේ මධ්‍යස්ථානයන් ලෙස ඇති වුණු ගොණු වීම් අතර ජයලාල් රෝහණ හා ශෙල්ටන් පයාගල  යුගලය මූලිකව ක්‍රියා කළ ආකාරයත් ඔවුන්ගේ කැපවීම හේතුවෙන් කොළඹ කේන්ද්‍රීයව පැවැති කාලා එකාධීකාරය ගම් දනව් කරා ව්‍යාප්ත කිරීමට පුරෝගාමී විය. එවැනි ආකාරයේ තවත් අයගේ උත්සාහයන් අතර ශෙල්ටන් හා ජයලාල්ගේ විශේෂත්වය වූයේ ඒ සඳහා රැඩිකල් දේශපාලනික හා මාක්ස්වාදී දාර්ශනික ආස්ථානයක් එකලට සාපේක්ෂයව නියෝජනය කරන්නට වීමය. එහෙත් කාලයට හා සමාජ චලනයට ද පුද්ගලයින්ගේ හැසිරීම් හා මතවාදී ආස්ථනයන්ට අනුව හා තමන් ගොඩනැගු අපේක්ෂාවන් සඳහා නිසි නායකත්වයක් ලබාදීමට නොහැකි වීමේ දේශපාලන ගන්ධබ්භ බාවය ද එක් පසෙකින් ශෙල්ටන් පයාගල පිළිබඳ තබන මෙම සටනට එක් කළ යුතු වේ යැයි සිතමි. එය වෙනමම සාකච්ඡා කළ යුතු අතර එය ඉතාමත් වැදගත් වන්නේ සමාජ ව්‍යාපාර හා එහි වගකීම් මොනවාද යන්න තේරුම් ගැනිමටය.

කාලාව තුලින් දේශපාලනය කිරීමට තරම් ගැඹුරක් වූ කලාකරුවන් අපට හිමි වී නැති බවත්, කලාත්මක තරමට හදවත් කලාත්මක වූ මිනිසුන් නොමැති බවත් අනූව දශකයෙන් පසුව අප අත් විඳින සමාජයෙන් විහිදෙන පරාවර්තිත එලියෙන් පැහැදිලි වනු ඇති නිසා කලාව සාහිත්‍ය හා සංස්කෘතිය හරහා ඇත.

අතුරු පාරකට වාහනය හැරවීම

මා කොළඹට කේන්ද්‍ර වීමෙන් පුසුව, ජීවත් වීම පිණිස මුලින්ම සිකියුරිටි රස්සාව කරන අතර තුර සරසවිය පුවත්පතේ තිබුණු දැන්වීමක් දුටුවෙමි. එහි සඳහන්ව තිබුණේ රංගනය හා සිනමාව පිළිබඳ පාඨමාලාවක විස්තරයන්ය.බොරගැස්ගමුව තුරු සෙවන ෆිල්ම් ඇකඩමිය නම් ලිපිනයට මුලින්ම ඇයැදුම් කර එහි පාඨමාලාවක් හැදෑරුවේ මගේ මතකයේ හැටියට මසකට රුපියල් සියයක් හෝ දෙසියක් ගෙවීමෙනි. නිශාන්ත අල්විස් එහි මූලිකයා වූ අතර සිනමා තරුවීමේ සිහිනයේ ගම් දනව්වල සිට පැමිණි තරුණ තරුණියන් වශිකර ගැනීම පිණිස සම්මුක පරීක්ෂණ දිනයේ දී, එකල ජනප්‍රිය තරු වාඩිකරවීමට නිශාන්ත අල්විස් ඉතා දක්ෂයතු විය. ශෂී විජේනද්‍ර, ලාල් වීරසිංහ, කලංසූරිය,අනෝජා වීරසිංහ ආදී ඔහුගේ චිත්‍රපටිවල රඟ පෑ නළු නිලියන් ප්‍රදර්ශනය කරවමින් අනාගතයේ නිමවන චිත්‍රපටයේ චරිතයක සිහිනය උදා කළේ ඊට මිලක් එකතු කිරීමෙනි. ඉරිදා දිනයේ දී මහරගම අරලිය මන්දිරයේදී ඇති වැඩමුළුවට පැමිණීමට නියමිත ජනප්‍රිය නළු නිළියන්ගේ නම් පැවසුවත්, නිශාන්ත අල්විස්ට හිටි එකම ලාභදායක සම්පත් දායකයා වූයේ ඩේෂන් අමරසිංහය. ඔහු ජනප්‍රිය තරුවලට සාපේක්ෂව දක්ෂ නළුවෙක් යැයි කීම වරදක් නොවුවත්, ඔහු ජනප්‍රිය තාරකාවක් වූයේ නැත. මතකයේ හැටියට මුලින්ම කට හඬ අභ්‍යාසය යන පාඩමින් ආ..ආ….. ඕ…ඕ… යන්න හඬ නඟන්නට පුරුදු විය. නළුවකු නිළියෙකු වීමේ අපේක්ෂාව හා සිහිනයට, කටහඬ සම්බන්ධ කිරීමෙන් සිනමා පාසලේ තුන්මස අවසානයට නිෂ්පාදනය කරන ටෙලි නාට්‍යයට හා චිත්‍රපටයේ රඟපෑමේ වරම ලබා ගැනීමේ තරඟය හා සිහිනය තුල තුරුසෙවන තරු බැබලෙන්නට වූයේ මුදල මතය. බදුල්ලේ සිට පැමින සිටි පොත්ත සුදු හැඩකාර යැයි කිව හැකි තරුණියක් කාර්යාලයෙහිම නතර විය. ඇයට ප්‍රධාන චරිතයක් ලැබෙනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරන්නට විය.එහෙත් ඇය මුලින්ම නිශාන්ත අල්විස්ගේ අධ්‍යක්ෂණය ලැබෙන්නට ඇත. ඒ පිළිබඳ බොහෝ දෙනා කතා කරන්නට විය. පසුව බොහෝ අයගේ අත්වලට යන්නට ද ඇත. අදවන තුරු ඇය නිළියක් ලෙස නම් කිසිදු තැනක දැක නැත.

පාඨමාලාව අවසානයේ නිෂ්පාදනය කිරීමට නියමිත ටෙලිනාට්‍ය සඳහා චරිත තෝරා ගනු ලැබුවේ තමන්ට වියදම් කිරීමට ඇති මුදල් අනුවය. ප්‍රධාන චරිතයක් නම් රුපියල් විසිපන්දහසකි. සමීප රූපයක් සහිත චරිතයකට රුපියල් පන්දහසකි. රුපියල් දහස දක්වාද කන්නලව් කිරීමෙන් ලබා ගැනිමට තරම් මෘදු බවක් නිශාන්ත අල්විස් මහතා තුල තිබෙන්නට විය. මා මාසික මුදල හැරුණු විට කිසිදු මුදලක් ගෙවීමට උනන්දුවක් ඇති නොවීමට වු හේතු අතරට මුදල් නොමැති කමත් එකක් විය. ඒ අතර කාලයේ දී අපගේ සිනමා ගුරුවරයා වූ ඩේෂන්  අමරසිංහ එකල විජය කුමාරණතුංගගේ මහජන පක්ෂයෙන් දෙහිවල නගර සභාවට තරඟ කරන අපේක්ෂකයෙකු විය. ඔහු විසින් කරන ලද ආරාධනයට ගෝලයන් වශයෙන් ඉතා කැමැත්තෙන් ඔහුගේ ගෙදරට පැමිණ, කට්ලට් සැන්විචි පාන් අනුභව කොට ගාලු පාර දිගේ මැතිවරණ ප්‍රචාරයේ ඩේෂන් අමරසිංහට ජයවේවා කියු අප කිසිවකුට දෙහිවල ඡන්දය නොතිබිනි. ඔහුට කරන ලද සහයෝගයක් මිසක, මහජන පක්ෂය පිළිබඳ හැඟීමක් මා තුල පුද්ගලිකව නොතිබිණි. බාර්ලී විදුරුවක් බීමෙන් අනතතුරුව තුරුසෙවන සිසුන් විසිරී ගියහ.

සැලසුම් කළ අයුරින් නොවුවත් මතකයේ හැටියට කිසිදා විකාශනය නොවූ පිටපතක් නොමැති ඒකාංගික ටෙලි නාට්‍යයක් නිර්මාණය කරන්නට විය. මම මුදල් නොගෙවුවත්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ විශ්වවිද්‍යාල ශිෂ්‍යාෙග් ප්‍රධාන චරිතය රඟ පෑ නළුවාගේ ( ලා හිරු දහසක් ටෙලි නාට්‍යෙය් උදයරත්නගේ චරිතය රඟ පැ නළුවා) යාලුවන්ගේ යාලුවෙකුගේ චරිතය රඟ පෑමට වරම් ලැබිනි. චරිතයට නමක් නැති එක්ස් නැමැති චරිතය මුදල් නොගෙවා වුව ද වචන ස්වල්පයක් ද කියන්නට අවස්ථාව ලැබීමෙන් විනාඩි භාගයක් පමණ කළ රංගනය වෙනුවෙන් මා සතුටට පත් විය. එහෙත් එය කිසිදාක දුටුවේ නැත.

මුදල් ඉපයිමේ අරමුනින් මෙවැනි පාඨමාලා හතු පිපෙන්නාක් මෙන් බිහි වෙමින් තිබුණු කාලයක ඉහත කතාව කියා පෑමේ වැදගත්තම වන්නේ ජයලාල් රෝහණ හමුවීමත් ශෙල්ටන් පයාගල හමුවිමෙනුත් නිරායාසයෙන් සිදුවන සංසන්දය හේතුවෙනි. කිසිවිටක අයතා ලෙස මුදල් හම්බකිරීමට නාට්‍ය කලාව හෝ දේශපාලනය යොදා නෙගැනීමේ ගෞරවය හා ආදරය ඔවුන්ව දන්නා ඕනෑම අයෙකු තුල ඇති බව විශ්වාසය. ගම්වලින් පැමිණ කොළඹට අවතැන් වූවන්ට කර ඇති උදව් අනන්තය අප්‍රමාණය.

 .

රඹුක්කනින් අවසන් වූ  උසස් පෙළ අධ්‍යාපනය නැවත පටන් ගැනීමට බල කළ හිස්කම අවබෝධ වූයේ ද තරුණ සේවා සභාවේ ඉංග්‍රීසි හා ජනසංනිවේදය පාඨමාලාවන් හැදෑරීමෙනි. එකල ජයලාල් රෝහණ විසින් උසස් පෙළ නාට්‍ය කරණය විෂය නාරාහේම්පිට කිරිමණ්ඩල මාවතේ පංසලෙහි කරගෙන යන්නට වූ අතර නාට්‍ය කලාවට උනන්දුවක් ඇති බැවින් එයට සහභාගී වන ලෙස මට ද ආරාධනා කරන්නට වූයේය. ඒ වන විට අහඹු අවස්ථාවකින් උසස් පෙළ නැවත කිරීමට පැපිලියාන සුනේත්‍රා දේවි පිරිවනට ඇතුල් වුවත් නාට්‍ය කරණය එහි නොවු අතර මගේ විෂයයන් හතර අතර ද නොතිබිණි. එහෙත් ජයලාල්ගේ නාරාහේම්පිට පංතියට පැමිණ පිටු පසට වී සවන්දෙන්නට වූයෙමි. එහි සිටි ජයලාල්ගේ මිත්‍ර අජන්නත අලහකෝන් ද පංතිය පිටුපස සිටියේ පංතියට පැමිණෙන සිසුන්ගෙන් යම් ගාස්තුවක් ලැබෙන්නේ නම් එය එකතු කර ගැනීමටය. එසේම ජයලාල් හා අජන්ත  සමකාලින නාට්‍ය මිතුරන් වූ ඊට එක් වූ අනෙක් අගසව් වූයේ උපාලි ගම්ලත්ය. උපාලි ගම්ලත් විසින් නිෂ්පාදනය කරන ලද මහාමාරිය නාට්‍යෙය් ජයලාල් හා අජන්ත ද රඟ පෑ අතර ඔවුන්ගේ මිත්‍රකම් ඇති වී වර්ධනය වූයේ කෙසේ ද යන්න පිළිබඳ වැටහීමක් මා සතුව නැතත්, මෙම ත්‍රිත්වය යම් දේශපාලනික අදහසක එකඟතාවකින් සිටි බව එම කාලයට අනුව පැහැදිලිය. එම දේශපාලනික අදහසය ඉන්ධන සපයමින් පිටුපස සිටි දැවැන්ත මිනිසා වූයේ ශෙල්ටන් පයාගලය.තව ද නාරාහේම්පිට පංතියේ දී හමු අය අතර අතුල ලියනගේ ද, පානදුරේ ප්‍රියන්ත ද බත්තරමුල්ලේ නැටුම් ප්‍රියන්තද  යන අපි  පසුව උසස් පෙළ මිතුරන් බවට පත් විය. ඉන්පසුව ද අතුල,  ප්‍රියන්ත හා මා අතර පැවැති මිත්‍රකම් පැවැතියත් නැටුම් ප්‍රියන්ත නැටුම තුල ජිවිතය ගොඩනගා ගත් අතර ඉතිරි අපි තවත් දුරක් ඉතිහාසයේ ගමන් කරන්නට වූයෙමු. අඩු වැඩි වශයෙන් ජයලාල් ශෙල්ටන් පයාගල සහිත සම්බන්ධය තුල මෙම කාලය තුල බොහෝ සිදුවීම්ගෙන් ගහණ විය. එවා රසවත්, හරවත් සොඳුරු මෙන්ම විචාර විවේචන සහිතව අප අප වෙතට හැරී බැලීමට හැකි වේ නම් වඩාත් සුන්දර වනු ඇත. ඒ අතර වැදගත් කාලය ලෙස හැඳින්විය හැක්කේ ‘‘දිරිය කැදැල්ල,,සංස්කෘතික ව්‍යාපාරය බිහිකිරීමය.

ඒ පිළිබඳව පසුවට

උදය ආර්. තෙන්නකෝන්

සාඨකයා ඝාතකයා බව යළි යළිත් තහවුරු වේ

  Image

ප‍්‍රවීන මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතන අවමගුලේදී ප‍්‍රධාන තේමාව වූයේ .. සාඨකයා ඝාතකයා.. යන්නයි. එකී පාඨය වචනයකට පමණක් සීමා නොවී දිගින් දිගටම පවත්වාගෙන යාමට වර්තමාන පාලක සාඨකයා සමත්වී තිබේ. ලසන්තගේ ඝාතනයේ සිට මේ වන විට ඝාතනය කර හෝ අතුරුදහන් කර ඇති ප‍්‍රමාණය ගනන් හැදිය නොහැකි තරම්ය. ඔහු මෙතක් සිදු කර ඇති ඝාතන පෙළේ අවසන් ඝාතන බීමට පිරිසිදු වතුර ඉල්ලූ වැලිවේරිය ජනතාවගෙන් අවසන් විය. එය ඔහුගේ අවසන් ඝාතනය යැයි විශ්වාස කළ හැක්කේ කාටද?

විරුද්ධවාදීන් ඝාතනය කිරීම ඔහුගේ සංස්කෘතියයි. ඒ පිළිබඳ කිසිදු හෝ චකිතයක් අද ඔහුට නැත. ගව ඝාතනයට විරුද්ධ වෙමින් මිනිසුන් ඝාතනය කරන්නේ එදා 88-89 කාලවකවානුවේදී ඝවයන් මෙන් මිනිසුන් ඝාතනය කරන විට මිනිසුන් වෙනුවෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ගිය පුද්ගලයා වීම අප කෙසේ නම් තේරුම් ගන්නද?

ශ‍්‍රී ලංකාව තුළ මෙතෙක් බිහිවූ පාලකයන් අතර දක්ෂම ඝාතකයා(අනෙකුත් ඝාතකයින් අතර) ඔහුය. උතුරේ එල්ටීටීඊ සංවිධානයට එරෙහි යුද්ධයේදී ප‍්‍රභාකරන් ද ඇතුළු සිවිල් ජනතාව විශාල පිරිසක් ඝාතනය කිරීමට ඔහු විසින් නායකත්වය දුන් බැවින් දකුණේ සිංහල ජනතාන විසින් යුද්ධය අවසන් කළ නායකයා ලෙස දක්ෂතම ඝාතකයාට හිමි සම්මානය ඔහුට පිරිනමනු ලැබීය. මෙම සම්මානයත් සමඟ දැන් ඔහු සිතන්නේ ඔහුට කළ නොහැක්කක් නැත කියාය. ඒ අනුව ප‍්‍රගීත් එක්නැලිගොඩ වැන්නවුන් අතුරුදහන් වන අතර තමන්ට අත දුන් භාරත ලකෂ්මන් වැනි අය කුඩුකාරයින් ලවා ඝාතනය කරයි. සාමය හා සහජීවනය ගැන කථා කළ සහ වූවන් ත‍්‍රස්තවාදීන් වූ අතර, ත‍්‍රස්තවාදීන් (කේපී, කරුණා, පිල්ලෙයාන්, දයා මාස්ටර්, ඔහුගේ ගෝලයන් බවට පත් විය. යෝජිත විශ‍්‍රාම වැටුප් සංශෝධන පනතට එරෙහිව උත්ඝෝෂණය කළ කටුණායක රොෂාන්ලා සහ බීමට ජලය ඉල්ලූ වැලිවේරිය සාමන්‍ය වැසියන් හමුදාව යොදවා ඝාතනය කරීමට තරම් ඔහු මුරණ්ඩුය. ආරක්ෂක ලේකම් වන ඔහුගේ මල්ලීද උපන්ගෙයි ඝාතකයෙක් බවට චෝදනා වඩාත් තහවුරු වන්නේ මාතලේ සමූහ මිනී වලෙන් මතු වූ මිනිස් ඇට කැබලි තොගයත් සමගය.

වර්තමාන පාර්ලිමේන්තුවේ වැඩි කාලයක් හිදිමින් පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අත්දැකීම් ඇති සාඨකයා  අද රටේ පාලකයා බවට පත්වී පැහැරගැනීම්, භිය ගැන්වීම්, ඇන්දවීම් හා රුවැට්ටවීම් හරහා රට පාලනය කරන්නනේ පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය බල්ලාට දමමිනි. ඔහුට අද පාර්ලිමේන්තුව අවශ්‍ය වන්නේ ඔහුගේ ආරක්ෂාවට අවශ්‍ය පලිහක් ලෙස විනා ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ වුවමානවට නොවේ.

මිනිසුන් ඝාතනයට අමතරව තවත් විශේෂ දක්ෂතා ඔහු සතු බව කාගෙත් පිළිගැනීමයි. බොහෝ විචාරකයින් කියන්නේ බලවේග කළමණාකරනයේ ඔහු අති දක්ෂයෙකු බවයි. විපක්ෂය විනාශ කිරීමේ හැකියාව ඒ අතර ප‍්‍රධානය. ඊට කදිම නිදසුන නම් ලසන්තගේ ඝාතනයේදී සාඨකයා ඝාතකයා යැයි කී විපක්ෂයේ බොහෝ දෙනා අද සාඨකයාගේ පක්ෂයේ එහෙයියන්ය. (දයාසිරිද ඇතුළුව)

ඝාතනයට සමගාමීව ජනතාව ඇන්දවීමේ හැකියාව ඔහුට ඇති තවත් හැකියාවකි. ඔහු වෙනුවෙන් ජනතාව ඇද ගැනීමේ ද කෙළවරක් නැති තරම්ය. සංවර්ධන ඇන්දවීමට ඔහු වඩාත් කැමැත්තක් දක්වන බව පෙන්වයි. ඔහු පමණක් නොව ඔහුගේ මල්ලිලාද ඊට වඩාත් කැමතිය මන්දයත් ඒවායෙන් ලැබෙන කොමිස් මුදල් සුළු පටු නොවන නිසාය. මෙකී කොමිස් මුදල් සඳහා බාප්පලා පුතාල ගහගන්නා තත්වයට පත්වී තිබෙන බවක් පසුගිය කාලයේ වාර්තාවිය.

තවද, පවිත‍්‍රා ලවා විදුලි බිල වැඩිකර දෙවනුව එම බිල අඩුකරා යැයි කියා ජනතාව අන්දවයි. හෙට අනිද්දාට වැලිවේරිය ජනතාව ඇන්දවීමට උත්සහ ගන්නවා නොඅනු මානය. වැලිවේරිය පරීක්ෂණ වාර්තා එලියට ආ පසු ඊට අණදුන් නිළධාරියා හිරේ යවා ඔහු ඉන් ගැලවෙනවා ඇත. මන්ද යත් දැන් ඔහුගේ වැඬේ කෙරී හමාරය. දැන් උද්ඝෝෂක කරුවෝ මහපාරේ නැත. හෙට අනිද්දා මැතිවරණයක් ලග එන නිසාත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් වරිය ලඟකදී ශ‍්‍රී ලංකාවට එන නිසාත්, නොවැම්බරයේදී පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව ලංකාවේදී පැවැත්වෙන නිසාත්, මේවා ඉදිරියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායකයෙකු ලෙස පෙනී සිටීමට සාඨකයාට අවශ්‍ය නිසාත් බොහෝ විට වැලිවේරියේදී අණදුන් නිලධාරියා පෝරකයට යනු ඇත. වැලිවේරිය ජනතාවට වතුර ලැබෙනු ඇත. ඝාතනයන් අමතක කර දමා ජනතාව සෑහීමකට පත්වනු ඇත. ඝාතනය වූවන්ගේ පවුල් වලට පමණක් දුක සීමා වනු ඇත.

ප‍්‍රශ්නය තිබෙන්නේ සාඨකයාගේ හෝ ඔහුගේ පවුලේ අයගේ පමණක් නොවේ. දහස් ගනනක් සිවිල් මිනිසුන් ඝාතනය කරන විට, පාර්ලිමේන්තුව ඇතුළු ප‍්‍රධාන විපක්ෂය භේදභින්න කොට එම ආයතන විනාශ කරනවිට, පවුල් පාලනයක් රට පුරා ව්‍යාප්ත කරනවිට, අසාර්ථක සංවර්ධන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරනවිට, (හම්බන්තොට වරාය, මත්තල තුවන්තොටුපල, නොරොච්චෝලේ විදුලි බලාගාරය අතුළු තවත් බොහෝ ව්‍යාපෘති) අධිකරණයට අත පොවා නීත්‍යානුකූල අගවිනිසුරු එලවා ඔහුගේ හෙන්චයියෙක් අගවිනිසුරු කරනවිට, පොලිසිය යොදවා කොන්ත‍්‍රාත් ක‍්‍රමයට මිනීමරණ විට, ප‍්‍රජාතන්ත‍්‍රවාදී උද්ඝෝෂණ හමුදාව යොදවා උද්සෝෂක කරුවන් මරා දමන විට, රටේ ජනතාව, එය තේරුම් ගත්තේ හෝ ක‍්‍රියා කලේ කේසේද?

උතුරෙන් මතුව ආ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඉල්ලීම් සිංහල ජාතියට එරෙහි ඉල්ලීම් ලෙස සලකා උතුරේ ත‍්‍රස්තාවාදී සංවිධානයක්  ගොඩනැගී රට විනාශ කරන තත්වයක් දක්වා එම ප‍්‍රශ්නය තල්ලූකර දැමුවේ මේ බහුතර ජනතාමය. උතුරේ සිවිල් ජනයා දහස් ගනන් මැරෙද්දී හිත යටින් හෝ දෙමළු මේ රටෙන් හැදි ගෑවිලා ගියානම් අපිට සතුටින් ජීවත් විය හැකියැයි සිතුවේ මේ ජනතාවමය. දහස් ගනනක් මිනීමැරීමේ සතුට කරිබත් කා භුක්ති වින්දේද මේ ජනතාවමය. සාමය හා සහජීවනය ගැන කථා කළ මාධ්‍යවේදීන් හා සිවිල් ක‍්‍රියාකාරීන් වැනි බොහෝ අය ත‍්‍රස්තවාදීන්ට උදව් දෙන්නන්, ඩොලර් කාක්කන්, අධිරාජ්‍ය ගැත්ත, රට පාවා දෙන්නන් ලෙස හැදින්වූයේ මේ ජවතාව විසින්මය. දේශපාලන බලය බෙදීම එට බෙදීමක් යැයි හදුන්වන්නේ මේ ජනතාවමය. රට තුළ තමන්ට කැමති විදිහට හොරා කද්දී එය නොපෙනුනාමෙන් සිටින්නේ මේ ජනතාවමය, උතුරේ සටන් කරනවිට වීරෝධාර රණවිරුවන් යැයි කියමින් ඔවුන්ට සෙත් පතා බෝධි පූජා පැවැත්වූයේ, ලේ දන්දුන්නේද මේ ජනතාවය.

නමුත් දැන් සාඨකයා විසින් ඒ හමුදාවම යොදවා මාධ්‍යවේදීන්, සිවිල් පුරවැසියන් ඝාතනය කරන විට ඒ ජනතාව කියන්නේ කුමක්ද? කරන්නේ කුමක්ද? යෝජිත පනතකට එරෙහිව උද්සෝෂණය කිරම හේතුවෙන් කටුනායක රොෂාන් ලා ඝාතනය කරනවිට, බීමට වතුර ඉල්ලා උද්සෝෂණයේ යෙදුන තරුණයන් ඝාතනය කරන විට, ඒ ජනතාව කියන්නේ කුමක්ද?  කරන්නේ කුමක්ද?

මේ ලිපිය අවසන් කරන්නට මත්තෙන් මෙම ජනතාවට 1982 දී කුට්ටුමනී විසින් උසාවිය තුළදී කරන ලද ප‍්‍රකාශය මතක් කර දෙන්නට කැමැත්තෙමි.

‘‘අපි ජාතිවාදීන් නොවෙමු. සිංහල ජනයාගේ අයිතිය උදුරා නොගනිමු. අපි අපේ සටනේදී සිංහල ජනතාව ආදරයෙන් සිහිපත් කරමු. ඔවුන්ගේ සාධාරණ සටන් වලදී අපගේ සහයෝගය පල කරමු. එලෙසම අපගේ විමුක්ති සටනට සිංහල ජනයා සහය දිය යුතුය. අනෙකාගේ නිදහස ගැන උනන්දු නොවන පුද්ගලයා තමන්ගේ නිදහස වළලා ගනී. අපට අත්වූ ඉරණම ශ‍්‍රී ලංකා ජනතාවට මතු දිනක අත් වනු ඇත. එදාට අලිමංකඩ වද කඳවුර හම්බන්තොටට ගෙන යනු ඇත. ගුරුනගර් වධ කඳවුර කුරුණෑගලට ගෙන යනු ඇත. අද ද්‍රවිඩ තරුණයන් වෙනුවට එදාට සිංහල තරුණයන් ඒවායෙහි වධ විඳිනු ඇත.

මෙය දකුණේ ජනයා තේරුම් නොගත් දේයි. බලය සඳහා උතුරට හැරවු තුවක්කුව දකුණටද ඒ ලෙසම හැරෙනු ඇත. එදාට විඳවන්නේ අපි හැමෝමය. විසදුම නම් ඝාතකයා, සාඨකයා බලයෙන් පන්නා දමා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් වෙනුවෙන් සටන් කිරීමය.

(මෙහි පළවන දෑ සමිබන්ධ සියලු හිමිකම හා මතය ලේඛකයා සතු වේ.)

 

සේනක වත්තේගෙදර

ශෙල්ටන් පයාගල – ශුද්‍ර මිනිසෙකුගේ චරිතාපදානය

Image

කෙටි හැඳින්වීම

ඔහු මිය ගොස් අවසන්ය.මා සිරගත වූයෙන් පසුව යළි කිසිවිටක හමු වූයේ නැත. මා නේපාලයේ සිටින සමයේ ඔහු මිය ගිය පුවත සැළ විණි. නිසැකවම ඔහු ඇසුරු කළ බොහෝ අයගේ මතකයට අමතක කළ නොහැකි වනු ඇති බවට නම් සහතිකය. එහෙත් ඔහු ගැන ගුණානුස්මරණ හෝ සැමරුම් පවත්වන්නට ගුරුකුල නොමැත. දන්නා තරමින් චූලානන්ද සහෝදයා හා තවත් කිහිප දෙනෙකු මුල් වී යම් කළ ගුණ දැක්විමක් කළ බව දැන ගන්නට ලැබිණි. ඔහුගෙන් යමක් ගත්තේ උවද එය ඔහුගෙන් ගත්තේ යැයි කීම ආභරණයක් නොවීම තුල ඔහු වනාහී මූලාශ්‍රයක් නොවූ  ගුරුවරයෙකි.විශ්ව විද්‍යාලයක ආචාර්ය වරයෙකු වූයේ නම්, අහවල් සර් යන නාමයෙන් තමන්ටද ගෞරවයක් හිමි වනු ඇත. ඔහුගේ නම කීම ප්‍රභූත්වය නොමැති වීමක් වන බැවින් ඔහු මූලාශ්‍රයක් නොවූ මූලාශ්‍රයකි. ඔහු ගුරුගීතයේ එන දුයිෂෙන් මෙන් යැයි හැඳින්වීම එතරම්ම සාධාරණ නැත. ඒ දුයිෂෙන්ගේ ගුණයක් ඇතත්, ඊට එහා ගිය අපූරු චරිතයක් නිසාවෙනි. එහෙත් ඔහු සිලබස් නොමැති දැනුමකින් මිනිස්කම කියා දෙන්නට නිරන්තරයෙන්  ඇවිද ගිය ඇවිදින පුස්තකාලයකි. ඔහුට විවිධ නම් හිමි වූයේ ඇසුරු කරන පරිසරය හා මිනිස් සම්බන්ධතාවයන් අනුවය. ෂර්ලි, ෂර්ලි අය්යා, ෂෙල්ටා, ෂෙල්ටන් පයාගල යන නම් අතර ඔහුගෙන් උගත් අය ෂෙල්ටන් සර් කී අතර ලඟින් ඇසුරු කළ වූවන් ෂෙල්ටන් මහත්තයා යැයි ද දේශපාලනික සත්වයින් ෂෙල්ටන් සහෝදරයා යනුවෙන් ද අමතන්නට විය. ලාංකීය සමාජය ඔහුව දන්නේය. එහෙත් ඔහුව නොදන්නේය. දන්නා අයට මතකයටත්, නොදන්නා අයට දැන ගැනීමත් පිණිස ඔහු පිළිබඳ ඔහුගේ චරිතාපදානය මා ඇසුරු කළ ජීවිත කාලය පසුබිම් කරගෙන සටහන් තැබිම වැදගත් වනුයේ ඔහුට කරන ගෞරවයක් ලෙස හා ඔහුගෙන් ඉගෙන ගත හැකි වූ එහෙත් ඉගෙන නොගත් දෑ අපට කියා දි ගිය දේශපාලනික පරමාදර්ශී මිනිසකු වන නිසාය. ශෙල්ටන් පිළිබඳව මගේ දන්නා තරම අනුව ලිවීමේ දී ඔහු හරහා බොහෝ චරිත පිළිබඳව කතා කිරීමට සිදුවනු ඇත. එසේම මා කර්තෘ වීමෙන් කරන ගොඩනැංවිමෙන් මා පිළිබඳව ද ලියැවීම නොවැලැක් විය හැකිය.මගේ දෘෂ්ටියට අනුව සිදුවන විග්‍රහයේ දී හැකි තරම් අවංක වීමට උත්සාහ ගන්නා අතර එම අවංක වීම තුල බොහෝ දෑ නිරාවරණය වනු ඇත. එහි වගකීම   මා දරන අතර යමෙකුට එහි පරස්පරයක් හෝ අවුල් සහගත හෝ සාවද්‍ය බවක් වේ යැයි හැඟේ නම්, ඊට එරෙහිව කරුණු ගෙන හැර දැක්විය හැකිය. එය ද මෙම චරිතාපදානය වර්ධනය වීමට ඉවහල් විය හැකිය.

පළමු පරිච්ඡේදය

ශෙල්ටන් සර්, ශෙල්ටන් මහත්තයා, ෂෙල්ටන් සහෝදරයා කියා මා විසින් ඔහුට අමතා ඇති අතර ඔහු නොමැති එහෙත් අප මිතුරන් අතර සමහර වෙලාවල දී උපහාසය පිණිස ශෙල්ටා යනුවෙන් ද අමාන්ත්‍රණය කර ඇත. ඇමතීමට යොදා ගන්නා භාෂාවේ ස්වභාවය තුල ද  යම් හැඟවුම් කාරකයක් ගම්‍ය කරන බැවින් මෙම වචන සියල්ලම අවස්ථවොචිතව යොදා ගනිමි. ජයලාල් රෝහණ මට හමු නොවිමට ශෙල්ටන් පයාගල හමු විය හැකි වුවත් වඩාත් සමීපව ඇසුරු කිරීමට නොලැබෙනු ඇතැයි කල්පනා කිරීම සාධාරන යැයි සිතමි. මගේ මතකයට අනුව ඔහුව මුලින්ම හමුවනුයේ 1991 වර්ෂයේ පිළියන්දල සුබෝධී මධ්‍යස්ථානයේ දීය. එම කාලයේදී ජයලාල් රෝහණ සුබෝධී මධ්‍යස්ථානයට සම්බන්ධ වී සම්පත් දායකයෙකු ලෙස නාට්‍ය හා සංනිවේදන වැඩමුළු සංවිධානය කරන්නට විය.

ජයලාල් රෝහණ හමුවීම

මගේ කොළඹාගමනය සිදු වූයේ 1989 වර්ෂයේ සැප්තැම්බර් මස දී රඹුක්කන සිටය. මගේ ගම හිනුක්කිරියාව උවත් අවිධිමත් අධ්‍යාපනයේ එක් නවාතැම් පළක් වූයේ රඹුක්කනය. 1984 සිට රඹුක්කන ගත කළ ජීවිතය  තුල දි 87 වර්ෂයේ දී පින්නවල මධ්‍ය මහ විද්‍යාලයේ වාණිජ අංශයෙන් උසස් පෙළ කිරිමට ඇතුලු වුවත් එකල පැවැති සමාජ වාතාවරණය තවදුරටත් රඹුක්කන රැඳීම පිණිස අවසර නොදුන් හෙයින්  කොළඹ බලා පාලා එන්නට සිදු වූයේ ජීවිත අවදානම ද ඇතිවය. උසස් පෙළට ආයුබෝවන් කියමින් කොළඹ වරායේ නැව්වල මලකඩ කැඩීමට රැකියාවක් සොයාගත හැකියැයි විශ්වාසයක් ඇති කළ මිතුරෙකු විසින් කළ රැවටීමේ ප්‍රතිඵලය වූයේ යන එන මං නොමැති වීමය. අධ්‍යාපන චාරිකාවකට එක් වරක් පමණක් කොළඹ පැමිණි තිබුණු මා කොටුව දුම්රිය පොලේ ද් තවත් තවත් මිතුරන් දෙදෙනකු සමග අනාථ විය. එහෙත් පසුව සොයාගත් සබඳතා අනුව රත්මලානට  පැමිණ මොනාරෝ අරක්ෂක අංශයේ සිකියුරිටි නිලධාරියෙකු බවට පත් වූයේ ජිවත් විම පිණිසත්, ජීවිත ආරක්ෂාවත් හෙතුවෙනි. දින හතක පුහුණුවකින් පසුව මාව අනුයුක්ත කරනු ලැබුවේ මහරගම හයිඩ්‍රමනි සමාගමෙහි සීකේටී නම් ඇඟලුම් ආයනයේ ආරක්ෂක නිලධාරියෙකු ලෙසය. ඊට යා බදව  පාවහන් ආයතයක්ව පැවැති ගොඩනැගිල්ල එකල ආණ්ඩු විරෝධීන් ලෙස සලකනු ලැබු ජවිපේ සාමාජිකයින් ලෙස සැක කල අයව රැඳවීමට හෝ වධ බන්ධනයට ලක් කිරීමට යොදාගත් ස්ථනයක් ලෙස පවත්වාගෙන ගිය අයුරු ඇඟලු ආයතනය මුරකරන අවස්ථාවලදී දැක ගන්නට හැකි වුනෙමි. තාප්පය පිටතින් ඇති ගෙදරක රේඩියෝවට කන් දි සිටින එක මොහොතක රෝහණ විජේවිර සහෝදරයාව ඝාතනයට ලක් කළ පුවත කණ වැකෙන්නට විය. මා ජවිපේ පූර්ණ කාලීනයෙකු නොවුව ද ඊට ආකර්ශනය වී සිටියෙක්මි. රඹුක්කන දී පංති හා රහස් සාක්ච්ඡා පැවැත්වීමටත්, බඩ ගින්නේ නිරාහාරව සිටින විප්ලවවාදීන්ට දියසුන්නත පිරිවනේ දානය හොරෙන් පූජා කර දීම ඉමහත් සතුටක් ඇති කරන්නට විය. ක්‍රියාකාරීකයකු නොවුවත්, දේශපාලනය පිළිබඳ  න්‍යායික අවබොධයක් නොතිබුණ ද උදව් කිරීමෙන් එහි පංගු කාරයෙකු බවට පත් විය. අපගේ පාසලේ  මගේ පංතියේ සහෝදරයින් දෙදෙනෙකු පැහැරගෙන යන්නට විය. යම් විදිහකින් මගේ සබඳකම් හෙලිවූයේ නම් එම ඉරනමම බව දැනගත්ත ද එකල ඇති කල ජවය තුල මරණය විරත්වයක් ඇති කරන්නට විය. රහස තුල ජිවත් විමට ආසා කලෙමි.පසුව ව්‍යාපාරයට බැඳීම පිණිස සියල්ල සූදිනම්ව පැවතියත්, මගේ සම්බන්ධය කෙසේ හෝ සැක කරන්නට වූයේ පිරිවන වසා දැමීමට එවන ලද ලිපිය මා විසින් කරන ලද්දක් බවට සැක කිරීමෙනි. අදටත් මේ වන තුරු හසු වී නොමැති නම් රාජසිංහ පිරිවනෙහි පොහොය ගෙය ඉහල අඳුරැ මහලෙහි තීන්ත හා කොල රෝලක් තිබෙනු ඇත. එකල පලාත් සභාවලට විරුද්ධව ජේ ආර් ජයවර්ධනගේ ආණ්ඩුවට එරෙහිවත් ජවිපේ ආණ්ඩු විරෝධී අරගලයේ අවශ්‍යතාවය ඉටුකිරීම පිණිස යොදා ගැනීමට බාර දුන් තීන්ත හා කොල රෝල රහසිගතව සඟවා තැබුවෙමි.

ආරක්ෂක රස්සාව අතර තුර මහරගම තරුණ සේවා සභාවෙහි ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරිමට අවශ්‍ය පරිසරයක් තනා ගත් අතර. දවල් කාලයේ සතියේ දිනයන්හි ඉංග්‍රීසි පංතිය ද, රාත්‍රී කාලය ආරක්ෂක රැකියාවද කරන්නට විය. තරුණ සේවා සභාව ඉතා ආකර්ෂණිය ස්ථානයක් වූ  බැවින් ඉංග්‍රීසි පාඨමාලාවෙන් අනතුරුව ජනසංනිවේදය හා නිර්මාණකරණය පිළිබඳ සති අන්ත පාඨමාලාවකටද අයදුම් කළෙමි. එම පාටමාලාවේ පැවරුම් නිබන්ධනය සඳහා මගේ තෝරාගත් මාතෘකාව වූයේ ‘‘යොවුන් නාට්‍ය හා අසුවේ දශකය,, යන්නයි. ඒ සඳහා කැමැත්තක් හා අසාවක් ඇති විමට හේතු වූයේ එකල තරුන සේවා යෞවන නාට්‍ය නැරඹීමට අවස්ථාව උදාවීමේ දීය. නිබන්ධනය සඳහා මංගල සේනානායක මුණ ගැසුණු අවස්ථාවක දී, ජයලාල් රෝහණ පිළිබඳ සඳහන් කරමින් ඔහු පැවැසුවේ නිබන්ධනයට අවශ්‍ය වැදගත් තොරතුරු ඔහු  සතුව ඇති බව හා ඒ සඳහා දැනුම ඇති බවය. ජයලාල් රෝහණගේ ලිපිනය සොයා පැපිලියාන දිවුලපිටියට ගියෙමි. ජයලාල් නැවතී සිටි නිවසෙහි මුලින්ම හමු පුද්ගලයා වූයේ කසුන් විරසිංහය. ජයලාල් නිවසහි නොසිටියත් මගේ කාරණය ඔහු හා පැවසීමේ දී, ඔහු ද නාට්‍යකරුවෙකු බව දැන ගන්නට ලැබිණි. වෙනත් දිනක හමුවිමට බලාපොරොත්ත්වෙන් ආ පසු ආ මග දිගේ ගිය ද අතර මග දී ජයලාල් හමු විය. මීට පෙර දැක නොතිබූ ණේ වුවත් ඒ ඔහු බව දැන ගැනීමෙන් අනතුරුව නැවත ඔහුගේ නිවසට ගමන් කර මගේ කාර්යය පිළිබඳ කතා කරන්නට වීමු. අප අතර වු එම ආරම්භක සබඳතාව ඉතා සමිප සහෝදරාත්මක දේශපාලනික හා හෘදයාංග සම්බන්ධයක් දක්වා වැඩෙන්නට වූයේ අපි අඩු වැඩි වශයෙන් එකිනෙකා හඳුනා ගැනීමේ පොදු සාධකය වූ පීඩිතයන්ම වූ හෙයින් යැයි විශ්වාස කරමි.

ජයලාල් හමුවීමෙන් අනතුරුව ඔහුගේ විවෘතභාවය හා සහෝදරාත්මක තේරුම් ගැනිම මත සියලු සබඳකම් හා ගැට ගසන්නට විය. එකල ජයලාල් රෝහණගේ දේශපාලනික සාහිත්‍ය ශක්ති වන්තයා වූයේ ශෙලටන් පායාගලය යැයි කීම මා නිවැරදි වනු ඇත. ජයලාල් විසින් අමතනු ලැබුවේ ෂෙල්ටන් මහත්තයා යන නමිනි. ජයලාල්ගේ වැඩ සටහන් වල අනිවාර්ය දේශකයා වූයේ ශෙල්ටන් පයාගලය. සුබෝධිය යනු එකල ඔවුන්ගේ අධ්‍යාපන ඇකඩමිය බඳුය. බොහෝ තරුණ නාට්‍ය කරුවන්ට අතහිත ලැබුණු ස්ථානයක් වුවත්, ශෙල්ටන් පයාගල විසින් නාට්‍යකරණය තමන්ගේ දේශපාලන මතවාදය හා සමාජ සත්තා යථාර්ථවාදී සාහිත්‍ය පිළිබඳ අදහස ප්‍රචලිත කිරීමට යොදා ගන්නා ලදි. ඔහු ජනතා විමුක්ති පෙරමුණ සෘජුව නියොජනය නොකළ ද විවේචනාත්මක සහෝදරයා  විය. මාතෘකාව කුමක් වුවද ඔහුට කම් නැත. මාක්ස්වාදී ආස්ථානයේ සිට සිය අදහස ඔහුටම ආවේනික ශෛලියකින් අමුවටම සෘජුවම ප්‍රකාශ කරන්නෙකි. ඔහුගේ රළු බස තුල ඇති අව්‍යාජත්වය විසින් ඊට ජීවයක් එකතු වූ අතර එකල රැඩිකල් විවේචකයා විය. ඔහුගෙන් ප්‍රසිද්ධියේ හොඳක් ඇසිමට නොහැකි වුවත්, ඊට පසුබිම් සාධක තර්කාණුකූලව ගෙනහැර දැක්විමට සමත්තමක් ඇත. ඔහු පවසන දෙයෙහි සත්‍යක් ඇත. ඔහුගේ සෘජු නිර්භීත ගාම්භීරත්වය ආකර්ශණිය මෙන්ම සමාජීය පෞර්ෂත්වයක් නිර්මාණය කිරීමට පිටිවහලක් වූයේ යැයි සිතමි.

මාක්ස්වාදයේ සෑම කෘතියක්ම ඔහු හාදාරා ඇත බවට නම් විශ්වාසය. සමහර කෘතිවල ඡේද පිටින් කටපාඩමින් කීමට හැකිය.රැසියානු සාහිත්‍යෙය් නොදන්නා කෙනෙකු නොමැත. මැස්කිම් ගොර්කි ඔහුගේ සමිපතමයාය. ඔහු වැඩියෙන්ම ඇලුම් කළ සාහිත්‍ය කරුවෙකු වේ නම් ඒ මැස්කිම් ගෝර්කි බව මගේ අවබෝධයයි. ගොගොල්ගේ, චෙකෝව්ගේ සිහිත්‍ය කෘති රසකර කියා දිමට හැකි ඉතා දක්ෂ කතන්දර කරුවෙකි.රැසියානු සාහිත්‍යට මෙන්ම ප්‍රංශ සාහිත්‍යයටද ඔහු ඇලුම් කරන්නට විය.ඩේවිඩ් ලීන් සහ චාලි චැප්ලින් ඔහුගේ සිනමා දාර්ශනිකයන්ය. ලාකික සහිත්‍යයත් පිළිබඳ මාක්ස්වාදී විග්‍රහයක් ඔහු සතු විය. මාටින් වික්‍සිංහ, මහගම සේකර, ජී. බී. සේනානායක ඔහුගේ දේශීය සාහිත්‍ය කරුවන්ය. එහෙත් සමාජ සත්ථා යාථාර්ථවාදී විග්‍රය හා මාක්ස්වාදයට අනුව විවේචනාත්මකය. එය සම්මත විශ්ව විද්‍යාල විචාරයට හාත්පසින්ම වෙනස්ය. එම දැනුම ඔහුගෙන් මිසක කිසිදු සම්මත විශ්ව විද්‍යාල ගුරුවරයෙකුගෙන් ඇසිමට නොහැකිය. එය ඇකඩමියාවෙන් පිට පැන දේශපාලනික ජිවයක් එක් වූ ග්‍රම්‍ය සේ පෙනුනත් යථාර්ථවාදී ශෙල්ටන්ටම ආවේනික ශෛලියකි. ස්වයංව අධ්‍යයනය කිරීමෙන් තමන් විසින් ම ගොඩනාගාගත් ආඛ්‍යාන විලාසයකි. ඔහුට යමෙක් සවන් දෙන්නේ නම්, තැන කොහේ වුව කම් නැත. හෝටලයේ තේ බොමින් ද බස් රථයේ ද, පයින් ගමන් කරද්දි ද සංවාදයට ප්‍රස්තුථ කාරණය විස්තර කිරීමට ඔහුට කිසිදු වෙහෙසක් නැත. සුබෝධියෙන් හමු වූ ඔහු හා මා අතර සබඳතාව වර්ධනය වන්නට වූයේ ජයලාල් හා මා හා අතර තිබුණු සබඳතාව හා මා ද සාහිත්‍ය සඳහා අලුම්කරන්නෙකු හා නිර්මාණකරණයේ නියැලෙන්නට උත්සාහ කරන්නෙකු විම තුල දීය.

මතු සම්බන්ධයි

දෙවන කොටස

උදය ආර්.තෙන්නකෝන්

වමේ පටු හදවතට පුළුල් පථයක් අවැසිය

Image

ලාංකීය භූ දේශපාලනයේදී දකුණට ප්‍රතිමුකව ඇති දිශාව උතුර වශයෙන් සැලකුවහොත්, එහි සහසම්බන්ධිත වැදගත්කම සලකුණු කර ගැනීමට නියෝජනය කරන දේශපාලන භාවිතාවන් හා මතවාදයන් දෙස බැලීමේ දී හමුවන උත්තරය කෙබඳු වේද?මෙම උපන්‍යාසයට පිළිතුරු සොයා ගැනීමට යෑමේ දී ඇතිවන ගැටුම, විඝඨනය හා විරුද්ධාභාෂයන් අතර ඇති සහසම්බන්ධයන් හා ප්‍රතිවිරෝධයන් අඩසිය වසකට වඩා අධික කාලය තුල දී  අප අත්දැක ඇත්තෙමු.  දකුණ සහ උතුර වෙනුවට දකුණ සහ වම යන්නෙහි අර්ථයත්, ඉතිහාසයත්, ලාංකීය භාවිතාවත් පිළිබඳ  ඇති උභතෝකෝටිකය විසින් මෙකී ප්‍රශ්නය සංකීර්ණ කර ඇත. එසේම එය මානව ප්‍රගතිශිලී දේශපාලනයේ ඓතිහාසික යුතුකම පැහැර හැරීමට ක්‍රියාකරමින් සිටී. මෙම තත්වය අනාගතය සඳහා ද විනාශයක්ම යෝජනා කරන බැවින් වම දකුණ පිළිබඳ වෙනස හා දාර්ශනික සන්දර්භය සාකච්ඡා කිරීම මෙහි අපේක්ෂාව වන්නේය.

වම දකුණ- ප්‍රතිගාමීත්වය සහ ප්‍රගතිශිලීත්වය

මතවාදීමය හා සංකල්පිය තලයේදී දකුණට ප්‍රතිමුක වන්නේ වම ය. එනම් දක්ෂිණාංශයට(Right wing) විරුද්ධාර්ථය වන්නේ වාමාංශයයි(Left Wing). වාමාංශය නම් සංකල්පයට පුද්ගලයා මැදිහත් විමේදී, ඔහු හෝ ඇය වාමාංශිකයා හෝ වාමාංශිකාව වන්නේය. දක්ෂිණාංශයෙන් වෙන් වෙන පුද්ගලයා වාමාංශික වන්නේ නම් එහි අර්ථය කුමක් දැයි කල්පනා කළ යුතු වේ. වාමාංශිකයෙහි විරුද්ධාර්ථය දක්ෂිණාංශය වීමේදී එයට ප්‍රතිගාමීත්වය යන්න එකතු වන විට වාමාංශයට ප්‍රගතිශිලීත්වය යන්න එකතු වේ. එබැවින් වාමාංශිකයෙකු වීම යන්න තුල ඇති අර්ථය වන්නේ ප්‍රගතිශීලී යන්නය.

වම දකුණ යන්න දේශපාලන ශබ්ධකෝෂයේ අර්ථයට පැමිණීම සිදුවන්නේ ප්‍රංශ විප්ලවයේ දී රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදී  වාතාවරණය තුලදීය. ප්‍රංශ ව්‍යස්ථාපිත සභාවේ දී ඇති වන රාජකීය නිශේධ(Royal Veto) බලය හා රජු වෙත ගොණු වූ බලය සම්බන්ධ ගැටලුවකදී, රැඩිකල් අදහස් දැරූ පුද්ගලයන්( 1789- 91) කායික වශයෙන් රාජ සභාවෙහි චේම්බරයෙහි(Chamber) ප්‍රධානියාගේ අසුනේ සිට බැලිමේ දී වම් පැත්තෙහි අසුන් ගත් අතර කොන්සරවේටිව් නැතිනම් සම්ප්‍රධායික අදහස් දැරූ පිරිස් දකුණු පස අසුන් ගන්නට විය. ඉන්පසුව මෙම ස්ථානගතවීම ‘‘වම,, හා ‘‘දකුණ,, බවට පත් වූ අතර ශක්තිමත් ප්‍රජාතාන්ත්‍රීය ආස්ථානයකින් යුක්තව සිටි වම් පස කණ්ඩායම, ඒකාධිපති බලය විසින් දූෂිත කරන තනි හිතුවක්කාර තීන්දු තීරණ හා නීතිවලට එරෙහිව පෙනී සිටීමෙන් හා ක්‍රියාකිරීමෙන් පසු  වම යන්න ප්‍රගතිශීලී යන අදහසත් වම් පස සිට ගැනීම හා එහි සිට නියෝජනය කරන ලද අදහස්වල ඇති අර්ථයන් ප්‍රසාරණය වන්නට විය. ප්‍රංශ විප්ලවයේ ප්‍රධාන සටන් පාඨ තුන වන නිදහස, සමානාත්මතාව සහ  සහෝදරත්වය යන්න බිහි වූයේ ද මෙකී ප්‍රජාතාන්ත්‍රිකයන් විසිනි. සහෝදරත්වය යන්න පොදුවේ සමාජ සහයෝගිතාවය  නියෝජනය වෙත් දී සමානාත්මතාවය යන්න වාමාංශිකයන්ගේ දාර්ශනික කේන්ද්‍රය බවට පත් විය. මෙලෙස නිර්මාණය වූ වම ප්‍රංශ විප්ලවයට පදනම් වූ සංකල්පවල ඇති ගුණය හේතුවෙන් ප්‍රගතිශිලීත්වය යන්න වමෙහි ආත්මය වන්නට විය. එබැවින් ප්‍රගතිශීලීත්වය යන්න ප්‍රජාතන්ත්‍රවාදය සමානාත්මතාව හා සහෝදරත්වයේ ආත්මීය ගුණයක් වන අතර එය සමාජ සංවර්ධනයේ හා මනුෂ්‍යත්වයේ කොටසක් ද වන්නේය.

එහෙත් රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදීන් චේම්බරයේ දකුණු පස ඉඳගනු ලැබුවේ නම් සිදු වනු ඇත්තේ දකුණ ප්‍රගතිශීලී විමය. එසේ වූ වේ නම් යන උපකල්පනය අනුව සිදුවන සංකේතමය මාරුවීම සිතාගත හැකි වුවත්, අද දවසේ ලාංකීය උතුර දකුණ දේශපාලනයේ දී මෙම ස්වභාවය වරෙක විරුද්ධාභාෂයක් බවට පත් වීමෙන්, වම නියෝජනය කරන ප්‍රධාන දහරාවේ දේශපාලන කණ්ඩායම් ප්‍රජාතන්ත්‍රවාදය සමානාත්මතාව සහෝදරත්වය යන ප්‍රගතිශීලිත්වයේ වාමාංශික කාර්ය දක්ෂිණාංශයේ ආස්ථානයේ සිට ප්‍රතිගාමීත්වය ශක්තිමත් කිරීම සිදුවනුයේ උතුරට දේශපාලන අර්ථයක් තවමත් නොමැතිකම හේතුවෙනි. උතුරේ වෙසෙන දෙමළ ජනයාගේ මූලික අයිතිවාසිකම් තේරුම් ගැනීමට හා එයට භූමිය පදනම් කරගත් විසඳුමකට යෑමට ප්‍රගතිශීලීත්වය නියෝජනය කරන්නනට නොහැකි වීම හා දක්ෂිණාංශය නියෝජයනය කරන්නන් යම් පිරිස් හට ජාතික ප්‍රශ්නයට අවම හෝ විසඳුමක් සෙවීමට හැකියාවක් ඇති වී තිබීම තුල ප්‍රශ්න කළ යුතු කාරණය වන්නේ වාමාංශික පථයේ ඇති පටුකමය. මේ නිසා දක්ෂිණාංශකයින් වාමාංශිකයින් වීම හා වාමාංශිකයින් දක්ෂිණාශිකයින් වීමේ මිශ්‍රණය සිදුවීම ජාතීනිගේ ප්‍රශ්නයේ දී මෙන්ම බොහෝ කාරණාවල දී එලියට පැමිණීම, ප්‍රශ්නයේ ගැටලුවක් පමණක් නොව ප්‍රගතීශීලි දර්ශනය වැරදි ලෙස භාවිත කරන්නන්ගේ ද ගැටලුවකි.

එහෙත් වාමාංශිකවිම යුරෝපයට,  බටහිරට  අනුව ලංකාවට ආදේශ කිරීමේ දී විශාල වෙනසක් ඇත.එනම් යුරෝපයේ වාමාංශික වීම යනු  පරිණාමීය ක්‍රියාවලියක ප්‍රතිඵලයකි.මාක්ස්වාදී, ලෙනින්වාදී, මාවෝවාදී යන සමාජවාදී අදහසම පමණක් නොව සමාජ ප්‍රජාතන්ත්‍රවාදී හා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීන් ද ගැනෙනුයේ වාමාංශික කොටස්වලටය.එනම් ප්‍රංශ විප්ලවයේ බලපෑම හා යුරෝපීය දේශපාලන දර්ශනයේ වර්ධනීය ස්වභාවය ඊට හේතුකාරක විය ඇත. යුරෝපීය වාමාංශිකයන්ගේ පරාසය පුළුල් වි ඇති අතර එක ධහරාවක් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ඔස්සේ ද, අනෙක් දහරාව මාක්ස්වාදය ඔස්සේ ද, මාක්ස්වාදය හා සමාජවාදය පදනම් වූ උප දහරාවන් ගණනාවක්ම සෙසු රටවල මෙන් ලෙනින්වාදි, ට්‍රොට්ස්කිවාදී, මාවෝවාදී, ස්ටැලින්වාදී ලෙස වර්ග වී වාමාංශික වී ඇත. දක්ෂිණාංශය හා වාමාංශය යන බෙදීම ඇති වන්නේ සම්ප්‍රදායික හා නූතන යන ප්‍රතිවිරෝධයන් පදනම්ව  වුවද පසුව මාක්ස්වාදයේ බලපෑම විසින් වාමාංශයේ දාර්ශනික පදනමට ශක්තිමත් විප්ලවීය ස්ථානයක් හිමිකර දෙන්නට විය. එනම් සමානාත්මතාවය යන්න සමාජ සාධාරණයක් බවට පත්වීමට සිදුවිය යුතු වෙනස සමාජ ක්‍රමයක් වෙනස් කිරීම දක්වා වන පිම්මක් පැනිය යුතුය යන්න ආර්ථික විග්‍රහයකින් පෙන්නුම් කළ මාක්ස් වාමාංශික පථය අතික්‍රමණය කළ පුද්ගලයා බවට පත්වීම එතෙක් පැවැති දර්ශන මතවාදයන් අඟුටු මිට්ටම් කර දැමීම වැන්නකි. දර්ශනයේ මෙකී සුසමාදර්ශය වාමාංශික පථයේ කෙළවර සිට ගනිද්දී, සමාජය තවමත් ප්‍රංශ විප්ලවිය තත්වය තුල එහෙ මෙහෙ යමින් සිටී. එනම් නිදහස, සමානාත්මතාව, ප්‍රජාතන්ත්‍රවාදය  සහෝදරත්වය මෙන්ම යුක්තිය යන්න සෑම සමාජ ක්‍රමයකම ඇති මූලධාර්මික ඉල්ලිම්ය. වැඩවසම් සාමජ ක්‍රමය තුල සිට පැන නැඟුනු ඉල්ලීම් ධනේෂ්වර ක්‍රමය තුල දි ද එයම වන විට, ඊට ඇති විසඳුම වන්නේ සමාජවාදය යැයි මාක්ස් සහ එංගල්ස් විසින් පවසද්දී සමාජයට ඒ වෙත ගමන් කිරීමට ඇති ශඛ්‍යතාව තීරණය වනුයේ එහි  ආර්ථිකය පමණක් නොව සංස්කෘතිය මත බව උගන්වන ලද්දේ ලෙනින් විසිනි. ඒ ඔක්තෝබර් විප්ලවයෙන් පසුව සොවියට් සමාජයේ චලනය හා අසාර්ථකත්වය දෙස බලමිනි.

වාමාංශික පථයේ කෙළවර සිටගත් මාක්ස්ගේ තැනට ගෙන ඒමට වැඩවසම් සමාජයක්ව පැවැති රුසියාව, ලෙනින් විසින් සමාජවාදී රුසියාවක් බවට පත් කළ සුසමාදර්ශී වෙනස සංස්කෘතියක් වශයෙන් ජය ගැනීමට නොහැකි බව 1920 ගණන්වලදිම ලෙනින් විසින් තේරුම් ගන්නට විය. ස්වල්පයක් හොඳය නමුදු වඩා හොඳට(Better Fewer, But Better) යන ලිපිය තුලින් කියනු ලබන්නේ මාස්ගේ තැන සිට සිටගෙන  ප්‍රංශ විප්ලවයේ දිශාව දෙස බලාගෙනය. එනම් ප්‍රගතිශීලීත්වයේ පථය දෙස බලමිනි. අපගේ වාමාංශික මූලධර්මවාදීන් ලෙනින්ගේ සිංහල දොළොස් වැනි වෙළුම කට පාඩම් කළ ද එම යථාර්ථය සාක්ෂාත් කර ගත් බවක් දක්නට නොමැත.

1883 දී කාල් මාක්ස්ගේ අභාවය වන විට යුරෝපය තුල සමාජවාදී සංවිධානය  ව්‍යාප්තව පැවතුණු අතර එක්සත් සමාජවාදී කම්කරු පක්ෂය  ජර්මනියේ ද,  ඩෙන්මාර්ක් සහ නෙදර්ලන්ත සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සහයෝගිතාවන්, චෙකොස්ලෝවැකියාව, හංගේරියාව තුල කුඩා පක්ෂ ද ප්‍රංශ සමාජවාදී  ෆෙඩරේෂණය, පෘතුගාලය හා ස්පාඥ්ඥය තුල වූ ජාල ගත සංවිධාන  වලින් යුතුව යුරෝපය පුරා සමාජවාදයේ ව්‍යාප්තිය ඇති වී තිබිණි. මෙම කාලයේදී කාල් මාක්ස්ගේ ජිවිතකාල සගයා වූ ෆෙඩ්රික් එංගල්ස්ගේ අභාවය සිදුවෙද්දී (1895) මුළු යුරෝපයේ ජර්මානු භාෂාව කතාකරන මධ්‍යම යුරෝපීය රටවල  ද පහත රටවල් වූ ස්කැන්ඩිනේවියාව,  පෝලන්තය ක්‍රොඒෂියාව හා අලුතින් බිහි වූ බෝල්කන් රාජ්‍යයන් තුලද වූ ව්‍යාප්තිය වැදගත් විය. ඉන්පසුව ඉතා සීග්‍රෙයන් මෙම ව්‍යාප්තිය යුක්රේනය ෆින්ලන්තය, ලැතිවියාව හා රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය වශයෙන් රුසියාව තුල වැඩෙන්නට විය. 1900 මුල් කාලය තුල දි යුරෝපා සිතියම මුලුමනින්ම අරක්  ගැනීමට සමාජවාදී පක්ෂවලට හැකි වු අතර ඔවුන්ගේ ප්‍රමුඛතම හඬ වූයේ ප්‍රජාතන්ත්‍රවාදයයි. මෙම සංකල්පය නිකම්ම නිකං වචනයකට වඩා පුළුල් අර්ථයක් නියෝජයන කරමින් මිනිසාගේ නිදහස හා අයිතිවාසිකම්  සමානාත්මතාව සඳහා වූ අරගලකාරි සංකල්පයකි. ලෝක මට්ටමින් විවිධ ඓතිහාසික ස්වරූප ගනිමින් ස්ථානගත වු වාමාංශික ධාරාව ලංකාවට පැමිණීමේ දී අත්කර ගත් ස්ථානය කුමක් ද හා වාමාංශික සංජානනය තුල ගම්‍යමාන අර්ථය සොයා යා යුතුය.

යුරෝපීය වාමාංශික පථය හා ලාංකීය වාමාංශික පථය

මගේ තේරුම් ගැනීම නිවැරදි නම්, යුරෝපීය වාමාංශික ධහරාවේ හා ලාංකීය ධහරාවේ ඉතිහාසය  හා සන්දර්භය දෙකක් වීම තුල යුරෝපීය වාමාංශයට පුළුල් පරාශයක් ඇත. ලිබරල්වාදියාගේ සිට නව මාක්ස්වාදියා දක්වාත් හෝ වෙනත් අවකාශයක් දක්වා විහිදුණු පථයක් ඇත. මේ තුල මනුෂ්‍ය ජීවිතයට අවශ්‍ය අගයයන් අයිතිවාසිකම් හා නිදහස මූලික කරගත් විවිධ විෂයයන් අඩංගු වී ඇත. එබැවින් ප්‍රෙතෙස්තන්ත්‍ර පල්ලියේ සිට ස්ත්‍රීවාදී ව්‍යාපාර, පරිසර, සිවිල් සංවිධාන  ඇතුලු ප්‍රජාතන්ත්‍රීය අයිතීන් කතාකරන ජනයා හා ව්‍යාපාර වාමාංශික වී ඇත. ඒ තුල මාක්ස්වාදී රුඩිකල් දේශපාලනික මතයන් එක් අතකින් ආන්තික ලෙස සැලකුව ද එය වාමාංශික පථයේ කෙළවර වන්නේ නම්, ඊට මෙහා සිට ක්‍රියාත්මක වන ප්‍රගතිශීලි සමාජයක් යුරෝපයට ඇත. සමාජවාදය හා මාක්ස්වාදය පසු බෑමකට ලක් වුවද බටහිර මිනිසාගේ නිදහසට ප්‍රජාතන්ත්‍රවාදයට හා ගෞරවයට ඇති නිසි ගෞරවය පාලනය වී ඇත්තේ වාමාංශික පථයේ ඇති පුළුල් කම නිසාය. මොවුන්ගේ හඬ නොතිබෙන්නට ධනේශ්වර ක්‍රමයේ නරුම හස්තය විසින් මිනිසා චප්ප කිරීම නග්න විය හැකි ය. මනුෂ්‍යාට පමණක් නොව තිරිසන් සතාගේ හා ස්වභාව ධර්මය සඳහා ද සටන් කරනු ලබන්නේ මෙම වාමාංශිකයන්ය. එහෙත් සම්භාව්‍ය මාක්ස්වාදි අර්ථයෙන් හා විප්ලවිය අර්ථයෙන් වාමාංශික පථයේ කෙලවර සිටින්නන් විසින් පථයේ මෙහා සිටින කොටස ධනේශ්වර ක්‍රමයේ පැලැස්කර කරුවන් හා විප්ලවයට බාධා කරන්නන් ලෙස නගන චෝදනාවට උත්තරය ලෙනින් විසින් හා අනෙකුත් සමාජවාදී රාජ්‍යයන් විසින් උගන්වා ඇතත් වැදගත් වනුයේ ලෙනින් විසින් වර නැගූ පළමුව ඉගැනිම දෙවැනුව ඉගැනීම තෙවැනුව ඉගැනීම යන අදහස තුල ඇති පුළුල් අර්ථයය. ලෝක මට්ටමෙන් වර්ධනය වී ව්‍යාප්ත වූ සමාජවාදී දර්ශනය විශාල වශයෙන් පරිහානියට පත්වීමට වූ හේතු ධනවාදයේ ආශ්චර්යයක් නොව ප්‍රගතිශීලී වාමාංශික පථය මාක්ස්වාදී මූල ධාර්මිකයින් විසින් හැකිලිමය. අන්තයක සිට අත වැනුවද සමාජයක් ලෙස මිනිසුන් ලෙස ඒසඳහා පැමිණීම පිණිස ඇති මාර්ගයේ වැඩ නොකිරීමය. වැරදි සහගතව වැඩ කිරීමය. ආත්මාර්ථකාමිත්වය, බල ලෝබය හා අබුද්ධිකභාවයය.

ලංකාව විශයෙහි දී අඩුම තරමින් බෞද්ධ සංඝයා විසින් පන්සිල් පද පහවත් ආරක්ෂා නොකරන යථාර්ථයක් සේ, මාක්ස්වාදය වර නගමින් එය ජීවත්විම පිණිස රස්සාව කරගෙන සිටින්නන් මාක්ස්වාදයේ මූලික හරය වත් පිළි පදින්නේ නැත. ලෙනින් මාවෝ, චේ හා සෙසු විප්ලවාදීන් අනුව යන්නන් වුවද එම තත්තවයමය. චේගේ රැවුල හා තොප්පියට පටු කරගත් ආත්මය තුල ඔහුගේ දාර්ශනික විප්ලවීය ගුණය අඩංගු වී නැති විම තුල තව තවත් විමල් විරවංශ පන්නයේ නිමැවුම් අප සමාජයට දායාද වනු ඇත.මුහුණට කටට ඇඳුමට රැවටෙන සමාජයක බුද්ධිය යට ගොස් ඇත. ඉස්ලාමීය වීම යනු මූලධාර්මික විම වී ඇත්තේ ආගමේ වැරදි භාවිතාවන් නිසා වන්නාසේම මාක්ස්වාදී වීම යනු මුල ධාර්මික වී ඇත්තේ මාක්ස්වාදය ආගමක් විම තුල දිය.   බුදුන් පිරිනිවන් පාන අවස්තාවේදී, හඬා වැලපුණු භික්ෂූන් හා භාවනා යෝගිව සිටි භික්ෂුව සම්බන්ධයෙන් බුදුන් කළ විග්‍රහය වාමාංශිකයින් මෙන්ම මාක්ස්වාදීන්ට ඇති පාඩමකි. එමෙන්ම අවධාරණාත්මකව මාක්ස්වාදීන් අවබෝධකරගත යුත් වන්නේ එංගල්ස් විසින් මාක්ස්ගේ සොහොනේදි කළ කතාව යට කියැවෙන කාරණාවය. මාක්ස්වාදය යනු පොතේගුරුවාදයක් නොව, එසේම මාක්ස් ආවරණය නොකළ ක්ෂේත්‍ර තහනම් කලාප ද නොව. ධනවාදයේ මෙම සියවස වනාහි ලෝකය අතටගත් කාලයකි. නූතන තාක්ෂණය, සංනිවේදනය එක් අතකින් ඉගිලෙද්දී, දේශපාලනික අදහස් මතවාද හා සංවාද ද මනුෂ්‍යත්වය සඳහා සිදුවනු අයුරු දැක ගත හැකිය. මාක්ස්වාදයේ ලෝක දාෂ්ටියට සාධාරණය කරන විප්ලවාදියා යනු කොමියුනිස්ට් ප්‍රකාශනය කිහිල්ලේ ගසා සිටින්නා නොව එය නිර්මාණශීලීව භාවිතයට නගන්නාය. ධනවාදය යනු ලාදුරු රෝගියෙකු නොව. නිර්මාණශීලී මෙන්ම සිතිවිලි වේගයට ගමන්කරන දයලෙක්තික සමාජ ක්‍රමයකි. එය එසේ වන විට වාමංශිකයා හෝ මාක්ස්වාදියා සිටිය යුත්තේ ඊටත් වඩා එහා තැන නියොජනය කරනා දාර්ශනික නිර්මාණශීලී මනුෂ්‍යත්වය තුලය. එහෙත් එම සන්දර්භයේ දී අපහට හමු වන්නේ එහි විරුද්ධාභාෂයය. මුග්ධත්වය, කුහකත්වය, වෛරය, අදූරදර්ශීත්වය, ජාතිවාදය, ගෝත්‍රිකත්වය යන විරුද්ධ සංකල්පයන් කරතියා ගත්තවුවන්ය. මෙම අගයන් හා ධර්මතාවන්වල ඇත්තේ ප්‍රබල පසුබෑමකි. එම නිසාම ලාංකීය වාමාංශිකයා  යනු අතීතය තුල සිටි සත්වයා යහපත් වීමකි. එනම් වර්තමානයේ සිට බලන විට අද සිටින වාමාංශිකයින්ට වඩා ඇන් ඇම් පොරේරාලා කොල්වින්ලා යහපත්ය යන අදහස අප තුල ඇතිවීමය. ඔවුන්ව විවේචනය කරන්නන්ට වඩා දස ගුණයකින් සාපේක්ෂකව හොඳය. විය යුත්තේ එය නො වුවද යථාර්ථය එයය. එසේ නම් අනාගතයේදී, විමල් වීරවංශ වාසුදේව රාජිත  වැන්නන් හොඳ වුවහොත් අපගේ සමාජයේ දිශාව හා වාමාංශය තේරුම් ගත හැකිවනු ඇත.එය දැන් දැන් සිදු වෙමින් යන බව වාමාංශිකයින් යැයි සිතා සිටින්නන් අමතක නොකළ යුතුය. ජවිපෙන් වෙන් වූ පෙරටුගාමීන් හා ජවිපේ යන මෑත අතිතය සැසඳීමේ දී, සිදුවන ගැටුම් තුල දී, ගැලවෙන සාමාජිකයන් පවසන්නේ ජවිපේ මීට වඩා හොඳය, ඊටත් වඩා විමල් වීරවංශ හොඳය යන්න නම්, වමට කිව යුත්තේ දෙවි පිහිටයි. ඔබලා බබලාගේ වැඩක් බලා ගන්න අනාගතය රවටන්නේ නොමැතිව යන්නය.

දයලෙක්තිකය හෙවත් ගැටලුව හඳුනාගැනීම

ප්‍රගතිශීලිත්වයේ පථය පටු වීමේ හා වාමාංශයේ ගැටළුව පුද්ගලයාට හා සමාජයට ප්‍රත්‍යාවර්තක වන්නාසේම භාහිරයට ද ප්‍රත්‍යාවර්තිකය. එබැවින් මූලික හා මූල ධාර්මික සංකල්පයන් වන නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය හා සහොදරත්වය යන ප්‍රංශ විප්ලවිය සංකල්ප අපගේ සමාජයට ගැට ගැසෙනුයේ කෙසේ ද යන්න සලකා බැලිමේ දී බටහිර සමාජ සංවර්ධනයේ දිශාව හා වර්ධනයට සාපේක්ෂකය. අපගේ සමාජ සැකැස්ම හා සංවර්ධනය වෙනස් සේම සංකල්පවල ඇති අර්තය ද වෙනස්ය. නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය යන්න අදට පවා අපගේ සමාජයට වැටහෙන්නේ නැත. එනිසාම එම සංකල්පවලට අර්ථයක් නැත. අඩුම වශයෙන් බෞද්ධ රටක් ලෙස සැලකෙන්නේ උවත් එම දර්ශනයෙන් පෙන්වාදෙන අර්ථයන් පිළිබඳ මූලික හෝ වැටහීමක් ප්‍රධාන වශයෙන් සංඝායා ප්‍රමුකකොට ගත් බෞද්ධ සමාජය සතුව නැත. අවම වශයෙන් පන්සිල් පද පහෙහි අර්ථයවත් දන්නේ නැත.මෙනිසා අපගේ දර්ශනයේ පථය බටහිරට වඩා ඉතාමත් පටුය. දූපතක් වීම නිසා ඊටත් වඩා පටුය. සුළු ජන එහෙත් ඊනියා ආර්ය වර්ගයක් වීම නිසා මුග්ධත්වය හා  අහංකාරත්වය වෙලාගැනීමෙන් පටුය. දක්ෂිණාංශිකයන්ටත් වඩා වාමාංශිකයන් පටුය(   බුද්ධිමත් ප්‍රගතිශීලී ශුද්‍ර වූ පිරිස් අපට සිටී. එම පිරිස පිළිබඳ නොව ප්‍රධාන දේශපාලනික ප්‍රවාහයේ සිටින සමාජ වෙනසේ බල වේග පිළිබඳ බව සලකන්න)වම මෙතරම් පිරිහිමටත් අඟුටුමිටි වීමටත් ප්‍රමුඛ හේතුව නම් වම නියෝජනය කරන්නාගේ ඇති පටු කමය. නිදර්ශනයකින් කිවහොත් ගණිතය විද්‍යාව අසමත් හෝ අදක්ෂ වූවකු කලා විෂයයන් තෝරා ගන්නාක් මෙන්  නැති කම හා පීඩනය වාමාංශිකයාගේ ආයුධය නොවන බව අපට තවමත් තේරෙන්නේ නැත. සිද්ධාර්ධගේ සිට දුප්පත් කමට පැවිදි වන සංඝයාගේ මෙන්ම පිඩිතයාට මාක්ස්වාදියෙකු හෝ වාමාංශිකයෙකු විමට ශූද්ධ වූ අයිතියක් ඇතත්, නැතිකම ඇතිකර ගත් කල ප්‍රගතිශීලිත්වයට පයින් ගැසීමට හැකිනම්, සමානාත්මතාවයෙහි අනෙක් අන්තයට වැටෙන්නේ නම්, එම වාමාංශිකත්වය කුමක් දැයි වටහා ගත යුතුය. මීට වසර දහයකට පහළවකට පෙර කමිසයක් නැතිව සිටි වමෙකු කෝටි පතියෙකු වීම යනු හිටගෙන මිය යුතු ගැටලුවක් බව අවබෝධකර ගත යුත්තේ, එසේ වීම නොව එසේ වීමට හේතුවය.

 උතුරේ පීඩිතයාට ප්‍රශ්නයක් ඇති බවත් වෙනත් ජාතියක් හා ප්‍රෙදේශයක් විම හේතු කොට ගෙන පැන නැගී ඇති දේශපාලනය සිංහලත්වයට ආගමට හා ජාතිවාදයට පටු කිරීමට තරම් දේශපාලනික හිතක් ඇත් නම් ඔහුගේ හෝ ඇයගේ ඇති දේශපාලනයේ ඇති ප්‍රගතිශිලී දිග පළල කෙබඳුදැයි නැවතත් සිතිය යුතුය. දෙමළා ලැබිය යුතු නිදහස අයිතිය අධිරාජ්‍යවාදයට බටහිරට ලඝු කරමින් ලබා ගන්නා වාසියේ සතුට කුමක් ද. එය වම ද දකුණ ද යැයි වාමාංශිකයින් කල්පනා කළ යුතු වේ.

දයලෙක්තිකය හඳුනා ගැනීම භෞතික වාදීන්ගේ මෙන්ම වාමාංශිකයින් හට ඇති ප්‍රමුඛතම කාරණය වුවත් වැරදී ඇත්තේ ද දයලෙක්තිකය පිළිබඳ ඇති අසංවේදී කමය. සමාජ අපෝහකය නැතිනම් දයලෙක්තිකය රෙඩි මේඩ් එකක් ලෙස බන්දේසියක් මත තබා විප්ලවය සඳහා නොදෙන්නාසේම සමාජවාදය උදෙසා සුසැදුණු අපෝහකයක්  හිරු උදාවන්නාක් මෙන් උදා වනු නොමැත. අරගල පැන නගිනු ඇත්තේ සමාජයේ තරා තිරමත් කාලයත් අවකාශයත් අනුව මෙන්ම ප්‍රතිවිරෝධය සාධනීය හෝ නිශේධනීය වනු ඇත්තේ සංසිද්ධියෙහි පවත්නා වෙනස ද තුලය. අප වැනි රටක වාමාංශයේ කාර්ය වී ඇත්තේ තම පථය පුළුල් කර ගැනීම පිනිස අවශ්‍ය ලෝක දැක්ම හා මතවාදය ශක්තිමත්ව විශ්වාස වන්තව තබා ගැනීමය. ප්‍රගතිශීලීන්ගේ සටන් පාට දක්ෂිණාශිකයන්ට සිය වාසියට ගැනීමට අවැසි පරිසරය ඇති කරනු වෙනුවට එම සටන් තමන් අතට ගැනීමට තරම් විවෘත බවක් හා ගැඹුරක් තිබිය යුතුය. එවිට සමාජ ප්‍රජිතන්ත්‍රවාදීන්ගෙන්ද ලිබරල් වාදීන්ගෙන්ද ප්‍රයෝජයක් ලැබෙනු ඇත. මන්ද ඓතිහාසිකවම ඔවුන්ද වාමාංශික හා ප්‍රගතිශීලීන්ය. ඹවුන් ප්‍රජාතන්ත්‍රවාදය නිදහස අගය කරන්නෝය. සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදය ඉගෙන ගැනීමට ඇත්තේ බුරුෂුවා ප්‍රජාතන්ත්‍රවාදයෙන් මිස ගෝත්‍රිකයන්ගෙන් හෝ ම්ලේච්ඡයන්ගේ පාවහන් තුලට තමන්ගේ දෙපා දමා ගැනීමෙන් නොවන බවට අවබෝධ කර ගැනීමට නම් සිය පථය ප්‍රංශ විප්ලවය දක්වාම පුළුල් කළ යුතු වේ. එවිට වමට ඇති වැඩ බිම යනු සමාජවාදය හැර සෙසු සියල්ලය. රූසෝ හෙගල් නොව බටහිර දර්ශනයේ අඳුරු යුගයට පසු බැසිය යුතු වන්නේය. ලෙනින් පරමාදර්ශය වන්නේ නම් කෙරෙන්ස්කි කෙනෙක් කළ වැඩ කොටස කෙරෙන්සි කෙනෙකු නොවී කිරීමට වගබලා ගැනීම ලෙනින් කරා ලඟා වීමකි. ලාංකික වම යනු ධනේෂ්වර ප්‍රතිසංස්කරණ බැවින් ඇත්ත ප්‍රතිසංස්කරණ වලට බිය නොවිය යුතුය. කටින් බතල හිටවන විප්ලවවාදීන්ට වඩා ප්‍රතිසංස්කරණවලින් සමාජය වෙනස් කරන්නා සිය ගුණයකින් ප්‍රගතිශීලීය. අපගේ සමාජය ඇත්තේ වල්මත් වූ දයලෙක්තිකයක බැවින් විහිදී විසිරෙන අපෝහකයන් සමග පොර බැදිය යුතුය. විප්ලවය නොවුනත් සමාජයට යහපත් දෙයක් ලැබෙනු ඇත. දෙමළා සිංහල වමෙහි   ඉරණම තීරණය කරන්නාය. පාඩම් ගණනාවකින් කීව ද නොතෙරුණු පාඩම නැවත ඉගෙන ගැනීමට නම් දෙමළාගේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදයට ඇති බිය තැති ගැන්ම පලවා හැරිය යුතුය. මාක්ස්වාදියෙකු වීමට නොහැකි නම් අඩුම වශයෙන් ලිබරල් වාදියෙකුවත් වන්න. එය ගෝත්‍රිකයෙකුට වඩා දහයෙන් සම්පතකි. එහෙත් එම ලිබරල් වාදීයා යනු දයාන් ජයතිලක, රජීව විජේසිංහ පන්නයේ තක්කඩි පොත් උගතුන් ‍නොව සැබෑ ලිබරල් වාදයේ අගය දන්නා අයය. එවන් අයෙක් රාජපක්ෂ ගෝත්‍රෙයෙන් පිට ඇත්නම් මේ මොහොතට ප්‍රගතිශීලීන්ය.

උදය ආර්. තෙන්නකෝන්- Udaya R. Tennakoon

අරුන්දික, හඳුන්නෙත්තිගේ මිනිස් ජීවිතවල වටිනාකමේ වෙනස

Image

වගකීමෙන් යුතුව යුද්ධ කිරීමටත්. මිනිස් ජීවිත ලොසින්ජරයකටවත් මායිම් නොකළ හඳුන්නෙත්තිලාගේ ශක්තියේ අස්වැනු තවමත් අප සමාජය නෙලමින් සිටී. අරුන්දිකලාට මිනිස් ජීවිතයක අගය හැල්ලුකිරීමට අවැසි සංස්කෘතිය නිර්මාණය කර දීම  හඳුන්නෙත්තිලාට ලංකා ඉතිහාසය තුල වැළලිය නොහැකි අතර දහස් ගණනින් මාර දැමුණු මිනිසුන් මිනිස් භාග බවට පත් කරමින් අන්තිම දෙමළා ද නසන්නට ඇදගෙන ගිය රාජපක්ෂ සන්ධානයේ ඔබලා එකම සොහොයුරෝය. වෙනස ඇත්තේ කාලය හා වචනවලය. කෙසේ වුවත් ඔබලාට මිනිස් ජීවිතවල වටිනාකම අවබෝධවීම දෛවයට කෙසේ වුවද මනුෂ්‍යත්වයට යහපතක් වනු ඇත.

උපුටාගත් ප්‍රවෘත්තිය( ඉන්ඩිපෙන්ඩන්ට්)

අරුන්දික මිනිස් ජීවිත වල වටිනාකම හෑල්ලු කරලා

අරුන්දික ප්‍රනාන්දු මන්තීවරයා ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්දයෙන් කරන ප්‍රකාශ මගින් මිනිස් ජීවිත වල වටිනාකම් හෑල්ලු වන බව ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති කියයි.
අතුරුදන්වු මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ බෙල්ජියමේ සිටින බවට සුනිල් හදුන්නෙත්ති මන්ත්‍රී වරයා ප්‍රකාශ කළ බව අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා හෝමාගම අධිකරණය හමුවේ කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සුනිල් හදුන්නෙත්ති මහතා මේ බව කියා තිබේ.

එහි මෙලෙස දැක්වෙයි

පළමුකොටම සඳහන් කළ යුතුව ඇත්තේ, අරුන්දික ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා විසින් කරන ලද ප‍්‍රකාශය අමූලික අසත්‍යයක් බවය. සැබැවින්ම ඔහු සිදු කරමින් සිටින්නේ, තමන් විසින් ප‍්‍රකාශ කරන ලද බොරුවක් තහවුරු කර ගැනීම සඳහා දැන් මාගේ නම සඳහන් කරමින් තව තවත් බොරු වැපිරීමය. ඔහු මීට පෙර ප‍්‍රංශයේ වෙසෙන මාධ්‍යවේදියෙකු සම්බන්ධ කරගනිමින් ප‍්‍රගීත් එක්නැළිගොඩ මහතා ගැන බොරුවක් ගෙතූ අතර එය තහවුරු කරගැනීමට අසමත්වීම නිසා දැන් මා සම්බන්ධ කරගැනීමට උත්සාහ දරයි.

මෙය හුදු අරුන්දික ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයාගේ හුදකලා ප‍්‍රයත්නයක් විය නොහැකිය. බොහෝ රූපවාහිනී සංවාදයන්හි ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටීමට ඉදිරියට දමනු ලැබ ඇති අරුන්දික ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයාට ආණ්ඩුව බේරා ගැනීම සඳහා බොහෝ බොරු කීමට සිදුව තිබීම තේරුම් ගත හැකි දෙයකි. එහෙත් මහජන නියෝජිතයෙකු ලෙස පෙනී සිටිමින්ම මෙසේ කටේ දිවේ නොගෑවී බොරු කියන්නේ, මේ රටේ ජනතාව මෝඩයින් අහිනක් ලෙස සිතාගෙනදැයි නොතේරේ.

කෙසේ වුවද මේ තත්වය තුළ ජනතාවට හෙළිදරව් වන බරපතළ සත්‍යයක් තිබේ. එනම් පුද්ගල පැහැර ගැනීම්, අතුරුදහන් කිරීම් සහ ඝාතනය කිරීම් පිළිබඳව ආණ්ඩුවට එල්ලවන චෝදනාවලින් මිදීම සඳහා ආණ්ඩුව කෙතරම් පහත් මට්ටමකට වැටීමට සූදානම්ද යන්නය. සැබැවින්ම වගකීමෙන් මිදීම සඳහා ආණ්ඩුව ගන්නා පිළිකුල් සහගත මෙබඳු උත්සාහයන් එම පූර්ව ක‍්‍රියාවන්ටද වඩා නින්දිතය.

අරුන්දික මන්ත‍්‍රීවරයාගේ ප‍්‍රකාශය, මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ මහතා පිළිබඳ බොරුකීමේ ආණ්ඩුවේ පළමු අත්හදාබැලීම නොවේ. මොහාන් පීරීස් හිටපු නීතිපතිවරයාද වරෙක ජාත්‍යන්තර සමුළුවකදී ප‍්‍රකාශ කළේ, ප‍්‍රගීත් එක්නැළිගොඩ මහතා විදෙස් රටක සිටින බවය. පසුව හෝමාගම අධිකරණය හමුවේ ඔහු කියා සිටියේ තමාට එසේ කීවේ බුද්ධි අංශ නිලධාරියෙකු බවත් මේ වනවිට ඔහුගේ නම අමතක බවය. ආණ්ඩුව රඟදක්වන විසුළුකාරී ජවනිකාවල තරම එබඳුය.

ආණ්ඩුව මේ හෑල්ලූ කරමින් සිටින්නේ, මිනිස් ජීවිතවල වටිනාකමය. ඝාතනයන්, අතුරුදහන්කිරීම් පිළිබඳව තමන්ට එල්ලවන චෝදනාවලින් ලිස්සා යාම සඳහා වගකීම් විරහිත ලෙස මෙසේ විවිධ අවස්ථාවන්හි විකටයින්, බම්මන්නන් ඉදිරියට දැමීමෙන් ආණ්ඩුව සිදුකරන්නේ, රටත් ජනතාවත් ජාත්‍යන්තරය ඉදිරියේ හෑල්ලූකිරීම පමණය.

අයිටීඑන් උගන්වන පාඩම සහ සමහරුන්ගේ මුහුණු

බෝතල් ගත කළ භූතයන් සහ ලොහ්බිලර් ඇටවිසමය

Image

පාඨකයාට හෝ ප්‍රේක්ෂක, ශ්‍රාවකයාට හෝ රටෙහි ජනතාවට හෝ කිසි ලෙසකින් යහපතක් නැති එහෙත් ජාතිවාදයෙන්, ඊනියා දේශප්‍රේමයෙන් මුසපත්ව ඇති මිනිසුන් අවදිකිරීම පිණිස බෝතල් ගතකර ඇති බූතයන් සහිත වෙළෙඳපලක් ලංකාවෙහි මාධ්‍ය වෙළෙඳපලෙහි ඇත. වරින් වර මෙම භුතයන් එලියට ගනිමින් ශාන්තිකර්මවල නියැලෙන යැකැදුරන් ලංකාව තුල දැකිය හැකිය. මෙම සම්ප්‍රදාය අඩුවැඩි වශයෙන් නිදහසින් පසු කාලය තුල විවිධ ප්‍රමාණයෙන් පැමිණිය ද වෙළෙඳ භාණ්ඩයක් ලෙස අලෙවිකිරීමේ සම්ප්‍රදායට මුල පිරීම ඇරඹියේ ජවිපේ හා සන්ධානය කාලය තුල දීය. කොටි භූතයන්, එන්ජීඕ භූතයන් වාම කොටි භූතයන් හා සිංහල කොටි භූතයන් වශයෙන් සමාජ වෙළෙඳ පලට පැමිණි මෙම සංකල්පිය භාණ්ඩයට විශාල වශයෙන් ඉල්ලුමක් පැවැතිණි. එම ඉල්ලුම ඇතිකිරීමට මුළු මහත් ලාංකීය සමාජ දේශපාලනය බලපෑමි කළේ වුවද ඉන් ජය ගැනීමට මහින්ද රාජපක්ෂට සහා ඊට සහයදුන් පාර්ශවයන්ට හැකි විය. ඒ ඉතිහාසයේ අවසානය යන ප්‍රවාදය ලංකාව තුල අවිඥාණිකව ඇති කරමිනි. එනම් එල්ටීටීඊය සමඟ පැවැති යුද්ධයෙන් ලබාගත් ජයග්‍රහනයෙනි. දැන් කාලය ටිකක් ගත වී ඇත. ඒ අතර බොහෝ දේවල් සිදු වී ඇත. නිෂ්පාදනය කරන ලද භූතයන් තවමත් වෙළෙඳ ගබඩාවන් තුල ඇත. ලාභය පිණිස වරින් වර මෙම භූතයන් වෙළෙඳ පළට නිකුත් කරන අතර ඊට විවිධ මට්මමේ ලේබල් අලවමින් මිල කරනු ඇත.

ඒ අතර  එදාවේල සපයාගනිමින් මාධ්‍යකරණයේ නියැලෙන අපූරු මාධ්‍යෙව්දීන් පිරිසක් ජනයාගේ ඇස් අඳ කිරීම පිණිස, කුලියට හා ස්වෙච්ඡාවෙන් වහල් මෙහෙයේ යෙදීමට පෙනී සිටින බවක්  පෙනෙන්නට ඇත. මොවුනට පාදඩ මාධ්‍යෙව්දීන් යැයි කීවොත් පාදඩයන්ටද කරන නිග්‍රහයක් බැවින් ඊට සුදුසු වචනය කුමක් දැයි සොයාගත යුතු වේ. ජනතාවගේ, පීඩිතයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් හෝ ප්‍රජාතන්ත්‍රවාදය, සාමය නිදහස හෝ අයිතිවාසිකම් ගැන කතාකරන විට මෙම භූතයන් බෝලත්වල්න් එලියට ගැනීම දැකිය හැකිය. ඉන් පසු අතීතය සමග ගැටගසමින් විකිණීමට  පටන් ගනී. සමහර භූතයන් හොඳින් අලෙවි වන අතර වෙනත් විකල්පයක් නැති බැවින් අලෙවි නො වුවද සමහර භූතයන්ව විකිණීම කරනු ලබන්නේ රස්සාව එය වන නිසාය. නිදසුනක් ලෙස දිවයින පත්තරේ පාසැල් රචනා ලියන කීර්ති වර්ණකුලසුරිය, අයිටීන්හි මහින්ද අබේසුන්දර ජනප්‍රිය චරිත දෙක වුව ද අති බහුතර මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය සදාචාරය පැවැත ඇත්තේ කරවල රසය පදනම් කරගත් වාර්තාකරණයකය. ඒ අතරින් හොඳම කුණු රස ඇති කරවල වන්නේ ජාතිවාදය, අධිරාජ්‍යවාදය, බටහිර, එල්ටීටීය, හා ඩයස්පෝරාවය.ඊට අමතරව ලිංගික වාර්තා ප්‍රධාන තැනැක් ගන්නේ වුවද එය පුද්ගලිකව සදාචාරය සඟවා ගන්නා අශාවන් වුවත්, ඊට භූත වේශයක් ඇති දේශපාලනයක් ඇත්තේ සුළු වශයෙනි.

ඉහත කී භූත සම්ප්‍රාප්තිය සිදු කරනු ලබන්නේ විශේෂිත අවස්ථාවන් එළඹෙන විටදීය. ඡන්දයක් ලඟ එය විට, ජිනීවා මානවහිමිකම් කොමිසම රැස්වන අවස්ථා හා මානව විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් ඇතිවන ජනතාවාදි මැදිහත්වීම් තුල දී විශේෂයෙන්ම මෙකී බෝතල්ගත භූතයන් ප්‍රාදූර්භූත වන්නෝය. එහෙත් එවැනි අවස්ථාවක් නැති අවස්ථාවක දී උවත් එළැඹෙන අනාගත අවස්ථාවක් උදෙසා සමාජ ඇටවිසමයක් කිරීමට උත්තහ කළ සිද්ධියක් පසු ගිය රිවිර පුවත්පතේ මුල් පිටුවෙහි පළ විය. එහි ප්‍රධාන සිරස්තලය වූයේ ‘‘ යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන බිරිඳගේ සහයෙන් ලංකාව යුද අධිකරණයට ගෙනයෑමේ මූලිකයා සිංහලයෙක්,, (අවශ්‍ය නම් කියවීමට නමුත් අත්‍යවශ්‍ය නැත)  ලෙසය.

අකාලයක ආ හෙණයක් පරිද්දෙන් පතිත වු මෙම භූත ඇටවිසමය කාරණා කිහිපයක් නිසා අන් භූතයන්ට වඩා වැදගත් වීම නිසා හා අත්‍යවශ්‍ය දේශපාලනික වගකීමක් නිසා මෙම සටහන තබමි. එබැවින් මෙම සිදුවිම ලොහ්බිලර් ඇටවිසමය ලෙස නම් කරන්නෙමි. මෙහි අරමුණ හා අවශ්‍යතාවය හා එහි ඇති විශේෂත්වය  කුමක් ද  යන්න විමසිම හරහා ලාංකික සමාජ ඇටවිසමය තේරුම්කර ගැනීමට හැකි වෙතැයි සිතමි. මුලින්ම ඇටවිසමයක් යන්න ද අවබෝධකර ගත යුත්තතකි.

වරෙක  අධිරාජ්‍යවාදය පිළිබඳ කරන න්‍යායික කථිකාවේදී ජෝෂප් ෂුම් පීටර් මෙම වචනය යොදා ගනී. මෙහි අර්ථය වන්නේ එය වරින්වර වෛරසයක් පරිද්දෙන් සමාජය තුලට අධිරාජ්‍යවාදය පැමිණෙන බවය. එහෙත් ලංකාව විෂයෙහි දී අධිරාජ්‍යවාදය  ප්‍රායෝගික වශයෙන් ස්ථිපිතව භූමි ගත වී ඇති අතර එහි මතවාදය හා මානසිකත්වය වෙත ජනයා සාමාන්‍යකරණය වී ඇත. ලංකාවට අධිරාජ්‍යවාදය යන්න අමුතුවෙන් පැමිණිය යුතු මාතෘකාවක් නොවුනත්, මෙම විෂය තවමත් විකිණිය හැකි වෙළෙඳ භාණ්ඩයකි. එබැවින් මෙම සංකල්පය ලංකිකයාට ඉතාවැදගත් බැවින් එය ඇටවිසමය ලෙස නාමකරණය කර ගතහැකි අතර මුලට යොදව විශේෂණයෙන් ආදාල සන්දර්භය තේරුම් ගත හැකි  වනු ඇත. පුද්ගලයන් ද ආයතන පක්ෂ හෝ ඔනෑම දෙයක් විශේෂිත විය හැකිය.

නිදසුන්:

පුද්ගල:

  1. දීප්ති  ඇටවිසමය
  2.  භාෂණ ඇටවිසමය
  3. සුනන්ද  ඇටවිසමය
  4. බාහු ඇටවිසමය
  5. උවිඳු ඇටවිසමය
  6. පැරකුම් ඇටවිසමය
  7. සුනිලා නිමල්කා ඇටවිසමය
  8. සරවනමුත්තු ඇටවිසමය
  9. කැමති තරම් එකතු කළ හැකිය

පක්ෂ ආයතන හා ජාල:

  1. පෙරටුගාමි ඇටවිසමය
  2. ජවිපේ ඇටවිසමය
  3. ඩයස්පෝරා ඇටවිසමය
  4. හිරු ඇටවිසමය
  5. සහ වෙනත්

සංකල්පීය:

  1. වාමාංශික ඇටවිසමය
  2. සාම ඇටවිසමය
  3. මානව හිමිකම් හා යුක්තිය පිළිඳ ඇටවිසමය
  4. සහ වෙනත්

අනෙක් අතට ඇටවිසමයක් මගින් එය යොදාගන්නට ලාභයක් ලැබෙන අතරම ඇටවිසමය බවට පත්වන්නාට ඇතිවන්නේ සංකල්පීය පාඩුවක් වුවත්, ඇටවිසමය මනුෂ්‍ය යහපත පිණිස නම් එය නුදුරේදී ලාභදායක සංකල්පීය ප්‍රාග්ධනයක් වනු නොවනුමානය. එබැන් අද දවසේ භූතයන්ට කාර්යයක් ඇත. භූතයන් පෙනීසිටින්නේ යහපත වෙනුවෙන් නම්, කුමන තොවිල් නැටුව ද තමන්ගේ කොටස කළ යුතු වන්නේය. එහෙත් අඩුම වශයෙන් පොදු අරමුණ වෙනුවෙන් භූතයන්ට එකට විසීමට හැකියාවක් නොමැතිකමේ වාසිය හැම දිනම ඊට විරුද්ධ පාර්ශවන් අත්පත් කර ගැනීම, අපගේ පසුගිය අඩසිය වස දෙස බැලීමේදී පැහැදිලිය.

Image

යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන බිරිඳගේ සහයෙන් ලංකාව යුද අධිකරණයට ගෙනයෑමේ මූලිකයා සිංහලයෙක්

ඉහත ප්‍රධාන සිරස්තලය සහිතව රිවිරෙහි පලවූ ලිපියෙහි අන්තරගත කරුණු වල ඇති සත්‍ය අසත්‍ය බව එත් අතකින් ප්‍රශ්න කිරීම හා ආචාර ධාර්මිකභාවය ගැන අති අශිෂ්ඨබව කතා කිරීමෙහි ඇති වැදගත්කමට වඩා අවධානය යොමුකළ යුතු වන්නේ මෙම නිශේධනාත්මක අර්ථය ධනාත්මක අර්ථයක් බවට පත්කර ගන්නේ කෙසේද යන්නය. එම අභියෝගයේ දී ඇති ප්‍රධානතම ගැටලුව ඇත්තේ කවුරුත් අපේක්ෂා කරන තමන්ගේ ප්‍රධාන අනෙකා වූ ලාංකීය රජ්‍ය හෝ මහින්ද රාජපක්ෂ බව උවත් ඇත්ත වශයෙන්ම ඇති බාධකය වන්නේ තමා ළඟ සිටින ධනාත්මක අනෙකාය. සුනිල් මාධව මාදිලියේ කුමන අභියෝග කරනු ලැබුවත්( 1990 ගණන් වලදී, භිෂණය හිස ඔසවමින් අඳුර සුදු වී ඇති අවධියක සුනිල් මාධව සහෝදරයා එවකට ජනාධිපතිව සිටි ප්‍රේමදාස මහතාට කළ සෘජු අභියෝගයන් හා ඊට තරුණ ප්‍රෙක්ෂක අපගෙන් ආ ප්‍රතිචාරය සිහි වන්නෙමි) එහි ශක්තියක් නැත්තේ පාලකයන්ගේ ඇති ශක්තිය නිසා හෝ රාජ්‍ය හෝ ආණ්ඩුවල ඇති බලය නිසා නොව, කෑ මොර දෙන තරමට අප තුල ශක්තිය නැති නිසාය. අපව භූතයන් බවට පත් කිරීමේදී, ඊට අප ඇලුම් කරන නිසාය. මාටින් නිමොලර්ගේ අදහස නැවත පසක් කරන යථාර්ථයක් ඇත්තේ වුවද අප ඊට ආසා කරන්නේ දැයි කල්පනාකර බැලිය යුතුය. එම වැකි නැවත කියවමු

පළමුව ඔවුහු සාමාජවාදීන් සොයා ආහ.

මම නිහඬව සිටියෙමි.

මන්ද මම සමාජවාදියෙක් නොවීමි.
ඊළඟට ඔවුහු වෘත්තීය සමිති සොයා ආහ.
මම නිහඬව සිටියෙමි.
මන්ද මම වෘත්තීය සමිතිවාදියෙක් නොවීමි.
ඊළඟට ඔවුහු යුදෙව්වන් සොයා ආහ.
මම නිහඬව සිටියෙමි.
මන්ද මම යුදෙව්වෙක් නොවීමි.
ඊළඟට ඔවුහු මා සොයා ආහ.
ඒ වන විට මා වෙනුවෙන් කතා කිරීමට
කිසිවෙක් ඉතිරිව නොසිටියහ.

ලොහ්බිලර් ඇටවිසමය (Lochbhiler Atavism )

ලොහ්බිලර් ඇටවිසමය යනුවෙන් හැඳින්වීමට පදනම් තර්කය වන්නේ ලොහ්බිලර් යන්න තුල මිනිසකු ද ගැහැනියක ද, දේශය ද විදේශය ද, පෙරදිග ද බටහිර ද ආදී සහ සම්බන්ධතා ඇති වපසරියක් ඇති වීමය. මෙය තේරුම්කර ගත යුත්තේ කුමන දෘෂ්ටිකෝණයේ සිට දැයි විමසුව හොත්  රිවිර වාර්තාවට එහා ගිය යථාර්යක් ඇති අතර එම යථාර්ථයන් ප්‍රතිවිරෝධයන් බවට පත්වන්නේ ඇයි ද යන පොදු ප්‍රශ්නය ඉතිරිව පවතින්නකි. එම ප්‍රතිවිරෝධයන් කෙටියෙන් සඳහන් කළහොත් මෙළෙස පැවැසිය හැකිය

  1. ජවිපේ ප්‍රතිවිරෝධය( රංජිත් හෙන්නායකාරච්චි 71 කැරුල්ලෙහි ප්‍රධාන පුද්ගලයෙතු වීම හා එහි ඔහු එහි සුරුවමෙහි හතුරාවීම. මේ පිළිබඳ විවිධ ආඛ්‍යාන ඇත. නමුත් හඳුනා ගැනීම වැදගත් වේ.
  2. රාජපක්ෂ ප්‍රතිවිරෝධය ( යුද්ධයට පෙර මහින්ද රාජපක්ෂ හොහ්බිලගේ දේශපාලනික සගයෙක් වන්නාසේම තවත් බොහෝ පක්ෂ විපක්ෂ නායකයින් ඹහුව හා ඔහුගේ ක්‍රියා කලාපය දන්නා අය වන්නෝ වන අතර සාම ක්‍රියාවලියේ දී සියල්ලෝ ප්‍රජාතන්ත්‍රවාදයට ජීනීවා ද බර්ලින්ද පැමිණි පුද්ගලයින් වබ මගේ වැටහිම වේ.)
  3. එල්ටීටී ප්‍රතිවාරෝධය( ජවිපේ මෙන්ම එල්ටීටීය ද රංජිත්ගේ ෆෙඩරල්, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රෙව්ශයට එකඟ නොවන අතර රංජිත් ද දෙමළ ජාතික ප්‍රශ්නය මිසක, එල්ටීටී දේශපාලන ක්‍රමවේදය අනුමත නොකරන්නෙක් බව දන්නෝ දනිති.)
  4. විදේස්ගත මාධ්‍යෙව්දී ප්‍රතිවිරෝධය( මෙම ප්‍රතිවිරෝධය තරමක් සංකීර්ණ එකක් වන්නා සේම එහි අන්තර රඳා පැවැතීම් ද දැකිය හැකි බව මගේ අදහසයි. එහෙත් නිහඬබවේ වාසිය අවාසිය හා වෙහෙසෙන්නන්ගේ කරමත නැග සටන් පාඨ කීමෙන් එහා ඇති යථාරථය සංකීර්ණයක්ව ඇත)
  5. එන්ජීඹ් ප්‍රතිවිරෝධය( රාජ්‍ය නොවන සංවිධාන යන සංකල්පයෙහි අර්ථයෙන් ඔබ්බට ගිය විකෘතියක් ලංකාව තුල එන්ජීඹ් වලට ඇති අතර ඊට ප්‍රධාන වශයෙන් වගකිව යුත්තේ එහි නියෝජිතයන් සේම සිවිල් සමාජයය. මේනිසා දේශපාලනික යථාර්ථයක් එන්ජීඹ් බවට පත්තරමින් එවා දිය කිරීම හා ඩොලර්වලට ලඝු කිරීම ලාකික සිවිල් සමාජය, වම හා බුද්ධිමතුන්ගේ නූගත්කමය
  6. රංජිත්ගේ ප්‍රතිවිරෝධය( එනම් 1971 රංජිත් හා වර්තමාන රංජිත් අතර ඇති දාර්ශනිකමය ප්‍රතිවිරෝධය. එය තම තමන්ගේ ආස්ථානයන් අනුව අඩු වැඩි ගැලපීම් නොගැලපීම් ඇති වුවද ලංකාව විෂයෙහි ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් වන ප්‍රතිවිරෝධය ඉහත සියල්ලටම බල පාන පොදු කාරණය වන්නේය.)

මේ අනුව හොහ්බිලර් ඇටවිසමය යන්න පොදුවේ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව නැගෙන්නක් ලෙස සැලකුවහොත් හොහ්බිලර්ට ඇති කරන චෝදනා නැවත  අවධාරණය කරමින් එහි අර්ථයන් සොයා ගතයුතු වන්නා මිසක එවාට ඔව් හෝ නැත පිළිතුරු ප්‍රමාණවත් නොවනු ඇත. ඔහුගේ කේන්ද්‍රීය කාරණා අඩපන කිරීමට ගෙන එන අභූත මඩ නැතිනම් චරිත ඝාතන චොදනා හඳුනාගත යුත්තේ ඉරිසියාවේ මූලධාර්මික කාරණයක් හා ඉරිසියා කිරීමට පදනම් වන ලෞකික පසුබිම නිසා විය හැකි වීම මනෝවිද්‍යාත්මකව අවබෝධකරගත යුත්තකි. නිදසුන් දෙකකින් කීවොත් එක ලස්සන ගැහැනියක හා විවාහ වී සිටීම. දෙක එම බිරිඳ සාමාන්‍ය බිරිඳක් නොවීම.

මෙම ඉරිසියා සහගතබව හා භූතගතකරණය කර ඇති ආකාරය පහත ඡායාරූප නිදසුන්කර ගත හොත් පැහැදිලිවන්නේ කුමක් ද. රවිර පුවත්පතේ පළකර ඇති මෙම ඡායාරූපයේ ජර්මන් රාජ්‍ය නායිකාව(අන්ජෙලා මර්කල්) මකා දමා තිබීමයි. මෙයින් ඇඟවීමට උත්සහ කරනුයේ කුමක්ද (රිවිර ඡායාරූපය) රංජිත්ගේ බිරිඳ හා ඔවුන්ගේ ක්‍රියාකලාප එන්ජීඕ ක්‍රියාකාරකම්වලට එහා ගිය දෙයක් නොවන බව පෙන්වීමට දරණ බාල වෑයම ය. Image

(Frank-Walter Steinmeier Anke Fuchs, Angela Merkel, und Barbara Lochbihler)

අභියෝගය

ඡන්ද කාලයක් ලඟ එන බැවින් උවත්, නවනීදන්පිල්ලේ ලංකාවට පැමිණිමට නියමිත නිසා උවත්, නැතිනම් වෙනත් කාරණයක් නිසා උවත් වෙළෙඳ පලෙහි භුතයෙකු වීම දේශපාලනික අර්ථයෙන් රාජපක්ෂලාට මෙන්ම ලංකාවේ මනුෂ්‍යත්වය,  ප්‍රජාතන්ත්‍රවාදය සාමය අවශ්‍ය කරන ප්‍රාර්ථනා කරන්නන්ටද  ධනාත්මක කාරණයක් විය හැකිය. එක් වටයකින් ජයගත් නරුම ජාතිවාදය තවත් වටයකින් ජය ගනු ඇත. එම වටයට මෙම භූතයන් වෙළෙඳ භාණ්ඩ විය හැකිය. එහෙත් විලෝමය සත්‍යක් වීමේ යථාර්ථයට තවත් කල් ඇත. මිනිසුන් ප්‍රජාතන්ත්‍රවාදය නිදහස හෝ අලුත් සමාජවාදයක් වෙනුවෙන් හඬක් නඟන දිනක භූතයන්ටද කාරයයක් ඇත. එනම් ප්‍රජාතන්ත්‍රවාදයට නායකත්වය දිමය. එවිට මතක තියා ගත යුත්තේ භූතයන් ද රටට ආදරය කළ මිනිසුන් බවය. ද්‍රෝහියා වීරයා වීම ඈතක වුවත් ඉක්මනින් එය පැමිණෙනු ඇත. නමුත් මතක කියා ගත යුත්තේ  භූතයන්ට කාරයයන් දෙකක් ඇත යන්න බවය. එක ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රගුණ කිරීම දෙක. එක්සත් කම මිස අන් දෙයක් නොමැති බව වටහා ගැනීම. එය රට ඇතුලට ද පිටතට ද අදාල මගහැර නොහැකි කාරණයකි.

 උදය ආර්. තෙන්නකෝන් – Udaya R. Tennakoon

ImageImage

ජගත් චමිල හොඳම නළුවා විම හා ඔස්කා නළුවන් අඟහරු නළුවන් වීම (ඉරිසියාවට කියන කතා)

Image

හැකියාවක් දක්ෂතාවක් හා නිර්මාණශීලීත්වයක් ඇත්නම් ඒ පිළිබඳ අගය කිරීම හා ලාංකිකයන් වශයෙන් ආඩම්බර වීමට ඕනෑම කෙනෙකුට අයිතියක් ඇත. එහෙත් එම අයිතිය අයිතියක් වන්නේ එයින් කියැවෙන යථාර්ථයේ තරම හා ප්‍රමාණය අනුවය. එසේ නොවුව හොත් වාගාඩම්බර ප්‍රකාශයන් තුලින් කරන අතිශයෝක්තිය විසින්ම එහි ඇති ගුණය හා ප්‍රමාණය විනාශ වනු ඇත.මේ  කරුනට පදනම් සටහන තබන්නේ පසුගිය කාලයේ ලෝකයේ හොඳම නළුවා වූ ජගත් චමිල ගැන නොව ඔහු ගැන මාධ්‍යකරණය කළ ලෝක පූජිත ළිං මැඩියන් ගැන යම් අදහසක් කිමටය. මිට දශක පහ යහකට ඉහත දී නම් හින්දි සිංදුවක තනුවට ගීතයක් නිර්මාණය කර ගයා එය ශ්‍රී ලාංකීය ගීතයක් යැයි කිව හැකි උනත් එහි මූලයන් සොයා ගත නොහැකිය.

එහෙත්  අන්තරජාලය හා නූතන තාක්ෂණය විසින් එකිනෙකා සමීප කර ඇති මෙම සයිබර් ලෝකය තුලත් මිනිසුන්ව රවට්ටමින් බලාපොරොත්තු වන්නේ කුමක් ද. එක් අතකින් ලාංකිකයාට ලංකාව ලෝකයක් වන බැවින් ලෝකයේ හොඳම නළුවා යැයි කීම ගැලපෙනු ඇති වුවත් ලෝකයට අනුව ජගත් චමිල හොඳම නළුවා වීම තේරුම් තර ගැනීමට පහත ප්‍රශ්න හා සංසන්දනාත්මක නිදසුන් පසයන්නෙමු

කෑන්ස්,ඇකඩමි හෝ ඹස්කා සම්මාන ලබන නළුවන්ට කියන්නේ කුමක් ද

අඩුම තරමින් නිව්යෝක් චිත්‍රපට උළෙල යනු කුමක් ද

හොඳම නළුවා වූ නිව්යෝක් සිටි උළෙල යනු කුමක් ද

සංසන්දනාත්මක නිදර්ශනය

ලංකාවේ ඇති පිළිගැනීමක් ඇති නාට්‍ය උළෙල වන්නේ රාජ්‍ය නාට්‍ය උළෙල වන්නේ වුවද YMB නාට්‍ය උළෙල ද නාට්‍ය උළෙලක් වේ. එහි හොඳම නාට්‍ය, හොඳම නළුවා නිළිය සම්මානද පිරි නැමේ.

එම නළුවාට හෝ නිළියට ද ලංකාවේ හොඳම නළුවා යැයි කිව හැකි නමුත් කීදෙනෙක් පිළිගනු ඇත්ද. රාජ්‍ය නාට්‍ය උළෙලේ නළු නිළියන් හිනාවෙනු ඇත. මෙයින් අපට ආස හිතෙන න්‍යායක් ගොඩ නගා ගත හැකිය

ලංකාව  + මම =  මගේ ලෝකය

ලෝකය X  මම = 0

0 = ලෝකය

ලෝකය = ලංකාව + මම

0 = 0

= 0

= බින්දුව ලෝකයකි

එහි අපි මාර මිනිස්සුය.

ලෝකයේ හොඳම නළුවා වීම යනු ලංකා  ජඪ මාධ්‍යය විසින් ගොඩ නංවන ලද්දකි බැවින් ජගත් චමිලට ලැබුණු සම්මානයට කිසිවක් කිව නොහැකි උවත් ඔහුගේ චිත්‍රපටයෙන් පිටත රංගනය යනු ද මාධ්‍ය හරහා රටම කඩේ යැවීමකි. හැඬීම හා කඳුළුවලට චඩා අවංකත්වය යනු වෙනස් දෙයකි. සිංහලෙන් කතා කර ලංකාවට කිර්තියක් නම් ගෙන දෙන්නේ, ජාති වාදින්ට කියන්න කියෙන්නේ ඉංග්‍රීසිත් ඉගෙන ගත්තා නමි හොඳයි කියාය  .

වක්‍ර කියැවීම: මොනවා උනත් නිවියෝ නගරයේ අහු  මුල්ලත් ලෝකයක් විම හා අමෙරිනානු සිහිනය ගැන නම් ජවිපෙන් හා අපේ වමෙන් ඉගෙන ගත යුතුය.

ජගත් චමිල ලෝකයේ හොඳම නළුවා වූ වෙබ් අඩවියට පිවිසෙන ගමන් ඩේෂන් අමරසිංහ YMB

හොඳම නළුවා වූ පරණ සරසවිය හොයාගෙන බලන්න

නිව්යොක් සිටි චිත්‍රපට උළෙල

ඔස්කා චිත්‍රපට උළෙල

බොස්ටන් ලංකා බලන්න (උත්සව අවස්ථා වටහා ගන්න)

සැමීගේ කතාවේ අභ්‍යන්තර කතා කිහිපයක් සහ ප්‍රවීණ වේශ නිරූපණ ශිල්පියා ගැන ද කතා කට පුරා ඇතත්. ගැටලුවේ වැඩි කොටස ඊනියා මාධ්‍යට හිමි වේ.

Image

Image

ඒ වෙනකොට අපි- උදය ආර්.තෙන්නකෝන්

requiem-dream-drama-movies-desktop-hd-wallpaper

(සයිබර් වේදිකා නාට්‍ය නොහොත් තදාත්මක විඝඨන ජවනිකා)

කියවන අතර රඟපාන්න. රඟපාන අතර පරිකල්පනය කරගන්න. ඔබම වේ නළුවාද නිළියද. ඔබ අභියස ඇත ඔබේ කැඩපත. ඇති තරම් ඉඩ ඇති ඔබේ සයිබර් වේදිකාවට

පසුතලය

නාට්‍යයට පසුබිම් වන කාලය හා අවකාශය වන්නේ අනාගතයේ වසර පහළවත් විස්සත් අතර එහාට ගිය පරිකල්පනිය කාලයකි. මිනිසුන් ක්‍රමයෙන් තමන්ගෙන්ද අනෙකාගෙන් ද වියෝ වූ කාලයකි. අර්ථයක් නැතිව හිනාවෙති. හැඟීමක් නැතිව බලා සිටිති. විශ්වාසය තුරන් වූ සිත් හිස්බවකින් පිරී ඇත. බලාපොරොත්තු කියා දෙයක් ඇත්තේ බලාපොරොත්තු ලෙසටමය. මේ ආකාරයට පත් වූ මිනිසුන් ගැහැනුන් වේදිකාවේ විවිධ ඉරියව්වලින් යුතුව ස්ථානගත වී ඇත. ඊට සරිලන ආලෝකය ද, සංගීතය ද පසුබිම ද සැකසිමෙන් නාට්‍ය ආරම්භ වේ.

ගැහැනිය 1. : (මුලින් තනිවම හිනා වේ. පසුව තව කෙනෙකු වෙත ගොස් හිනා වේ.

මිනිහා 1: (ඔහු ද හිනාවේ. ඉන්පසු ඔවුන් දෙදෙනා එකට සිනා සෙති. එම සිනා සීමෙහි අර්ථය තමා තුල මිසක අන් අයට නොවැටහේ.ඔවුන් දෙදෙනා තවත් දෙදෙනෙක් කරා ගොස් සිනාසෙති.  එක්වරම සිනහව නතර වෙති. ඉන් පසු මහා නිහැඬියාවකි.

ඔවුන් දෙදෙනා ඔහේ බලා සිටිති. තවත් කිහිප දෙනෙක් ද එවැනිම වූ ශූන්‍යත්වයක ගිලී ඇත. එය නාට්‍ය මූලධර්ම පවා උල්ලංඝණය වන්නා වූ නිහැඬියාවකි. කාලය ඇද දැමීමකි. එය බිඳ දැමිම පිණිස ටික වෙලාවකින් පුද්ගලයෙක් වේදිකාවට පැමිණෙති. ඔහු නාට්‍යෙය් එව මැදිහත් කරු වේ.

මැදිහත්කරු: (චරිතයට අදාල සංකේතීය ඇඳුමක් ඇඳ ඇත.)මේ අප ඉන්නේ අනාගතයේ වසර විස්සක පමණ කාලයක ඉදිරියකයි. ඒ කාලයේ නියම තත්ත්වය මෙන්න මේක තමයි. ඒත් ඔබ ඉන්නේ වසර විස්සක් මෙහා නිසා මට මේ කතාවේ නිර්මාණකරුවා කිව්ව ඔබට ඒ ගැන පැහිදිලි කරලා දෙන්න කියලා. ඇත්තටම මට තේරෙන්නෙත් නැහැ. ඒත් මම මේ ගැන ටිකක් පුහුණු වෙලා ආපු නිසා  මට පුළුවන් ඔබට උදව් වෙන්න. ඉතින් මම පටන් ගන්නම් මේ කතාවෙන් කියන්න හදන, නෑ.. නෑ.. පෙන්නන හදන අදහස මොකක් ද කියන එක. ඊට කලින් මට උපදෙස් ලැබුණා අපේ නිර්මාණකරුවාගෙන්, ඔබත් එක්ක ටිකක් සංවාද ගතවෙන්න කියලා. අපි අවුරුදු විස්සක් අනාගතයට යන්න බැරි වෙන්න පුළුවන්, ඒත් මම හිතන්නේ අපිට බැරි වෙන්න විදිහක් නෑ අවුරුදු විස්සක් අතීතයට යන්න. මම ඔබ හැමගෙන් ඉල්ලා සිටිනවා කරුණාකර හැකි ඉක්මනට අවුරුදු විස්සක් අතීතයට යන්න කියලා. එහෙම නැති උනොත් අපිට අපේ නාට්‍ය පටන් ගන්න පරක්කු වෙන්න පුළුවන්. (හිනහ වී) තරුණ වියට යන නිසා අනාගතයට වඩා අතීතයට යන්න ආසා ඇති කියා මම හිතනවා. එම නිසා මම දෙනවා සුළු වෙලාවක් ඔබට හැකි ඉක්මනට අතීතයට යන්නට.

සංගිතය හා පසුබිම් ගීතය

බාල්දියක් ගැටගහලා ලණුවෙන්

බොලොක් එකෙන් අත බුරුලෙන්

හිත ඇදුනා තුඹසට යන  වේගෙන්

හිත ඇදුනා තුඹසට යන  වේගෙන්

විසි වසරක ගැඹුරු ලිඳේ පතුලේ

හිත වැදුනා මරු පහරකි පතුලේ

අඳුර එලිය දැවි නිවෙන මොහොතේ

සොයමි බලමි මම කිමිදෙමි සිතු සේ

මැදිහත්කරු:  ඔව් ඔබ දැන් ඉන්නේ මීට වසර විස්සකට පෙර ඔබට උරුම වු අතිතයක. මම අහන්න යන්නෑ ඔබට දැනෙන හැඟීම ගැන. මොකද ඒක සතුටක් මෙන්ම දුකක් ඇතිවෙන්නත් පුලුවන්. අපේක්ෂාභංගත්වයක් මෙන්ම සපල වීමක් වෙන්නත් පුළුවන්. එත් මොන තත්වයක් උනත්, එයින් යම් සිත් තැවුලක් උනානම් සමාව ඉල්ලන්න කියලත් අපගේ අධ්‍යක්ෂවරයා කිව්වා. ඒ වගේම අතිතයට ගිය අය අතීතයේ ඉන්න නොදී නැවත මේ මොහොතට කැන්දා ගන්න එක මගේ දක්ෂ කමක් කියලයි මගේ අධ්‍යක්ෂවරයා මට කියන්නේ. මම හිතනවා මම දක්ෂයි කියලා. ඒත් මට සැකහැර දැන ගන්න විදිහක් නැති නිසා, මට අවශ්‍යයි ඔබගේ අවධානය  තදින්ම තියා ගන්න. ඒ හින්දා මම කියන්න යන්නේ රහසක්. මේ නාට්‍යෙය් නිර්මාණකරුවා මට කිව්වේ මේක කොහොමටවත් කියන්න එපා කියලා. ඒත් මම තීරණය කෙරුවා ඒක ඔබට කියන්න. ඒක නිසා ඔබ සැම දෙනාවම මම විශ්වාස කරන අතර මාවත් විශ්චාස කරන ලෙස ඉල්ලා සිටිනවා. ඉතින් සියලුම දෙනාට අතිතයේ සිට  මේ මොහොතට පැමිණෙන ලෙස ඉල්ලා සිටිනවා.

සංගීතය හා පසුබිම් ගායනය

සසරක කතරක පැටලුණු

අතීත රස දිව ගා බලණු

කාලය කෙටිකර පබඳිනු

පියවර මැන යලි නැගඑනු

ගිය විගසම අසුරු සැනින්

අතීතයෙන් කර පියමන්

ජෙට් යානය සතු වේගෙන්

බල සකි රඟහල එලියෙන්

මැදිහත්කරු: ඔව් මම හිතනවා දැන් ඔක්කෝම මේ මොහොතට පැමිණ මගේ රහස ශ්‍රවනය කිරීමේ තදාත්මක විඝටනයේ නිමග්නව සිටින බව. ඒත් මේ රහස මම ඔබට කියන්නේ කාරණා දෙකක් නිසයි. එක මම මේ රහස කිව්වට පස්සේ කිසිම මොහොතකවත් මාව පාවා නොදෙයි කියා විශ්වාස කරනවා. දෙක අවසානය වෙන තෙක් රහසක් ලෙස තියා ගන්න කියා මට උපදෙස් දුන්න මේ නාට්‍යෙය් නිර්මානකරුවගේ අභිප්‍රාය ඇත්ත වශයෙන්ම භයානකයි. නමුත් ආදරණියයි. ඔබට මේ දෙකම හෝ එකක් තෝරා ගන්න වෙනවා. එත්  ඔහුට නම් අවශ්‍ය එක දෙයක්. ඒ තමයි මහා ජන නැගිටීමක්. ඒකයි ඔහු කිවිවේ කිසි විදිහකින් වත් ඒ ගැන අවසානය වන තෙක් කියන්න එපා කියලා. අපේ නිර්මාණකරුවට අවශ්‍ය හරියට ජාතිවාදියෙක් අවුස්සනවා වගේ  අන්තිම මොහොතෙ දි සියලු දෙනාම නැගී සිටුවන්න. මේ නව ඒකාධිපති ක්‍රමයට එරෙහිව සකල විධ ජනතාව පෙලගස්වන්න. ඒකට ඔහු භාවිත කරන උපක්‍රමය තමයි වර්තමාන ජනයාට උරුම වන අනාගතය පෙන්වන එක. මට කියන්න ඕන මෙච්චරයි පරිස්සමෙන් නාට්‍ය නරඹන්න. මොකද මේක අපේ කතාව උනාට රඟහල අනුන්ගේ. හැඟීම් පාලනය කර ගන්න. බුද්ධිමත්ව හිතන්න. අපේ අධ්‍යක්ෂවරයා නම් කිවිවේ හැකි තරම් ස්වභාවිකව කරන්න කියලා. ඒත් මම හිතුවා වර්තමාන මේ මොහොතට අනුව තදාත්මක විඝඨනය යොදාගෙන සත්‍ය හා මායාව අතර ඇති බැමි බිඳ දමන්න. ඔබට සැක හිතෙන හැම මොහොතකම මම මැදිහත් වෙන්නම්. ඒත් ඒක රහසක් ලෙසම තියාගන්න කියා ඉල්ලා සිටිමි.හොඳයි දැන් එහෙම නම්  අපි නැවත නාට්‍ය වෙත යමු.

දැන් ඔබ මේ මොහොත තුල ජිවත්ව  ඉන්න බව මට විශ්වාසයි. එනම් අතීතයේ සිට වසර විස්සක් පසු කොට පැමිණ ඇති කාල අවකාශය. ඒත් අනාගතයේ වසර විස්සක දි ඔබ මේ අද සිටින තත්තවයට වඩා හාත්පසින්ම වෙනස් සත්වයෙක් බව ඔබවත්  කිසිකෙනෙකුට හිතා ගත නොහැකි බව තමයි දැක ගන්නට ලැබෙන්නේ. මම පැමිනෙන්නට මෙහොතකට පෙර ඔබ දකින්නැති. ඒ තමයි වසර විස්සකින් ඔබට හමු වන මිනිසා. ලෝකය තමා තුල නිර්මාණය කරගත් මිනිසා. ඔබ හිතන්න එපා මේක උමතුවක් කියා. මොකද මේ කාලෙත් පිස්සන් කොටු තියෙනවා. එහි ඉන්න පිස්සෝ කොහොමද කියලා දැන ගන්න පුළුවන් නාට්‍ය අතර තුර.

ඉතින් මීට ටික වෙලාවකට පෙර ඔබ දකින්න ඇති නාට්‍ය  ආරම්භය. ඒ ඔබ දුටුවේ සාමානය ජනයා උනත් මේ නාට්‍යෙය් ප්‍රධාන භූමිකාවන් නිරූපණය කරන ඉතිරි චරිත බලාගෙන ඉන්නවා තමන් කවුද කියලා කියනකං.

වැඩි වෙලා ගන්න අවශ්‍ය නැහැ මම මුලින්ම හඳුන්වා දෙන්නම්, ආනන්තර්ය පාපකර්මයට තවත් එක් පාපයක් එකතු කළ නූතන පව් කාරයා නොහොත් ජනමාධ්‍යෙව්දියෙකු විමේ පාපකර්මය නියෝජනය කරන අනාගතයට වේශ නිරූපනය වන ජන හතුරා නොහොත් රජ මිතුරා.

(සංගීත කණ්ඩයක් සමඟ ඔහු පැමිණේ.)

ඇතුලත සිට කොණ්ඩය හා රැවුල වවා ගත් පුද්ගලයෙතු පැමිණ වේදිකාවට අචාර කරයි.

මැදිහත්කරු: දැක්කා නේද? හරිම ආචාරශිලි. ඒත් සත පහකට විශ්වාස කරන්න එපා. හැබැයි මෙයා නම් ප්‍රගතිශීලි මාධ්‍යෙවේදියෙක් කියලයි කියන්නේ. මම වැඩිපුර කියන්න යන්නෑ බලමු එයා මොකක් ද කරන්නේ  කියලා.

මාධ්‍යවේදියා: මම ගැන දැන්ම හඳුවා දෙන්න ද?

මැදිහත්කරු: ඔව් ඔබගේ පාඨක ශ්‍රාවක ප්‍රේක්ෂක සියලු දෙනා බලා සිටී. ඔබ කවුදැයි බලා ගැනිමට

මාධ්‍යවේදියා: (ඔහු ගරු සම්පන්නව) ඇත්ත වශයෙන්ම මම ස්වාධීන නිදහස් මාධ්‍යෙව්දියෙක්

මැදිහත්කරු: මැදට පැන්නට සමා වෙන්න. ස්වාධීන නිදහස් මාධ්‍යෙව්දියෙක් කිවුවට එහෙමම ම නැහැනෙ නේද? මම හිතන්නේ මම නිවැරදියි.

මාධ්‍යවේදියා: ඇයි නැත්තේ

මැදිහත්කරු: හැබැයි මෙතන රඟපාන්න තියෙන්නේ දහඅට සන්නියක්.

මාධ්‍යවේදියා: ඔව් මම දන්නවා ඒත් මම ගැන කියන්න එපැයි. නැත්තම් මේ හැමෝම වගේ කියලා මා ගැනත්  හිතයි.

මැදිහත්කරු: හරි හරි. මේ නාට්‍යෙය් කොටසක් නෙවෙයි ද එහෙනම්. එහෙම කියන්න එපැයි.

මාධ්‍යවේදියා: මම ඉල්ලාසිටිනවා මේකත් නාට්‍යෙය් කොටසක් කර ගන්න කියලා.

මැදිහත්කරු: එහෙම කරන්න ගියොත් ජනතාවට අලකලංචියක් හැදෙයි ද

මාධ්‍යවේදියා: නෑ අපේ අධ්‍යක්ෂ තුමාම තමයි මට කිව්වේ පුළුවන් නිදහසේ රඟපාන්න කියලා

මැදිහත්කරු: (ඔහුට නොඇසෙන්නට එහෙත් ප්‍රෙක්ෂකයාට)එයා දන්නෙ නෑ මට දීලා තියෙන උපදෙස් මොනවද කියලා. මොනව උනත් ඕගොල්ලෝ ඇහැ ගහගෙන ඉන්න මොනවද වෙන්නේ කියල

මාධ්‍යවේදියා: ඔයා මොනවද කුටු කුටු ගාන්නේ.

මැදිහත්කරු: අපේ අධ්‍යක්ෂවරයට නම් ප්‍රෙක්ෂකයා ගැන කිසිම විශ්වාසයක් නෑ. මොන මොන සූත්‍ර දේශනා කළත් අන්තිමේදි අහුවෙන්නෙම බ්‍රහ්ම සූත්‍රයකටමයි.

මාධ්‍යවේදියා: එහෙම කියන්න එපා. ජනතාව ඔය කියන තරම් මෝඩ නැහැ. වැරුද්ද තියෙන්නේ අනිත් පැත්තේ.

මැදිහත්කරු: ඔය කියන්නේ. ඔය කියන්නේ. ආයෙත් හදන්නේ මිනිසුන්ව අන්දන්න. ජංගියක්ම අන්දන්න. මේක නාට්‍යෙය් මතය නොවන බවත් ඔහුගේ පුද්ගලික අදහස බව සපුරා ප්‍රකාශ කරමි. ඒත් සමගම නාට්‍යකරුවාගේ අදහසට යම් සමාන කමක් ඇති පුංචි කතාවක් කියන්න අවසර දෙන්න. මේකත් නාට්‍යයට අදාල එකක් නෙවෙයි. ඒත් මේක පහුගිය කාලයේ සත්‍ය අත් දැකීමක්. මේක මගේ අතුරුකතාවක්. මම හිතනවා ඔබට බෝරින් නොවෙයි කියල.මේ සිද්ධිය උනේ මිට වසර ගණනාවකට ඉහත එනම් දාහත් අවුරුදු ශාපය කියලා හඳන්වන කාලයට පස්සේ පැවැතුණු ඡන්ද කාලයේ දී. විප්ලවයේ බලාපොරොත්තු තියාගෙන හිටපු අපේ මාක්ස්වාදී සහෝදරවරු මර්ධනයෙන් නැවත මතු වුණු පක්ෂයට එකතු කිරීමේ තරඟයක ඉන්නකොට, එක යාලුවෙකුට හමුවුණා වයසක ආත්කම්මා කෙනෙක්. මිනිහා ඇයට තෙල දුන්නා නියමෙට. ආත්තම්මා සෙට්වුණා පක්ෂෙට. හොඳටම සංතෝශයි. මොකද වැඩිහිටි පරම්පරාවත්දැන් ඊලඟ විප්ලවයත් එක්ක. අපේ සහෝදරයා ඔක්කොම ප්ලෑන් කරලා ඡන්දේ දවසේ ආත්තම්මව නග්ගාගෙන මෝටර් සිකලේ එක්කගෙන ගියා ඡන්ද පලට. කිලය දුන්න විදිහට අත්තම්මා පොරොන්දු වුණා. සහොදරයා එලියට වෙලා බාලාගෙන හිටියා එක ඡන්දයක් වැඩිවෙන දිහා. අත්තම්මා එලියට ආවා.කොහොමද අත්තම්මේ වැඩේ හිරි නේද

ඔව් මගෙ පුතේ ඡන්දෙ දැම්මා සැහෙන කාලෙකින්

හරියටම ගැහුවද

ඔව් මයෙ පුතේ

මම කියපු විදිහට අපේ ලකුණට ගැහුවනේ

අනේ මගෙ පුතේ. ඡන්ද කොලේ බලාගෙන යන කොට අර තිරිසනා හොඬේ පත්තරගෙන ඉන්නවා දැක්කා. මට ඔක්කොම අමතක වුණා පුතේ.

ඈ.. එතකොට කාටද ගැහුවේ

වෙන එකක් වෙන්න කියලා තිරිසනාටම ගැහුවා මගෙ පුතේ

සහෝදරයට මල පැන්නා අත්තම්මව ඡන්ද පොලේ දාලා යන්න ගියා සහෝදරයා

මාධ්‍යවේදියා: (හිනා වෙමින්) සහෝදරය තාමත් යනවා ඇති

මැදිහත්කරුවා: නෑ සහෝදරයත් ඉන්නේ දැන් ආණ්ඩුවේ. මේ තමයි අපේ රටේ ජනතාව. ඒකයි මට කියන්න ඔන වුනේ.

(වේදිකාව පිටුපස සිට තවත් චරිතයක් දුවගෙන එයි. ඔහු රැඩිකල් සෝමේය.)

මැදිහත්කරු: මේ යකා මොකද මේ වෙලාවේ කඩා පැන්නේ. ඒයි රුඩිකල් සෝමේ ඔයාගෙ කොටස තවම ආවෙ නෑනේ.

සෝමේ: නෑ. මම බලාගෙන හිටියා හිටියා. මේක ඉවර වෙන්නෑ. මම හිතුවා වැඩේ වැරදිලා කියලා. ඒකයි මම අවේ. එහෙනම් මම ආයෙ එන්නම්. (ඔහු ආ පහු යන්න යයි)

මැදිහත්කරුවා: දැන් ගියත් වැඩක් නෑ හිටියත් වැඩක් නෑ.

මාධ්‍යවේදියා: මගේ කතාවෙන් පස්සේ  නේද රැඩිකල් සෝමේ?

මැදිහත්කරු: ඔව් ඒත් දැන්කරන්න දෙයක් නෑ. මම ප්‍රේක්ෂාගාරයෙන් සමාව ඉල්ලන ගමන් නාට්‍ය පොඩි වෙනසක් කරනවා.

මාධ්‍යවේදියා: ඒ මොකක්ද ඒ ගමන

සෝමේ: ඒ වෙනසට මම කැමැතියි.

මැදිහත්කරු: (සෝමෙට ඔච්චම්කර) ඔව් එව් හැමදාම වෙනස කියලා කෙරුවේ… (වෙනස් ස්වරයකින්) ඔව් ආදරණීය ජවතාවනි, ඒ වෙනෙස ඊලඟ අංකයෙන් ඔබට ගෙන එන තෙක් රැඳි ඉන්න. අපිට විරාමයක්

PDF ගොමුව

උදය ආර්.තෙන්නකෝන්- Udaya R. Tennakoon

ඊජිප්තුව: පියවරක් පසු පසට නමුදු පියවර දෙකක් ඉදිරියට?- ටෙරල් අබේසිංහ

Image

 

දශක තුනකට වැඩි හොස්නි මුබාරක්ගේ ඇමරිකන් ගැති ප්‍රජාත්න්ත්‍ර විරෝධි අත්තනෝමතික පාලනය පෙරලා දමා වසර දෙකකට මඳක් වැඩි කාලයක් ගත වී ඇති මේ මොහොතේ, ඊජිප්තු ඉතිහාසයේ විශාලතම බහු ජන නැගිටීමෙන් එහි විශාලතම නගර හෙල්ලුම් කමින් තිබේ.

නිශ්චිත නායකත්වයකින් තොරව සිදු වු 2011 විප්ල්වය විසින් අරගලයක නායකත්වයේ සභාවය කෙසේ විය යුතු ද ?  තද මධ්‍යගත දේශපාලන පෂයක අවශ්‍යතාවය හා විශේෂයෙන්ම විප්ලවයක් සිදු නො විය යුතු ආකාරය පිලිබඳව කතිකාවන් නැවත කරලියට පැමිණියේ ය.

ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථික නිදහස, අදහස් පල කිරිමේ නිදහස ඇතුලු මුලික මිනිස් අයිතිවාසිකම් මුල් කර ගනිමින් ඇරඹි අරගලය තුල ඉස්ලාම්වාදීන්, ධනේශ්වර විරෝදීන්,ජාතිකවාදීන් හා ස්ත්‍රිවාදීන් ඇතුලු විවිධ කණ්ඩායම් තම ඉල්ලිම් ඉදිරිපත් කළ අතර, අරගලය විසින් පාලක රෙජිමය බලයෙන් පහකර සංක්‍රාංති කාලයක් ගෙවා මුස්ලිම් සහොදරත්වය (Muslim Brotherhood  ) වැඩි බහුතරකින් පාලන බලය ලබාගන්නා තුරු ද ඉන් පසුව ද බොහො දෙනෙක් තුල විප්ලවය පිලිබඳව ධනාත්මක සිතිවිල්ලකට වඩා රිනාත්මක සිතුවිලි ජනිත වන්නට විය. සමහරුන් එය අලියෙකු විලි ලා මීයෙකු වැදුවා වැනි යැයි අර්ථ කතනය කිරිමක් දක්වා දුර ගියහ.

නවතම තත්වයන් විසින් අප හට නැවත සිතිමට, සංකල්ප ගත කිරිමට බල කරනුයේ කුමක් ද ?

විශාල කැරිස්මාවක් සහිත නායකත්වයකින් යුතු තද මධ්‍ය ගත පක්ෂයකින් තොරව සමාජ විප්ලවයක් කල නොහැකිය යන්න තව දුරටත් සැබැවක් ද ?

විසි එක් වන සිය වසේ දෙවන දශකය ගෙවමින් සමාජ පරිවර්තන්යකට නව මාවත් සොයමින් සිටින අප ඊජිප්තුවේ සිදුවන ක්‍රියාවලිය අර්ථ කතනය කර ගනුයේ කෙසේ ද ?

පුළුල් මානුශීය වු දර්ශනයන් මුල්කර ගනිමින් බිහි වුණු හා දැනට පවත්න්නා වූ ද මධ්‍ය ගත දේශපාලන පක්ෂ හා සංවිධාන බලහත් කාරය හා අත්තොනොමතිකත්වය වෙත ගමන් කළ ආකාරය හා කරමින් සිටින ආකාරය ගැන පුළුල් කියවිමක් කර ගැනිම පසක දමා ලෙනින් සහෝදරයා විසින් විසිවන සිය වසේ මුල් කාලයේ පැවතුන තත්වයන්ට අනුරුපී ලෙස සංකල්ප ගත කළ බොලෂේවික් පක්ෂ ආකෘතිය එකම සහා අවසාන ආකෘතිය වශයෙන් ඇදහිම තව දුරටත් වලංගුද ?

අප යෝජනා කරනුයේ බොල්ෂේවික් පක්ෂ ආකෘතිය වැරදි ද, නිවැරදි ද යන කලු සුදු ප්‍රශ්නය වර නගනවා වෙනුවට, ඇයි එය අසාර්ථක වූයේ යන්න සාකච්ඡා කරමු ය යන්න ය.

එම ආකෘතිය ආසාර්ථක විම හුදු පුද්ගල වාදී ගැටලුවක්ද ?එය තනි පුද්ගලයකුගේ හො කණ්ඩායමක මනො භාවයක ගැටලුවක් නම්, එම පුද්ගලභාවයට හෝ කණ්ඩායම් වාදයට ඉඩ ප්‍රස්ථාව ඇති ආකෘතියම ගැටලු සාගත නොවේ ද ?

මෙහි දි අපට අනුව ඊජිප්තුවේ සිදු වෙමින් පවතින් ක්‍රියා වලියේ වැදගත් කම ඇත්තේ, 2011 ඇරඹි ක්‍රියාවලිය විසින් උද්දීපනය කර ඇති මිනිස් නිදහස පිලිබඳව පුලුල් වූ හැඟීමයි.

එය විසින් ගොඩ නගා ඇත්තේ ඊජිප්තු වැසියාගේ විප්ලවීය ආත්මයයි ( Revolutionary Spirit ) .

එම පුලුල් විප්ලවීය ආත්මය සහිත මිනිස් වර්ගයාට පුලුල් දැකමක් සහිත නිසි නායකත්වයක් අවශ්‍යය, නමුත් විප්ලවිය ආත්මයක් සහිත මිනිස් සමුහයක් නැවතත් පුද්ගල හො කණ්ඩායම් බලහාත්කාරය තුල හෝ අත්තොනොමතිකත්වය තුල සිර කළ නො හැකිය.

අප අද දවසේ ඊජිප්තුව සිදුවෙමින් පවතින් දේශපාලන ක්‍රියා වලිය තුලින් අත් දකිමින් සිටිනු ලබන පාඩම එය නොවේ ද ?පක්ෂයක හෝ කණ්ඩායමක අනුගාමිකයන් හා ඇදහිලි වන්තයින් බිහි කරනවා වෙනුවට පක්ෂ හා  කණ්ඩායම් විසින් කළ යුත්තේ මිනිසුන් තුල විප්ලවීය ආත්මය ගොඩ නැගීම නො වේද ?

ටෙරල් අබේසිංහ

ඊජිප්තුව 1 ඊජිප්තුව 2

යටත් විජිතවාදයේ – අපි ඔවුන් සහ එකිනෙකා- උදය ආර්. තෙන්නකෝන්

Image

3 කොටස

‘‘ලෝකය යනු ක්රියාවලියකි, ඉඳි ආප්පයක් මෙන් එකට බැඳී ඇති ක්රියාවලියකි. මේ ක්රියාවලිය කොටස්වලට කඩා එකින් එක ගෙන ඒවා ග්රහණය කර ගැනීමට, පිළිබඳ දැනුම ලබා ගැනීමට අපි උත්සාහ කරමු. නම් අපි මේ කැඩූ කොටස්වලට දැනුමක් ලබා දෙමු. මෙහිදී අප කර ඇති මුල්ම කාර්යයක් වී ඇත්තේ ක්රියාවලිය මොහෙතකට නතර කර නතරකර ගත් ක්රියාවලිය ග්රහණය කර ගැනීමට උත්සාහ කිරීමයි( නලීන් ද සිල්වා – මගේ  ලෝකය),,

මෙතෙක් පැවැත ආ ලංකා සමාජ ඉතිහාසයේ ගමන් මග අතර එක්තරා දුර ප්‍රමාණයකට එම මාර්ගය අතරතුර දී යටත්විජිතවාදය නැමති පාලමෙන්  එකට බැඳී, සහසම්බන්ධ වී ඇත.  මාර්ගය  එම පාලම පසුකර ඊට අනුරූපීව යම් දුරක් ගමන් කර ඇත. ඉදිරියට මාර්ගය සැකසීම පිළිබඳ දාර්ශනික ගැටලුවක පැටලී සිටින ලංකාව එය සකසා ගත යුත්තේ කෙසේද යන කාරණයේ දී, අපට හමුවන එක් දාර්ශනිකයකු වන්නේ මාහාචාර්ය නලීන් ද සිල්වා යන්නත්, ඔහුගේ දාර්ශනික භාවිතාව තුල යෝජනා වනුයේ යලි අතීතයට එනම් ආපසු ගමන් කර යටත් විජිත වාදය නැමැති පාලම කඩා දමා මාර්ගය සකසා ගැනීමය. එම මාර්ගය සිංහල බෞද්ධ ජාතිකවාදය මත පදනම් වූ අතීතකාමී දාර්ශනික යොජනාවක් වන විට, ඊට ප්‍රතිපක්ෂ එහෙත් සමාජ ගමන් මගෙහි ඉදි වි ඇති පාලම නම් වූ යටත්විජතවාදය සම්බන්ධයෙන් එකම අදහසෙහි සිටින ජාතික මාක්ස්වාදී යෝජනාව පාලම කඩා අනාගතයට ගමන් කිරීම යන ප්‍රවාදයන්ය. ප්‍රධාන වශයෙන් මෙම මතවාදයන් දෙක ප්‍රස්තුත කර බැලීමේ දී පාලම කඩා අතීතයට ගිය ද, අනාගතයට ගිය ද නැවත මේ දෙපිරිසටම හමුවන මාහා පොදු සාධකයක් ඇත. එනම් ලංකාව තුල වෙසෙන දමිළ නම් වූ සංස්කාතික අනන්‍යතාවයය. එබැවින් නැවත මෙම දෙපිරිසම අතීතයටත් අනාගතයටත් එකම ගැටලුවක සිර වී ඇත. පෙර ලිපි දෙකින් පළමු කොටස සමස්ථයට ප්‍රවිෂ්ඨ වීමෙනුත් දෙවැනි කොටස යටත් විජිතවාදය හා නලින්ගේ සම්බන්ධය පිළිබඳ ප්‍රවාදගත කරනු ලැබිමට උත්සාහ කරනු ලැබූ සාරංශය මෙය වේ.

 Image

යටත් විජිතවාදය ඓතිහාසික දේශපාලනික හා සංස්කෘතික ක්‍රියාවලියක් ලෙස ග්‍රහණය කරගනිමින් ලංකාව පිළිබඳව තවදුරටත් නැවත සිතීම වැදගත්වනු ඇත. එසේ කල්පනා කිරීමේ දී, එහි හේතු කාරකය අධිරාජ්‍යවාදය ද අධිරාජ්‍යවාදයෙහි හේතු කාරකය ධනවාදය ලෙස සූත්‍රගත කළ හැකි වුවත් මෙම සන්දර්භයන් එකිනෙකට සහ සම්බන්ධ සේම සුවිශේෂීව ද සැලකිය හැකිය. අධිරාජ්‍යවාදය ගැන ඇති අවධානය විවිධ අවස්ථාවන්හි දී එලියට පැමිණ මතුව දේශපාලනික උවමනාවන් සනසවා යට ගිය ද, යලි යලිත් කාලීන වේශයන්ගෙන් මතු විය හැකිය. අධිරාජ්‍යවාදය පිළිබඳව ජෝෂප් ෂුම්පීටර් (Joseph Schumpeter  Imperialism and Social Classes-)  පවසන ආකාරයට එය සමාජ වෛරසයක් (Social atavism) බඳුය. එහෙත් යටත් විජිතවාදය යන්න ඓතිහාසිකයක් බැවින් එය ඉතිහාසයේ නිශ්චිත මොහොතකි. මෙම නිශ්චිත කාලය විසින් අපට දී ඇති ජීවිතය සංස්කෘතිය තුල ඇති වන ක්ෂතියෙහි(trauma) ප්‍රකාශනයක් ලෙස අධිරාජ්‍යවාදය හෝ ධනවාදය හෝ ලෙස අප අභියසට පැමිණිය ද  අපට නිශ්චිත අර්ථයක් නැත. අර්ථයක් ඇත්තේ නම් චීනය විසින් ලංකාව මත පතුරවන ආර්ථික යටත් කර ගැනීම නලීන් ද සිල්වාට හෝ ජාතික මාක්ස්වාදීන්ට අධිරාජ්‍යවාදයේ දේශපාලනයෙන් කම්පනයක් ඇති විය යුතුය. එහෙත් චීනය යන්න වෙස්වලාගත් පුදුම සත්වයකි. මහින්ද රාජපක්ෂ නැමැති පටු ලෝක දැක්මක් හිමි බහු ආත්මීය සත්වයාට නම් චීනය සුර ඹිදෙනකි. අනන්‍යතාව හා පැවැත්ම මත සියල්ල භ්‍රමණය කරන බහිරව අවතාරයකි. චීනයේ හැසීරීම ධනේෂ්වර අමානුෂික කෘරත්වය උවත් එය කිසිවකුට නොපෙනෙන්නේ, චිනයට අයත් සංස්කෘතිය ලංකාව තුල රෝපණය කිරීමට උත්සාහ නොගන්නා නිසාය. සූරා කෑම හැර වෙන කිසිදු උවමනාවත් නැති ම්ලේච්ඡත්වක් ඇතත්, කිසිවකුට එය නොපෙනෙන්නේය. එය පැරණි සමාජවාදි හා පෙරදිග කඩතුරාවෙන් වැසී ඇති නිසාවෙන් ද ඉන්දියාව තරමටවත් අනෙකා පිලිබඳ භීතිය චිනය කෙරෙහි නැත්තේ ඇයිද යන්න ජාතිවාදීන් කල්පනා කළ යුතු කාරණයකි. තම ස්වාධිපත්‍යයට බලපෑමක් නොකරන්නෙකු ලෙසත් සිංහල බෞද්ධ හෝ හින්දු දෙමළ හෝ ක්‍රිස්තියානි සිංහල දෙමළ කිසිවෙකුට බටහිර තරම් අස්වාභාවික  නොවන්නේ කෙසේ ද යන්න පිළිබඳ ඇත්තේ යටත්විජිතවාදය පිළිබඳව ඇති අතීත සංජානනයය. මැක්ඩොනලඩ් සංස්කෘතිය හෝ කොකාකෝලා සංස්කාතියට භීතිකාවක් ඇති වුවත් චයිනිස් (රෙස්ටොරන්ට්) සංස්කෘතිය සිංහලයාගේම එකක් වී තිබීම හා එහි ඇති අජිනමොටෝ රසකාරකයට වශී වීම අධිරාජ්‍යවාදයට හෝ යටත්විජිතවාදයට එරෙහිව පාරට බසින ජාතිවාදියාට සූත්‍රගත වන්නේ නැත. ආසියාතික අධිරාජ්‍යයන් ඉංග්‍රීසින්ට නැතිනම් පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගමට යටත්වීම දෛවයේ අනිවාර්යයක් බව පවසන හෙගල් චීනය පිළිබඳව පවසන්නේ යම් දිනක හෝ වෙනත් කලෙක එම ඉරනමට ඇතුල්වීමට හැකිවනු ඇත යන්න පවසයි. මෙම ප්‍රකාශය කරනු ලබන්නේ චිනය සමාජවාදී රාජ්‍යක් ලෙස පැවැති මොහොතක නොවන අතර මාක්ස් සහ එංගල්ස් පැවසුවේ ධනවාදය නැමැති කාලතුවක්කුවලින් චීන මහා ප්‍රාකාරය බිඳ දමන බවය. මීට වසර දශක ගණනාවකට පෙර එය යථාර්ථයක් නොවුන ද. චීනය අද ගමන් කුමන දිශාවකටද යන්න පිළිබඳ අදහස බරපතල එකකි. එසේ වන්නේ චීනයට ධනේශ්වර සංස්කෘතිය නොමැතිව  ලාභය සඳහා සියල්ල සූරාකන ම්ලේච්ඡත්වයක් ඇති නිසාය. එය ධනවාදයේ ගෝත්‍රික ම්ලේච්ඡත්වය වන අතරම නව යටත්විජිත කොල්ල කෑමක් ද වන්නේය. මානවහිමිකම් ප්‍රජාතන්ත්‍රවාදය යහපාලනය වැනි විෂයයන් චීනයට අවැදගත් වන්නේත්, එය කතා කිරීම ලංකික ජාති/ ජාතිකවාදීන්ට බටහිර ආක්‍රමණයක් වන්නේත්, අන් කිසිවක් නොව ධනේශ්වර සංස්කෘතියට ඇති බිය නිසාය.

මේ අර්ථයෙන් බැලීමේදී ලංකාවෙහි සමාජ විරුද්ධාභාෂය තේරුම් ගැනීම  සරල නොවන අතර අප යටත්විජිතවාදය පිළිබඳ කතා කිරීම වැඩකට නැති නාඩි නොවැටෙන විෂයයක් බවට පත් විය හැකි වුවත්, ලංකාව සුසමාදර්ශී මානව වෙනසකට විප්ලවීය වෙනසක් අපේක්ෂා කරන්නේ නම් හෝ  අවම/ උපරිම වශයෙන් ප්‍රතිසංස්කරණයක් හෝ අපේක්ෂාකරන්නේ නම් යටත් විජිතවාදය පිළිබඳව ගැඹුරු සමාජ හැදෑරීමක් කළ යුතුය. එය පණ්ඩිත මානී හෝ දැනුම ප්‍රදර්ශනය සඳහා නොව දැනුම බුද්ධිමත්ව මානව ප්‍රජාවේ යහපත පිණිස ව්‍යවහාරික කරගත හැකි සංස්කෘතියක් ඇතිකර ගනු පිණිසය. ඒ සඳහා වන වෙනසක අපේක්ෂාව දීර්ඝ කාලයක් වුවත් එම කාලය පවා උදාකළ ගතහැකි වන්නේ මේ මොහොතේ සිට සිතීමෙන් හා වැඩ කිරීමෙනි.

යටත් විජිතවාදය සංකල්පගත කිරීම

යටත්විජිතවාදය  තුල ඇති වචනයේ සංකල්පීය අර්ථය විජිතවාදයෙන් වෙන් කර ඒ තුල ඇති ව්‍යුහාත්මක අර්ථයන් සොයා යෑමේදී හමුවන ප්‍රධානතම හැඟවුම් සංකල්පය වන්නේ යටත් කර ගැනීම (subjugation) යන නෛසර්ගික ප්‍රබල සංසිද්ධියය. මේ පිළිබඳ වන සංජානනය ධනවාදය හා අධිරාජ්‍යවාදය සමඟ අතීතයේ මෑතම යුගය හා ගැට ගසා න්‍යායගත කිරීමේ දී, යටත් කර ගැනීම යන්න ඉන් ඔබ්බෙහි වූ ඈත අතීතයට ගැටගැසී ඇත. එම අතීත කාලයන් ලෝක ධනවාදයට පෙර වූ විවිධ යුගයන් නියෝජනය කරන්නකි.මෙතෙක් පැවැති ඉතිහාසය වනාහී පංති සටන්වල ඉතිහාසය යැයි මාක්ස් සහ එංගල්ස් කියන අදහසෙහි පවා හැඟවුම්කාරක අර්ථය වන්නේ යටත්කර ගැනීමය. ලංකාව සම්බන්ධයෙන් ගත් කල යටත්කර ගැනීම යන්න ලිඛිත ඉතිහාසයේ එන ජනප්‍රිය එහෙත් ස්වාභාවික ප්‍රවාදය ලෙස අපට මුලින්ම හමුවන මිථ්‍යාවන්(මිථ්‍යාව යන්න යෙදීමෙන් අදහස් වන්නේ අසත්‍යක් යන්න නොවන අතර ඉතිහාය තුලදී එම කාරණය ඔප්පු කළ නොහැකි ප්‍රවාදයක් කිසාවෙනි.)දෙකත් ඇත. එනම් බුදුන්ගේ ලංකාගමනය හා අපගේ සිංහල වර්ගයාට නම දෙන පූර්වජයා වන විජයගේ ආගමනයය. අනෙකාගේ අර්ථයෙන් ද යුක්තිය පිළිබඳ මූලධර්මයෙන් හා යටත් කරගැනීමේ අර්ථයෙන් එම ඓතිහාසිකයන් තේරුම් කර ගැනීම යනු අධිපති දෘෂ්ටිවාදයෙන් ‘‘ශිෂ්ටත්වය‘‘ හා ‘‘අර්යාගමනය‘‘ සිදු වීමය. එම සංකල්පයන් දෙක සිංහල බෞද්ධයාගේ උරුමයක් වීම තුල හැඟවුම් කරන්නේ යටත් විජිතවාදියාගේම  සමාන කමය. යටත්විජිත පාලන කාලය තුල ගොඩනැංවණු ‘‘ආර්ය“ සංකල්පයෙන් හැඟවුම් කරනු ලබන්නේ ද එම අර්ථයමය. මෙම අර්ථයෙන් ලංකාව විෂයෙහි දී මේ පිළිබඳව බැලීමේ දී   යටත්කර ගැනීම යන් සන්දර්භයන් දෙකක දී හඳුනාගත හැකිය.

  1. පූර්ව යටත්කර ගැනීම ස්වභාවික සංසිද්ධියක් ලෙස( ඉතිහාසයක් නැත)
  2. යටත්විජිතවාදය තුල වන යටත්කර ගැනීම සංස්කෘතික සංසිද්ධියක් ලෙස (ඉතිහාසයක් ඇත)

පළමු කාරණය පසුවට තබමින් දෙවැනි කාරණය මෙහි ප්‍රධාන ප්‍රවාදයට සම්බන්ධ කිරීමේ දී යටත් විජිතවාදය තවදුරටත් සූත්‍රගත කළහොත් අවස්ථා ත්‍රිකෝණයක් ලෙස ද එය අපෝහක සම්බන්ධයක් ඇති   මිනිස් ක්‍රියාවලියක් ලෙස ද හැඳින්විය හැකිය. සම්භාව්‍ය හෝ සාම්ප්‍රදායික අර්ථයෙන් ඔබ්බෙහි ඇති සමාජිය සන්දර්භයක් තුල තේරුම් ගතහොත් සමාජීය සංස්කෘතික හා දේශපාලනික අර්ථයන් සොයා අප මේ වෙලී සිටින සමාජ අවිනිශ්චිතතාව තේරුම් ගැනීමට ඉවහල් වු ඇත. අපගේ කල්පනාව පරිදි මේ සඳහා භාෂාමය ප්‍රෙවේශයකින් සමාජීය සංස්කෘතික හා දේශපාලනික යථාරථය යම් දුරකට තේරුම්කරගනීමට බලාපොරෝත්තු වේ.

මුලින්ම මෙය භාෂාමය ත්‍රිකෝණයක් ලෙස ද එය  ඔස්යේ  යටත් විජිත අවස්ථා ත්‍රිකෝණයෙහි ඇති තෛමානික ප්‍රතිවිරෝධයන් හා සහසම්බන්ධවන් හඳුනාගත හැකිය. මෙම න්‍යාය ගත කිරීම තහවුරු කර ගැනීම සඳහා ජර්මානු වාග් විද්‍යාවේ එන වියරණ රීති තුනක් පාදක කරගෙන යටත්විජිත ඓතිහාසිකය තේරුම් කර ගනිමු.  මේ මගින් අප සොයන ලාංකීය සමාජ ගමනෙහි අනිවාර්ය සංසිද්ධියෙහි දිශානතිය සලකුණු කරගත හැකිවණු ඇත.

ජර්මානු භාෂාවේ එන මූලික ව්‍යාකරණ සිද්ධාන්ත අතර පහත අවස්ථා තුන ගොඩ නැගෙන අයුරු ද, ඒ ඔස්සේ චින්තන ගතවන සංස්කාතික සමාජීය හා දේශපාලනික සන්දර්යන්ගේ තර්කය වෙත ප්‍රවිෂ්ඨ විය හැකි වනු ඇත.

  1. Reflexiv (මම- ich)
  2. Transitv (අනෙකා- ander)
  3. Reziprok ( එකිනෙකා- einander)

තෛමානික අවස්ථා ත්‍රිකෝණය –  1

Image

Reflexiv –   පරාවර්තී

මෙය තවදුරටත් විස්තර කරතොත් භාෂාව ගොඩනැගී ඇති අයුරුත් ඊට අනුව චින්තනමය මතවාදය ගොඩ නැගීම තේරුම් ගත හැකිය. පරාවර්තිත යන්න, කරනු ලබන ක්‍රියාව තමාට පරාවර්තනය වේ. නැතිනම් ක්‍රියාවෙන් තමා දෙසට හැරේ. තමා තුලට පමණක් පරාවර්තනය වේ. මෙම ක්‍රියාවලිය සෑම ක්‍රියාවකටම සම්බන්ධයක් නොමැති අතර සම්බන්ධිත ක්‍රියාව අනෙකුත් ක්‍රියාවලින් හා සහසම්බන්ධ වේ. මේ පිළිබඳ නිදසුන් කිහිපයක් ඇසුරු කිරීමෙන් වඩාත් හොඳින් තේරුම් ගත හැකි වෙතැයි සිතමි.

ජර්මානු භාෂාවේ  ගොඩනැගී ඇති ව්‍යාකරණයට තර්කනයක් නැතැයි යන්න සමහර රීතිවලදී මතුවිය හැකි වුවත්, ඊට සංස්කෘතියක් ඇති බව තේරුම් ගතහොත්, ඒ ඔස්සේ මෙම සංකල්පය වටහා ගැනීමට පහසු වනු ඇත. සෑම ක්‍රියාවක්ම පරාවරතිත නොවන අතර තමා වෙතට පරාවර්තිත වීම සිදුවනුයේ භාහිර හේතුකාරකයක් නිසාය.

නිදර්ශන-

(a) මම ඔහු පිළිබඳව උරණ වෙමි.  

(b) මම කාලගුණය ගැන සතුටු වෙමි.

(c) ඔහු ඒ ගැන පැමිණිලි කරයි

යන වාක්‍ය ගත හොත් එහි උරණ වීම, සුතුටු වීම හා පැමිණිලි කිරීම යන ක්‍රියාවන් පරාවර්තිත ක්‍රියාවන්ය. ඔහු තුල ඇති කිසියම් හේතුවක් නිසා මම උරණ වීම මා තුලම ඇති වන්නකි. කාල ගුණය එසේ තිබිය දී සතුටු වනුයේ මා ය. සතුට මා තුල පාරාවර්තිත ය. මම ඔහු ගැන පැමිණිලි කරයි. එහෙත් එම ක්‍රියාව මට පරාවර්තිතය. ඒ අනුව A,  Aට පාරාවර්තිතය

Image

මෙම අවස්ථාව අපගේ ප්‍රස්තුථ කාරණයට ආදේශ කළහොත්, මෙසේ ද සඳහන් කළ හැකිය.

  1. නලීන් ද සිල්වා යටත්විජිත වාදයට උරණ වේ.
  2. ජාතික මාක්ස්වාදීන් ද යටත්වජිත වාදයට උරණ වෙති.
  3. ඔවුන් බටහිර සංස්කෘතිය පිළිබඳ සතුටු නොවෙති.
  4. එබැවින් ඔවුහු ඒ ගැන පැමිණිලි කරති.

Transitiv  –   සකර්මක

සකර්මක යනු කර්මකාරක විභක්තියකින් යුකත්ත වූ ක්‍රයාවන්ය.මේ තුල ක්‍රියාවට යටත් වන්නෙක් හෝ බල පෑමක් ඇති වන කර්ම කාරකයක් ඇත. A   B ට කරනු ලබන ක්‍රියාව  සකර්මකය. මේ තුල කර්තෘ සහ කර්මය පැහැදිලිව හඳුනාගත හැකිය. ඒ තුලින් අනෙකාට, ස්ථානයට හා අවස්ථාවට බලපෑමක් වනු ඇත. එය හොඳ නරක කළු සුදු හෝ වෙනත් දෙයක් විය හැකිය.

 Image

Reziprok – එකිනෙක- රෙසිප්‍රෝක් යන වචනය සිංහලයට පරිවර්තනය කිරීමේ දී පරස්පර වශයෙන් දක්වා ඇතත් මෙහි යම් කිසි නොගැලපිමක් ඇති කරනු ලබන නිසා මීට ඩවාත් උචිත වචනය වන්නේ එකිනෙක යන අර්ථයයි. මෙහි දී සිදුවන ක්‍රියාවන් එකිකෙට හුවමරුවන බැවින්  ක්‍රියවලිය දෙකක් ලෙසත් එකක් ලෙසත් සැලකිය හැකි වුවත්  මෙහි එකතුවෙන් සම්බන්ධයක් ගොඩ නැගේ.

  1. ඇය ඔහුට පෙම් කරන්නීය.
  2. ඔහු ඇයට පෙම් කරන්නේය.

1+ 2. ඔවුහු ඔවුනට පෙම්කරන්නෝය.

Image

මෙම ක්‍රියාව ජර්මානු භාෂාමය අර්ථයට අනුව පරස්පරයක් නොව එකම ක්‍රියාව දෙපැත්තට ක්‍රියාකරන්කි.මෙම භාෂාමය රීතීන්ගෙන් ගම්‍ය වන්නා වූ සංකල්පීය අර්ථයන් අපගේ ප්‍රස්තුක මාතෘකාවට ආදේශ කරමින් දැක්ම පුළුල් කර ගැනීම සඳහා මිසක මෙහි භාෂාමය ව්‍යාකරණය පමණක් පිළිබඳව අවධානය යොමු කරන්නක් නොව මන්ද ව්‍යරණ වේදියෙකුට භාෂාවම පමණක් ගැන අවධානය යොමු විය හැකි නිසාවෙනි.යටත් විජිතවාදයෙහි භාෂාමය දේශපාලනමය හා සංස්කෘතික  අර්ථය නැවත චිත්‍රයට නැගීම මෙන්ම මතවාදී ආස්ථානයන් ස්ථානගත වී ඇත්තේ කොහේ කෙසේ ද යන්න පමණක් නොව නව මානයක් සොයා ගැනීමට අදාල කරගත හැකිය. මේ අනුව භාෂාමය ත්‍රිකෝණය යටත්විජිතවාදයට ගෙන ආ විට පහත ආකාරයට තේරුම්ගත හැකිය.

Image

යටත්විජිතවාදය යනුවෙන් ඓතිහාසික සංසිද්ධියක් ඇත. ඒ තුල මම (Reflexiv) අනෙකා(Transitiv) එකිනෙකා (Reziprok) යන තෛමානික සම්බන්ධතා, විරෝධතා සහ සහසම්බන්ධතා ඇත. එහෙත් ලාංකික ජාතිකවාදීන්ට/ ජාතිවාදින්ට හා ජාතික මක්ස්වාදින්ට ආදේශ කර බැලීමේ දී හමු වන්නේ ද්විත්ව සම්බන්ධතා පමණි. එනම් මම සහ අනෙකා ය. ජාතිවාදීන්ට එකිනෙකා හමුවන්නේ නැත. සිංහලයින්ට බෞද්ධයින්ට, නලීන් ද සිල්වාට එකිනෙකා හමුවන්නේ නැත. හමු වන්නේ නැත යන්නෙහි අර්ථය පිළි නොගැනීමය(Recognition). තෛමානීය ත්‍රිකෝණික සම්බන්ධතා ඒ ආකාරටයන්ම යටත් විජිත පශ්චාත් හා පාර පශ්චාත් යටත් විජිත සංස්කෘතිය තුල සිදු වුවද  ගැටලුව ඇත්තේ පිළිනොගැනීම තුලය. පිළි නොගැනීම යන්න අනන්‍යතාව හා සංස්කෘතිය පිළිබඳ ව පමණක් නොව පැවැත්මේ දේශපාලනික පාරාවර්තනයකි. මෙම තත්ත්වයම වාමාංශිකයින්ටද ලාංකීය මාක්ස්වාදීන්ට ද එලෙසින්ම අදාල වන්නා සේම  ඔවුන් සපුරාම මාක්ස් විරෝධීන්ය.  එය එසේ වන්නේ කෙසේ ද යන්න යටත්විජිතවාදය පිළිබඳ ව කෙරී ඇති සම්භාව්‍ය ප්‍රවාදයන් කිහිපයක් තුලින් දාර්ශනික අර්ථයකින් ද වියුක්ත හා සංයුක්ත අර්ථයෙන් ලංකාව දෙසට හැරී බැලීමේ දී  වටහා ගත හැකිවනු ඇත. ඒ අනුව එම   මතවාදයන්ගේ දිශා ගත වීම හා ඉහත තෛමාණික ත්‍රිකෝණයේ අවස්ථාවන්ගේ ඇති ගැටලුවලට නව මානයක් සොයා ගැනීමට සහායක් වනු ඇත. මේ අනුව යටත් විජිත වාදය පිළිබඳව ඇති අදහස් අතර ප්‍රධාන ප්‍රවාද කිහිපයක් මේ සඳහා ආදේශ කර ඉදිරියට ගෙන ඒමට අපේක්ෂිව එහි දී අවධානයට ලක්වන ප්‍රවාද පහතින් සටහන් තබමි.

  1. හේගල්ගේ ප්‍රවාදය
  2. කාල් මාක්ස්ගේ ප්‍රවාදය
  3. සයිද්ගේ පෙරදිගවාදය පිළිබඳ ප්‍රවාදය

සූත්‍රගත තෛමානික ත්‍රිකෝණයේ අවස්ථාවන්ට මෙකී ප්‍රධාන ප්‍රවාදයන් ආදේශ කරනු ලැබුවහොත් සාධාරණ වුනු ඇත්තේ මෙලෙසය

Capture-u6

  1. යාඉන් (Jain) සහ නායා (Naja) ප්‍රවාදය යන (අපගේ නව ප්‍රවාදය)   ඔස්සේ නලින් හා ලාංකික ජාතික මාක්ස්වාදයත් තේරුම්කර අනාගත දිශානතියේ සුභවාදී සුසමාදර්ශය සොයා ගැනීම අරමුණ වන්නේය.

ඉදිරියට සම්බන්ධය

උදය ආර්. තෙන්නකෝන්- Udaya R. Tennakoon

පළමු කොටසට

දෙවන කොටසට

අර්බුදයේ ගමන් මග හා ගමන් මගේ අර්බුදය ගැන විවෘත කියවිමක්- ටෙරල් අබේසිංහ

crisis solution

පළමු ොටස

ටෙරල් අබේසිංහ

ශ්‍රි ලංකාව එහි ජාතික රජ්‍යයේ හා ගෝලීය සන්දර්භය තුලදි දේශපාලනික, ආර්ථික හා සංස්කෘතික අර්බුදයක් වෙත වේගයෙන් ගමන් ගනිමින් තිබේ.මෙම අර්බුදයේ ඉතිහාසය විග්‍ර‍හකර ගැනිමේ ප්‍රවාදයන් ප්‍රධාන වශයෙන් අවධින් දෙකකට බේදා වෙන් කළ හැකිය. එනම්  සියවස් හතරකට වැඩි යටත් විජිත කාලය හා දශක හයකට මඳක් වැඩි පශ්චාත් යටත් විජිත යුගය වන අද දක්වා වශයෙන්. නමුත් අද පවතින අර්බුදය සමස්ථයක් වශයෙන් විග්‍රහා කරගැනිමට නම් මෙම අවදීන් දෙක වෙන් වෙන් වශයෙන් නොව එහි විකාශනයේ අවදීන් වශයන් එකට ගෙන විග්‍රහ කරගැනීමෙන් අර්බුදයේ ගමන් මග ද, විසඳුමක් සඳහා බහුමානිය කතිකාවක් ද විවෘත කර ගත හැකි ය.

යම් සමජයක් ඉතා සංකිරණ අර්බුදයක ගිලෙමින් තිබේ යැයි කී සැනින් ගම්‍ය වන එක් කරුණක් නම්, දැන හෝ නො දැන හෝ එහි සියලුම කොටස් කරුවෝ පුද්ගලික අභිමාතර්ථයන් මුල් කර ගිනිමින් හෝ පොදු අභිමාතර්තයන් මුල් කරගනිමින් හෝ සංකිර්ණ දේශපාලන ක්‍රියාවලියක් තුලින් ගමන් කරමින් සිටින බවයි.එහි බලපැම සමස්ත මිනිස් වර්ගයාට පමණක් නොව, ඔහු ද ඇතුලත් පරිසර පද්ධතියේම සමතුලිතතාවයට ආදාල වේ.

පවතින තත්ත්වය දැනිමට /දෘශ්‍යමානයට (Perception)  අනුව හොඳ – නරක, සාදාරණ – අසාදාරණ, ප්‍රජාත්න්ත්‍රවාදී-ප්‍රජාතන්ත්‍ර විරෝධී ආදි සහා සම්බන්ද ප්‍රති පක්ෂ සංකල්පයන්ගේ අනුසාරයෙන් විග්‍රහ කළ හැකි මුත්,එය ඉන් එහා ගමන් කරනු ලබන වඩා ගැඹුරු අදෘශ්‍ය මානයේ පවතින සමාජ, ආර්ථික හා සංස්කෘතික විකාශනයන්ගේ ප්‍රකාශනයකි.  එය  සියලුම දර්ශනවාදයන්ගේ මුලික හා ප්‍රධානතම ප්‍රශ්නය වන සිතිම (Thinking) හා පැවැත්ම(Being)අතර ඇති සමබන්ධය දක්වා කිඳා බැස ඇති මුල් සහිත තද ජාතික සංස්කෘතියක්, ආර්ථික සංස්කෘතියක් හා දේශපාලන සංස්කෘතියක් ද ඇතුලත්  අරටුවක්ද සහිත දැවැන්ත වෘක්ෂයක් වැනිය.

අර්බුධයේ ගමන් මග විවිධ හැඩ මවමින් සියවස් ගනණාවක් තුල පැමිණ, නො නැවති තව තවත් සංකිර්ණ තත්වයන් ජනිත කරමින් වරෙක මිනිස්  ජිවිත  විනාස කරමින් ද, තවත් වරෙක එකිනෙකා වෙත එල්ල කරගන්නා උණුසුම් වාග් ප්‍රහාර දක්වා පරිවර්තනය වෙමින් ද ඉදිරියට ඇදෙමින්ද පවති.

බහුතරය වන සිංහල ජාතිය ද ප්‍රධාන සුලු ජාතිය වන දෙමළ ජාතිය ද, දෙවන සුලු ජාතිය වන මුස්ලිම් ජාතිය ද: දේශපාලනික, සංස්කෘතික    ගැටුම් තුලින් දීර්ඝ කාලයක් මුලුල්ලේ ගමන් කර, විය යුතු ආකාරයෙන්ම නිමා නොවු ගැටුමක ඊලඟ අවදිය වන ප්‍රචණ්ඩත්වය දක්වා ගමන් කරමින් මිනිස් ජිවිත දස දහස් ගනණක්ද, ගනණය කළ නොහැකි සාමාජිය හා ආර්ථික ව්‍යයසනයන්ද ඇති කරමින්, ගැටුම් නිරාකරණය කර ගැනිමේ මාවත් වෙත අවතීරණය වීමේ ඉතා සුලු හෝ විභවයක් නොපෙන්වමින් ගමන් කරමින් සිටි.

එය සිංහල සාමාජය තුලින් ප්‍රචණ්ඩ ආකාරයෙන් යටත් විජිත යුගයේ දි කිහිප විටක් ද, පශ්චාත් යටත් විජිත යුගයේ දි 1971 හා 1987- 1989 වසර තුලදි දෘශ්‍යමානයට පැමිණි අතර.දෙමළ සාමාජය තුලින් වසර තිහකට වඩා කාලයක් තුල ඇදි ගියා වූ යුද්දයක් තුලින් ප්‍රකාශයට පත් වි 2009 මැයි 19 වන දිනෙන් පසු, බලය බෙදීම, යුද අපරාධ, වර්ග සංහාර ආදී කතිකාවන් තුලින් නැවතත් ප්‍රකාශවෙමින් පවති.

1915 දී ශ්‍රි ලංකාවේ අදෘශ්‍යමානයේ පැවති ජාතින් අතර  ගැටුම ප්‍රචණ්ඩත්වය තුලින් ප්‍රථම වරට මුස්ලිම් වරුන් හට එරෙහිව දෘශ්‍යමානයට පැමිණි අතර. නවතම තත්වයන් තුල හලාල් විරෝධී හා අනෙකුත් විරෝධයන් තුලින්ද යම් යම් ස්ථානයන්හිදී සුලු පරිමණයේ ප්‍රචණ්ඩත්වයන් තුලින්ද දෘශ්‍යමානයට පැමිනෙමින් තිබේ.

ඉතාමත් සුලු පරිමාණයෙන් නමුදු සුලුතරයක් වු කතෝලික හා ක්‍රිස්තියානින් හට ද බලපැම් එල්ලවෙමින් තිබෙන අතර එය ද ක්‍රමක් ක්‍රමයෙන් දෘශ්‍යමානයට පැමිණෙමින් තිබේ.

ඉහත කී පරිදි අර්බුදයේ විකාශනයේ හා ඒ සඳහා විසදුම් සේවිමේ ක්‍රියාවලිය 1505 න් ඇරඹී 1948 අවසන් වන යටත් විජිතන් යුගය, 1948 සිට 2009 මැයි මස 19වන දින එනම් ශ්‍රි ලංකාවේ සිංහල රාජ්‍ය හා වෙනම රාජ්‍යක් දිනා ගැනිමෙන් පමණක් තමන්ගේ පිඩිත බවට විසදුම් ලබා ගත හැකි යැයි යන්න තම දෙශපාලන මැදිහත් වීමේ පිටුපසින් ඇති චින්ත්නය සහිත LTTE යේ නායකත්වය යටතේ බහුතර දෙමළ සමාජයත් සමග වසර තිහකට වාඩා පැවති යුද්ධය අවසන් වු දිනය හා අද දක්වා වශයෙන් වෙන් වෙන්ව ගෙන ස්මස්ත ඉතිහාසයට අර්බුදයේ විකාශනයේ හා එයට විසදුම් සේවිමේ ක්‍රියාවලියේ ඇති අර්බුදයේ සම්බන්ධය මනාව දැකිමේ අවකාශයක් නිර්මානය කර ගත හැක.

1505 පෘතුගීසීන්,1660 ලන්දේසින් හා 1796 සිට 1948 දක්වා ඉංග්‍රිසින් ගේ යටත් විජිත කරණය තුලින් ප්‍රධාන වශයෙන් රටේ දේශපාලන ක්‍රියාවලිය වෙනසකට භාජනය වුවද,       එවකට සිටි ජනගහනයේ අති බහුතරයේ අර්ථික ක්‍රියාවලිය විශාල වෙනසකට භාජනය නොවීය.උදහරණයක් වශයෙන් යටත් විජිත සුවාමීයන් විසින් ප්‍රධාන වශයෙන් හඳුන්වා දුන් නව වැවිලි ආර්ථිකයන් තුලින් තම ආර්ථික හා සංස්කෘතික ජිවිත්යන් හි වෙනසක් ඇති කර ගැනීමට හැකි වු යේ රටේ ජනගහනයෙන් ඉතා සුලු පිරිසකටය, ඒ තුලත් අති බහුතරය සිංහලයන් ය.

මෙම සියවස් හතරකට වැඩි යටත් විජිත වකවානුව තුල රටේ දේශපාලන ක්‍රියාවලියේ අති විශාල වෙනසකම් ප්‍රමාණයක් සිදුවිය.එම වෙනස් විම් රටේ පැවති සමාජ ආර්ථික හා සංස්කෘතික ක්‍රියාවලියේ ක්‍රමික විකාශනයක් වෙනුවට බලහාත්කාරය විසින් පටවන ලද ක්‍රියා වලියක් විය.විය යුතු පරිදිම එය විසින් නිර්මාණය කරන ලද්දේ දේශපාලන, ආර්ථික හා සංස්කෘතික වශයෙන් අන්තර සම්බන්දිත සමාජයක් වෙනුවට, එකිනෙකින් ස්වායත්ත පැවැත්මක් ඇති  විරුද්ධාභාසය ( Paradox ) සහිත සමස්ත සමාජයකි.

ආර්ථික, දේශපාලනික හා සංස්කෘතිකව විශාල වෙනස්කම් සහිත කන්ඩායම් වලින් සැදුම්ලත් සමස්තයක් සහිත සමාජයක්, එම වෙනසකම් අතර පවතින ගැටුම් යටපත් කරගනිමින් පොදු අන්න්‍යතාවක් නිර්මානය කරගනු ලබනුයේ ද ඒකීය රාජ්‍යය නම් වූ සංකල්පය මත ගොඩනගන ලද ජාතික රාජ්‍යයේ වෙසෙන විවිධ ජාතින් අතර පවතින වෙනස්කම මුල් කරගනිමින්මය. සිංහල ජාතිය තුල පවතින ගැටුම්කාරි තත්වයන් දෙමළ හා මුසල්මානුවා අනෙකා වු සන්දර්භයක් තුලදි යටපත් වී තම පොදු අන්න්‍ය තාවය නිර්මානය කරගන්නා අතර, දෙමළ හා මුසල්මානුවා තුල ද පොදු අනන්‍යතා නිර්මණය සමානම ආකාරයෙන් සිදු වෙයි.

පශ්චාත් යටත්විජිත ඒකීය රාජයේ දේශපාලන බලය හොබවමින් සිටුන ලබන සිංහල පාලක පන්තිය පවතින ගැටුම් සඳහා දීර්ඝ කාලීන විසඳුම් සෙවිමට කිසිසෙත්ම උවමනාවක් නො දක්වන අතර, නිරාකරණය නොවු ගැටුම් හී ඉලග අදියර වන ප්‍රචණ්ඩකාරිත්වය,බිහිසුනු ප්‍රථි ප්‍රචණ්ඩත්වයකින් යටපත් කර දැමිම තම එකම විසදුම වශයෙන් භාවිතාට නගමින් සිටි. එම භාවිතාව සිංහල දෙමල භේදයකින් තොරව ක්‍රියාවේ යොදවන්නකි.1971 හා 1987-1989 වකවානුවේ සිංහල පිඩිතයා මෙම තත්වය අත්විඳි අතර, විශේෂයෙන් 80 දශකයේ මුල් භාගයේ සිට අද දක්වා දෙමළ ජාතිය   අත් විඳිමින් සිටි.

බහු වාර්ගික, බහු ආගමික හා බහු සංස්කෘතික ජනතාවක් වෙසෙන ඒකීය ශ්‍රි ලංකාවේ දේශපාලන හා ආර්ථික බලය හොබවන සිංහල (බෞද්ධ) පාලක පන්තියෙන් එපිට පිහිටා සිටින සිංහල වමාංශයට හා ප්‍රගතිශීලින් හටද විශේෂයෙන් පශ්චාත් යටත් විජිත රාජ්‍යයේ දේශපාලන ක්‍රියාවලිය තුල අඛන්ඩ ඉතිහාසයක ඇත.

බොහො විට සිංහල ජාතික හා ජාතිවාදයෙන් පරිබාහිරව තමන්ව ස්ථාන ගත කර ගැනීමට වෙහෙසෙනු ලබන බලපැම් සහාගත මෙම සුලුතරයටද වර්ග කි.මි හැට පන්දාහසක් තුල වෙසෙන මිලියන් විසි එකකට මඳක් වැඩි ජන ගහනයක් වාසා පැතිරෙන දේශපාලන, ආරාථික හා සංස්කෘතික අර්බුදයේ නිර්මාපක ප්‍රවාදයන් (Theses ) හට ප්‍රති වාදයන් (Antitheses ) ඉදිරිපත් කර ඒ තුලින්  ධනාත්මක සහවාදයන්( Syntheses )  ගොඩනගා එවා බහුතර මිනිසුන් ප්‍රමාණයකට ඒත්තු ගැන්වීමේ බරපතල නොහැකියාවකින් පෙලෙන අතර මැත ඉතිහාසයේදි ඔහුන්ගෙන් බොහෝ දෙනා අවසානයෙදි පවතින පිඩක රාජ්‍යයේ රිජු හො වක්‍ර ආරක්ශකයෝ බවට ද පත් විය.

වසර හැටකට මඳක් වැඩි ජාතික රාජ්‍යක ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රි ලංකාවේ පවතින ගැඹුරු ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික අර්බුදය මැද මුල අග සොයා ගත නොහැකි ආකාරයෙන් පැටලුනු නුල් පන්දුවක් වැනිය.දක්ශිණාංශික, ජාතික වාදී, ජාතිවාදී, ලිබරල් වාදී හා වාමාංශික සහ සිංහල, දෙමළ බේදයකින් තොරව තව තවත් පැටලිලිසහාගත බවෙම පැටලෙමින් සිටි.

අර්බුදයට දිර්ඝ කාලීන විසඳුමක් සෙවිමට නම් අර්බුදයේ ආරම්බය එහි විකාශනය හා ඉදිරිය සම්බන්දව පවතින ලාංකික, කලාපිය හා ගෝලිය තත්වයන් තුල හිඳිමින් පුලුල් කියවික් කළ යුතුය.

එහිදි

  1. සිංහල ජාතික වාදය එහි විකාශනය හා විශේෂයෙන් එම මතවාදය (Ideology) සමග සිංහල මිනිසුන්ට ඇති අනුරාගික බැඳීම සම්බන්ධව පුලුල් කියවිමකට යා යුතුය.අති බහුතරයක් සිංහල මිනිසුන් තම ජාතික අන්න්‍යතාවය වෙනුවෙන් මේ තරම් වන්දියක් ගෙවනුයේ හුදු මානසික විකෘතියක් නිසා ද ?
  2. පිඩිත දෙමල ජාතියේ ජාතික විමුක්ති අරගලය තව තවත් සිංහල ජාතිවාදය පෝෂණය කිරිමට ඉවහල් වුණි ද ?
  3.  එක් භාෂාවක් නම් රටවල් දෙකක් ද, භාෂා දෙකක් නම් එක් රටක් ද වශයෙන් ප්‍රකාශ කරමින් හා සුලු ජාතීන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් කරමින් ඇරඹි  ලාංකික වාමාංශික ව්‍යාපාරය, ජ.වි.පෙ හරහා අන්ත ජාති වාදය දක්වා ගමන් කිරීම හා පිඩිත සිංහලයාට තම ගැලවීමේ මාවත වැටි ඇත්තේ දෙමළ ජාතියේ ඊලම් රාජ්‍ය හරාහා යැයි ප්‍රකාශ කිරිමට හා ඒ වෙනුවෙන් පෙනි සිටිමට හිරු කන්ඩායම ඉදිරිපත් වීම ඉතිහාසයේ අත් වැරදීමක්ද නැත හොත් අනිවාර්යයක් ද ?
  4.  පශ්චාත් නුතන තත්වයක් යටතේ තව දුරටත් ජාතික රාජ්‍ය හා ජාතිකත්වයන් යතාර්තයක් නොවන බැවින් එ වෙනුවෙන් සටන් කරන්නන් සිටිය යුතු එකම ස්ථානය දේශපාලන කටු ගෙදර බව, තද ප්‍රහාරාත්මක බවකින් ප්‍රකාශ කරමින් දේශපාලනයේ නියැලුනු එදා X කන්ඩායමේ හා වර්ත්මාන ශ්‍රි ලංකා පෙරටුගාමි පක්ෂයේ සමාජ මැදිහත් විම හා එහි බලපැම කෙබඳු ද ?
  5.  1990 පෙබරවාරි 18වන දින සිදු කරන ලද රිචඩ් ද සොයිසා මාධ්‍ය වෙදියාගේ ඝාථනයත් එවකට පැවති මර්ධනකාරි වාතාවරනයත් සමග මාධ්‍ය වේදියාගේ කාර්‍යය වාර්තා කරනයෙන් රැඩිකල් මත නිපදවන්නකු  (Opinion maker) දක්වා පොලා පැනිමක් සිදු විය. විශේෂයන් 1994 මැත්වරණ සමය වන විට “රාවය ” , ‍යුක්තිය, හිරු ඇතුලු විකල්ප පුවත් පත් විශාල සමාජමය මැදිහත් විමක් සිදු කළ අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් මාධ්‍යවේදියා යනු සමාජ ශෝදකයකු වශයෙන් මතයක් සාමාජය මත තහවුරු වී ඇත.එය සැබැවක්ද ?
  6. විකල්ප මාධ්‍යවේදියා හා විකල්ප මාධ්‍යකරනය යනු සැබැවක්ද ?

පීඩිතයන් වෙනුවෙන් සටන්කිරිම හා පිඩිත භාවයෙන් තොර ලොවක් බිහි කිරිම තම පරම අර්ථය කරගත් දේශපාලනික තනි පුද්ගලයන්ද, කණ්ඩායම් හා පක්ෂ තම කුලකයේම වෙසෙන අනෙකුත් පුද්ගලයන්,කණ්ඩායම් හා පක්ෂ සමඟ සංවාද ගත වෙනවා වෙනුවට අනෙකාව නිශ්ෂබ්ද කිරීම නැතහොත්  අනෙකාව විනාශ කිරිම දක්වා ක්‍රියා කිරිමේ මනෝභාවය ද දාර්ශනිකව හා දේශපාලනිකව සාකාච්ඡා කළ යුතු බරපතල කාරණයකි.මෙම දීර්ඝ හා බරපතල කාතිකාව තනි මිනිසෙකුට, තනි කණ්ඩායමකට හෝ තනි පක්ෂයකට කළ හැක්කක් නොවන අතර. එය බල දේශපාලන ව්‍යාපෘතින් තුල ද සාර්ථක නො වන්නකි.

ශ්‍රි ලංකාව මුහුන දී සිටින ගැඹුරු දේශපාලනික, ආර්ථික හා සංස්කෘතික අර්බුදයෙන් ගොඩ ඒමේ මාවතක් විවර කර ගැනිමේ ක්‍රියාවලියට දායක විමේ චේතනාවේන් අරම්භ කළ මෙම ලිපි පෙලෙන් සදා නිමකළ අදහස් පල නොවන අතර “දහසක් මල් පිපෙවා, දහසක් මත ගැටෙවා” යන්න හුදු උදෘත පාඨයකින් එහා ගිය සාමාජ පරිවර්තනයක් සඳහා සැබැවින්ම භාවිතා කරන ක්‍රියාවලියක් බවට පත්කර ගැනීමට දරනු ලබන උත්සාහයක් හා යෝජනාවක් ද වේ.

ටෙරල් අබේසිංහ

යටත් විජිත අඳුර සහ ආලෝකයෙහි නලීන්ගේ හිරගතවීම

2 කොටස

‘‘ඇත්ත වශයෙන්ම යුරෝපය යනු තුන්වැනි ලෝකයේ නිර්මාණයකි,,(ෆ්‍රාන්ස් ෆැනොන්)

නිදහසින් පසු එනම් පශ්චාත් සහ පාර පශ්චාත් යටත් විජිත කාලය ලෙසින් හඳුන්වන කාල පරාසයන් තුල සිටගෙන සිටින නලීන් ද සිල්වාගේ මතවාදි දර්ශනයට හේතුභූත වන ප්‍රධානම හේතුකාරක බලපෑම වන්නේ ලංකාව යටත් විජිත කොලනියක් වීම හා ඒ මත බටහිර මතවාදයන් රෝපණය වීමය. 1505- 1948 දක්වා වසර  443 කාලය පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසීන් යටතේ දී විනාශයට පත්වෙමින් කඩතොලු වූ ඉතිහාස මාර්ගය සිංහල බෞද්ධ ජාතිකවාදයේ සැත්කමකින් ප්‍රතිසංස්කරණය කිරීම ඔහුගේ දර්ශනයේ පරම අභිලාසයයි. සියවස් හතරකට වඩා වැඩි මේ මහා අඳුර තුල ගිල්වා ඇති සිංහල ජාතිය, බටහිර යුදෙව් ක්‍රිස්තියානිකරණයෙන් හා අධිරාජ්‍යවාදී ආධිපත්‍යයයේ අවතාර විසින් ප්‍රපාතයක් වෙත තල්ලුකර තිබීම හේතුවෙන් සිංහල බෞද්ධ සමාජය යලි ගොඩගැනීම ඔහුගේ මතවාදී අරගලයේ කේන්ද්‍රීය කාරණය වේ. යටත් විජිතවාදය තම මතවාදී ප්‍රවාදයේ ප්‍රධාන පදනම වන විට එහි ප්‍රතිවාදය වී ඇත්තේ පශ්චාත් යටත් විජිත යුගයේ හා පාර පශ්චාත් යටත් විජිත තත්ත්වයේ සිය දහස් අපෝහකයන්ය. මෙම විසංවාධී  ගැටුමේ දී අපේක්ෂිත හා බලකරන්නාවූ සහවාදය වන්නේ ඈත අතීතය යළි අනාගතය වෙත කැඳවීමය. ඈත අතීතය මෑත අනාගතයට කැඳවීමේ සුසමාදර්ශය  සියවස් හතරකට වඩා වැඩි පිම්මක් පැනිය යුත්තේ කාලය හා අවකශය අතර ඇති ඉතිහාසය විචල්‍ය සන්දර්භයක පිහිටුවමින් ආර්ථික විද්‍යාවේ මිල සූත්‍රයක් ආදේශ කරන්නාක් මෙනි. එසේම ඔහුගේ දාර්ශනික ප්‍රවාදයන්ගේ  අපෝහකය සූත්‍රගත වනුයේ චක්‍රීය ක්‍රියාවලියකටය.

 

යථාර්ථීය ඉතිහාසය මත සිට ගනිමින් සංකල්පීය අතීතයක් වෙත අනාගතය මෙහෙයවීමට කරන ප්‍රබල යෝජනාව රටක් වශයෙන් ද, සිංහල ජාතියක් වශයෙන් ද, බෞද්ධ ආගමක් වශයෙන් ද මුහුණ දෙන භෞතික අභියෝගයයි. යටත් විජිත ඉතිහාසය යන්න සුරංගනා කථාවකට වඩා එහා ගිය දේශපාලනික හා සංස්කෘතික ක්‍රියාවලියක් බැවින් ඉන් විගලිත වී සිය අනන්‍යතාව ගොඩ නැංවීම කළ යුත්තේ අධිරාජ්‍යවාදය හා යටත් විජිත ඉතිහාසය අළුයම ලු කෙළ පිඬක් සේ බැහැර කරමින් ද නැතිනම් නිර්මාණශීලී ඉදිරිගාමී දාර්ශනික ප්‍රෙවේශයන්ගෙන් ද යන්න කල්පනා කළ යුතු වුවත් ලෝක දෘෂ්ටියේ අඳ බවින් සිටින නලීන්ට ලංකාව හැරුණු කොට සෙසු සියල්ල අඳුරු තිරයකින් වැසී ඇති අවැදගත් එහෙත් ඔහුව හොල්මන් කරන අවතාරයන්ය.

යටත් විජිතවාදය

ඉතිහාසය යනු වර්තමානයේ ගොඩනැංවීමක්ය යන සරළ හැඳින්වීමෙන් ලංකාව යටත් විජිතයක් බවට පත් වීමේ ඓතිහාසික සන්දර්භය වර්තමානයේ සිට තේරුම් ගන්නා අතරම, පූර්ව යටත් විජිත ඉතිහාසය යනු යටත් විජිත වාදයේ ප්‍රතිපලයක ගොඩනැංවිමකි. ඒ අනුව අපගේ ඉතිහාසය යනු බටහිර මතවාදය තුල පදනම් වූ ද, ඊට අනුකූල කුමවේදයන්ගෙන් යුක්තව අර්ථ කතනය වූ ඉතිහාසයක් ය යන්න, බොහෝ විද්වතුන්ගේ මෙන්ම නලීන්ගේ ප්‍රමුක ප්‍රවාදය වන්නේය. ඉන් විගලිතව ස්වකීය චින්තනයෙන් හා දැනුමෙන් ජාතියේ ඉතිහාසය ගොඩනැංවිම පිළිබඳ සිහිනයෙන් වර්තමානයේ සිට අතීතය දෙසට හැරී කරන අඳොනාවේ දී, එම දෝංකාරය යටත් විජිත පවුරු පදනමේ හැපී නැවත තමා වෙතම ප්‍රක්ෂේපණය විමේ කෝපය ඔහුගේ සමස්ථ ප්‍රවාදයන් තුල අඩංගුවක්ව ඇත.ඔහුගේ ප්‍රවාදයන් කෝපයෙන් වියුක්ත කර ඓතිහාසික යථාර්ථයට ගෙන ඒමේ දී පොදු එසේම මගහැරිය නොහැකි ප්‍රපංචයන්  කිහිපයක් යටත් විජිතවාදය තුල  ස්ථාපිත වේ. එනම්, අධිරාජ්‍යවාදය, යටත් විජිත ධනවාදී නිෂ්පාන මාදිලිය හා එහි සංස්කෘතිය, බටහිර ආගමික බලපැම සහ එහි අනන්‍යතාව වැදගත් සාධකයෝ වෙති. යටත් විජිතවාදී ඉතිහාසයට ප්‍රවිෂ්ට වීමේ දි, මෙම ප්‍රපංචයන් දෙස අභ්‍යන්තරික වශයෙන් පමණක් නොව බාහිර වශයෙන්ද බැලිය යුතුය. එනම් ලංකාව තුලින් සහ ලෝකය තුලින් මෙම ප්‍රපංචයන් අවබෝධ කර ගැනීම කළ යුතුය. යටත් විජිතවාදය යන්න අහම්භයක් හෝ වැරදීමක් වශයෙන් නොව ධනවාදයේ විස්ථාරිත ප්‍රතිපලයේ සංතතික අවස්ථාවකි. එය අධිරාජ්‍යවාදය තුලින් ප්‍රාග්ධනය සංසරණය කිරීමේත්, එම සංසරණයන් නැවත ලාභය ලෙසින් සමුච්ඡකරණය කිරීමේ  ආර්ථික ක්‍රියාවලියක් පමණක් යැයි කීම යටත් විජිතවාදය නැමැති වචනය තුල හිදැසක් ඇති කරන්නකි. එනිසා යටත් විජිතවාදය දේශපාලනික සංස්කෘතික මෙන්ම සමාජ මනෝ විද්‍යාත්මක ප්‍රපංචයක් ලෙස හැඳින ගත යුතුය.

යටත්විජිතවාදය පිළිබඳ කෙරෙන දේශපාලනික හා සංස්කෘතික මෙන්ම ශාස්ත්‍රීය අධ්‍යයනයන් තුල දී එය තේරුම් ගැනීම සඳහා විශාල වශයෙන් අවධානය යොමු කර ඇති අතර ඒ සඳහා න්‍යායන් ද සම්පාදනය වී ඇත. යටත් විජිතවාදය සමස්ථයටක් ලෙස ගෙන බැලිමේ දී, අධිරාජ්‍යවාදයේ ආධිපත්‍යට හසු වූ මහද්වීප හා රටවල් වල තරම අනුව ලංකාව යන්න නම් යටත්විජිතවාදී කේන්ද්‍රය තුල පරිවාරයකි. එහි ආධිපත්‍යයට අනුව විශාල බලපෑමක් වූ කොලනියක් ලෙස සැලකීම හෝ නොසැලකීම හෝ කෙසේ වුව, අභ්‍යක්තරිකව ලාංකිකයන් ලෙස බැලීමේ දී විශාල වෙනසක්, චලනයක් ඇති කළ  සංසිද්ධියකි. යටත්වාජිතවාදයට අනුව නම් එය ඉතා කුඩා භූමි ප්‍රමාණයකි. ලාභය සමුච්ඡගත කර ගැනීමේ තර්කයට අනුව පාඩු ලැබූ කොලනියකි. කෙසේ නමුත් ඉතිහාසය තුල එය සිදු වී හමාරය. අත්හැරිය නොහැකිය. මගැහැරිය නොහැකිය. යටත්විජිතවාදය සංස්කෘතියක් හා දේශපාලනයක් බවට පත් වී හමාර ය. අඳුර ආලෝකය, කළු සුදු පමණක් නොව වෙනත් වර්ණයන් ද, යුක්තිය අයුක්තිය, නිශ්චලත්වය චලනය, ජීවිතය හා ජීවත්වීම යන පුළුල් අර්ථයෙන් ලෝක දෙකක් නිර්මාණය කළ ඓත්හාසික සන්දර්භයකි. යටත්වාජිතවාදය නිසා අහිමි වූ අනන්‍යතාව සොයා යෑම ස්වදේශික ජාතීන්ගේ ප්‍රමුක දේශපාලන කාරණය වුවද, එම ගැටළුව ජය ගැනීම යනු ද යටත් විජිත කතිකාවේ ප්‍රමුක කාරණයකි. බ්‍රිතාන්‍යට යටත් විජිතයක්ව පැවැති අමෙරිකාව එම ආධිපත්‍යෙයන් නිදහස්ව නිර්මාණය වූ අමෙරිකාව පශ්චාත් යටත් විජිතයක් නොවී නව අමෙරිකාවක් වීම හා ඊට ස්වකීය අනන්‍යතාව සොය ගැනීමට හැකි වූ සන්දර්භය සෙසු යටත් විජිත ලෝකයට පොදු කළ නොහැකිය. එහෙත් අමෙරිකාව ස්වකිය අනන්‍යතාව ගොඩනගා ගනු ලැබුවේ අතීතයට ගමන් කිරීමෙන් නොව නූතනන්වය හා ආර්ථික දේශපාලනික බලවත්කම හා යටත්විජිතවාදයේ උගත් පාඩම තමා ස්වාමියා බවට පත්විමෙන් ගොඩනැගූ අණසක තුලය. ඉන්දියාව ආසියා කලාපයේ යටත් විජිතවාදයට ගොදුරු වූ විශාල රටක් වශයෙන් නූතන තත්තවයන්ගේ චලනයන්ට අනුව පශ්චාත් යටත් විජිත ඉන්දියාව ලෙස සූත්‍රගත කිරීමේ දී එම න්‍යායේ අනන්‍යතාව විපරිවර්තනය වෙමින් ස්වකීය අනන්‍යතාව කරා ගමන් කිරීමක් භාහිර ලෙස දැකිය හැකිය. විශාල රාජ්‍යයක් වශයෙන් විසඳා ගත යුතු අතිමහත් ගැටළු ගණනාවක් ඊට අනන්‍ය වුවත් ඉන්දියානු නිදහස් අරගලයෙන් පසුව හින්දු රාජ්‍යයක් වෙත හෝ මුස්ලිම් ඉන්දියාවක් වෙත ආ පසු හැරීමට කටයුතු කිරීමට නොහැකිව ඇත.

යටත් විජිතවාදය හා එහි සංස්කෘතිය පිළිබඳ  කෙරෙන විග්‍රහයන්ගේ දී ඉන්දියාව තුල යටත් විජිතවාදය ස්ථාපිතවිම හා එහි සංස්කෘතියක් බවට පත් වීම නිරූපණය කෙරෙන කදිම කැඩපතක් ලෙස ඊ. එම් ෆොස්ටර්ගේ (E. M. Forster) අ පැසේජ් ටු ඉන්දියා (A Passage to India)[i] නම් නව කතාව විශේෂයෙන් උපුටා දක්වනු ලබයි. නිකොලස් . බී. ඩර්ක්ගේ හැඳින්වීමට(Colonialism and Culture) අනුව ෆොස්ටර් පෙන්නුම් කරනු ලබන්නේ යටත් විජිතවාදය යන්න නිමේශීය  අවුලිකින් යුක්ත ආඛ්‍යානයකට වඩා එහා ගිය, යටත්වාජිතවාදයම එහි ස්වභාවය බවට පත්වූවක් යන්නය. යටත්විජිතවාදය යන්න සංස්කෘතික සැකැස්මක් ලෙස දැකිය හැකි නම්, සංස්කෘතියම යටත්විජතවාදය වන්නේය. මෙම ප්‍රවාදය යථාර්ථයක් වශයෙන් ගන්නේ නම් ඊට අවැසි සුසංගත සම්බන්ධය එහෙමත් නැතිනම් යටත් විජිතවාදයෙන් පසු නව සමාජ තත්වයට අවශ්‍ය කරන්නා වූ නිමය සංස්කාතික සංසර්ගය ඇති කළ යුත්තේ කෙසේද යන්න මෙම සමාජයන් හමුවේ ඇති අභියෝගයක් වන්නේය. එසේ නොමැතිව ශතවර්ෂ ගණනාවක අතීතයට හැරී ඊට අනුවර්තනය වන්නේ නම්, එම කාරයයට ලෝකය ප්‍රමාද බව ෆොස්ටර් පෙන්වා දෙන්නේය. එම නිසා පශ්චාත් යටත් විජිත වාදී ලෝකය යන්න යටත් විජිත වාදයෙන් පසුව අප ජිවත් වන එහෙත්  එය නොමැතිව සිටිය නොහැකි තත්ත්වයකි. යටත් විජිතවාදය අප හඳුනා ගැනීමට පටන් ගෙන ඇති මාර්ගයන් තුලම ක්‍රියාත්මකවන හා අඛණ්ඩ තත්ත්වයක් යන්න පෙන්වා දෙන්නේය.මෙම දැක්ම සඳහා පෙරදිගවාදය හා ජාතිකවාදය යන න්‍යායික දෘෂ්ටීන් අතර විසංවාදී ගැටුමක් ඇති අතර ලංකාව විෂයෙහි දී නලීන් ද සිල්වාගේ ජාතිකවාදී චින්තනය ප්‍රධාන ප්‍රතිවිරෝධයන් තුනක් තුල ස්ථානගතව හිර වන්නේය

  1. භාහිර අනෙකා ප්‍රතිවිරෝදය
  2. අභ්‍යන්තර අනෙකාගේ ප්‍රතිවිරෝධය
  3. භාහිර අභ්‍යන්තර සහසම්බන්ධිත ප්‍රතිවිරෝදය

භාහිර අනෙකා ප්‍රතිවිරෝදය ලෙස ඉහතින් සඳහන් කළ බටහිර යටත් විජිතවාදී මතවාදය හා සංස්කාතික දේශපාලනය ද, බටහිර ක්‍රිස්තියානිකරණය හා යුදෙව්වාදය ද පිළිබඳ ඇති භීතිකාමය තිගැස්ම සහිත මතවාදය විරෝධය ද අභ්‍යන්තරික අනෙකාගේ ගැටලුව ලෙස සුළු ජනයා සම්බන්ධයෙන් ඇති භීතිකාමය ක්ෂතිය දැක්විය හැකිය. සිංහල බෞද්ධ ස්වෝත්තම මහ ජාතිය ලාංකීය අර්ථයට ඌණපූර්ණය කරමින් නැවත නිර්මාණය කිරීමේ  නලින් ද සිල්වාගේ  උත්සාහය වනාහී, ලෝක දැක්මෙන් සිංහල ජාතිය සුළු ජාතියක් වීම හා සුළු ජාතිය මහ ජාතියක්විමේ යථාර්ථය තුල ඇති වන මනෝමූලික භීතිය නිසා උපදින ‘‘ප්‍රභාකරනියානු වෙනම රාජ්‍ය සංකල්පය,, ඔහු තුල ඇති අභ්‍යන්තරික කේන්ද්‍රීය ගැටුමයි.

භාහිර හා අභ්‍යන්තරය සහසම්බන්ධකරමින් යටත්විජිතවාදය හා බටහිර ක්‍රිස්තියානි හා ග්‍රීක යුදෙව්වාදය ප්‍රතිවිරෝධකර ගෙන සුළු ජාතික ප්‍රශ්නයට බද්ධකරනුයේ සුළු ජාතියක් වූ සිංහල මහ ජාතිය සඳහා වන තනි රාජ්‍යය නිර්මාණය කිරීමට ය. ඒ සඳහා හැකි සෑම අවියක්ම යොදා ගන්නා අතර එහිදී යටත් විජිතවාදයට එරෙහි වුවද පැරණි යටත් විජිත ප්‍රතිපත්තියම දමිළ ජනයාගේ ප්‍රශ්නය සඳහා යොදා ගනී. එනම් මහා අනෙකා වීමය.  ආර්ය ආනාර්ය, ශිෂ්ඨ අශිෂ්ඨ, යක්ෂ මනුෂ්‍ය, කළු සුදු ආදී ද්වන්ධාත්මක ප්‍රතිවිරෝධයන් නිර්මාණය කළ යටත්විජිතවාදයම පෙරලා අභ්‍යන්තරයට ආදේශ කිරීමය. මේ සඳහා ඔහුට ප්‍රතිපෝෂක දෙමළ ජාතිකවාදය ද ජාතික මාක්ස්වාදය ද සහයෝගය පිණිස  විසංවිදයේ සහයෝගය ලබාදෙනු ඇත. මේ පිළිබඳව වෙනම විමසීම පසෙකට තබමින් විසංවාදයේ සහයෝගයට නිදර්ශන කිහිපයක් පමණක් ඉදිරිපත් කරමි.

  1. එල්ටීටීය මහින්ද රාජපක්ෂව ජනාධිපති කරවීමේ ප්‍රති පෝෂකය
  2. ජනතා විමුක්ති පෙරමුණ මහින්ද රාජපක්ෂට සහයෝගය දීම
  3. හිරු කණ්ඩායමේ මුල් කාලින, පසු කාලින හා ඩයස්පෝරාගත ස්ථාවරයන්

යටත් විජිතවාදය පිළිබඳ නව අවබෝධාත්මක කියවිමකට ගමන් කිරීමකට යටත් විජිතවාදය තුලින් නලීන් ද සිල්වා වෙතත්, නලින් තුලින් යටත්විජිතවාදය වෙතත් පිවිසයහෝත් ඔහුගේ ප්‍රවාද ගත ලේඛණ  ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට බෙදා තේරුම් ගැනීම ඔහුට සහ අධ්‍යයනයට සාධාරණයක් වනු ඇත. ඒ අනුව

  1. සාර්ව වශයෙන් මතවාදය තේරුම් ගැනීම
  2. ශුද්‍ර වශයෙන් ග්‍රාම්‍ය හා ඔහුගේ වචනයෙන්ම කසිකබල් වීම

මෙම වර්ගීකරණය නිශ්චිතව සිය ප්‍රවාද තුල වෙන් කළ නොහැකි වුවද කාලය අනුව ද කිසියම් වර්ගීකරණයකට ලක් කළ හෝත්

  1. පූර්ව රාජපක්ෂ කාලය ගුණාත්මක කාලය ලෙසත්
  2. රාජපක්ෂ යුගය ප්‍රමාණාත්මක එහෙත් පිරිහුණු කාලය ලෙසත් නම් කළ හැකිය

පලතුරු සලාදයක් තුල රස ගුණ කැමති අකමැති දෑ තිබිය හැකිවාක් මෙන්ම ඔහුගේ සමස්ථය තුල ද අඩංගුව ඇති මිථ්‍යාව සත්‍ය බොරුව හා අතිශයෝක්තිය ද, ප්‍රඥ්ඥාව සහ උමතුවද දාර්ශනිකත්වය සහ ළමා භාවයද යනාදී වශයෙන් සන්දර්භීය කියවීමක් කළ හැකිය. එහෙත් සමස්ථය තුල ඔහුගේ මතවාදී දර්ශනය ලාංකීය දේශපාලනය හා සංස්කෘතිය  විනිවිද ගොස් ඇති බැවින් ඔහුගේ චක්‍රීය ප්‍රවාදයේ ගැටලුව ඉහත වර්ගීකරණයන් තුල දී පහත උපුටනයන් හඳුනා ගත යුතුය.

උදය ආර්. තෙන්නකෝන්


උපුටන 1

‘‘හතළිහේ දශකයෙන් පසු සිදු වී ඇති එකම දෙය නම් බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයේ නායකත්වයට එංගලන්තය වෙනුවට තවත් ඇග්ලිකන් ක්‍රිස්තියානි රටක් වූ ඇමරිකාව පත්වීම ය. යටත්විජිතවාදය තවමත් පැවැත්වෙයි. එදා මෙන් අද එංගලන්ත රජුගේ ආණ්ඩුකාරවරුන් ඒ ඒ රටවල දකින්නට නැත. එහෙත් බටහිර දැනුම් ආධිපත්‍යය පතුරවන පාසල්, විශ්වවිද්‍යාල, බෞද්ධ සංස්කෘතික වචනවල ගරුත්වය බාල්දු කරන ඊනියා පටිසෝතඝාමීන් ද ඇතුළු ජඩමාධ්‍ය පමණක් නොව බටහිර රාජ්‍යවලින් නඩත්තු කෙරෙන ඊනියා රාජ්‍ය නොවන සංවිධාන, සිවිල් හෙවත් සිවල් සමාජ අද රට පුරා දකින්නට ඇත. අපේ රටවල තවමත් ඇත්තේ යටත්විජිතචාදය ය. එහි නව යටත්විජිතවාදයක් නැත. නව යටත්විජිතවාදය යන්න අප නොමග යැවීම සඳහා බටහිර බුද්ධිමතුන් විසින් ම තනන ලද සංකල්පයක් මිස අපේ පඬියන්ගේ නිර්මාණයක් නො වේ. බටහිරයෝ එදත් අදත් තම දේශපාලනික, ආර්ථික හා සංස්කෘතික යටත්විජිතවාදය ලොව පුරා තහවුරු කරගනිමින් සිටිති. ඔවුහු දෙබිඩ්ඩෝ නො වෙති. ඔවුන් ඊනියා මානව හිමිකම් තඹයකට නොසලකමින් අහිංසක මිනිසුන් ඝාතනය කරමින් ඉරාකයට බෝම්බ දැමුයේ තම ආධිපත්‍යය තහවුරු කර ගැනීමට ය. ඔවුන් ලංකාවේ හමුදා මානුෂික මෙහෙයුම්වල අග ඊනියා මානව හිමිකම් කැඩී යැයි චෝදනා කරන්නේ ද අහිංසක දෙමළ ජනයා මෑරීය යන දුකෙන් නොව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා, ගෝඨාභය රාජපක්‍ෂ මහතා හා රණවිරුවන් කිහිප දෙනකු දංගෙඩියට යවා ආණ්ඩුව වෙනස්කර හැකිනම් සරත් ෆොන්සේකා රූකඩ ජනාධිපති කර තම ආධිපත්‍යය තහවුරු කර ගැනීමට ය. ඊනියා දෙවැනි ලෝක යුද්ධය ජයග්‍රහණය කර තිබිය දී පරමාණු බෝම්බය අත්හදා බැලීම සඳහා ජපානයට බෝම්බ හෙලූවන්ට ඇති මානව දයාව කුමක් ද?,,  කාලය- නලීන් ද සිල්වා

උපුටන 2

මෙරට වත්මන් දෙමළ ජනයාගේ ඉතිහාසය දහහත්වැනි සියවසෙන් ඔබ්බට නොයන බව තවමත් සිංහලයන්ගේ හදවතට නො දැනෙයි. ඔවුන්ගේ හදවතේ ඇත්තේ දෙමළ නොවන එළාරට පස්වැනි සියවසේ පමණ හිමිකර දුන් ඊනියා දෙමළ කම ය. චෝලයන් බලයට පත්වෙමින් සිටි යුගයක, පණ්ඩුකාභය රජු දවස දක්වා දිව යන සිංහලයන්ගේ පාරම්පරික අඛණ්ඩ සංස්කෘතියෙහි සංස්කරණය කෙරුණු දෙමළ එළාර සංකල්පය අද දක්වා ම ඔවුන්ගේ හදවත්හි වෙයි. පඬියන්ගේ දැන ගැනීම සඳහා කිවයුත්තේ අඛණ්ඩ යන්නෙහි තේරුම වෙනස් නොවන යන්න නොවන බව ය. ඇළ දොළ අතු ගංගා එක්කර ගනිමින් වෙනස් වෙමින් සම්මුති අර්ථයෙන් අඛණ්ඩව ගලන ගංගාවක් මෙන් සිංහල සංස්කෘතිය ද පාරම්පරික ව අඛණ්ඩ ව වෙනස් වෙයි. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ජීවත්වන්නන්ට අඛණ්ඩව වෙනස්වීම යන්න පරස්පරයක් නො වෙයි. කෙසේ වෙතත් දෙමළ ජාතිවාදී ප්‍රශ්නයට පිළිතුරු සෙවීමේදී මෙරට වත්මන් දෙමළ ජනයාගේ ඉතිහාසය පිළිබඳ ව මෙන් ම බටහිරයන් තම ආධිපත්‍යය සඳහා දෙමළ ජාතිවාදයක් ඇති කර පෝෂණය කර එය සිංහලයන්ට විරුද්ධව යොදාගත් ආකාරය ද සිංහලයන් හදවතින් අවබෝධ කරගත යුතු ය.නලින් ද සිල්වා – කාලය

උපුටන 3

‘‘එහෙත් තවමත් සිංහලයන් තේරුම් නොගත් තවත් කරුණක් නම් බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට හා ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයට ඇති බලවත් ම තර්ජන නම් ඉස්ලාම් චින්තනයත් සිංහල ථෙරවාද බෞද්ධ චින්තනයත් බව ය. අද බටහිරයෝ ඊනියා අරාබි වසන්ත සංකල්පයක් ඔස්සේ බටහිරට නොැමෙන අරාබි රටවල ආණ්ඩු වෙනස් කරමින් සිටිති. ඉස්ලාම් සංස්කෘතිය බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියට ප්‍රධාන වශයෙන් ම එරෙහි වන්නේ ආර්ථික හා දේශපාලනික තලවල ය. අරාබි රටවල, විශේෂයෙන් ම ඉරානයේ, තෙල්, න්‍යෂ්ටික බලය හා යුද්ධ දේශපාලන ශක්තිය බටහිරට හිසරදයකි. එහෙත් ලංකාවට ආර්ථික ශක්තියක් හෝ දේශපාලන ශක්තියක් හෝ නැත. සියල්ල ආර්ථිකයට ඌනනය කරන්නන්ට බටහිරයන් අපට විරුද්ධ වන්නේ ඇයි දැයි සිතාගත නො හැකි ය. එහි දී බටහිර ගැති පඬියෝ බටහිරයන් සිංහලයන්ට විරුද්ධ වන්නේ සිංහලයන් දෙමළ ජනයාට කර ඇති අසාධාරණ නිසා ය යන බටහිර මිථ්‍යාව පතුරවති. බටහිරයන්ට දෙමළ ජනයා කෙරෙහි පතළ වූ කරුණාව කුමක් ද? පාරිභෝගිකවාදී, පුද්ගලවාදී, තරගකාරීත්වය හුවා දක්වන, ස්වාභාවික සම්පත් විනාශ කරමින් පුද්ගල ඉන්ද්‍රියන් පිනවීම සැප සම්පත යැයි කියන, ඊනියා සත්‍යයට ළඟාවන්නේ යැයි කියන මිථ්‍යාවක් පෙරදැරි කරගත් බටහිර විද්‍යාවේ හා තාක්‍ෂණයේ ආධිපත්‍යය පතුරවන බටහිර සංස්කෘතියට ඇති ප්‍රධාන ම සංස්කෘතික (දාර්ශනික) අභියෝගය සිංහල බෞද්ධ සංස්කෘතිය වෙයි. බටහිරයෝ ඒ බව නො කියති. ,,නිදහසට තව කොපමණ දුර ද?

උපුටන 4

‘‘ඉංගිරිසින් අපට නිදහස දී ඇත්තේ ඔවුන්ට ගැති ආණ්ඩු පත්කර ගැනීමට හා පවත්වා ගෙන යෑමට ය. ඔවුන්ට නොනැමෙන ආණ්ඩු පත්වූ විට ඒ බිඳ දැමුමට ඔවුහු ක්‍රියා කරති. සාමාන්‍යයෙන් ශ්‍රී ල නි ප ප්‍රධාන ආණ්ඩුවලට බටහිරයෝ විරුද්ධ වෙති. ඔවුන් චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුවට සහාය දැක්වයේ ඒ ආණ්ඩුව සිංහලයන්ට විරුද්ධව දෙමළ ජාතිවාදයේ පැත්ත ගැනීමත් චන්ද්‍රිකා මහජන පක්‍ෂයේ ප්‍රතිපත්ති අනුගමනය කිරීමත් ඇය බණ්ඩාරනායක කෙනකුට වඩා කුමාරතුංග කෙනකු වීමත් නිසා ය. බණ්ඩාරණායක මහත්මියගේ ආණ්ඩුවට එරෙහිව අබෞද්ධ හමුදා කුමන්ත්‍රණයක් සිදු කෙරිණි. එහි නායකයන්ගේ දරු මුණුබුරෝ අද දෙමළ ජාතිවාදය පරාජය කිරීමට විරුද්ධ වෙති. දෙමළ ජාතිවාදය යනු සිංහල බෞද්ධයන්ට හා එම සංස්කෘතියට විරුද්ධව ලන්දේසීන් හා පසුව සියුම් ව ඉංගිරිසින් තම යටත්විජිතවාදි ආධිපත්‍යය තහවුරු කිරීමට යොදාගන්නා ආයුධයක් පමණකි. එය ද බටහිර යටත්විජිතවාදයෙහි ම කොටසකි. ඒ ඇතිකළෝ ද බටහිරයෝ ම වෙති. දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ මහින්ද රාජපක්‍ෂ මහතාට දඬුවම් කර ආණ්ඩුව පළවා හැරීම බටහිරයන්ගේ අවශ්‍යතාව වෙයි. එහෙත් ලංකාවේ දී බටහිරයෝ අරාබියේ දී මෙන් නොව ඉතා සියුම් ව ක්‍රියා කරති. ඔවුහු පළමුව සුදු කොඩි කතාව කියවුහ. ඉන්පසු විවිධ චෝදනා ලංකාවට එරෙහි සාකච්ඡා හා යෝජනා, බෑන් කි මූන් වාර්තාව, චැනල් ෆෝ මගඩි ආදිය අපට දැකගත හැකි විය. සියල්ල “නීත්‍යානුකුලව” කිරීමට ඔවුහු උත්සාහ දරති. ආණ්ඩුව බටහිරයන් සමග ක්‍රියාකරන ආකාරය ගැන පාඩම් ඉගෙන නොගෙන පත්කළ උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ වාර්තාව ක්‍රියාත්මක කිරීමට යෝජනාවක් ඇතැම් විට ජෙනීවාහි දී ගෙනෙනු ඇත. ආණ්ඩුව තමන් පත්කරන කොමිසම්වල වුව ද වාර්තා ක්‍රියාත්මක කිරීමට බැඳී නැති බව අපි කියමු. උගත් පාඩම් කොමිසමේ බටහිර දැනුම ලත් මහත්ම මහත්මීන් බටහිරයන් අනුකරණය කරමින් සිතන්නේ ඊනියා සිංහල ආණ්ඩුවලින් දෙමළ ජනයාට අසාධාරණයක් සිදු වී ඇති බව ය. ඒ වාර්තාව ක්‍රියාත්මක කළ යුතු යැයි කියමින් බටහිරට බොරුවට විරුද්ධ වන්නෝ කුහකයෝ ය. ආණ්ඩුව ක්‍රියාත්මක කළ යුත්තේ සිංහල ජනතාව අනුමත කරන යෝජනා පමණ ය. සිංහලයන්ගේ අදහස් නොවිමසා කිසිදු ප්‍ර්‍රශ්නයක් විසඳීමට ඉඩ නොදිය යුතු ය. අපට නිිදහස බොහෝ දුර ය. අප ඒ සඳහා අනවරතයෙන් සටන් කළ යුතු ය. අප ඒ සටන් දිනන්නේ ජෙනීවාහි දී හෝ නිව්යෝක්හි දී හෝ නොව ලංකාවේ වීදිවල ය. අප බටහිර විරෝධී ජාතීන්ගේ ප්‍රබල සංවිධානයක් පිහිටුවා ගැනීමට කටයුතු කරන අතර වඩා වැදගත්ව ජනතාව ආණ්ඩුව වටා ඒකරාශි කිරීමට කටයුතු කළ යුතු ය. අනාගතයේ දී පැනවිය හැකි ආර්ථික සම්බාධකවලට පමණක් නොව නේටෝ ආක්‍රමණවලට ද අප සූදානම් විය යුතු ය.,, නිදහසට තව කොපමණ දුර ද?

උපුටන 5

උතුරේ ප්‍රශ්නය හුදු ඉඩම් බෙදීම පිළිබඳ ප්‍රශ්නයක් යැයි කියන්නෝ බටහිරයන්ගෙන් දේශපාලන විද්‍යාව ඉගෙන ගත් පුස්සෝ ය. මිනිසුන් යුද්ධ කරන්නේ ඉඩම් අල්ලා ගැනීමට පමණක් නොවන බව පසුගිය සියවස් ගණනාවක ඉතිහාසය සාක්‍ෂි දරයි. ඉඩම් කතන්දරය සියල්ල ආර්ථික ව්‍යුහයකට ඌනනය කිරීමට තැත්කරන්නන්ගේ ගෙතීමක් පමණක් වෙයි. මිනිස්සු විවිධ හේතු නිසා යුද්ධ කරගනිති. සැමුවෙල් හන්ටින්ග්ටන් තම සුප්‍රසිද්ධ කෘතිය මගින් බටහිරයන්ට කියා සිටියේ ෆුකුයාමා කී ආකාරයට නොවන බවත් ඉතිහාසය නිම වී නැති බවත් අනාගතයේ දී සභ්‍යත්ව ගැටුම්වලට සූදානම් විය යුතු බවත් ය. එහෙත් මෙරට ඇතැම් ජාතිකවාදියකු එය වැරදියට තේරුම් ගෙන එය සංස්කෘතියෙහි වැදහත්කම බටහිර පඬිවරයකු ද තේරුම් ගත් අවස්ථාවක් ලෙස හුවා දැක්වීමට කටයුතු කළේ ය. එහෙත් මුල් අවස්ථාවේ දී ම ඔහු නිවැරදි කර ගැනීමට අපට හැකි විය. එහෙත් එයින් කියැවෙන්නේ සංස්කෘතික ගැටුම් නොමැති බව නො වේ.

බටහිර ක්‍රිස්තියානි නූතනත්ව යටත්විජිතවායෙහි ආර්ථික හා දේශපාලන සංරචක මෙන් ම සංස්කෘතික සංරචකයක් ද වෙයි. බටහිරයන් අපේ රටවලට පැමිණියේ සංස්කෘතික ආධිපත්‍යය ද අප මත පැටවීමට ය. අද එය අධ්‍යාපනය මගින් මෙන් ම ජනමාධ්‍ය මගින් ද සිදුවෙයි. විශේෂයෙන් ම ඉංගිරිසිහු සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීමට හෝ එසේ නොහැකි නම් එය දුර්වල කිරීමට හෝ කටයුතු කළහ. අප දෙමළ ප්‍රශ්නය දකින්නේ ඒ සඳහා ලන්දේසීන්ගෙන් පසුව ඉංගිරිසින් විසින් නිර්මාණය කෙරී පෝෂණය කෙරුණු ප්‍රපංචයක් ලෙස ය. ඉංගිරිසින්ට අවශ්‍ය වූයේ ලංකාවේ දේශපාලන හා සංස්කෘතික නායකත්වය දෙමළ වෙල්ලාලයන්ට හිමිකර දීමට ය. සර්වජන ඡන්දයෙන් පසු එය කළ නොහැකි බව තේරුම්ගත් දෙමළ නායකයෝ හා ඉංගිරිසිහු අඩුම තරමෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල දෙමළ ඊළමක් පිහිටුවීමට උත්සාහ කළහ. එහි දී ඔවුහු ඒ පළාත් දෙමළ ජනයාගේ සාම්ප්‍රදායික වාසභූමි යන සංකල්පය ඉන්දියාවත් සමග එකතු වී යොදාගත්හ. ඉඩම් ප්‍රශ්නය දෙමළ ජාතිවාදයට එකතු වූයේ ඒ අයුරෙන් ය. එසේ නැතිව ඉඩම් බෙදාගැනීමට නොහැකි ව ඒ කටයුත්ත කරගැනීම සඳහා දෙමළ ජාතිවාදීන් ඊළමක් වෙනුවෙන් සටන් කළා නො වේ. කෙසේ වෙතත් ඉනද්ියාවේ මැදිහත්වීමෙන් ඉඩම් බලතල පළාත් සභාවලට හිමිකර දීමට ජේ ආර් ජයවර්ධන මෙන් ම රනිල් වික්‍රමසිංහ ද සජිත් ප්‍රේමදාසගේ පියා වූ ආර්. ප්‍රේමදාස ද ක්‍රියාකළහ. එසේ නැතැයි සජිත් ප්‍රේමදාස කියන්නේ ද? පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් ඇසීමට නොදන්නා ඔහු යොවුන් පාර්ලිමේන්තුවටවත් සුදුසු නො වේ. දැන් ත්‍රස්තවාදය නිම වී ඇති බැවින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත අවශ්‍ය දැයි රනිල් වික්‍රමසිංහ ඒ අතර අසයි. ඔහු ත්‍රස්තවාදය නැතිකිරීමට උදවු දුන් පුද්ගලයෙක් නො වෙයි. ඔහු ඊනියා සටන් විරාම ගිවිසුම් ආදිය මගින් ඊළමට මග කැපී ය. එහෙත් ඔහු කතාකරන්නේ තමා ත්‍රස්තවාදය නැතිකළ පුද්ගලයා ලෙස ය. ත්‍රස්තවාදය දැන් නැතිකර ඇති නමුත් නැවත එය ඇතිවීම වැළැක්විය යුතු ය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත අවශ්‍ය එබැවිනි. රනිල් වික්‍රමසිංහ හා සජිත් ප්‍රේමදාස ඇති එ ජා පක්‍ෂයට දෙවියන්ගේ ම පිහිට ය. නලින් ද සිල්වා- කාලය

පළමු කොටසට පිවිසුම


[i] අන්තර්ජාලයෙන් කියවීමට http://www.epubbud.com/book.php?g=RB9SCDM5 හෝ චිත්‍ර පටය නැරඹීමට- http://viooz.co/movies/8365-a-passage-to-india-1984.html

නලීන් සහ දීප්ති: පාර පශ්චාත් යටත් විජිතයේ දාර්ශනිකයන් ලෙස

 

හැඳින්විම

පශ්චාත් යටත් විජිත ලංකාව තේරුම් ගැනීම හා නැවත ගොඩනැංවිම යන ප්‍රවාදයන් මත කරන ලද හා කරමින් සිටින්නාවූ විග්‍රහයන් අප්‍රමාණව විවිධ විෂයයන් ඔස්සේ කියවිය හැකිය. එම කියවීම් ශාස්ත්‍රාලීය පර්යේෂණ අධ්‍යයනයන්ගේ සිට අනෙකුත් උගත් බුද්ධිමතුන්ගේ දැනුම් සහ ප්‍රායෝගික අභ්‍යාසයන්ගෙන් සංයුක්තව සමාජය තුල විවිධ හැඩයන්ගෙන් ස්ථාපිත වී ඇත. සංවර්ධනය, දියුණුව, සමෘධිය, සාමය සංහිඳියාව, සමානාත්මතාව ආදී නොයෙකුත් සුභවාදී පරමාර්ථ පෙරදැරි කරගෙන සියලු දේශපාලන පක්ෂ සංවිධාන ඇතුලු සියල්ල තම ප්‍රතිපත්තියට අන්තර්ගත කරගෙන ඇත.  මෙකී තේරුම් ගැනීම හෝ නැවත ගොඩ නැංවීම යන අදහස තුල එක් අතකින් ගම්‍යමාන වන අරුත වන්නේ පවත්නා සමාජ ක්‍රමය යටත් විජිත පාලන ක්‍රමයේ සංතතික දිගුවක් බවය. ඓතිහාසිකව පැමිණි ස්වභාවික පරිනාමීය සමාජ ගමනට බලහත්කාරයෙන් ස්ථාපිත කරන ලද නව සමාජ ක්‍රමය වන්නා වූ යටත් විජිත ධනවාදය හා බටහිර ආර්ථික සමාජ සංස්කෘතික අගයයන් විසින් පැවැතුණු සාම්ප්‍රදායික සමාජ ක්‍රමය විනාශයට යොමු කර ඇති බව යන්න ප්‍රධාන පෙළේ තේරුම් ගැනීමකි. එය හොඳ සහ නරක, කළු සහ සුදු, අතීතය නූතනය, බටහිර හා පෙරදිග, දියුණු හා නොදියුණු යන ද්විත්ව ප්‍රතිවරෝධතාවන් හැඟවුම් කරනු ලබයි. එම තේරුම් ගැනීම ජාතිකවාදී මතවාදයේ දී මෙන්ම මාක්ස්වාදී මතවාදයේදී ද යම් සමාන කමක් ගනු ලබන්නේ ධනවාදය හා අධිරාජ්‍යවාදය යන ප්‍රතිවිරෝධයන් සමාන ආකාරයෙන් එකට සිට ගැනීමේ දී ය. ඒ අනුව ජාතිකවාදය අතීතය දෙසට හැරී තම අනන්‍යතාව අත හැරුන තැනට පියමංකිරීමට ප්‍රයත්න දරන අතර සමාජවාදී මතවාදය අනාගතයට හැරෙමින් යුතෝපියානු රාජ්‍යයකට සිහින මවන්නේය. මෙම මතවාදයන් දෙකටම ධනවාදය හා අධිරාජ්‍යවාදය හැරුණු විට හමුවන ප්‍රධාන අනෙක් ප්‍රතිවිරෝධය වනනේ බහුතර සිංහල ජනකායක් සහිත ලාංකීය සමාජයේ සිටින අනෙක් සුළුතර කොටසක් වන දමිළ ජනකාය ය. මෙම මහා පොදු සාධකය හමුවේ දී ජාතිකවාදය හා සමාජවාදය අතීතයට ගමන් කිරීම කරනු ලබන්නේ මහ ජාතිකත්ව අනන්‍යතාව නිර්මාණය කර ඇති ඉතිහාසය වෙතටය. ලිඛිත හා භෞතික ඉතිහාසයට අනුව සිංහල මහ ජාතිය වුවත් සුළු ජාතිය වීමේ අවිඥාණික භීතිය විසින් මෙම මහා පොදු සාධකය මෙකි මතවාදයන් දෙකටම අවසානයේ ගෙන එන්නේ ප්‍රතිගාමී සංජානනයකි. (ශුද්‍ර තලයේ ක්‍රියාත්මක සමහර වාමාංශික පක්ෂ කණ්ඩායම් මෙහි විලෝමය ද නියෝජයන කරන යථාර්ථයක් ද ඇත.)  මෙකී මතවාදයන් දෙකට අමතරව විකල්ප ලෙස පෙනෙන අනෙක් මතවාදයන් ලෙස ලිබරල්වාදී සාම මතවාදය හා සාකල්‍යවාදී මතවාදය ද ලෙස පෙළ ගැස්විය හැකිය. කුමන පෙළ ගැස්වීමක් වුවද, පශ්චාත් යටත් විජිත ලාංකීය ඉතිහාසය තුල අධිනිශ්චය වී ඇති බලසම්පන්න මතවාදය වන්නේ ජාතිකවාදී ප්‍රවේශයය. විකල්ප   දර්ශනවාදී මතවාදයක් ලෙස ඇති මාක්ස්වාදය පදනම් කරගත් සමාජවාදි මතවාදී ප්‍රකාශනය ද පශ්චාත් යටත් විජිත සන්දර්භයේ දී ලංකාව තුල අවසානයේ ගොනුවනුයේ ජාතිකවාදී මතවාදයටමය. සාකල්‍යවාදී හා ලිබරල් සාමවාදී මතවාදයන් පුළුල් ලෝක දැක්මක් පෙන්නුම් කරන්නේ වුවද, මර්ධනකාරී සාම්ප්‍රදායික රාජ්‍යයට අවනත සන්දර්භයේදී එය ද වක්‍රාකාරයෙන් ජාතික මතවාදයටම සේවය කරන අතර රැඩිකල් සමාජ වෙනසක බලාපොරොත්තුවක් තැබිය හැකි සමාජ බලවේග බිහිවීම සමස්ථ ජාතිකවාදයේ බලය තුල අකර්මන්‍ය වීම හා එය නියෝජනය කරන උගත් මධ්‍යම පාංතික චින්තනයන් සිය වෘත්තීමය හා ආයතනික ව්‍යුහයන් තුල සාම්ප්‍රදායික ලාංකිකයාම වී ඇත.

එබැවින් මේ අප ගෙවන කාල පරිච්ඡේදය යනු   පාර පශ්චාත් යටත් විජිත සන්දර්භයකි. එනම් යටත් විජිත ව්‍යුහයන්, මතවාදයන්, දේශපාලන ආර්ථික හා සංස්කෘතික ප්‍රපංචයන්ගෙන් යුත් පශ්චාත් යටත් විජිත ආකෘතිය විනිවිද යන, පරමය තත්ත්වයකට පත්ව ඇත. එය නූතන ධනවාදයේ ආනිශාංෂික ප්‍රතිපලයක කොටසකි. මෙම  දේශපාලන සමාජීය හා සංස්කෘතික තත්ත්වය තුල විකල්පය යන්න කුමක් දැයි යන උභතෝකෝටිකය තුල අතරමං වනු ඇත. ධනවාදයට විකල්පය සමාජවාදය යන ලෝක සම්මත ප්‍රවාදය ලංකාව විෂයෙහි භාවිතාවක් බවට පත්ව ඇත්තේ සම්භාව්‍ය මාක්ස්වාදයට අනුව හෝ නූතන වර්ධනයන් සහිත මාක්ස්වාදයට පදනම්ව හෝ නොව, ආකෘතික වශයෙන් ලෙනින්වාදයට හා රුසියානු මොඩලයට අනූන වූ සන්දර්භීය වශයෙන් ආපසු ජාතිකවාදයට ගමන් කරන භාවිතාවක් දැකිය හැකි  තත්ත්වයක් තුළ ය. එය අවසානයේ අධිනිෂ්චිත කාරණයේ දී ජාතිකවාදය සමග සමානව සිට ගැනීම තුල, පශ්චාත් පාර යටත් විජිත ලංකාවට පෙන්නුම් කරන සමජවාදී භාවිතාව තුල විකල්පයක් නැත. විකල්පය වන්නේ ජාතිකවාදයේම කාසියේ අනෙක් පැත්තය. මෙය ජාතික සමාජවාදය ලෙස විකල්යක් පෙන්නුම් කළ ද අග්‍රගන්‍ය මහජාතිය ලෙස ඇති මතවාදී අරටුව විසින් සුළු ජාතීන්ගේ ප්‍රශ්නයට ඇති නිසි අනන්‍යතාත්මක විසඳුමකට අවංකව නිර්මාණාත්මක නොවීම තුල ප්‍රජාතන්ත්‍රවාදයේ හරයන් හෝ සමානාත්මතාව පසිඳලනු ලැබීමට ඇති ඉඩකඩ අවම විය හැකිය. ඒ වෙනුවට වඩාත් ලෙහෙසියෙන් විය හැකි වන්නේ නවාකාරයේ ෆැසිස්ට්වාදයකට සමාජය ගමන් කිරීම ය. එහි විපාක කුමක් වුව ද අධිනිෂ්චිත තත්තවයන් සිය වෘත්තිමය දේශපාලනය තුලට සාමාන්‍යකරණය වීම නිසා බලය පිණිස තරඟ කිරීම ද ඒ තුල අනන්‍යතාව රැක ගැනීමට දරණ ප්‍රයත්නයන් හේතුවෙන් සමාජ ප්‍රගමනයේ ප්‍රගතිශීලී දයලෙක්තිකය අඳුරු වී යෑම ඉතිහාසය තුල දැකිය හැකිය. නිශ්චිත සමාජීය තත්ත්වයන් තුල දී දර්ශනයේ දිළිඳු බවින් ගන්නා තීරණ හේතුවෙන් වැරදි වෙනස්කම්වලට භාජනය වන සමාජය නැවත නිවැරදි කර ගැනීම දර්ශනය නිවැරදි කර ගැනීමට වඩා සිය ගූණයකින් අසීරු විය හැකි බවට ඇති හොඳම නිදසුන මෙම පාර පශ්චාත් අවධියය.

 

වසර හැටකට අධික මෑත ඉතිහාසයේ වාමාංශික භාවිතාව දෙස බැලූ කල, මාක්ස්වාදී දේශපාලනයට ජාතිකවාදී භාවිතාව පැමීණීමේ ඓතිහාසික බලපෑම එක් අතකින් යටත් විජිත දේශපාලන භාවිතාව හේතුවන අතර අනෙක් අතට තම අනෙකා හා කරන දේශපාලනයේ දී අදූර දර්ශීවීම ද  ලංකාව සාර්ව හා ශුද්‍රාකාරයෙන් හඳුනා ගැනීමට නොහැකි වීම ලෙස පෙන්විය හැකිය. පුළුල් අර්ථයෙන් අපෝහකය තේරුම් නො ගැනීමය. ප්‍රධාන වශයෙන් ලංකා සම සමාජ පක්ෂය, ලංකා කොමියුනිස් පක්ෂය හා ඉන් පසුව බිහි වූ වාමාංශික දේශපාලන ධාහරාවන් ද සෘජු ජාතිවාදීත්වයක් පෙන්නුම් නොකළ ද දාර්ශනික වශයෙන් ජාතිකවාදී ය. වාමාංශික ව්‍යාපාරයේ නූතනම ප්‍රකාශනය ලෙස ජනතා විමුක්ති පෙරමුණ සිය සමස්ථය තුල පෙන්නුම් කරන යථාර්ථය ද ජතිකවාදයමය. එය සෙසු වාමාංශික ධහරාවන්ට වඩා ඉතා ග්‍රම්‍ය ලෙසත් රැඩිකල් ලෙසත් ජාතිවාදය ප්‍රකට කරන ජාතිකවාදයක්ය. විනාශයන් ගණනාවකට වගකිව යුත්තන් වුවත්, පාඩම් නූගතුන්ය. මතවාදීමය කාරණා මත යැයි කියමින් ඉන් ඉවත් වූ පිරිස්ගේ ද වෙනසක් පෙන්නුම් කරීමට තරම් පරිණත කමක් පෙන්වන්නේ ද නැත. එහෙත් සමාජ අවකාශය බලාගෙන සිටිනු ඇත. මේ සියල්ල පුද්ගලයින් ලෙස ජාතිවාදීන් නොවීමට නොගන්නා උත්සාහයක් ද නැත. ප්‍රායෝගික ක්‍රියාමාර්ග තේරීමේ දී ද එය පෙන්නුම් කිරීමට සමත් වන්නේ වුවද, සිංහල මහ ජාතික අනන්‍යතා අර්බුදය තුල ජාතිකවාදයෙන් පිට පැනිය නොහැකි වී ඇති අතර ඊට උපකාරක ශක්තිය සුළු ජාතික ජාතිකවාදයත්, සෝවියට් සමාජවාදයත්, යටත්විජිත විමුක්ති අරගල පිළිබඳ ප්‍රවාදයනුත්, පශ්චාත් යටත් විජිත රාජ්‍යයන් තුල ස්ථාපිත වි ඇති ප්‍රජාතණ්ත්‍රීය ව්‍යුහයන්ගේ ඇති ගැටලුවත් විසින් මාක්ස්වාදය සිංහල ජාතිකකරණය වීමටකට පටු වී ඇත. ඉහත හැඳින්වීම පදනම්ව මෙම ප්‍රවාදය ඉදිරියට ගෙන යැමේදී, සිංහල දේශපාලන කථිකාව තුල සිටින බුද්ධිමතුන් අතර මේ මොහොතේ දී,මතවාදීමය වශයෙන් වඩාත් බල සම්පන්න දාර්ශනිකයින් දෙදෙනෙකු පමණක්  ලාංකීය සිංහල සමාජයේ අධිනිශ්චය වී ඇත. ඔවුන් දෙදෙනා වනාහී මහාචාර්ය නලීන් ද සිල්වා සහ දීප්ති කුමාර ගූණරත්නය ය. මෙම තේරුම් ගැනීම මගේ පුද්ගලික නිරීක්ෂණයක හා අවබෝධයේ අංශුමාත්‍රයක් වන්නේ වුවත්, එය එසේ නොවන්නේ නම්, දහසක් ප්‍රවාද ගොඩනැංවීමේ අවකාශයට ඉඩතැබිමට මෙයම අවස්ථාවක් වනු ඇත.

ලෙඩෙකු කරතියාගෙන අතීතයට දුවන වෛද්‍යවරයෙකු වශයෙන් මහාචාර්ය නලින් ද සිල්වාත්, එම ලෙඩාම කීතු කීතු කරමින් ව්‍යච්ඡේදනය කරන වෛද්‍යවරයෙකු වශයෙන් දීප්ති කුමාර ගුණරත්නත් යන දාර්ශනිකයින් දෙදෙනාට රූපකාර්ථ නිර්චනයක් දෙමින් මගේ ඉහත ප්‍රවාදයට පිවිසෙන්නෙමි. මෙම දෙදෙනා ප්‍රවාහයන් දෙකක් ලෙස ගතහොත් අතීතය හා අනාගතය ලෙසත් ඉල්ලම් සහිත පෙදෙස් සොයා මැණික් සොයන්නන්ය. ආදරය හා වෛරය අතර සැරිසරන්නන්ය. බුද්ධිය හා තර්කය අතර සංවාද ගතවන්නන්ය. ශිෂ්ටත්වය හා ම්ලේච්ඡත්වය සොයන්න්නය. විකල්පයකට පාර කපන්නන්ය. නූතන ලාංකීය සිංහල දේශපාලන විඥ්ඥාණය මේ වටා භ්‍රමණය කරවන්නන්ය. අරමුණ වෙනුවෙන් ජීවත් වෙමින් පරමාදර්ශයට ආලෝකය සපයන්නන්ය.මෙම විග්‍රහය අලංකාරෝක්තික අගය කිරීමක් ලෙස කෙනෙකුට සිතුණත්, එය වනාහි යථාර්ථයට ලංවන කැඩපතකි.මෙහිදී නලින් ද සිල්වා ජාතිකවාදී දාර්ශනිකයා බවට පත් වීම හා ඔහු වටා භ්‍රමණය වන ලාංකීය සිංහල දේශපාලනය ලාංකික ජාතියක් ලෙස ගොඩ ඒමේ ගැටලුවේත්, සුළු ජාතික පීඩනයේ සමාජ වෛරසය බවට පත්වීමේත්, ලෝකය පිළිබඳ දැක්ම දූපත් මානසිකත්වයටත් ඉන් එහාට පැමිණ සිංහල ජාතියේ ලෝක දැක්ම දක්වා පටුවීමේ සන්දර්භය මුල් අධියරේදී පරීක්ෂාකිරීමට ගන්නා කුඩා උත්සාහක් ලෙස මෙසේ සටහන් තබමි.

 

පළමු ප්‍රවාදය: නලීන් ද සිල්වා ජාතිකවාදී මතවාදයේ දාර්ශනිකයා ලෙස-

මෙම ප්‍රවාදයට පිවිසීමේ දී මුලින්ම එල්ලවිය හැකි ගැටලුව හා චෝදනාව වන්නේ ගුණදාස අමරසේකරට හිමිවිය යුතු තැන කුමක් ද යන්න ය. ඔහු ජාතිකවාදී මතවාදයේ දාර්ශනිකයා නොවන්නේ ද යන්නය. එහෙත් ඊට ඇති කෙටි පිළිතුර නම් ඔහු ද නලීන් පිටුපස සිටවිය යුතු තැනැත්තෙක් යන්නය. එහෙත් ඔහුගේ ඇති ඓතිහාසික දේශපාලනික වැදගත්නම වන්නේ මාක්ස්වාදය ජාතිකකරණයට ලක් කිරීම පිණිස හා ජාතිකවාදයට ගැටගැසීමට නියෝජනාත්මක දෘෂ්ටිවාදය සපයන්නන් අතර ප්‍රබලයකු විම නිසාය.   අමරසේකර හා  නලීන් අතර ඇති වෙනස නලීන් ද සිල්වාට අනුවම  මෙසේ හඳුනා ගත හැකිය.

‘‘අමරසේකර මහතා තෝට් යන්න චින්තනය ලෙස පරිවර්තනය කළේ ය. එය ඉතා ලිහිල් විසිරුණු අදහසකි. ඉංගිරිසියෙන් තෝට් යන්නෙහි ඇත්තේ දාර්ශනික අදහසක් නො වේ. තෝට් යන්න නාම පදයක් ලෙස සිතුවිල්ල සමග සම්බන්ධ ය. එය තින්ක් යන පදය සමග ද සම්බන්ධ ය. කෙසේ වෙතත් ජාතික චින්තනය යන්න බොහෝ කලක සිට මෙරට ජාතිකවාදීන් යොදාගන්නා පදයකි. පනහේ දශකයේ මුල් අවධියේ හරිශ්චන්ද්‍ර විජයතුංග, බැසිල් සිල්වා, රත්නකාර, ජේ ආර් පී සූරියප්පෙරුම ආදී මහතුන් විසින් ද, ඉන් පසු අසූවේ දශකයේ මුල දී පමණ ජී අයි ඩී ධර්මසේකර, කුලියාපිටියේ ප්‍රනන්දු ආදී මහතුන් විසින් ද ජාතික චින්තනය යන්න යොදා ගනු ලැබ ඇත.

 

එහෙත් ඒ සියළු දෙනා එකම අරුතකින් ජාතික චින්තනය යන්න ව්‍යවහාර කළේ යැයි මෙයින් නො කියැවෙයි. ඔවුහු එය කුමක් දැයි පැහැදිලි නො කළහ. මේ ව්‍යවහාරය යොදාගත් බොහෝ දෙනා එසේ කළේ මාක්ස්වාදී ව්‍යාපාරය හරිමග යැවීමට ය. ඔවුන්ගේ අදහස වූයේ මාක්ස්වාදී පක්‍ෂ ගොරහැඩි ලෙස මාක්ස්වාදය අනුකරණය කළ බවත් එහෙත් එය අපේ රටේ ව්‍යවහාර කළ යුත්තේ යම් ජාතික චින්තනයක් සමගින් බවත් ය. ඔවුන්ගෙන් ඇතැමකුට අනුව මාක්ස්වාදය මෙරට මුල් බැස නොගත්තේ මාක්ස්වාදී පක්‍ෂ එය නිර්මාණාත්වයකින් දේශයට ගැලපෙන ආකාරයකින් යොදා නොගැනීම නිසා ය.

 

ඒ අයට අවශ්‍ය වූයේ මාක්ස්වාදයට ජාතිකත්වයක්, ජාතික චින්තනයක් ලබා දී එය දේශයට ගැලපෙන ආකාරයකින් යොදා ගැනීමට ය. ගුණදාස අමරසේකර මහතාට අවශ්‍ය වූයේ ද එවැන්නකි. විශ්ලේෂණාත්මක මනසක් ඇති බවක් පෙන්වා නොමැති ඒ මහතා අබුද්දස්ස යුගයක් පොතෙහි ඒ පිළිබඳ ව සාකච්ඡා කළේ ය. එය කියවූ සූරියප්පෙරුම මහතා ඒ පිළිබඳ ව කළ තම විවේචනයක අනගාරික ධරමපාලතුමා මාක්ස්වාදී ද යන ප්‍රශ්නය නගා ඇත. ගුණදාස අමරසේකර මහතාගේ ඊළඟ කෘතිය අනගාරික ධර්මපාල මාක්ස්වාදී ද ලෙස නම් කෙරිණි.

 

ඉන්පසු අමරසේකර මහතා ලියූ එක් අසත්‍ය කතාවක් හා ප්‍රේමයේ සත්‍ය කතාව යන කෙටි නවකතා දෙක මාක්ස්වාදය හා ජාතිකත්වය එකතු කළ යුතු ය යන අදහස මත පිහිටා ලියුවේ වෙයි. එහෙත් ඒ එකතු කරන්නේ කෙසේ ද යන්න එහි දී සාකච්ඡා නො කෙරිණි. අමරසේකර මහතා ජාතික චින්තනය යන්න යොදා ගත්තේ 1986 දී ය. මේ වන විට ද අපි චින්තනය යන සංකල්පය නිර්මාණය කර තිබිණි. අපට එය දාර්ශනික සංකල්පයක් විය. අපට දැනුම ලබාගැනීම කෙරෙන්නේ කෙසේ ද යන්න ප්‍රශ්නයක් විය. දැනුමේ පදනම කුමක් ද ආදී ප්‍රශ්න එකල අප අතින් සාකච්ඡා විණි

ඒ කුමක් වුවත් අපේ චින්තනය යන සංකල්පය දාර්ශනික සංකල්පයක් විය. එය අමරසේකර මහතාගේ ජාතික චින්තනය පිලිබඳ විසුරුණු අදහස නො වී ය. චින්තනය යන්න දැනුම නිර්මාණය කිරීම, අවශෝෂණය කිරීම, සම්බන්ධයෙන් විය. එහෙත් ජනමාධ්‍යයට හා දේශපාලනයෙහි යෙදෙන්නන්ට වඩා වැදගත් වූයේ ජාතික චින්තනය යන සංකල්පය ය. අමරසේකර මහතාගේ අදහස ප්‍රචලිත වූයේ 1986 අගභාගයෙහි දී රත්නපුර නගර ශාලාවෙහි දී ජාතික චින්තනය සම්බන්ධයෙන් කරන ලද කතාවකින් පසුව ය. ඒ මහතා තම දේශනය කල්තබා ලියාගෙන විත් කතාව කිරීමෙන් පසුව දිවයින බදාදා අතිරේකයෙහි පළ කළේ ය.

 

රත්නපුර නගර ශාලාවෙහි දී එදින ම මා ද කතාවක් කළ නමුත් ඒ පිලිබඳ ලියවිල්ලක් මා සතු නොවූයේ මා දේශන කලින් පිළියෙළ කර ඒ නොලියන බැවිනි. මා එදින ද කතාකළේ බටහිර විද්‍යාව හා චින්තනය පිලිබඳ ව ය. ඒ කතාව පුවත්පතක පළ නො වී ය. අමරසේකර මහතාගේ ලිපිය පළවීමෙන් පසුව විවිධ කුලවල මාක්ස්වාදීහු ද එයට විරුද්ධව ලිපි පළ කළහ. එහි දී ජාතික චින්තනය වෙනුවෙන් කරුණු ඉදිරිපත්කිරීමට මට ද සිදු විය. එහි ප්‍රතිඵලයක් වූයේ අමරසේකර නම් රට පිළිගත් සාහිත්‍ය විශාරදයාගේ ජාතික චින්තනයේ ඇබිත්තයකු ලෙස මා සලකනු ලැබීම ය. (කාලය)

 

අමරසේකරගෙන් සුවිශේෂී වන නලීන් ද සිල්වා, සිංහල බෞද්ධ ජාතික චින්තනය මත සිය සියළුම ස්කන්ධයන් තබමින් ශපථ කර සිටින ප්‍රාර්ථනය යනු එසේ මෙසේ ප්‍රාර්ථනයක් නොව, පාරමිතා පුරමින් බුද්ධත්වය සාක්ෂාත් කර ගන්නා තරමටම අසීරු කටයුත්තක අපගේ ජාතිකවාදයේ දර්ශනවාදියා පෙනි සිටින්නේය. ඔහු තම පරමාර්ථය වෙනුවෙන් භෞතිකවාදයේ සිට පාර භෞත්කවාදයටත්, මනුෂ්‍යයින්ගේ සිට දෙවියන් යක්ෂයන් සමඟත් කටයුතු කරමින් තම ඒකායන ප්‍රාර්ථනයට දිවා රැය දෙක වෙහෙසෙන්නේය. එහිදී 2009 මැයි මස තම භෞතික රාජ්‍ය ස්ථාපිත කර ගැනීමට හැකිවිය. එය භෞතික පරම සිංහල රාජ්‍යය වන්නේය. බටහිර හා අධිරාජ්‍යවාදය මත නිෂ්චය වී තිබුණු තම පරසතුරුභාවය යටපත් කිරීමෙන් ලඟාකර ගත් සිංහල රාජ්‍යය. ඉන් නොනැවතී ඉන් එහාට උරුමකර ගත හැකි අතීත පාර රාජ්‍ය වෙනුවෙන් දාර්ශනික සිහින දකින්නේය. එය අවසානයකින් කෙළවර වන්නේ නම් විය යුතු වන්නේ සිංහල බෞද්ධයින් හැර අන් කිසිවකු නොමැති පරම පාර අතීත කල්පිත රාජ්‍යයකි. එය එසේ වන්නේ නම්, පට්ටපල් බොරුවක්ව ඇති බටහිර විද්‍යාව ප්‍රමුඛ සියලු ආදර්ශයන් දිවයිනෙන් අතු ගාදැමිය යුතුය. එවිට අධිරාජ්‍යවාදය හා සම්බන්ධිත සියලු ව්‍යුහයන් විනිර්මුක්ත වන අතර බෞද්ධ දර්ශනය පදනම් වූ පරම සමාජ මොඩලයක් ලංකාව තුල ස්ථාපිත වනු ඇත.ඒ අනුව කසි කබල් මාක්ස්වාදය ද, සමාජවාදය ද භූමියෙන් අතුගෑවි යනු ඇත. දෙමළ මුස්ලිම් සුළු ජාතීන් පැරණි සිංහලයින් බුදු දහමට අවනත වූවන් හෝ අනුවර්තනය වූවන් සේ සිංහල බෞද්ධ අණසක යට ශීලාචාර විය යුතු ය.  

 

ඔහුගේ ජාතික චින්තනයේ ඇති බරපතල කම සහ එහි ඇති දිග පළල හේතුවෙන් මේ පිළිබඳ වන ප්‍රවේශයට ප්‍රවිශ්ට වීමට එකම දොරටුවක් ප්‍රමාණවත් නොමැති බැවින් ප්‍රවේශයට පහසුව පිණිස දොරටු කිහිපයකින් උප ප්‍රවාද ගොඩ නගා ගැනීම සංකීරණත්වයෙන් ගොඩ ඒමට ඇති පිළියමකි. එසේම කර තියාගත් රෝගියා රැගෙන දුවන අතීතයේ මං සළකුණු සෙවීමටත් පහසු වනු ඇත. ඒ අනුව විග්‍රහයේ පහසුව පිණිස මෙලෙස උප ප්‍රවාදයන් ලෙස කොටස් කරගත හැකිය.

යටත් විජිතවාදය හා ධර්මපාල ප්‍රවාදය

ලාංකිය ඉතිහාසය පිළිබඳ ප්‍රවාදය

බුදු දහම පිළිබඳ පුවාදය

ධනවාදය හා අධිරාජ්‍යවාදය පිළිබඳ ප්‍රවාදය

මාක්වාදය පිළිබඳ ප්‍රවාදය

පශ්චාත් යටත් විජිතවාදය පිළිබඳ ප්‍රවාදය

පාර පශ්චාත් යටත් විජිතවාදය පිළිබඳ ප්‍රවාදය

මේ ආදී වශයෙන් ඔහුගේ දර්ශනය තේරුම් ගැනීමටත් ඒ තුලින් ලාංකීය සමාජයේ සෙසු ව්‍යුහයන් තේරුම් ගැනීම ඉදිරියේ දී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ.

උදය ආර්.තෙන්නකෝන්

අප්‍රේල් අරගලය සැමරීම සහ බහුවිධ ආඛ්‍යානයක එක් ආඛ්‍යානයක් වීම

කියුබානු විප්ලවයේ මාතාව ලෙස සැලකෙනුයේ මොන්කාඩා බැරැක්කයට එල්ල කරන ලද ප්‍රහාරයයි. එය ඉතාම පහසුවෙන් මර්ධනය කිරීමට බැටිස්ටා රජයට පහසු වූයේ ෆිදෙල් කස්ත්‍රෝගේ නායකත්වයෙන් සැලසුම් කරන ලද ජූලි 26 ව්‍යාපාරය නමින් යුත් කුඩා කණ්ඩායම විසින් ක්‍රියාත්මක කරන ලද අදූර දර්ශී, තරුණ ගැටවරයන්ගේ  බොළඳ ක්‍රියාවක් නිසා බව කියුබානු ඉතිහාසය සඳහන් කරයි. එහෙත් එහි පරමාර්ථ කැපවීම හා අවංකත්වය යන ගුණාංගයන් විසින් ද එයින් ලැබූ අත්දැකීම් හා විප්ලවීය පෞර්ෂය ද යන සියල්ල හේතුවෙන් ෆිදෙල් කැස්ත්‍රෝට පසුව කියුබානු විප්ලවය යන නාමය කියුබානු ඉතිහාසයට එතකු කිරීමට හැකි වූ නිසාවෙන් මොන්කාඩා ප්‍රහාරය යනු කියුබානු විප්ලවයේ මාතාව(mother of Cuban revolution) බවට පත්ව ඇත.

මෙකී රූපකයෙන් සංඥා කරන අර්ථය 71 අප්‍රේල් කරැල්ලට ආදේශ කරමින් විප්ලවයේ මාතාව හෝ විප්ලවය යැයි කීමට තරම් ඉතිහාසයක් ලාංකික අපට ඉතිරි කර නොතිබුණ ද, 71 අරගලය යනු පරමාද්ශීය අරගලයක් යැයි ද, කැපවිම, අවංකත්වය හා සමාජ අසාධාරණත්වයට හා යුක්තිය උදෙසා කරන ලද පරිත්‍යාගයක මාතාවක් යැයි කීම හා මානව ගුණාංගයන්ගෙන් පිරුණු අරගලයක් යන අර්ථයෙන් ලාංකිය සමාජය උඩු යටිකුරු කළ සංසිද්ධියක් ලෙස හැඳින්විම අදටත් වලංගුවක්ව ඇත.

 

මීට වසර හතලිස් දෙකකට පෙර ලංකා ඉතිහාසයේ බක් මාසය යන්න සමාජය තිගැස්මකට ලක් කළ පෙර නොවූ විරූ චලනයක් ඇති කළ අවස්ථාවක් යැයි කිම අසත්‍යයක් නොවනු ඇත. අප්‍රේල් නඟිටිම, අප්‍රේල් අරගලය, හැත්තෑ එකේ කැරැල්ල, හා හැත්තෑ එකේ අරගලය යනා දී විශේෂණ යෙදුම්වලින් වසරින් වසර මෙනෙහි කරන ඉතිහාසයේ කථාන්දරය සුන්දර නොවුවද ලංකා සමාජයේ එක් සුවිශේෂී කොටසකට විර කාව්‍යයක් බඳු ය. ඒ වනාහී අරගලයට සහභාගී වූ වන්ටය. අරගලයේ දී මිය ගිය සගයන් විරුවන් ලෙසින් මිහිදන් වෙද්දී ජීවත්ව මිය ගිය, තවමත් ජීවත්ව සිටින එම අරගලයේ සටන් සගයන්  එක් එක් මතවාදයන්ට, දේශපාලනයන්ට අනුව විවිධාකාරයේ නිර්වචනයන් සහිත පුද්ගලයන්ය. වරෙක ද්‍රෙහීන් ලෙස ද, සංශෝධනවාදීන් ලෙස ද, විඥ්ඥානවාදීන් ලෙස ද, තියරිකාරයින් ලෙස ද, පිස්සන්, විහිළු කාරයන් ආදී බොහෝ හැඳින්වීම්වලින් යුක්තව හංවඩු ගැසී ඇත්තේ ජවිපේ නො වන්නන් ය. සමස්ථයක් ලෙස ජවිපයට අනුව ඔවුන් ද්‍රෝහීන් ය. මේ දක්වා අප්‍රෙල් අරගලයේ උරුමය රැගෙන ආ වුන් අතර ජීවත්ව සිටින හෝ එහි සිට මිය ගිය සගයන් හැරුණු විට සෙසු අනෙකා ලඝු වනුයේ ද්‍රෝහීන්ගේ ගොඩටය. මෙම ද්‍රෝහීන්ගේ ඉතිහාසය ලියන ඉතිහාස කරුවා කවරෙක් ද? ඉතිහාසය හදාරන්නට පෙර ඉතිහසඥයා හැදෑරිය යුතු යැයි රුසියානු ඉතිහාසකරුවකු වන ඊ. එච් කාර් ඉතිහාසය යනු කුමක් ද යන අධ්‍යයන කෘතියේ පැවසීම සැලකිල්ලට ගත යුත්තකි. එක් අරගලයකට සම්බන්ධ වූ එකම සගයන්, එම අරගලයේ දින සැමරුමේ දී ම, කොටසක් ද්‍රෝහීන් ද කොටසක් විරුවන් ද වීම යන අර්ථකතනයන්ගෙන් මෙතෙක් ගොඩ නගා ඇති ඉතිහාසය ඒක පාර්ශවීය ඉතිහාසයක් බව කිව යුත් සේම, ඒ තුලින් කරන ලද සමාජ හානිය පිළිබඳ පශ්චාත් පරීක්ෂණයක් පැවැත්වීම, අප්‍රේල් අරගල කරුවන්ට සහ අරගලයක ආනාගත පරමාර්ත සඳහා ද වැදගත්වනු ඇත.

අප්‍රෙල් අරගලය යනු  තනි මිනිසකු ගේ හෝ කිහිප දෙනෙකුගේ ක්‍රියාවක් නොවූ අතර එය මුළු මහත් සටන් කාමීන්ගේ ක්‍රියාවලියක සමස්ථයකි. එහෙත් අප අප්‍රේල් අරගලය යන්න තේරුම් ගන්නට ඇති මතවාදයන් හා ආඛ්‍යාන මත බැස ගන්නා නිගමන මත වීරයා ද ද්‍රෝහියා ද යන්න තීරණය කරනු ලැබුවද, අදාල සිදුවීමට මෙම දෙදෙනාගේම දායකත්වය ලැබි ඇත. එහෙත් සත්‍යය යන්න එකක්ම නොවන බව තේරැම් ගන්නේ කෙසේ ද.

 

විරුවා පිළිබඳ ගොඩනැංවිම කෙසේ වුවද ද්‍රෝහියෙකු විම පිළිබඳ ඇති ගොඩනැංවීමේ සත්‍ය ගවේශනය කළ යුත්තකි. සත්‍ය යනු එකක් ද නැතිනම් ඊට පැති කහිපයක් ඇත් ද යන්න බැලීමේ දී ආඛයාන පිළිබඳ අධ්‍යයනය වැදගත් වේ. අප්‍රේල් අරගලය යන්න ද බහුවිධ ආඛ්‍යානයන්ගෙන් යුක්ක වූ මාහා ආඛ්‍යානයකි. අරගලයේ සිදුවීම් පදනම්ව පසුකාලිනව ඇතිවන බෙදීම්වල සත්‍ය තේරුම් ගත හැකි වන්නේ පුද්ගල ආඛ්‍යානයන් සම්ස්තය සමග ගැට ගැසිමේ දී තේරුම් ගන්නා සත්‍යට අනුවය. මේ අනුව වීරයකු වීම හා ද්‍රෝහියෙකු වීම යන සත්‍යෙය් පරමාර්ථය වන්නේ  සමාජවාදය යන සංකල්පය වෙනුවෙන් කැප වී ක්‍රියා කිරීම යන්න ය. එහි දී එයට එරෙහිව ක්‍රියා කළ පුද්ගලයන් ද්‍රෝහී ගණයට නම් කළ ද, එසේ නම් කිරීමේ සත්‍යෙය් පරිසමාප්තියක් ඇත් ද යන්න පිළිබඳ සිතිය යුතුය.

 

සත්‍ය එකක් නොව සත්‍යයට පැති කිහිපයක් ඇති බව තේරැම් ගැනිම මෙම ගැටලුවට යම් පිටුවහලක් වනු ඇතැයි සිතමි. මෙය යම් ආකාරයකට තේරුම් ගැනීමට හැකි ක්‍රමවේදයක් ලෙස  රෂෝමෝන් ආඛ්‍යානවේදය (Rashomon Narrotology) යන ක්‍රමවේදය හඳුන්වාදිමට කැමැත්තෙමි. රෂෝමෝන් යනු ප්‍රකට සිනමාකරුවතකු වන අකිර කුරසාවා විසින් නිර්මාණය කරන ලද ජපන් චිත්‍රපටයකි. චිත්‍රපටයට පසුබිම් වූ, අකුතගාවා නම් කෙටිකතාකරුවා විසින් රචිත කෙටි කතාව වන රෂෝමොන්, මෙම වස්තු බීජයට පදනම් සංකල්පය වේ. කුරසාවා තම චිත්‍රපටය තුලින් කීමට උත්සාකරනුයේ සිදු විමක් වූ කල එම සිදු වීමේ සත්‍යයට පැති කිහිපයක් ඇති බවය. එයට සහභාගී වන්නාගේ දෘෂ්ටිවාදයේ සිට ඔහු හෝ ඇය දකින සත්‍යය ය පිළිබඳවය ය. සිදුවීම සත්‍යය වුව ද සිදුවීම අර්ථ කතනය කිරීමේ   සත්‍යයට ප්‍රවේශයන් ගණාවක් තිබිය හැකිය. සිද්ධිය නැතිනම් කරුණ (Fact) අර්ථකථනය කරන්නා සහ කරනු ලබන විදිය අනුව සත්‍යය වෙනස් විය හැකිය.

 

ප්‍රස්තුතයට අදාලව අප්‍රේල් අරගලයේ ද්‍රෝහීන් වීමේ හෝ විරුවන් විමේ සත්‍යය කාගේ සත්‍යයක් දැයි තේරුම් ගැනීමට අවශ්‍ය කාල වකවාණුවක් වන්නේ, එය එක් අධිපති මතවාදයක බලයෙන් යටත්කර, නිහඬ කර, මර්ධනය කර ඇති බොහෝ අප්‍රේල් අරගලකරුවන්ගේ දැනුම, ඥාණය, අවංකත්වය, කැපකිරීම, පරමාදර්ශිභාවයන් විලෝමය ද සත්‍යයක් යන්න පසක් කරමින් සිටින බැවිනි. ගොඩනංවන ලද ඉතිහාසය හා එහි ක්‍රියාකාරීත්වය විසින් අනෙකා පිළිබඳ කරන ලද අර්ථ ගැන්වීම් දෙස නැවත හැරී බැලීමේ වැගත්කම සමාජීයව හා දේශපාලනිකව වැදගත්විම තුල පැරැණි ඉතිහාසයේ ගොඩනැංවීම් ප්‍රශ්න කිරීමට බලකරමින් සිටිනු ඇත. ඒක පාක්ෂික බලාධිකාරී මතවාදයක් විසින් පටවා ඇති පරම සත්‍ය  නැමැති මිණුම් දණ්ඩෙන් මැන ඇති සියල්ල සාපේක්ෂ සත්‍ය සොයා ගැනීමට අන්ධබවින් එලියට පැමිණිය යුතුව ඇත. එය මෙම යුගයේ නව දේහපාලනය සඳහා වන ප්‍රගතිශීලී පියවරක් ද වනු ඇත.

අප්‍රේල් අරගලය අසාර්ථක උත්සාහයක් වීම හේතුවෙන් අති බහුතරයක් වූ ක්‍රියාකාරීන්ට හිර ගෙවල් හිමිවිය.වධ බන්ධන උරුම විය. අරගලය සිදු වූ අයුරු, නායකත්වය ක්‍රියා කළ අයුරු සහ මතවාදයන් පිළිබඳව හිර ගෙවල් තුල මෙන්ම ඉන් පිටතදී එසේම වෙනත් හේතූන් නිසාවෙන් ද ජවිපේ නායකත්වය සමග විසන්වාධයන්ට ලක්විය. බොහො පිරිස් ක්‍රමිකව තමන්ගේ පක්ෂයෙන් වෙන්වීම හා වෙන් කිරීම තුල අනෙකා බවට පත් වූ අතර ජවිපේ දැක්මෙන් ඔවුන්ව ද්‍රෝහීන් බවට පත්විය. මෙම ද්‍රෝහින්ගේ ඉතිහාසය යනු තවමත් ශුද්‍ර ඉතිහාසයකි. එහෙත් මෙම ද්‍රෝහීන් ප්‍රමුකව සියලු දෙනා විසින් අප්‍රේල් අරගලයේ දි බිහිකළ සමාජ දේශපාලන සංස්කෘතිය වැදගත් සලකුණක් ලෙස ද ඉන් පසු පශ්චාත් අරගල යුගය තුල සමාජ චින්තනයේ දිශාව වෙනස් මානයකින් ද සලකුණු කරන්නට විය. දේශපාලනය හා ප්‍රතිපත්ති, කලාව හා සාහිත්‍යය ද, භාෂාව හා සම්ප්‍රදායන් ද වෙනස් කෝණයන්ගෙන් විග්‍රහවන්නට විය. ලංකාව තුල කේන්ද්‍රෙය් සිට පරිවාරය දක්වා මෙම චලනය සිදුවිය. කැරලිකරුවන්, අරගලකරුවන්, විප්ලවාදීන්, චේගුවෙරාකරුවන් යන අන්‍යයතාවලින් පමණක් නොව ත්‍රස්තවාදීන් යන නාමය ද මුලින්ම යොදන්නට ඇත්තේ (නිවැරදි නම්) මෙම අරගල කරුවන්ට විය හැකිය. (මගේ මිතුරෙකුගේ මැදිරිගිරිය ගමෙහි කැරැල්ලට සහභාගී වූ   පුද්ගලයෙකුට කැරැල්ලෙන් පසු භාවිත කර ඇති අන්වර්ථ නාමය ත්‍රස්තවාදි අත්තා යන්නය. මැත දේශපාලනයේ දී ඔහුගේ මුනුපුරාද ත්‍රස්තවාදීයෙකු ලෙස හංවඩු ගසද්දී, ඔහුව ත්‍රස්තවාදියෙකුම කරමින් විරුද්ධ වී ඇත්තේ ත්‍රස්තවාදි අත්තාගේ පවුලම බව මිතුරා සඳහන් කරන්නේ එහි ඇති උත්ප්‍රාසය ජනනය කරමිනි.)

රටක රාජ්‍යයකට, එවකට රැජිණගේ ව්‍යවස්ථාවට එරෙහිව කැරළි ගැසූවන් රාජ්‍යෙය් මතවාදවය විසින් සමස්ථයම ද්‍රෝහීන් ලෙස නම් කිරීම  තේරුම් ගැනීම හා අරගලය හා එහි ව්‍යුහය තුලම ද්‍රෝහීන් තේරුම් ගැනීම වෙනත් අර්ථයකින්  කළ යුත්තකි. කැරැල්ලෙන් පසුව කණ්ඩනය වු සමස්තය ප්‍රධාන වශයෙන් කොටස් තුනක් ලෙස වර්ධනය වීම අද දක්වාම ලංකා සමාජයට බලපෑම් සහගත වි ඇත.

 

පළමුකොටස රෝහණ විජේවිරගේ නායකත්වයෙන් යුතුව ජනතා විමුක්ති පෙරමුණ ලෙස ද (එයින් ද කලින් කලට කැඩී වෙන්වන්නට විය). දෙවැන්න, ජවිපේ සමඟ එක් නොවූ පිරිස අනෙකා බවට පත් වූ සියල්ල ද්‍රෝහින් ලෙස අනන්‍යවන්නට විය. තුන්වැන්න ඉහත දෙකටම අයත් නොවී නිහඬව සමාන්‍ය ජීවිතයට හුරුවන්නට විය.

මෙහිදී අවධානය යොමු කළ යුතු කොටස වන්නේ මෙම ද්‍රෝහීන් කොටසය. ඔවුන් ද්‍රෝහීන් බවට පත් වූයේ කෙසේ ද, ඔවුන් පිළිබඳ ගොඩනංවන ලද ඉතිහාසය කාගේ ඉතිහාසය ද, ඔවුන් අප්‍රේල් විරුවන් වන්නේ ද නොවන්නේ ද, එය කාගේ මිනුම් දණ්ඩෙන් ද. මෙකී අවබෝධය වැදගත් වන්නේ සමාජ භාවිතාව හා ඉතිහාසය විසින්  සමාජය හා මිනිසුන්ව නිවැරදිව දකින්නන් වූවන් සම්මා දිට්ඨිවාදින් ලෙසත් වැරදිව දකින්නන් වූවන්  මිථ්‍යා දිට්ඨිවාදින් ලෙසත්  ඉතිහාසගත කරනු ලැබ ඇති අතර  මෙහිදි  විමසිය යුත්ත වන්නේ මෙම ප්‍රවදයන්ගේ සත්‍යය විලෝමය බවට පත්විමේ සමාජ විපර්යාසයක් අප හමුවේ ඇති නිසාවෙනි. විරුවන් ද්‍රෝහින් ද, ද්‍රෝහීන් විරුවන් ද විම තුල අප්‍රේල් විරුවන් යනු මිය ගිය අය පමණක් ද නැති නම් ජීවත්ව සිටින්නන්  රෂෝමාන් ආඛ්‍යානවේදයට අනුව ද්‍රෝහීන් හෝ විරුවන් කර ගත හැකිය. ඉතිහාසය ලියන්නාට අනුව කුමක් ලීවද කියවන්නාගේ කාර්්‍යෙය් කොටසක් වන්නේ ලියන්නා ද කියවිමය. සත්‍ය ඇත්තේ ඔහුට හෝ ඇයට අනුවය.

මේ අනුව වසර හතලිස් දෙකක් ගෙවෙන මෙම අප්‍රේල් සැමරුමේ සමාජ අර්ථයට ප්‍රවාදයන් තුනක් එක් කිරිමට කැමැත්තෙමි.

  1. විරුවාගේ පාර්ශවය සමාජය විනාශ කළ ද්‍රෝහීන් වීම අඩු වැඩි ලෙස
  2. ද්‍රෝහියාගේ පාර්ශවය සමාජ සංවර්ධනයේ ප්‍රගතිශිලිත්වය වෙනුවෙන් ක්‍රියාකරන විරුවන් වීම අඩු වැඩි ලෙස
  3. හැත්තෑ එකේ අරගලය සමස්ථයක් ලෙස හා ශුද්‍ර ලෙස ආඛ්‍යානගත කළ යුතු වීම.

 

පළමු ප්‍රවාදය- විරුවාගේ පාර්ශවය සමාජය විනාශ කළ ද්‍රෝහින් වීම අඩු වැඩි ලෙස

 

ප්‍රවාදයට හේතු- මෙතෙක් වසර හතලිස් දෙකක කාලය පක්ෂයක් ලෙසත්, හැත්තැ එකේ අරගලයේ දිගුවක් ලෙසත් සමාජය විනාශයට මිස මිනිසාට ආදරය කිරීම වෙනුවට වෛරය හා හිංසනය මුදාහැරිම. මානවවාදය වෙනුවට ජාතිවාදය ද ඒ නිසාම ෆැසිස්ට්වාදය ද, අවබෝධය වෙනුවට අන්ධභාවය ද හිමිකර ගැනිම හා භාවිතය

සමාජවාදී,මාක්ස්වාදී කොමියුනිස්ට්  යැයි කියමින් මාක්ස්වාදි කොමියුනිස්ට් විරෝධි වෙමින්  විශාල ජන සංහාරයකට ප්‍රධාන කොටස්කරුවන් වීම. වරෙක තමන්ගේම නායකත්වය විසින්ද දෙවැනුව මර්ධනකාරී රාජ්‍යයට සක්‍රීය ලෙස සහාය දෙමින් ද කටයුතු කිරීම. අවම වශයෙන් ඒ පිළිබඳ හැරී බැලිමක් නොකිරීමේ මුග්ධත්වයෙන් පසු වීම. පැරැණි වමට එල්ලකරන ලද විවේචනය, භාවිතාවේ දී තමන් ඊටත් එහා ප්‍රතිගාමිත්වයකට ගමන් කිරීම. සබෑවටම සමාජවාදය වෙනුවෙන් පෙනී සිටින්නේ ද යන්න කල්පනා කිරීම.

 

දෙවැනි ප්‍රවාදය- ද්‍රෝහියාගේ පාර්ශවය සමාජ සංවර්ධනයේ ප්‍රගතිශිලිත්වය වෙනුවෙන් ක්‍රියාකරන විරුවන් වීම අඩු වැඩි වශයෙන්

ප්‍රවාදයට හේතු- මොවුන් නිහඬවූවන්ගෙන් ද විරුවන්ගෙන් ද ද්‍රෝහින් වන්නේ විවිධ මත දරන්නන්විම හා ක්‍රියාකාරී දේශපාලනය හා වෙනත් සමාජ කටයුතු කිරීමය. එසේම ද්‍රෝහීන් වනුයේ අරගලය තුල නොව පශ්චාත් අරගල අවධියේ දි ය. හිර ගෙවල්වල ඇතිවන සංවාදයන්ගේ දී හා ඉන් පිටත ද, කාලයෙන් කාලයට ය. ද්‍රෝහීන්ගේ ඇති සුවිශේෂීම ලක්ෂණය වන්නේ කුමන හෝ හැකියාවක් දක්ෂකමක් ප්‍රකට කිරීම. හිර ගෙවල් තුල දී අධ්‍යාපනය ලැබීම හා ඉන් පිටදී විවිධ ක්ෂේත්‍රයන්ගේ ප්‍රවිණයන් බවට පත්වීම හා වැඩි වශයෙන් හිංසනය පිටු දැකීම, ජාතිවාදයට විරුද්ධ වීම හා මානව අයිතීන් හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සාපේක්ෂ අර්ථයෙන් හෝ පෙනී සිටීම. යුධ විරෝධී වීම සහ සමාජය සමස්ථයක් ලෙසත් ශුද්‍ර වශයෙනුත් තේරුම් ගැනීමට ප්‍රවණතාවත් දැක්වීම. මෙහිදී නම් සඳහන් නොකළ ද ප්‍රධාන පෙළේ නායකත්වයේ සිටි පුද්ගලයන් බුද්ධිමතුන් වශයෙන් විවිධ විෂයයන්ගේ කළ ප්‍රශස්ථ නිෂ්පාදනයන් (ප්‍රවාදයන්) විරුවන් විසින් යටපත් කිරීම. අදට පවා ඔවුන්ගේ අදහස්  පක්ෂ කාඩරයට හරාම් කර තිබීම හා ඔවුන්ව පීළිබඳ ගොඩනංවා ඇති චිත්‍රය සම්ප්‍රධායක් ලෙස පවත්වාගෙන යෑම, දේශපාලන කුහකත්වය හා දැනුම හා ඥාණය පිළිබඳව ඇති හිදැස පියැවීමට අසමත් විම. යම් පිරිස් සමාජවාදය වෙනුවෙන් සෘජුව පෙනී නොසිටිය ද, සමාජ වාදය සමාජ පරිනාමයේ අවධියක් ලෙස කල්පනා කරන්නේ නම්, එම පරිනාමය සඳහා වෙනත් ආකාරයෙන් දායක වන අතර, වැරදි භාවිතාවන් සහිත සමාජවාදින්ට වඩා ප්‍රගතිශිලි නොවන්නේ ද යන්න සිතිය යුත්තකි.

 

තුන්වැනි ප්‍රවාදය- හැත්තෑ එකේ අරගලය සමස්ථයක් ලෙස හා ශුද්‍ර ලෙස ආඛ්‍යානගත කළ යුතුය

ප්‍රවාදයට හේතු- අරගලයේ අත්දැකීම් පදම්කරගත් පොතපත  පුද්ලගලික වශයෙන් ඉතා ස්වල්පයක් බිහි ව තිබුණ ද මතු පරපුරටත්, බහුවිධ ආඛ්‍යානවේදයකින් නිවැරදි කියවිමකට ඇති සමාජීය අවශ්‍යතාව හා වගකීම නිසා, වියැකී යන අප්‍රේල් පරපුරේ කතාව සාර්ව(macro) වේවා ශුද්‍ර(micro) වේවා අඛ්‍යානගත වීම සම්‍ය දෘෂ්ටිය මිථ්‍ය දෘෂ්ටිය වීමටක් එහි විලෝමය වීමට හෝ තුන් වැන්නක් වීමටත් මෙම අත් දැකීම් උපස්ථම්භක වීම. සංවේදී බවේ සිට වීරත්වයත්, අනවබෝධය, අවංකත්වයත්, ත්‍රාසය හා හිංසනයත්, ආධුනිකත්වය හා නිර්මාණාත්මක බවත් ඇතුලු මෙකි නොකි බොහෝ  ජීව ගුණයන් කැටිව ඇතැත්  එය සමාජ ගත විමේ අවමය වීම නිසා අප්‍රේල් අරගලයට තවමත් සාපේක්ෂ සාධාරණයක් ඉටු වී නොමැත.

 

අප්‍රේල් අරගලය එම අරගලයේ ස්වකීය ඉතිහාසයේ ගුණයෙන් සැමරීම වෙනුවට, එහි පරමාර්ථ හා ආත්මීය ගුණයන්ට පටහැනිව මහා ධහරාවේ සැමරීම් සිදුකිරීම අප්‍රේල් අරගලයට ද, මිය ගිය හා ජීවත්ව සිටින් එහි සැබෑ සටන් කරුවන්ට ද කරනු ලබන අසාධාරණයක් වන අතරම ඉතිහාසකරුවාට ඇවැසි පරිද්දෙන් ගොඩනංවනු ලබන මතවාදය  මිත්‍යා දෘෂ්ටියක්ම වෙමින් අනාගතය නැවත නැවත හොල්මන් කරනු ඇත. එහෙත් අන් සියල්ල නිශ්චලව නොපවතින බැවින් සත්‍යෙය් ඇති තවත් පැතිවල ඇති ආලෝකයෙන් අඳුර දුරු කිරීමට, අඳුර දුරු කරවීමට බල නොකරන තාක්, සිදු නො කරන තාක්, අප මේ අත් විඳින සමාජ අගතිය තව තවත් නපුර වෙතම වර්ධනය වනු ඇත.

 

හතලිස් දෙවැනි අප්‍රෙල් විරු සමරුවට සාධාරණ අර්ථයක් දිය හැකි වන්නේ  මිය ගිය විරුවන් ද, ජීවත් වන අප්‍රේල් අරගලයේ පරම්පරාව දෙස බහු විධ ආඛ්‍යානවේදය නොහොත් රෂොමොන් අඛ්‍යානවේදයෙන් යුතුව පුද්ගලයා ද ඉතිහාසයද තේරුම් ගැනීමෙන් පමණකි. අලුත් සමාජයකට මළකඩ කෑ පටු දෘෂ්ටිවාදයන්ගෙන් ප්‍රයෝජයක් අත් නොවනු ඇත. අප්‍රේල් සැමරුමට නව අරුතක් ලැබෙනුයේ අවංකව උවමනාවෙන් හා බුද්ධිමත්භාවයෙන් යුතුව හැරී බලමින් ක්‍රියාකිරීමෙන්ම පමණකි.

 

උදය ආර්. තෙන්නකෝන්- Udaya R. Tennakoon

 

 

 

 

 

 

 

 

හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කිරීම හෙවත් බුද්ධිමතුන්ගේ සම්ප්‍රාප්තියක අවැසිකම

දැන් නම් ඉතින් කිසිම බෙහෙතක් අහන්නැති රෝගියෙකි ලංකාව යැයි නොසිතෙන්නේ ද. ලෙඩා මළත් බඩ ශුද්ධයි යන සතුටින් පමණක් ජීවත් වීමේ මළ ගෙය සංවිධානය කිරීමේ යුගය බවට මෙම කාලපර්ච්ඡෙදය පත්වෙමින් යන ලකුණු පෙන්නුම් කරමින් සිටී. ජාතිවාදය හා අවස්ථාවදය ද, බලය හා මුග්ධත්වය ද යන ගැටලුවන් පිරි ඇති නූල් බෝලය නැමැති ලංකා සමාජය ගැට ගැසී ඇති ස්වභාවය හා එම ගැට ලෙහා දැමීමට ගන්නා ක්‍රියා මාර්ග වෙනුවට, ඉවසිල්වන්ත කමක් හා ගැට ලෙහීම සඳහා ක්‍රමවේදයක් නැති තැන කරනු ලබන සරල දෙය වන, ගැට තවත් තද කිරීම කරමින් සිටී.යුද්ධය නැමැති ගැටයට වැඩිම කාලයක් හිරව ඒ හේතුවෙන් ඇති වූ තවත් ගැට රාශියක අඩංගුව බවට මෙකී නූල් බෝලය පත්ව ඇත. ලෙහා දැමීමට හැකි ගැට පවා ලෙහා දමන බව පෙන්වමින් කරනු ලබන්නේ, එම ගැට තව තවත් තද කරමින් සිටීමය. එනම් ගැටලු යටපත් කිරීමය. මර්ධනය කිරීමය. අවසානයේ දී ඒවා කපා දැමීමය. නැතිනම් විනාශ කිරීමය. කපා දැමීම සිදුවන්නේ කිසිවක්ම කරකියාගත නොහැකි වූ විටකය.

දැන් කල්පනා කළ යුත්තේ සැබැවින්ම අප පසුකරමින් සිටින්නේ එම අවධියේ ද යන්න ය. එම කල්පනාවට උත්තරය නම් ඔව් යන්න ය. ලෙහන්නට බැරි, ලෙහන්නට උවමනාවක් නැති, එය සමඟ සෙල්ලම් කරන රාජපක්ෂ ඔබරය වැල්ලේ කැරකෙන්නේය. නොයෙක් ආකාරයේ මැජික් සංදර්ශන වලින් ආකර්ශනය ලබා ගැනීමට විශේෂ හැකියාවක් ඔහු සතුව පවතී. හිරි වැටුණු සමාජය එදිනෙදා අරගලයට එක්ව ජීවිතයේ ශිකරය තරණය කරද්දී, ඔවුන්ව සතුටු කිරීමට පහසුම මැජික් සංදර්ශනය වන ජාතිවාදය අලුත් ආකාරයකින් කරලියට ගෙනවිත් ඇත. සුළු ජාතීන් දෙකක් දෙපස තබා ගෙන සිංහල මහ ජාතිවාදය විසින් ඔවුන්ව පාලනය කිරීම හා එහි ප්‍රතිවිරෝධයන් තම පැවැත්මේ අනාගත ආශිර්වාදය කරගැනීමට රාජපක්ෂ පවුල් පාලනය සිය උපාය මාර්ගය කර ගන්නේ නම්, ඔහුගේ පමණක් නොව මුළු මහත් සමාජයේ ඛේදවාචකය අලුත් වටයකින් ආරම්භ වීම නොවැලැක් විය හැකි වනු ඇත.

නිදහසින් පසු ලංකාව සරළ සමාජ වර්ගීකරණයකට ලක් කළ හොත් විවිධ විෂයයන් හා කාලවලට අනුව බෙදා වෙන්කර එකට මුසු කර විග්‍රහ කළ හැකි අතර එම වර්ග කිරීම් බෙදීම් හා න්‍යායගත කිරීම සියල්ල එකට මුසු වූ එකම තැනක් බවට පත්ව ඇති යුගය ලෙස රාජපක්ෂ පාලන කාලය වන මෙම විනාශයේ  අරම්භක යුගය ලෙස සැකිය හැකිය. මතුපිටින් දකින ආගන්තුකයෙකුට හෝ ඉතාලියේ සිට මැදපෙරදිග සිට නිවාඩුවක් ලබා මව්බිමට පැමිණෙන සිංහ කොඩිය අතට ගත් සිංහල බෞද්ධයෙකුට ද යුදධයේ පිහිටෙන් සරණාගතව යුරෝපා රටක පුරවැසිකම ගත්ත හා පවතින වාස්තවික තත්ත්වයන්ට අනුව ආරක්ෂාකාරී දේශපාලනයට අනුගත වූ දමිළ සංචාරකයන්ට නම් ලංකාව දියුණුව කරා යන සේද මාවතකි. එසේම වංචාවෙන් දූෂණයෙන්, දේශපාලනික පිහිටෙන් කූඨ ව්‍යාපාර, කුඩු ජාවාරම්කරුවන්ට නම් ආශ්චර්යයක් වී ඇත. එහෙත් රටක්, සමාජයක්, සංස්කෘතියක් කියා කියනු ලබන්නේ එයට නම් ලංකාව දියුණව කරා ගමන් කරන අඩු ආයුෂ සහිත රටකි. එහෙත්  ඊට වඩා වෙනස්ව බුද්ධිමත්ව සන්සුන් සිතින් රටක් ලෙස සමාජයක් ලෙස මනුෂ්‍යයින් ලෙස කල්පනා කරන්නන්ට අවශ්‍ය නම්, මෙම ගෙවී යන නිමේෂය පිළිබඳව ඇති වන්නේ තැති ගැන්මකි.බියකි. දුක මුසු වූ තරහකි. අපේක්ෂා භංගත්වයකි. චලිතයේ ස්වභාවය අනුව මොනයම් ආකාර හෝ යහපතකට නැමීයාවක් දක්වන ස්වභාවයක සලකුණක් නැත. මෙම තත්ත්වය යහපත උදෙසා හැරවීමේ ක්‍රමවේදයක් ද නැත. තිබෙන ක්‍රමවේද ප්‍රමාණවත් නොවන අතර එය මාරාන්තික රෝගයක් ඇති ලෙඩෙකුට දෙන පැනඩෝල් පෙත්තක් වැනි ය. එම නිසා දැන් උදා වී ඇත්තේ  හදිසි අවස්ථාවකි.

හදිසි අවස්ථාව හඳුනා ගැනීම

සිදු වෙමින් යන විනාශය විසින් අනාගතයේ  සිදුවීමට නියමිත විනාශය හඳුනා ගැනිම හදිසි අවස්ථාව හඳුනා ගැනීමකි. බහුතර සමාජය විනාශයේ සහභාගී  කොටස් කරුවන්  වීම තුල මෙහි ඇති අනතුරේ ප්‍රමාණය දැනෙන්නේ නැත. සමාජ විනාශය සඳහා සහභාගිත්වයෙන් මෙපිටට විත් ඊට විරෝධය දක්වන්නාගේ ආස්ථානයට ගොනු කිරිම හදිසි අවස්ථාව සඳහා ඇති දේශපාලනික ක්‍රියා මාර්ගය වනු ඇත.  එහෙත් දිනෙන් දින දකින්නට ලැබෙන සිදුවීම් මඟින් ගම්‍ය කරන යථාර්ථය වන්නේ විරුද්ධාභාෂයය.  

 එලියෙන් හා කාර්කික ඥාණයකින් බැලීමේ දී ලංකා සමාජ දයලෙක්තිකය ඉතා කැමැත්තෙන් තෝරා ගෙන ඇත්තේ විනාශයමය.  මෑත ඉතිහාසයේ අත්දැකීම්වලට අනුව අප හැම සියලු දෙනාට සමාජයක් ලෙස මිනිසුන් ලෙස ජීවත් විමට ඉගෙන ගත හැකි පාඩම් ඉතිහාසය විසින් ඇති තරම් කියා දි තිබුණ ද නැවතත් එවැන්නකටම අත වැනීමේ සංඥාවක් ලෙස බොදු බල සේනා නම් අන්තවාදී කණ්ඩායම් මතු වීම හා ඊට රාජ්‍ය අනුමැතිය හා නිහඬතාවය විසින් සාධාරණීයකරණය කර ඇත. නීතියක් යුක්තියක් ධර්මයක් නැති සමාජයක බිහිවනු ඇත්තේ ම්ලේච්ඡයන් පිරිසකි. එය දිනෙන් දින පෙන්නුම් කිරීම මුළු මහත් සමාජ දේහය පුරාම පැතිර ඇත. හිංසනය ජාති මාමක වීර ක්‍රියාවක් බවට පත් කරමින් සාධාරණිය කරණය කිරීම රාජ්‍ය අනුග්‍රහය ලැබීමේ භයානක ප්‍රවණතාව පැපිලියාන සිද්ධියේ දී සිහිගන්වනු ඇත්තේ  83 ජූලි කෝලහාලයය. බෞද්ධ සංඝයාවහන්සේ නමක් ගල්වලින් අදාල ගොඩනැගිල්ල විනාශ කරද්දී, පොලිස් ආරක්ෂකයින් බලාගෙන සිටිති. ඇත්තටම සමහර විට පොලිසියට එම අවස්ථාව පාලනය කිරීමට උවමනාවක් තිබුණ ද එසේ කළ නොහැකි වී ඇති අදිසි බලයේ පාලනය සම්මත නීතියෙන් ඔබ්බට ගොස් ඇති බව කදිමට පෙන්වන අතරම, එයින් ගම්‍ය කරන නපුර මොන තරම් විශාල විය හැකි දැයි අද ගණන් බැලීම හදිසි අවස්ථාව හඳුනා ගැනීමකි. ඒ අනුව හදිසි අවස්ථාවකදී ක්‍රියා කිරීම, සාමාන්‍ය අවස්ථාවක දී ක්‍රියා කරන ආකාරයට වඩා මුළුමනින්ම වෙනස්ය. ගෙයක් ගින්නකට හසුව ඇති විටක, මුලින්ම කළ යුත්තේ ගිනි නිවා දැමීමට ක්‍රියා කිරීමය. එවැනි අවස්ථාවක් වනාහි කොන්දේසි විරහිත තත්ත්වයකි. වාද බේදකම්, දර්ශන මතවාද පසෙක ලා අනතුරින් ගෙදර ගලවා ගැනීම ය. මේ මොහොත තවත් ගින්නක් ඇවිලිමට පටන් ගන්නට සැරසෙන වෙලාවකි. දේශපාලනයේ දී මෙම තත්ත්වය කෙසේ වැදගත් වේද, කෙසේ ක්‍රියා කළ යුතුද යන්න විවාධ සම්පන්න කාරණයක් වුවත් විනාශයේ හදිසි අවස්ථාව  දැන් සමාජීය වගකීම අභ්‍යන්තරික වශයෙන් ලාංකීය දේශපාලනයේ තීරණාත්මක සංධිස්ථානයක් වී ඇත. එනම් ආරාක්ෂා කිරීමට වගකීමෙන් බැඳී සිටීම( Responsibility to Protect) යන මානව වාදී සංකල්පය පිළිබඳව දේශීය දේශපාලනය තුල සිතා බැලීමය.

 

සාමාන්‍ය ලෙස මෙම වගකීම පවතින්නේ ගැටලුව පවතින රටෙහි රාජ්‍යයටය. සියලු ජනයාගේ වගකීමට නෛතිකව බැඳී ඇත්තේ වෙනස්කමකින් තොරව සැලකීමටය. වර්තමාන රජය දෙමළ ජනයාගේ සුවිශේෂී වූ මූලිකම අයිතිවාසිකම් පවා කඩකරමින් පීඩිතයන් බවට ද ඔවුන් තවදුරටත් සවකීය රටවැසියන් ලෙස කල්පනා කරනු වෙනුවට යටත් වැසියන් කර ඇති අවස්ථාවක් එක් පසකින් නිර්මාණය කර තිබෙන අතර අනෙක් පසින් එම ලබ්බට තැබූ අතම පුහුලට තැබීමේ අවස්ථාව මුස්ලිම් ජනයාට එරෙහිව දියත් කරමින් සිටී. ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහය ලැබෙන හා ආරක්ෂාව සැලසෙන බව සාක්ෂි සහිත රහසකි. මෙකී රාජ්‍ය ආරක්ෂාව සරල බවේ සිට සංකීර්ණත්වය දක්වා වර්ධනය කිරීමට අවශ්‍ය ඓතිහාසික සාධක ද සිය පැවැත්ම පදනම්කර ගෙන ජාතියේ ආරක්ෂාව බවට විතැන් කිරීම නැවත වටයකින් කළ හැකිය. ඒ සඳහා වන නියම මෙවලම අන්කිසිවක් නොව සිංහල බෞද්ධ දෘෂ්ටිවාදයම ය. ලෝකෝත්තර දර්ශනයක් ලෙස බිහිව ව්‍යාප්ත වූ බුදු දහම, ලාංකීය සංදර්භයේ දී රාජ්‍ය සමඟ මිශ්‍රව ලෞකික ආයතනයක්  වීමෙන් හා ආගම හා රාජ්‍ය අනතර් පැවැත්මක් ඇති කරගැනීමේ ඓතිහාසික සංදර්භයේ දී ඇති වූ දෘෂ්ටිවාදය එහි ප්‍රකාශනය වන්නේය. ආගම බුදු දහම වන විට රාජ්‍ය සිංහල වීම තුලින් උපන් සිංහල බෞද්ධ මතවාදය රාජ්‍යෙය් මතවාදය බවට පත්වීම යනු ෆැසිස්ට් තත්ත්වයකි. පාලකයා හා රාජ්‍ය ෆැසිස්ට් වීම හා මහ ජාතියේ දෘෂ්ටිවාදය ෆැසිස්ට් වීමෙන් ඇතිව ඇති ප්‍රතිථලය වන්නේ   මහ සමාජය ද ෆැසිස්ට් වීම ය.

ෆැසිස්ට්වාදයේ නැඟීම

 එම නිසා ආරක්ෂා කිරීමට වගකීමෙන් බැඳී සිටීම යන ප්‍රවාදය රාජපක්ෂ පවුල් රාජ්‍යයට වලංගු වන්නේ නැත. එබැවින් මෙම අවස්ථාව හඳුනා ගැනීම පවුල් රාජ්‍යය  හැරුණු විට සෙසු දේශපාලන බලවේගවල වගකීමේ කොටසකි. රාජ්‍යයක්, පාලකයෙක්, පාලක පවුලක් හා සමාජයක් මහ ජාතියේ  ෆැසිස්ට් හිස්ටීරියාවෙන් පෙළෙමින් සිටින අවස්ථාවක දී, දේශපාලනය කිරීම යනු තමන් සිතා සිටින පරමාදර්ශිය, අනාගත අපේක්ෂණයන් සහිත ව්‍යාපෘතිය නොවනු ඇත. එසේම එයට අවස්ථාව ද නො සලස්වනු ඇත.

එල්ටීටීය විනාශ කිරීමෙන් පසුව උතුරේ දේශපාලනය කිරීමට සැලසුම් කළා නම්, එම ෆැසිස්ට් සැලසුමේ ප්‍රතිපලයේ යථාර්ථය දැන් තේරුම් ගත හැකි ය. අනෙක් අතට බොදු බල සේනා වැනි අන්තවාදී ක්‍රියාවන් තුලින් ඇති කරනු ලබන විනාශයෙන් අප්‍රසාදයෙන් අඩපණ වන ආණ්ඩුවේ බලය අල්ලා ගැනීමට න්‍යාය සැකසෙන දේශපාලනය ද, පාලකයන් මාරු වීමෙන් හෝ ආණ්ඩු මාරු වීමෙන් තමන්ට බලයක් ලාබා ගත නො හැකි බැවින් විනාශයෙන් පසුව ඇතිවන අලුත් තත්ත්වය තමන්ට අවකාශය උදාකර දේ යන න්‍යායෙන් න්‍යාය සැලසුම් කරන දේශපාලනය ද, එක් සුළු ජාතියකට විනාශය සිදු වෙද්දී අනෙක් සුලු ජාතිය මහා ජාතියේ හිංසනයට සයෝගය දීම යන විනිච්ඡයෙන් “දැන් උඹලගෙ වාරය” යන නිහඬ සතුටු සිතිවිල්ලේ ඇති දමිළ දේශපාලනය ද, මේ සියල්ල තුල විදේශ මැදිහත් වීමකින් වෙනසකට බලාපොරොත්තු තබන දේශපාලනය ද යන මෙකී නොකී න්‍යාය පත්‍රවලින් වර්තමානයත් අනාගතයත් නිශ්චය කරනු ඇත. එහෙත් එයට ඉඩක් ලැබේද, අවකාශයක් ඇති වේද යන්න මෙම හදිසි අවස්ථාවම තීරණය කරනු ඇත.

පාලක පංතීන් මෙන්ම සෙසු බලවේගයන්ද අධිනිෂ්චය වන්නා වූ ප්‍රධාන සමාජ දයලෙක්තිකය තම උපාය මාර්ගය බවට පමණක් පත්කර ගනිමින් දේශපාලනය තේරීම යනු තම අරමුණට ලඟාවිම නොව තමන් ඇතුලු සමාජයම විනාශයකට ගමන් කිරීමකි. මන්ද රට ඇත්තේ ෆැසිස් තත්ත්වයකය. මෙය තේරුම් ගැනීමට  ෆැසිස්ට්වාදය  යන්න පිළිබඳව ද තේරුම් ගැනීම වැදගත් වනු ඇත. මෙම යෙදුම  මුලින්ම භාවිත කරනු ලැබුවේ ඒකාධිපති දක්ෂිණාංශික  ජාතිවාදී පාලන ක්‍රමයන් වූ ඉතාලියේ මුසොලෝනි ( 1922-43), නාසි ජර්මානු පාලන කාලයේ දී වූ අතර ස්පාඥ්ඤයේ ෆ්‍රැන්කෝ ද ෆැසිස්ට්වාදීන් වීය. ෆැසිස්ට්වාදය එක ජාතියක් හෝ ජනවර්ග කණ්ඩායමක් ශ්‍රෙෂ්ඨය යන විශ්වාසයෙන් යුක්ත වීමත්, ප්‍රජාතන්ත්‍රවාදය හෑල්ලුවට ලක්කිරීමත්, බලසම්පන්න නායකයෙකුට අවනත වියයුතු බවට බලකිරීමක් සහ බලවත් විප්ලවකාරී ප්‍රෙව්ශයකට ඇතුලු වීමේ  ප්‍රවණතාවය දක්වනු ඇත.

එසේම ජෝර්ජ් ඕවල්ගේ විග්‍රහයට අනුව, ජාතිවාදය යන්න විශ්වීය ලෙසම සලකනු ලබන්නේ නෛසර්ගිකවම ෆැසිස්ට්වාදී ලෙසය. නමුත් මෙය ජාතික ව්‍යාපාරයන්ට ආදේශ කිරීමේදී ප්‍රකාශකයා ලෙස පිළිගැනීම නොකරීම තුල පමණක් පවතිනු ලැබේ. අරාබි ජාතිවාදය. පෝලන්ත ජාතිවාදය, ෆින්ලන්ත ජාතිවාදය, ඉන්දියානු කොන්ග්‍රස් පක්ෂය, මුස්ලිම් ලීගය, යුදෙව්වාදය, සහ අයි. ආර්. ඒ යන සියල්ල විස්තර කරනු ලබන්නේ ෆැසිස්ට්වාදි ලෙස නමුත් එකම ජනතාව ලෙස නොවෙති.

 

බැලූ බැල්මට අර්ථකථනය කිරීමට හෝ තේරුම් ගැනිමට නොහැකි බවක් ෆැසිස්ට් ක්‍රමයක් තුල දක්නට ලැබීම සුවිශේෂත්වයක් ද වන අතර ආර්ථික දියුණුවක් ද පෙන්නුම් කරනු ලැබේ. අනෙක් අතට ෆැසිස්ට් යන සංඥාර්ථයෙන් ජර්මනිය ඉතාලිය මතකයට නැඟුණ ද, ෆැසිස්ට් සමාජයක් නිශ්චිත නිර්වචයකට යටත් කිරීමට ද අසීරු බවට ද නිදසුන් ඇති අතර ලංකාව ද අප හමුවේ ඇති තවත් නිදසුනකි. ඉතාලිය, ජර්මනිය හා ස්පාඥ්ඥය සම්බන්ධයෙන් ට්‍රෙට්ස්කිගේ විග්‍රහයට අනුව පොදු ලක්ෂණයක් වන්නේ සුළු ධනේෂ්වර කොටස් වන නව මධ්‍යම පංතික කොටස්, රාජ්‍ය ආයතන හා පරිපාලන, පුද්ගලික අංශවල කොටස් ඉතා පහසුවෙන් මෙම බහුජන ව්‍යාපාරයන් සඳහා යොමු වීම කැපී පෙනෙන්නකි. එක් අතකින් ධනේශ්වර නිෂ්පාදන ක්‍රෙමයේ දී ලාභය හා තරඟය අතර ඇති ගැටුමේ එක් ප්‍රතිථලයක් යැයි ද බොදුබල සේනා වැනි ෆැසිස්ට් කල්ලි මෙහෙයවන ආකාරයෙන් පෙනී යන්නකි. මුස්ලිම් වෙළෙඳ ආර්ථිකයට බෞද්ධ වෙළෙඳ ආර්ථිකය මහා ජාතියේ උරුමයක් ලෙස කඩා පැනීම මුස්ලිම් විරෝධයේ එක් වැදගත් ලක්ෂණයක් ද වන්නේය.

 

බුද්ධිමතුන්ගේ නායකත්වය

 

මෙම භයානක තත්තවය තව තවත් වර්ධනය විමට ඇති ප්‍රවණතාත්මක වර්ධනයන්ට රාජ්‍ය අනුග්‍රහය ලැබීමේ ද, සම්ස්ථයක් ලෙස පවතින පාලන ක්‍රමයේ විනාශකාරීත්වය හේතුවෙන් ද විය නොහැකි බලකිරීමකට පවත්නා දේශපානයන්ට එක් විය යුතු යැයි යෝජනා කළ යුතු වුවද පවත්නා දේශපාලනික සතුරුභාවයන් හේතුවෙන් එක්වීම යන්න අති මහත් දුෂ්කර තත්තවයක් වුවද, තම තමන්ගේ න්‍යාය පත්‍රයන්ගෙන් වියුක්තව පොදු නපුර පැරදවීමට අවශ්‍ය ක්‍රමවේදයකට සූදානම් විම ප්‍රගතිශීලින්ගේ කාර්යභාරයක් ද වන අතර මෙතෙක් සමාජයේ නිහඬව සිටින බුද්ධිමතුන්ගේ පුනරුදයකට කාලයක් ද වනු ඇත. පුද්ගලයා පිළිබඳ ඇති විශ්වාසය බිඳිම හා පලුදුවිම තුල දැන් කළ යුතුව ඇත්තේ රටෙහි යහ පැවැත්ම උදෙසා යාණ්ත්‍රණයක් සැකසීම හා එය ජයග්‍රහණය කරවිමට අවමයේ සිට උපරිමය දක්වා කැප කිරීමය. ඒකාධිපතිවාදයෙන්, ෆැසිසිට්වාදයෙන්, පවුල්වාදයෙන් යුක්ත විනාශයෙන් රට බේරා ගැනීමට සාමුහිකත්වයෙන් තොරව ජයග්‍රහණයත් නොමැත. එසේම දාර්ශනිකයන් පාලකයන් වන තුරු හෝ ලෝකයේ පාලකයන්ට හා කුමාරවරුන්ට දර්ශනයේ බලය හා ආත්මය තිබෙන තුරු, සෙසු ලෝකය පාපයෙන් තුරන් නොවනු ඇත. ප්ලේටෝ නම් දාර්ශනිකයාගේ මෙම අදහසේ යථාර්ථය ලංකාවට අතිශය වලංගුවක්ව ඇත. ඥාණවන්තයින්ගේ, උගතුන්ගේ, බුද්ධිමතුන්ගේ හා දාර්ශනිකයන්ගේ සේවාව අවශ්‍ය කරන හදිසි අවස්ථාවකි.

 

උදය ආර්. තෙන්නකෝන්- Udaya R. Tennakoon

 

 

 

 

 

 

 

 

වමේ සමාජවාදය සහ ඔම්ලට් ධනවාදය

අද දවසේ ලංකා දේශපාලනය යනු විකල්පයක් නැති, දිශාවක් නැති, ප්‍රතිපත්ති විරහිත දේශපාලනයකි. ජයග්‍රහයකයාගේ ආස්ථානයේ සිට සැලකුව ද ජයග්‍රහයකයකු වී නැත. එනම් සමාජයක් ලෙස සිංහල බහුතරයට යුද්ධය අවසාන වීමෙන් බලාපොරොත්තු වූ සුසමාදර්ශී වෙනසක කිසිවක් හිමිකර ගැනීමට නො හැකි විය. යුද්ධයෙන් පීඩාවට පත් දෙමළ ජනයාට ජීවිතය යන්න සිහිනයක් වී ඇත. සමස්ත සමාජයට අපේක්ෂාවන් මල්පල ගැන්වීම වෙනුවට සිදුව ඇත්තේ බල්ලෙකුගේ මළකුණකට කම්පා වී අඳෝ අය්යෝ කී මිනිසා, නිදහසින් පසු  කාලයේ මිය ගිය මිනිස් ජීවිතවලට සංඛ්‍යාත්මක ප්‍රමාණයෙන් කම්පා වීමේ ප්‍රමාණය දක්වා වැඩි දියුණු වී මනුෂ්‍යත්වය යන්න සිල්ලර වෙමින් සාමාන්‍ය දෙයක්   බටව පත්වීමය. පසුගිය කාලය මහා විනාශකාරී යුද්ධයකින් නිමා වූ සමාජයක්, රටක් හා ජාතියක් ලෙස භෞතික හා අධ්‍යාත්මික වශයෙන් පිරිහීමට පත්වීම තුල සමාජය මහා රික්තයකින් යුක්ත වී ඇත. සෑම සියලු ක්‍රියවක්ම අස්ථිකරණයට මත්තේන් යල් පැනීමේ හා අර්ථ විරහිත වීමේ නව  සංස්කෘතිය ස්වාභාවික වී සමාජය තුල  සාමාන්‍යකරණය කරමින් දිශාවක් නැති දිශාවකට ගමන් කරමින් ඇත. ඒ තුලට සියල්ලෝ වැකුම් ක්ලීනරයකින් මෙන් උරාගෙන ඇත. ඉන් පිටතට පැමිණ, විකල්පයක් නැති දේශපාලනයට නව විකල්පයක් වීම හිතන තරම් නම් පහසුවක් නොවනු ඇත. ආණ්ඩු මාරු කිරීමෙන් එහා ගිය නව ප්‍රතිපත්තිගත සමාජ වෙනසක විප්ලවකාරී විපරිවර්තනයක් සඳහා වන දේශපාලන හා සමාජ විද්‍යාවක් අත්‍යවශ්‍ය මොහොතක් වී ඇත. ඒ මොහොත කල් දැමිය නොහැකි සේම, පරුණි මළ බැඳුණු දෘෂ්ටිවාදයන් කරපින්නාගත් ජීවන සංස්කෘතිය කනපිට පෙරලා අලුතින් ක්‍රියා කිරීමට ඉහල සිට පහළටත් පහල සිට ඉහලටත් සමාජය කොනිති ගැසිය යුතු වේ.

විනාශ වූ උතුර ද කුරුවල් වූ දකුණ ද, මෙම දිශාවකින් තොර වූ දේශපාලනික නූලු බෝලයේ ලෙහා ගත නොහැකි ගැටලුවලට හිර වී ඇත. දකුණෙන් උතුර කියවීම හෝ උතුරෙන් දකුණ කියවීම තවදුරටත් වලංගුවන්නේ කුමණ සන්දර්භයක දී ද යන්න නැවත නැවත සිතා බැලීමෙන් හා ක්‍රියාකිරීමෙන් පමණක් නොව පාර ජාතීය වශයෙන් සිතීමෙන්, මේ නව විකල්පය සොයාගත හැකිවනු ඇත. මෙම විකල්ප චින්තනයේ ප්‍රමුක පෙළේ විද්‍යාවන් දෙක වන්නේ ධනවාදය හා සමාජවාදය යන සමාජ ලෝක ක්‍රමයන්ය. එක ලෝක ක්‍රමයක් යථාර්ථයක්ව ලෝකය පුරා විවිධ හැඩයෙන් ගමන් කරද්දී, අනෙක් ක්‍රමය බිඳ වැටුණු එහෙත් ගොඩ නැගිය යුතු සිහිනයක්ව අප ඉදිරියේ ඇත.

  

නිදහසින් පසුව පැමිණ ඇති මෙම දීර්ඝ කාලය සමාජ ක්‍රමයක් ලෙස ගමන් කරනු ලැබුවේ කුමන අවශ්‍යතාවයන් පෙරදැරිකරගෙන දැයි ඇසූ කල, පාලක සෑම පංතියකම අපේක්ෂාව වූයේ සංවර්ධනීය මාවතකට අවතීර්ණ වීමටය. මෙකී සංවර්ධනීය මාවත යනු පෙරදිග ආදර්ශයන්ට වඩා වඩාත් ලංවූයේ බටහිර වෙතට ය. සමාජවාදයට වඩා ධනවාදයට ය. එහෙත් මෙතෙක් ආ කිසිදු පාලන ක්‍රමයකට ධනවාදයේ සංවර්ධනීය යැයි සලකන යහපත් අංගයන් ලබා ගැනීමට හෝ ඒ සඳහා මහන්සි වීමට ගන්නා උත්සාහයන් වෙනුවට සිදු වූයේ පැරැණි සමාජ ක්‍රමයන් තුල වූ පසුගාමි අසමතුලිත ලක්ෂණ සහිත සමාජ භාවිතාවන් හා ධනවාදය තුලින් මිනිසා අනර්ථයට පත්කරන්නා වූ භාවිතාවන් වෙත ගමන් කිරීමය. මේ නිසා නිදහසින් පසු යුගයේ ලාංකීය සමාජය යටත් විජිත ධනවාදය හෝ නව යටත් විජිත ධනවාදය හෝ පරිවාරයේ ධනවාදය හෝ තැරුව්කාර ධනවාදය හෝ උත්තරාරෝපිත ධනවාදය හෝ විශේෂණයක් නොමැතිව, ධනවාදය ලෙස නම් කළ ද, ලංකාව පසුකරමින් සිටිනුයේ කුමන ධනවාදයක් ද යන්න තේරුම් ගත යුත්තකි. සමාජවාදය යථාර්ථයක් කර ගැනීමේ සිහිනයේ සිටින්නාගේ ආස්ථානයේ සිට ලාංකීය සමාජ ක්‍රමය හැඳින ගැනීම හා ධනවාදය තේරුම් ගැනීම අති මහත් වැදගත් වන්නේ, වචන පුනර් උච්ඡාරණයෙන් එහා ගිය විද්‍යාවක අවශ්‍යතාව දැනෙන මොහොතකය.

 

 

 

යටත් වාජිතවාදය හා ධනවාදය

 

යටත්විජිතවාදය හා ධනවාදය අතර ඇති සම්බන්ධය දෙස බැලීමේ දී, සමීර් අමින්ට (Samir Amin)අනුව මෙම ක්‍රියාවලීන් දෙක එකිනෙකින් වෙන් කළ නොහැකි දෙයක් ය. ධනවාදය යන්න තුලම යටත් විජිත වීම සිදු වන අතර වඩාත් නිවැරදිව කිවහොත් අධිරාජ්‍යවාදී වීම එහි සංවර්ධනීය කාල පරිච්ඡේදයන් තුල සැලකිය යුතු ලෙස දැකිය හැකිය. ස්පාඥ්ඥය ප්‍රංශය හා  බ්‍රිතාන්‍ය විසින් 16 වැනි සිය වසේ දී අමෙරිකාව ආක්‍රමණය කිරීම අධිරාජ්‍යවාදයේ හා යටත්විජිතවාදයේ පළමු නූතන තත්ත්වය විය. අතිශය අමානුශික ආකාරයේ  උතුරු අමෙරිකානු ඉන්දියානු ජන සංහාරයත්, ඉන්දියානු සමාජයන් හා ලතින් අමෙරිකාව වහල් ක්‍රමයකට ඇද දැමූ අතර කලු ජාතික වහල් ක්‍රමය උතුරු දකුණු මුළු මහද්වීපයම පුරා පැතිරෙන්නට විය. මේ උදාහරණවලට එහාට ගොස් නිවැරදිවම ගත හොත් ඉතිහාසයේ විවිධ අවධීන්වලදී  ව්‍යාප්තවීමේ තර්කයට අනුව අපිට දක්නට හැකිවන්නේ ධනවාදය විසින් කේන්ද්‍රය(ධනේශ්වර සූරාකෑමේ ක්‍රමයේ හදවත) හා පරිවාරය(යටත්කර ගත් රටවල් හා ජනයා) අතර සංගත ලෙස දෙයාකාර බෙදීමක් ගොඩනංවා ඇති බවයි.

ලංකාව විෂයෙහි ද මෙම තර්කය අදාල වන අතර අධිරාජ්‍යවාදී පාලන කාලය තුල යටත් විජිත ධනවාදය ස්ථාපිත වුව ද යටත්විජිතවාදීන් ලංකාව හැර යාමෙන් පසුව ඇති වූ තත්තවය පරිවාරයේ ධනවාදය ද, යටත්විජිත ධනවාදය ද යන ප්‍රශ්නයේ දී තරමක ගැටලු කාරී ය. නිදහසින් පසුව පාලනයට ආ පන්තීන්ගේ සංවර්ධනිය අර්ථය වූයේ ධනේශ්වර ක්‍රමයකට හැඩ ගැන්වීම වුවත් මේ තාක් එය කරා ගමන් කිරීමට තරම් සමාජ විද්‍යාවක් සහිත දේශපාලනයක් නොමැති විය.ධනවාදයේ අවශ්‍යතාව සෘජු වචනවලින්ම සමහර පාලන පංතීන්ගෙන් නොකියැවුණි ද, සංකල්පීය හා හරයාත්මක අතින්  සංවර්ධනය යන්න ධනේෂ්වර ක්‍රමය ඉලක්ක කර ගත්තක් විය. එහෙත් පශ්චාත් යටත් විජිත දේශපාලනය තුල සිදු වූ විපරිවර්ථනය වූයේ දිශාවකින් තොර දිශාවකටය. සංවර්ධනය යන්න අතීතයෙන් ලබා ගන්නට ඇති දෙයක් යන ජනප්‍රිය දේශපාලන සටන් පාඨ වූ අතර, එය ප්‍රායෝගික ලෙස ධනේෂ්වර මාදිලියට ගැට ගැසී ඇත. ආර්ථික ජීවිතය හා සංස්කෘතික ජීවිතයේ අසම්බන්ධිත ලක්ෂණවලින් වූ දයලෙක්තික සබඳතාවන්වල ප්‍රතිඵලයන් උභතොකෝටික සහවාදයන් බවට නිර්මානය විම තුල සමාජයක් ලෙස අතරමං වීමක් සිදු වීම කර ඇත්තේ නිදහසින් පසු බල දේශපාලනයේ සිදු කළ විපාකයන් හේතුවෙනි.

 

සමාජ ක්‍රමයක් නැතිනම් ලෝක ක්‍රමයක් ලෙස බිහි වූ ධනවාදී ක්‍රමය, සමාජයේ ඓතිහාසික පරිණාමයේ විප්ලවීය අවධියක් වන විට, එය පහත් හෝ දෙවැනි වන්නේ මාක්ස්වාදී දර්ශනයෙන් පෙන්වා දෙන සමාජවාදයට හා කොමියුනිස්ට්වාදයට මිස වහල් වැඩවසම් සමාජ ක්‍රමවලට නොවේ. එහෙත් ලාංකීය සමාජය පැරැණි උරුමය නැවත කැඳවීම හා අතීත කාමය තුලින් පෙන්නුම් කරනුයේ සමාජ සංවර්ධනයේ ආපසු හැරීම ය. සාමාන්‍යෙයන්, අඩුවැඩි වශයෙන් සමාජ ඇගයුම් හා ධර්මතා ද, සදාචාරය හා නීති රීතින් ද, යුක්තිය හා සාධාරණත්වය යන්න වර්තමානයට වඩා අතීතයේ යහපත්ව පැවතුණේ යැයි කතා කිරීම, බඩු මිල ඉහල යැම පිළිබඳව කතා කරන තත්ත්වයට(අදට වඩා පාන් ගෙඩියේ මිල අඩුවීම) පත්ව තිබීමෙන් කියා පානුයේ සමාජ සංවර්ධනය යන්න වර්තමානයේ සිට අතීතයට ගමන් කරන්නක් බවය. ප්‍රායෝගික සමාජ ජීවිතය හා දේශපාලනික දෘෂ්ටිවාදයන් අතර විශාල හිදැසක් හා බෙදිමක් ඇත. මෙම තත්ත්වය නිසා ලංකා සමාජයේ දේශපාලනික හා දාර්ශනික ගැටලු ගණනාවක් පැන නැගී ඇති අතර මෙම ගැටලුම හේතු කොට ගෙන සාමාන්‍ය පුද්ගලයාගේ සිට රාජ්‍ය නායකයා දක්වාත්, වාමාංශිකයාගේ සිට විප්ලවවාදියා දක්වාත්, පවුලේ සිට කණ්ඩායම්, පක්ෂ දක්වාත් ඇති යථාර්ථය නම්, තමන් කරන්නේ කුමක් ද යන්න තමන් නොදන්නා කම සහ හිතාගෙන කරන දෙය හා සිදුවන දෙය යන්න දෙකක් වීමය. මෙම ගැටලු වල ඇති විශේෂතා අතර කැපී පෙනෙන ලක්ෂණ දේශපාලනික සන්දර්භයේ දී සලකා බැලීමේ දී හමු වන්නේ

1. පසුගාමී සමාජ ඇගයුම් හා පරමාදර්ශ, සුසමාදර්ශ ලෙස සමාජයට යළි පැමිණීම

2. සමාජවාදය වෙනුවෙන් සටන්කරන්නාගේ ඉල්ලීම් ධනේශ්වර සමාජයේ(යුරෝපයේ) ප්‍රජාතණ්ත්‍රවාදයේ  ඉල්ලීම් වීම

3. ධනවාදයේ යහ අංග සහ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික හරයන් අධිරාජ්‍යවාදයේ බලහත්කාරකම් වෙත විස්ථාපනය වීම

ඉහත ප්‍රවාදයන් එකිනෙක දෙස හැරී බැලීමේ දී, පරැණි සමාජයේ පැවැති අගයන් සෑම පාලකයකුම සුසමාදර්ශී වෙනසක් (දේශපාලනයේ ජනප්‍රිය සංස්කෘතිකාංගයක් ලෙස)සඳහා යොදා ගනු ලැබීම කැපී පෙනෙන ලක්ෂණයකි. යටත් විජිත පාලකයින් ලාංකීය යටත් විජිත කොලනිය අතහැර ස්වදේශිකයන්ට බාර දීමේදී, දේශිය පාලකයන්ට පැවැති ගැටලුව වූයේ රට පාලනය ගෙන යා යුත්තේ කේසේද යන්නය. යටත් විජිත වාදය විසින් ඇති කරන ලද ධනේශ්වර ප්‍රගතිශීලි හරයන් සහිතව ඉදිරියට යෑම වෙනුවට නැවතත් පැරණි ක්‍රමයේ අංග ලක්ෂණ උත්තරාරෝපණය කරන්නට විය. මේ සඳහා   යටත් විජිත  පාලන කාලයේ බිහි වූ සිංහල බෞද්ධ මතවාදය හා යටත් විජිත විරෝධී ජාතික ව්‍යාපාරයන් බලපෑමක් කරන්නට විය. සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරයට අමතරව යටත් විජිත සමයේ පැමිණි මාක්ස්වාදී මතවාදයන් තුලින් ද අධිරාජ්‍ය විරෝධී තහවුරුව සමඟ සමාජවාදී ආදර්ශයන්ගෙන් යුත් සමාජ ක්‍රමයක් පෙන්නුම් කළ ද භාවිතාව තුලදී ධනේශ්වර සංවර්ධනයේ අංගයන්වත් ලබා ගන්නවා වෙනුවට එම මත වාදයන් පවා උත්සුක වූයේ පැරණි ක්‍රමය සුසමාදර්ශයන් කර ගැනීමටය. සුළු ජනයාගේ අයිතීන් සම්බන්ධයෙන් ක්‍රියා කළ අයුරු හා පශ්චාත් යටත් විජිත ධනේශ්වර පාලන ක්‍රමයන් සමග සභාග ගත වීමෙන් ඇති කළ වෙනස්කම් අවසානයේ අතීතයට ගමන්කරන්නට විය.

විශේෂයෙන් පණස්හයේ බණ්ඩාරණායක සභාගය යනු  පරණි සමාජ ඇගයුම් සුසමාදර්ශ ලෙස උත්තරාරෝපනය කිරීමකි. මෙම යුගය සමාජ ප්‍රගමනයේ රිවස් ගියරය ක්‍රියත්මක කළ අවධියක් වූ අතර, එම තර්කනයන් නිශේධ කිරීමට තරම් ප්‍රගාමී තත්තවයන් ඇති කිරීමට සමත් නව පාලන ක්‍රමයන් නොතිබීම තුල, ලංකා සමාජයේ බණ්ඩාරණායක දේශපාලනය අදටත් වලංගුවක් බවට පත් මතවාදයක් වී ඇත. මහින්ද රාජපක්ෂ පාලනය යනු ද ඊටත් වඩා දරුණු ඝණයේ අව පරිණාමයක් වෙත ගමන් කරන්නක් වන අතර එයට දිශාවක් පවා අහිමිව විනාශ කරමින් ගමනේ යන බුල්ඩෝසරයක් වැනිය. පශ්චාත් යටත් විජිත දේශපාලන සංස්කෘතිය ගසක කඳකට සම කළ හොත් පාලක පන්තීන් එහි වූ කඳ පණුවන්ය.මෙම පණුවන් අතරින් රාජපක්ෂ යනු විශාල කඳ පණු කුලකයකි. ඉතා වේගයෙන් මෙකී කඳ නමැති සමාජය කා දමමින් සිටින්නෙකි. තමන් තර වුවද කඳ විනාශයට පත්වන බවට හැඟීමක් නොමැත්තෝය.

 

දෙවැනි කරුණ වන්නා වූ සමාජවාදය වෙනුවෙන් සටන්කරන්නාගේ ඉල්ලීම් ධනේශ්වර සමාජයේ ප්‍රජාතන්ත්‍රීය ඉල්ලීම් වීම යන්න අදටත් වලංගුවක් වී ඇත්තේ ලාංකික සමාජය එක් අතකින් ධනේශ්වර සමාජයක ඇති සංස්කෘතික අංග ලක්ෂණ අත්පත් කරගෙන නොමැති බැවිනි. අනෙක් අතට සමාජවාදය වශයෙන් අවිඥාණික බලාපොරොත්තුව වී ඇත්තේ බෞද්ධ සමාජවාදයක් හා බෞද්ධ මාකස්වාදයක් ය. එය හරි හෝ වැරදි හෝ යන්නට වඩා වැදගත් වන්නේ සමාජ සංවර්ධනය යන්න නිර්වචනය කර ගැනීමට නොහැකි වීමය. වමේ ව්‍යාපාරය සමාජවාදය වෙනුවෙන් කරන්නා වූ සටන් හා ඉල්ලීම් බටහිර විරෝධී, ධනේෂ්වර විරෝධී හැඩයක් ගන්නේ වුවද සමාජවාදය යන්න ධනේෂ්වර සංවර්ධනයේ ඉල්ලීම්ය. ඉන් එහා වූ දිගුවකට සටන් කිරීමට හැකියාවක් නොමැත්තේ සමාජ යථාර්ථය එය නොවන නිසාය. එනම් සමාජවාදය ද ලෝක ක්‍රමයක් නම්, අප සිටිනුයේ මාක්ස්ට වඩා ගව් ගණනක් පිටු පසිනි. මේ නිසා වම අදටත් යම් ආකාරයක අතරමංවීමක නොසිටින්නේද යන්න කල්පනා කළ යුත්තකි. සමාජ ප්‍රජාතන්ත්‍රවාදය නිදහස නීතිය හා යහ පාලනය යන්න ධනේෂ්වරයේ ඇති වූ ඓතිහාසික යහපත් අංගයන් ය. අනෙක් අතට සරළ අර්ථයෙන් ගත් කල වමේ ව්‍යාපාරයේ සටන් පාඨ යනු වෘත්තීය සමිති සටන් පාඨයන්ය. වැටුප් වැඩි කර ගැනීම, බඩු මිල අඩුකර ගැනිම හා සමාජයේ ප්‍රතිසංස්කරණයන් සඳහා වූ ඉල්ලිම් ය. වීප්ලවීය අර්ථයෙන් කරන්නා වූ හා කළ බොහෝ දෑ කේන්ද්‍ර වී ඇත්තේ ඒ වෙතය. ධනේෂ්වර රාජ්‍යයන් හා සැසඳීමේ දී, යටත් විජිත වාමාංශික දේශපාලනයේ සමාජවාදී ක්ෂිතඡය යන්න දියුණු ධනේෂ්වරයක ඇති ප්‍රජාතණ්ත්‍රීය ඇගයුම්ය. එහෙත් වැරදි සංකල්පයන් තුල පැටලීම නිසා, සමාජ සංවර්ධනය තුල අතරමංවීමක හිර වී ඇත. අනෙක් අතට ධනවාදී පාලක පන්තීන් යැයි චෝදනාවට ලක්ව ඇති සෑම පාලක පංතියකටම තම ධනේශ්වර උවමනාව ඉටු කිරීමට හැකි වූයේ නම්, ලංකාවේ වමේ ව්‍යාපාරයේ දිශානතිය වෙනස් වීමට ඉඩ ඇත. මේ නිසා වමට සිදුව ඇත්තේ ඉහත කී ධනේශ්වර ප්‍රජාතන්ත්‍රීය ඉල්ලීම් සඳහා සමාජවාදී නමින් අරගල කිරීමටය. මෙම සටන සැබෑ අවබෝධයකින් කරනු යේ නම්, එම බලාපොරොත්තුව පළමු අදියර ලෙස සාක්ෂාත් කර ගැනීම දුෂ්කර නොවනු ඇත. පැරණි වාමාංශික අතීතයෙන් පාඩම් ඉගෙන ගත යුතු නම්, රුසියාවම එයට පාඩම් පොතකි. ලෙනින්ගේ විප්ලවයෙන් පසු ලියවිලි ද ගුරුවරයෙකි. එසේම අද අප සිටින වකවානුව අතීතයට වඩා මුළුමනින්ම වෙනස් තත්ත්වයකි. එහෙත් ලංකාවේ වමේ අරගලය තවමත් නව මානයකට නිර්මාණය වීමක් දැකිය නොහැකිය.

 

මෙවැනි තත්ත්වයන්ට පත්වීමට හේතුවූයේ රටක් හා සමාජයක් ලෙස සංවර්ධනය ලෙසින් හඳුන්වන්නා වූ නියමාකාර ධනවාදය කැන්දා ගැනීමට නොහැකි වීමය. මහින්ද රාජපක්ෂ අද අත්කරගෙන ඇති ඉරණමේ ඓතිහාසික හේතුව එහිම දිගුවක් වන්නාසේම සමාජවාදය කතාකරන වමේ බොහෝ අයගේ වරදවා වටහා ගැනීමේ සමාජවාදය යනු ධනේශ්වර බලාපොරොත්තුම ය. එය පැහැදිලි වන්නට නම් බටහිර ධනවාදය ක්‍රියාත්මක වන හැටි හා ප්‍රජාතන්ත්‍රවාදයේ අංග ලක්ෂණ බුක්ති විඳිය යුතුය.මේ නිසාම වමේ ප්‍රමුක සටන් පාඨයක් වන ලිබරල් ධනවාදය යන්න සමාජයට ආගන්තුක වන්නේත්, පීඩනයට පත් මිනිසාට යථාර්ථයක් නොවන්නේත් එම නිසා ය. ලිබරල් ධනවාදය පිළිබඳ කථිකාව ලෝකය පුරා පුනර් උච්ඡාරණය කිරීම හා බොහෝ දේශපාලනික හා දාර්ශනික න්‍යායවේදීන්ගේ විවේචනයට හසු වූවකි. ලාභය වැඩි වශයෙන් සමුච්ඡගත කිරීමට නම්, ප්‍රාග්ධනයට නිදහසේ ගමන් කිරීමට ඉඩ සකසා දිය යුතුය. ආර්ථිකය නිදහස් කළ යුතුය. නිෂ්පාදන පරිභෝජනය වැඩි වැඩියෙන් කළ යුතුය. මෙම ආර්ථික ක්‍රියාවලිය තුල දී මිනිසාගේ සංස්කෘතික ජීවන විලාශය ද ඊට අනුව වෙනස් වන අතර,මිනිසා වෙළෙඳපල ක්‍රමය තුල නන්නත්තාරවීම හා පරිභොජනවාදයේ ගොදුරුවීම ධනේශ්වර ලෝක ක්‍රමයේම නරුම යථාර්ථයක් වී ඇත. පීඩිතයා ද එම සිහිනයේම ගිලී ගැලී ටෙලිවිෂනය ඉදිරිටයේ සිහින දැක, සිහින පවා නොමැති නින්දක වැටෙන්නේ පරිභෝජනවාදී සිතිවිල්ලේම ගිලෙමිනි. තමා උපයන ප්‍රමාණයට එහා සිහින සාක්ෂාත් කර ගැනීමේ හෙට දවස පතන තත්වයක් තුල වමේ ලිබරල් කථිකාව යනු භික්ෂුවක් ගිහියන්ට දෙසන බණක් හා සම වන්නේය.

සමීර් අමින්ට අනුව ලිබරල් ධනවාදය   මූලිකවම පදනම් වන ප්‍රධාන මුලධර්ම හතක් පිළිබඳව විග්‍රහ කරන අතර එය සාරංශ ගත කළහොත් මෙසේය.

  1. ආර්ථිකය පුද්ගලික අංශය මගින් පාලනය කිරීම හා නිදහස් තරඟයේ ඉල්ලිම් මත ක්‍රියාත්මක වීම
  2. ශ්‍රම වෙළෙඳපල නිදහස් කළ යුතුය.
  3. ඊනියා රාජ්‍ය සේවය පෞද්ගලිකකරණය කළ යුතුය.
  4. පොදු අවශ්‍යතාවන් අවම මට්ටම දක්වා අඩුකළ යුතුය
  5. ණය කළමණාකරණය කළ යුත්තේ පුද්ගලික අංශයේ උපකල්පනයන්ට අනුවය
  6. රාජ්‍ය අයවැය, ණය නොමැතිව තුලනය කළ යුතුය
  7. ගැටලුවෙහි ඇති මූලධර්ම හය ක්‍රියාවට නැගිය යුත්තේ ගෝලිය කරණය වු ලෝකයේ සියලු ජාතික මට්ටම්වලදි පමණක් නොව කලාපිය හා ගෝලීයව ජාත්‍යන්තර සම්බන්ධතාවලට අනුවය.

 

 

ලාංකික සන්දර්භය තුලදී වමේ භාවිතාව සඳහා වඩාත් ව්‍යවහාරික ලෙස ලිබරල් ධනවාදය සමාජයට ආදේශ කිරීමෙන් අත් විය හැකි හා පැනිය හැකි පිමි කුමක් දැයි කල්පනා කළ යුත්තක්ම වන අතර ඊට අවැසි කාලය පමිණ ඇත්දැයි ද, ලිබරල් ධනවාදය යන්න එක් අතකින් පමණක් හමන සුළඟක් දැයි ද අවබෝධ විය යුතුය.

 

ධනවාදය න්‍යායක් ලෙස ලෝක ක්‍රමයක් වුවත්, සමාජ සැකසුම්වල, ඊට අනන්‍ය ලක්ෂණ නිසා වෙනස් මාදිලියක හැඩය ගන්නා අතර ලාංකීය සමාජයට ද එය පොදු කාරණයක්ව ඇත. අදහස් කරන්නා වූ සංකල්පිය ධනේෂ්වර හැඩය ප්‍රායෝගිකව සමාජය තුල නොමැති තැන, සමාජය මත  නියම ධනේශ්වර විරෝධී සටන් පාඨ එවැනි සමාජයන්ට විකාරයක් වන්නේය. ඒ සඳහා ඇති ලඟම නිදසුන නම්, ලිබරල් ධනවාදය පිළිබඳ කරන උච්චාරණයන් ය. ගෝත්‍රික හා අඩු වැඩි වශයෙන් වැඩවසම් ගති ලක්ෂණ ද ධනේශ්වර ආකෘතික හැඩය පෙන්නුම් කරන පාලනයකට, භාහිරින් එකතුවන ධනේශ්වර අංගයන් සඳහා විරෝධතාව ලෙස ලිබරල් ධනවාදය හතුරා කර ගැනීම හා එයට එරෙහි වීම තම ජයග්‍රහණය සඳහා වන පලිහ කරගන්නා විට, ධනේෂ්වර ගති ලක්ෂණයන්ට වඩා නරක පසුගාමි ගති පෙන්නුම් කරන යථාර්ථය මඟ හැර දේශපාලනය කිරීම යනු කරන්නේ කුමක් ද යන්න වටහා නොගැනීම විකල්ප දේශපාලයේ උපාය උපක්‍රමික ගැටලුව වේ. මහින්දගේ පැරණි ගෝත්‍රික සමාජ භාවිතාවේ නපුර හා එයින් වෙන සමාජ හානිය ප්‍රශ්න නොකර, එය ජනතාවට වටහා නොදී, මහින්ද ලිබරල් ධනවාදයේ සිංහල බෞද්ධ ඒජන්තයා යැයි කී කල, එය ජනතාවට පමණක් නොව මහින්දගේ උපදේශෙකයන්ට ද නොතේරෙන්නකි. මහින්ද ධනේශ්වර පාලකයෙකු නම්, යුද්ධයෙන් පසුව සමාජ ප්‍රශ්න කළමනාකරණය කර ගැනීමට හැකියාවක් ලැබීම, ධනේශ්වරයේ සුවිශේෂි ලක්ෂණයක් විය යුතුය.  එහෙත් ඔහුට එය කළ නොහැකි වන්නේ ධනේශ්වර ක්‍රමයේ ඇති දුබල කම නිසා නොව, පශ්චාත් යටත් විජිත දේශපාලනයේ දෘෂ්ටිවාදී නරකතම දිගුවක ඇති ප්‍රතිඵලය නිසාය. බලයේ රැඳී සිටීම සඳහා තමා සතු බලයෙන් තමා කැමැති දෙයක් කිරීම යනු ඉතා පැරැණි බාල ක්‍රමවේදයක් වන අතර ඒ හේතුවෙන් තමාට අත්වන ඉරණම පිළිබඳව ශාස්තර කියන්නෙකුට හෝ ප්‍රවීන දේශපාලන විද්‍යාඥයින්ට පවා සූත්‍ර ගත කළ නොහැකි වන්නේ, ඔහුට ප්‍රතිපක්ෂ පාර්ශවයන් ද කරන්නේ කුමක් ද යන්න තමන් නොදන්නා නිසාය.

ලිබරල් ධනවාදයට විරුද්ධ ව කරන අරගලයේ විකල්ප විසඳුම සමාජවාදය නම් ඊට නියමිත සමාජිය හැඩයක් හා න්‍යායක් ඇත. එහෙත් දේශපාලන අරගලය පශ්චාත් යටත් විජිත ඉතිහාසය පුරාම රාජ්‍ය සමග බද්ධවූයේ රාජ්‍යෙය්  ප්‍රතිසංසකරණ සඳහාය. අනෙක් අතට සුභසාධනවාදය හා රාජ්‍ය ධනවාදය සඳහාය. පවතින පාලන පංතීන් අතර හුදු සටන් පාඨ අරගල දියත් වුවද යථාර්ථයක් ලෙස ධනවාදී ආර්ථිකය ඊට අවැසි දේ කරගන්නා අතර, බොහෝ විට පමා වී හෝ සාක්ෂාත් කරගන්නේය. මේ නිසා සමාජ විප්ලවයකට සූදානම්වන වමකට තෝරාගත යුතු සටන් පාඨ යථාර්ථවාදී වීම සිදුවිය යුතු අතරම, ලංකාව වැනි රටකට ලිබරල් ධනවාදය හෝ අධිරාජ්‍යවාදය තවදුරටත් වලංගු සටන් පාඨ නොවනු ඇත.

පණස්ගණන්වලදී අතර මැදි පංතියකයට මාරු වූ බලය අදවන විට පාදඩ කල්ලියක් දක්වා මාරු වී ඇති අතර එය සිදු වූයේ ධනවාදය හෝ අධිරාජ්‍යවාදය නිසා නොව ජාතිවාදය මුසු වූ අතීතකාමී චින්තනය නිසාය. මේ යුගයේ නූතන ලාංකික සටන් අතර ප්‍රමුක විය යුත්තේ ඵලයේ හේතුවට ප්‍රතිකර්ම සොයමින් නව පන්නයේ ප්‍රතිපත්ති සහිත නව මිනිසුන්ගේ ක්‍රියාන්විතයකි.

මහින්ද රාජපක්ෂ පාලනය යනු  ද දිශාවකින් තොරව තමන් විසින්ම කුණු කර ගනිමින් හා කුණු වෙමින් යන එහෙත් තමන් දන්නා එහෙත් නොදන්නා දේශපාලනයකි. මහින්ද රාජපක්ෂ විවිධ මාදිලියේ උප්පරවැට්ටීන් යොදමින්, කුමන ආකාරයේ විජ්ජා පෑවද ඔහු හා ඔහුගේ බලකාමය ගමන් කරනුයේද දිශාවක් නැති දිශාවකටය. නීතියේ ආධිපත්‍ය හිතුවක්කාර ලෙස සෙල්ලමකට ගෙන වික්‍රමයන් පෑවද ඔහුගේ පරාජයේ හතර රියන දිනෙන් දින ලඟාකරගනිමින් සිටින්නේය. එහෙත් එම පිරිහීමට සාපේක්ෂකව සමාජය ද අනෙක් දේශපාලන බලවේග ද පිරිහී ඇති යථාර්ථයක් තුල, රාජපක්ෂ පාලනයේ අවසානය නිර්ණය කිරීමට තරම් සමාජ දයලෙක්තිකය විශ්වසනීය තත්ත්වයක නොමැත. අනෙක් අතට රාජපක්ෂ පාලනයට අවශ්‍ය කරන පසුබිම එක්වරම අහසින් කඩා වැටුණක් නොවූ අතර, එය මේ මොහොත වන විට එහි ඓතිහාසික  ගමනේම භයානක දිගුවක් බවට පත්ව ඇත.

 

මේ නිසා ලංකා දේශපාලනය තුලට ලෝක දේශපාලන ආදාර්ශන් ආදේශ කිරීම හෝ අතීතයේ සිදු වූ පරිදි සිදු වීම හෝ දෛවය අනුව සිදු වීම හෝ සිදුවන්නට ඉඩක් තිබේද යන්න සැක සහිත ය. පශ්චාත් යටත් විජිත දේශපාලන ඉතිහාසය  යනු වරින් වර ඉස්සරහට පස්සට ගියර් දමමින් සික්සැක් ධාවනයක නිරත වූ සමාජයක් යැයි කීම සම්පූර්ණ කිරීමට එක් එක් පාලන අවදි පිළිබඳව අධ්‍යයනය කිරීම වැදගත් වනු ඇත. මේ නිසා ලංකාව වැඩවසම් හෝ ගෝත්‍රික හෝ ධනවාදී හෝ වශයෙන් වෙන් කළ හැකි රාජ්‍යයක් නොව, වැඩි වශයෙන් ධනේශවර ආකෘතියක් ඇති සංස්කාතික වශයෙන් සෑම අංගයක්ම ඇති ඔම්ලට් ධනවාදයකි. ප්‍රාග්ධනයට ගමන් කිරීම පිණිස යටිතලය ඉදි කළ ද ප්‍රාග්ධනයට අවශ්‍ය සංස්කෘතිය හා ශික්ෂ්ණය නොමැති වීම  තුල එම ප්‍රාග්ධනයේ ගමන් මග සංකීර්ණ වන අතර ධනවාදය සමාජ ක්‍රමයක් යන යථාර්ථය තුල ලාංකික සන්දර්භයට  අනුව ඊට අනුගත වන ධනවාදයක් බිහිවීම වලක්වනු නොහැකි අතර, එවිට වමේ සමාජවාදී ඉල්ලීම යනු  සම්භාව්‍ය ධනවාදයේ සංවර්ධනාත්මක ඉල්ලිම්ය. ඒ අනුව ඔම්ලට් ධනවාදයේ ඒජන්තයන් වන්නේ ජාතිවාදය කරපින්නාගත් දෘෂ්ටිවාදීන් හා දේශපාලන ක්‍රියාකාරීන්ය. මහින්ද රාජපක්ෂ වටා සිටින්නන් හා ඊනියා අධිරාජ්‍යවිරෝධී ගෝශා නඟන විමල්, චම්පික, ටිල්වින්, දඹර අමිල වැනි ලවුඩ්ස් ස්පීකර්ය.

මේ නිසා පශ්චිත් යටත් විජිත ඔම්ලට් ධනවාදයේ නියම පිළිබිඹුව වන්නේ මහින්ද චින්තන දේශපාලනයයි. චින්තයක් නොතිබුණු පුද්ගලයකුට, චින්තකයන්ට පවා නිගා කොට ලේඛණ ගත කළ ලියැවිල්ල යනු ඕනෑම අදහසක් තමාගේ බලය තහවුරු කිරීමට හෝ වාසියක් අත් කිරීමට ඉඟියක් සපයන්නේ නම් එය මහින්ද චින්තනය වන අතර ඒ තුල, කොමියුනිස්ට්වාදීන්ට, සම සමාජ සමාජවාදීන්ට, ජාතික හා ජාතිවාදීන්ට, විප්ලව වාදීන්ට, ලිබරල් වාදීන්ට හා එකී නොකී ඕනෑම සතුරෙකුට පවා නියෝජනය කළ හැකි  යැයි පෙන්නුම් කරන චින්තන ක්‍රමයකි. එහෙත් එහි යථාර්ථය නම් තෝන් ලබා දිය යුතු බූරු පිටියකි. කප්පම ලබා දෙන්නේ නම් ඔනෑම අයෙකුට සෙල්ලම් කළ හැකිය. බණ්ඩාරණායක විසින් ආරම්භ කරන ලද මෙම සංකල්පය එහි වර්ධනයේ උපරිමය බවට  රාජපක්ෂ අභිෂේක ලබන්නට විය. නිදහසින් පසුව ලංකා සමාජයේ ගමන් මග සාපේක්ෂ අර්ථයෙන් හෝ නිවැරදි කර ගැනීමට නොහැකි තැන, නිර්මාණය වූ මෙම ඔම්ලට් තත්ත්වය ලෝකය හා ලෝක අගයන් හා ධර්මතාවලට අනුව නම් විකෘති හැඩයකි. මෙම විකෘතිය ප්‍රකෘති කිරීමේ නව විකල්ප දේශපාන භාවිතාව සමාජගත කිරීම, යුගයේ විප්ලවීය අවැසිකමකි.

උදය ආර්. තෙන්නකෝන්- Udaya R. Tennakoon

අධිරාජ්‍යවාදයෙන් වසාගත් අඳුරු සමාජ හෘද සාක්ෂිය- උදය ආර්. තෙන්නකෝන්

ලංකාවේ පවතින පශ්චාත් යුද සමය, පශ්චාත් යුද සමයක්ම වෙමින් ප්‍රජාතණ්ත්‍රවාදය,  සාමය සංහිඳියාව හා යුක්තිය පිළිබඳ සංකල්ප හුදෙක් වචන බවට පත් වී ඇත. දැන හෝ නොදැන හෝ පශ්චාත් යන යෙදුම සමගින් විශේෂකරණය කරනු ලබන නාමකරණයට දේශපාලනික අර්ථයක් ඇත. එය පශ්චාත් යටත් විජිත යන යෙදුමට ද පොදුවන අතර, ලංකාව විෂයෙහි දී, භාෂාමය ලෝකයේ නිතර කියැවෙන අලුත් වචනය වන පශ්චාත් යුද අවධිය යන දේශපාලනික හැඟවුම්කරණය පුණර්උච්ඡාරණය කිරීමේ සන්දර්භය තේරුම් ගැනීම දේශපාලනික, සමාජීය සංස්කෘතික හා ආචාර ධාර්මික වශයෙන් වැදගත් වනු ඇත.

දෙදහස් නවයේ මැයි මස නන්දිකඩාල් කලපුවට කොටු කරනු ලැබූ දෙමළ විමුක්ති සටන යුදමය වශයෙන් පරාජය කිරීමෙන් අනතුරුව ජයග්‍රාහී පාර්ශවය විසින් සළකුණු කරනු ලැබූ නිදහස, පීඩනයට පත්, අගතියට පත් ජනයාට නිදහසක් නොවී, යුද්ධය හා යුද්ධයට හේතුකාරක මූලයන් විසින් බිහිකර ඇති ප්‍රතිවිරෝධයන් හා ආකල්පයන් තවමත් ක්‍රියාත්මකව පැවතීම තුල පශ්චාත් යුද තත්ත්වය යන නාමකරණය දේශපාලනය තුල බැරෑරුම් ලෙස වලංගුව පවතී.

පශ්චාත් යුද තත්ත්වයෙන් මිදීමේ හැකියාව, පවත්නා මහින්ද පාලන ක්‍රමයට ඇත්තේ වුවද, එය දේශපාලනික මුග්ධබවෙහි සාගරයක ගිලී සිටීම හේතුවෙන් විසඳුමක් නො මැති තැන, යුක්තිය පසිඳලීම හා සාමය ස්ථාපිත කිරීම අනාගතයේ ඇති සිහිනයකි. එය අභ්‍යන්තරය තුලින් සාපේක්ෂක වශයෙන් පිළිගත හැකි අයුරකින් හෝ විසඳා ගිනීමට නොහැකි නම්, එය තුන් වැනි පාර්ශවයක කාර්යයක් වනු නොවනුමානය. වසර තිහකට අධික කාලයක් පුරා විවිධ හැඩයන්ගෙන් වර්ධනය වූ වාර්ගික ගැටුම හා මහා විනාශයකින් කෙළවර වූ සිවිල් යුද්ධය විසින් ඇති කරනු ලැබූ අගතිය විසින් යුක්තිය අපේක්ෂා කරන්නේය. යුක්තිය ඉෂ්ට කිරීම යන්න ජයග්‍රාහකයාගේ සාමයේ ( Victor’s Peace) වචන පෙළහර පෑමෙන් ඔබ්බේ ඇති සංකිර්ණ ක්‍රියාවලියකි.එය දේශපාලන වේදිකාවන්ගේ, එදිනෙදා පාදඩ මාධ්‍ය භාවිතාවේ, ජාතිවාදී, වර්ගවාදී පෙළඹ වීම් සහිත ව්‍යාපෘතීන්ගේ කොටසක් නොවන අතර එහි ඇති අති මහත් බර දේශීය දේශපාලනයට ඇති වගකීමක් වන්නේ නමුත් එය හරියාකාරව ඉටු නොකිරීමේ අසමාර්ථය දේශීය දේශපාලයෙන් ඔබ්බට විතැන් වූ ජාත්‍යන්තර ක්‍රියාවලියක් යන්න ලෝක ඉතිහාසයේ මානව හිමිකම් උල්ලංඝනයන්, යුධ අපරාද, මනුෂ්‍ය වර්ගයාට එරෙහි අපරාධ හා වර්ග සංහාරයන් පිළිබඳ හැරී බැලීමේදී හොඳින් පෙනී යන්නකි.

අනෙක් අතට, ලංකාව දූපතක් ලෙස සාගරයෙන් වටව වෙනම ලෝකයක් ලෙස සලකා දේශපාලනික තීන්දු ගනු ලැබුව ද, සිතාගෙන සිටිය ද, ලංකාව නැමැති ජාතික රාජ්‍ය සෑම සියලු ආකාරයකින්ම ජාත්‍යන්තරය හා ගැට ගැසී ඇත. නූතන භූ දේහපාලනය හා අන්තර්ජාතික ක්‍රියාකාරීත්වයත්, ජාතික රාජ්‍යයන්ගේ ක්‍රියාකාරීත්වයේ ප්‍රසාරණය හේතුවෙන් ස්වයිරීත්වය යන පැරැණි නිර්වචනය ද අර්ථ රාමුවෙන් පිට පැන ඇත. සම්භාව්‍ය ජාතික රාජ්‍යෙය් නිර්සචනයන් විනිවිද පුළුල් වීම සිදු වී ඇති බැවින් ස්වයිරීත්වය ප්‍රායෝගිකව ඇති යථාර්ථය කුමක් ද යන්නත් බැලීම රටෙහි තරම හා ක්‍රියාව අනුව තේරුම් ගත යුතුය. එසේම වසර තිහකට වඩා පැරණි වාර්ගික ගැටුමේ ප්‍රතිථල අභ්‍යන්තරිකත්වයෙන් ඔබ්බට විතැන් වී ජාත්‍යන්තරකරණය වීම අතීතයේ සිට ප්‍රසාරණය වීම මිස හැකිලීමක් දක්නට නැත. මේ නිසා පශ්චාත් යුද ලංකාව යනු නිකම්ම නිකම් වචනයක් නොව, විශ්ව ප්‍රඥ්ප්තීන්, ජාත්‍යන්තර නීතින්, හා මානව ශිෂ්ටාචාරයේ සම්මුතිකාමී වගවිමේ සන්දර්භයන් තුල නිර්ණය වන්නා වූ සංසිද්ධියක් වී ඇත. දේශීයව කුමන ගණන්කාර කම් ප්‍රදර්ශනය කළ ද, තර්ක විතර්කයන්ගෙන් ජය ගනිමින් ජත්‍යාල සුඛාස්වාදයක් ලබා ගත්ත ද, ලාංකික ජනාවාර්ගික ප්‍රශ්නය හා විනාශකාරී යුද්ධය විසින් ඇති කළ ප්‍රතිථලයනට වගවීමේ ජාත්‍යන්තර සන්දර්භය නිර්මාණය වී ඇත.නිර්මාණය කරමින් සිටිති. එය සාපේක්ෂ වශයෙන් ලෝකයේ අන් සිදුවිම්වලට වඩා වේගයෙන් ඉදිරියට පැමිණීම මිස නොසලකා හැරීමක් ලෙස සැලකිය නො හැකි ය. මෙහිදී වඩාත් අවධානයට ලක්ව ඇති මාතෘකාවන් අතර ප්‍රධාන වී ඇත්තේ, යුධ අපරාධ( War Crimes) හා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ(Crimes against Humanity) යන චෝදනාවන්ට වගවිය යුතු ද යන කාරණාය.

යුද අපරාධ(War Crimes)

යුද අපරාධ නැමැති සංකල්පයේ ආත්මය නැතිනම් හදවත යනුවෙන් සැලකෙන්නේ රටක හෝ එහි හමුදාවෙහි ක්‍රියාකාරකම් සඳහා අපරාධමය වශයෙන් වගකිව යුතු පුද්ගලයන් පිළිබඳවය. ජාත්‍යන්තර නීතියේ දී යුද අපරාධ හා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ යනු  දරුණුම ගණයේ අපරාධ අතර ඇති අපරාධයන් ය.මේවා ඉතා බැරෑරුම් ලෙස සලකනණු ලබන අතර එම අපරාධයන් සඳහා ගත වන කාල වකවානුවක් ද නොමැති ය. එයින් අදහස් වන්නේ අපරාධයන්ට වරද කරුවන් වන්නන් සඳහා දඬුවම් පැමිණවීමට අපරාධය සිදු වූ කාලයේ සිට කොපමණ කලක් ගතවන්නේ ද යන්න සලකනු ලබන්නේ නැත යන්න ය.

යුද අපරාධ පිළිබඳ සංකල්පය මෑතක පැමිණියක් ය. දෙවන ලෝක යුද්ධයට පෙර එය සාමාන්‍යෙයන් පිළිගණු  ලැබුවේ යුද්ධයේ ස්වභාවයේ කොටසක ඇති භයානක දෙයක් ලෙස වන අතර යුද අපරාධයන්ගේ වාර්තා ගත නිදසුන් ග්‍රීක හා රෝම කාල පරිච්ඡේදයන් වෙත ගමන් කරනු ඇත.

විසිවන ශතවර්ෂයට පෙර හමුදාවන් නිරන්තරයෙන්ම සතුරු හමුදාවට හා සටන්කරුවන් නොවන පුද්ගලයන්ට ද ඉතා අමානුෂික ලෙස සලකන්නට විය. එහෙත් යුද්ධය ජය ගත් පසු එම අපරාධ වලට පදනම් වූවන්ට කිසිදු දඬුවමක් තිබුණේ ද යන්න ගැටලුවකි. සෙන්පතියන් හා දේශපාලනඥයින් සාමාන්‍යෙයන් ඕනෑම දඬුවමක දී යුද්ධයකදී ක්‍රියාකළ ආකාරයෙන් බේරී පලා යන්නට විය. එසේ නොමැතිව, ඔවුන්ගේ පරාජයෙන් අනතුරුව වරදකරුවන් කිරීම හෝ දඬුවම් දීම සිදු වන්නේය.

යුද අපරාධ සම්බන්ධයෙන් කටයුතු කිරීමට ව්‍යුහාත්මක ප්‍රෙව්ශයක් හෝ දේශපාලන නායකයින් හා හමුදා නායකයින්  ඔවුන්ගේ ක්‍රියාකාරිත්වයේ තත්වයන් පිලිබඳව හෝ ඔවුන්ගේ බට කණ්ඩායම් සම්බන්ධව අපරාධමය වගකීමක් ගත යුතු ද යන්න කිසිදු විදියේ පොදු ගිවිසුමක් නොතිබිණි. මෙම ආකල්පයන් වෙනසකට ලක් වූයේ දෙවන ලෝක යුද්ධය අතරතුර දශ ලක්ෂ ගනන් ජනයා විශේෂයෙන් නාසි ජර්මනිය විසින් යුදෙව්වන් ඝාතනයට ලක් විමේ දී හා ජපානය විසින් සිවිල් වැසියන්ට හා යුද සිරකරුවන්ට අමානුෂික ලෙස සැලකිම නිසා ය.

සාමාන්‍යෙයන් ජයග්‍රහණයට පත් රටක් හෝ පාර්ශවයක් යුධ අපරාද සඳහා නඩු කිමට පිවිසීම හෝ තම ජනයාට විරුද්ධව ක්‍රියා කිරීම සිදුවන්නේ කලාතුරකිනි.මේ නිසා එවැනි යුධ අපරාධ නඩු යනු වෛරය පිරිමැසිමේ නඩු  ලෙස සැලකිය හැකි අතර තමන්ගේම අයුක්තියේ ක්‍රියාවන් ලෙස දැකිය හැකිය. මෙම තත්තවය එසේම නොවන බව වියට්නාම යුද්ධයේ දි අමරිකානුවන් යුද අපරාධවලට වගකිව යුතු බවට ද  පැරණි යුගෝස්ලාවියාව මෙම සම්ප්‍රධායට විශේෂිත ව්‍යතිරේකයන් ලෙස දැකිය හැකිය.(BBC Ethic Guide)

ලංකාවෙහි පැවැති යුද්ධය හා ජාත්‍යන්තර වශයෙන් පිළි ගැනෙන යුද අපරාධ සම්බන්ධ නිර්වචන හා නිර්ණායකයන්ට අනුව යුද අපරාධ කණ්ඩායම් තුනකට හෝ වර්ග සංහාරය යන්න ඇතුලත් වන්නේ නම් හතරකට වැටෙන්නේය.

  1. සාමයට එරෙහි අපරාධ (Crimes against peace)
  2. යුද අපරාද(War Crimes)
  3. මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ(Crimes against Humanity)
  4. වර්ග සංහාරය(Genocide)

මෙම වර්ගකිරීම්වලට අදාලව අපරාධ බවට ඇතුලත්වන කරුණු ජාත්‍යන්තර අපරාධ අධිකාරණයේ රෝම ප්‍රඥප්තියේ ද,(Rome Stature of the International Criminal Court) ජිනීවා සම්මුතියේ ද අඩංගුව පවතින අතර ලාංකීය සන්දර්භය එයට ඇතුලත් ද නැත් ද යන්න පිළිබඳ දැවෙන කාරණයක් වී ඇත.

යුද අපරාධ සම්බන්ධ විෂයය පශ්චාත් යුද තත්ත්වය හා අත්‍යන්ත සබඳකමක් පෙන්නුම් කළ ද එය ඈතක ඇති විෂයයක් වී ඇත.ඒ පිළිබඳ අපේක්ෂා සහගතව සිටින හා කටයුතු කරන පාර්ශවයන්ට කාලයේ ඉවසීමටත්, දේශිය හා ජාතයන්තර දේශපාලනයේ චලනයේ දිශාවන් වෙතත් අවදානය යොමු කළ යුතුව ඇත. එහෙත් යුද්ධයකින් පසුව ඇති විය යුතු සංහිඳියාවට ඇති නොහැකියාව විසින්ම යුද අපරාධ යන ඈතක ඇති නපුර ලං කර ගැනීමට පාලක රෙජීමය අති සමත්කමක් දක්වන තත්ත්වයක් පෙන්නුම් කරන්නේ දෙමළ ජනයාගේ ප්‍රශ්නයට දක්වන සංවේදී බවේ තරම නිසාය. මෙම තත්වය යටතේ යටත් පිරිසෙන්,දේශීය හා විශ්ව සම්මුතීන්ට අනුව අගතියට පත් වූවන්ට යුක්තිය හා සාධාරණත්වය ඉටු විය යුතු වුවද අභ්‍යන්තර හා භාහිර බල දේශපාලනයේ දී, අතීතය තම තමන්ගේ න්‍යාය පත්‍ර බවට පත්කර ගෙන එක් කොටසක් ක්‍රියා කරන අතර, එම අතීතයම ඉන් ඔබ්බට පැමිණ පැවැත්මක් බවට පත්වීමේ යථාර්ථයෙන් ද ගැලවිය නොහැකි වී ඇත. මෙම යථාර්ථයේ ගැටලුව මනුෂ්‍යත්වය හා යුක්තිය මතම පදනම්ව සංයුක්ත ලෙස වර්ග කිරීමේ දී ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් යටතේ තේරුම් ගත යුතුය. එනම් දේශීය යථාර්ථය හා ජාත්‍යන්තර යථාර්තය යන සරළ බෙදීම් දෙකය.

දේශීය යථාර්ථයේ අනුකූලතාව ජාත්‍යන්තර යථාර්ථයට සහ සම්බන්ධයක් ඇති අතර යුක්තිය සාමය හා සංහිඳියාව සඳහා නැගෙන ජාතික තෙරපුම මෙහිදී වැදගත් සාධකයකි.එහෙත් මෙම සංවේදී කාරණාව සම්බන්ධයේ දී, මහා ජාතිවාදයේ අඳුරු සෙවනැල්ලට සියල්ලෝ එකතු වී කටයුතු කිරීම, රාජපක්ෂ ආණ්ඩුවට පමණත් නොව පරම්පරා ගණනකට මහ ජාතිවාදය ඔසවා තබන්නකි.මෙය තේරුම් ගැනීමේ වැදගත් අවස්ථාව වන්නේ ජිනීවා මානව හිමිකම් මණ්ඩලය හා සම්බන්ධ ක්‍රියාවලියය. මානව හිමිකම් හා සම්බන්ධ වර්ධනය වෙමින් පවතින ක්‍රියාවලිය තේරුම්ගත හැක්කේ, රාජපක්ෂ හැර සියල්ලන්ගේ සාමාජ හෘද සාක්ෂියේ නිරුවත වසා ගැනීමේ මනෝ විද්‍යාත්මක ප්‍රකාශනය ලෙසය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට විවිධ මතයන් ගෙන හැර දක්වමින් විරුද්ධ වීමේ දේශපාලනය මෙන්ම මනෝභාව ද වැදගත් වන්නේ ජාතිවාදය යන්න වචන ඔබ්බේ ඇති ආකල්පමය, මුල් බැසගත් සංස්කෘතික ලක්ෂණ හා සෙසු සමස්ථයන් තුලින් ඇති කරන මානසික තත්ත්වය නිසාය. මෙම ජාතිවාදය වසා ගැනීමේ ඇති ජනප්‍රියම ප්‍රවාදය වන්නේ අධිරාජ්‍යවාදයයි.(අධිරාජ්‍යවාදය යන්න ඓතිහාසිකව පැන නැගුණු ලෝක යථාර්ථයක් වුවද එය තේරුම් ගැනීම නිෂ්චිත තත්ත්වයන් යටතේ කළ යුත්තකි.)

වඳුරා සමඟ සිට ගැනීම නොහොත් අධිරාජ්‍යා විරෝධී සටන

අධිරාජ්‍යවාදයට එරෙහි ප්‍රවාදයේ ධූරාවලි ලැයිස්තුවට අයිති නොවන දේශපාලන කණ්ඩායම කුමක්දැයි නම් කිරීමට පවා අසීරුවන තරමට මානව  හිමිකම් හා අධිරාජ්‍යවාදය සමඟ ගැට ගසා ඇත. මෙකී ප්‍රවාදයට අනුව සිංහල බෞද්ධ ජාතියක් ලෙස, සිංහල බෞද්ධ වාමාංශිකයින් ලෙස, සිංහල දෙමළ මුස්ලිම් රාජපක්ෂ හිතවාදීන් ලෙස හා පැවැත්ම වෙනුවෙන් පෙනී සිටින්නන් ලෙස උසේ අනු පිළිවෙලට රාජ පක්ෂ පිටු පසින් ධූරාවලි ගත කළ හැකිය. එයට අනුව සිංහලයින්ගේ අණසකින් යුත් රටක් ඇත. මනුෂ්‍යයින් ලෙස සමාජයක් නැත. බලය මත පදනම් වූ ලෝක දැක්මකින් යුතු කුඩාම දේශපාලන කණ්ඩායම්වල සිට විපක්ෂය හා පාලක පක්ෂය යන කොටස් වලින් යුතු සමස්ථය  මනුෂ්‍යත්වයේ යථාර්ථයෙන් මෙපිට ඇත.මේ අනුව පශ්චාත් යුද අවධියේ දේශපාලනික අර්ථය නැති කිරීමට නම් රටක් හා ශිෂිට සමාජයක් වශයෙන් ඉටු කළ යුතු කාර්යයන් ඇත. අවුරුදු තිහකට අධික කාලයක් තිස්සේ දිග්ගැසුණු ගැටුමට ඇති මූලයන් ආකස්මිකව ඇති වූවක් නොවන අතර අවිහිංසාවාදයේ සිට ප්‍රචණ්ඩත්වය දක්වා වර්ධනය වීමට හේතු වූ මූලයන් බුද්ධිමත්ව සමාලෝචනය කරමින් මහා ජාතියේ සුළු ජාතික භීතියෙන් නොව මනුෂයත්වයේ මිනුම් දඬුවලින් ප්‍රශ්නයට ඇතුල් විය යුතු වේ. එසේ ඇතුලු විමේ දී, ප්‍රධාන වගකීම රටක ජනයා නියෝජනය කරන පාලන ක්‍රමය සතුවන අතර එය විසින් එය ඉටු නොකරන්නේ නම්,සෙසු දේශපාලන ප්‍රවාහ හා සිවිල් සමාජය හමුවේ ඇත් ප්‍රධාන වගකීමක්වනු ඇත. එහෙත් අභාග්‍යයකට නැත්තේ ද එම හඬමය. තිබෙන හඬ ද මහ ජාතිවාදය විසින් යටපත් කර දමා ඇත.

පැවතුණු යුද්ධයත්, සිදු වූ මානව හිමිකම් උල්ංඝණයන් හා අපරාධයන් සඳහා සෘජු වග උත්තරකරුවන් ලෙස වත්මන් රාජපක්ෂ ආණ්ඩුවත්, දෙමළ විමුක්ති කොටි සංවිධානයත් වග කිව යුතු අතර ඔවුන්ට පමණක් වගකිමේ දෑත් දිගු කිරීමෙන් සමාජයක් ලෙස ගැලවිය නො හැකි ය. වක්‍රාකාරයෙන් මානව සංහාරයන් හා යුධමය ක්‍රියාවලියක් දක්වා සමාජ මනස දෘෂ්ටිමය ලෙස මෙහෙය වූ පිරිස් ද සපුරාම වගකිව යුතු වන්නේය. ඒ අනුව දකුණේ සිංහල බෞද්ධ ජාතිවාදය විසින් නිර්මාණය කරනු ලැබූ, රාජපක්ෂ ආණ්ඩුවේ සහායක බලවේග මෙම මානව විරෝධී සංහාරයට ආචාර ධාර්මිකව වගකිව යුත්තෝ වන්නෝය. එහෙත් මෙම වගවීමට විනිශ්චයාසනයක් දේශියව හෝ ජාත්‍යන්තරව නොමැත. ඒ සඳහා කොතෙතුත් සාක්ෂි ගබඩා වුවත් ඊට වගවීමේ සමාජ හෘද සාක්ෂියක් පවා නොමැත්තේය.

මීට වසර දෙකකට ප්‍රථම එනම් 2011 වර්ෂය මුල දී අන්තර් ජාලයට මුදාහල වීඩියෝ පටයක් ඇත. මෑතක දී ද ෆේස් බුක් සමාජ මාධ්‍ය  ජාලයට මුදාහැර ඇති අවස්ථාවක දී, එය නැරඹුවෙමි. කථා නායකයා පූජ්‍ය දඹර අමිල හිමියන් ය. පසුගිය ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ දී සරත් ෆොන්සේකා වෙනුවෙන් පෙනී සිටි අවස්ථාවකි. අමිල හිමියන්ගේ ඹප්පු කිරිමට අනුව යුද ජයග්‍රහනයේ සැබෑ  උරුමකරුවන් අන් කිසිවකු නොව, යුද්ධයට නායකත්වය දුන් හමුදාපතිවරයා සහ රාජපක්ෂ රෙජිමයට යුද්ධය සඳහා ඔක්ෂිජන් දුන් ජනතා විමුක්ති පෙරමුණ හා ඒ හා බද්ධ වූ බහු ජන ව්‍යාපාරයන්ය. එසේ නම්, එම යථාර්ථයට ප්‍රතිමුකව යුද්ධයේ සිදු වූ අපරාධ වලට වග උත්තර කරුවන් වීමේ අයිතියක් ඔවුන් සතු නොවන්නේ ද.(වීඩියෝ පටය). මහින්ද රාජපක්ෂ යුද්ධය පස්සට අදින අවස්ථාවේ දී හරියට බල්ලෙකු නෑවීමට ගෙන යන්නාක් මෙන් ඔහුව යුද්ධය වෙත දක්කන ලද්දේ ජවිපය බවට එහි නායකත්වය විසින් පිළි ගන්නා සත්‍යයකි. මෙම ප්‍රකාශය ජවිපේ නායක සෝමවංශ අමරසිංහගේ ආඩම්බරකාරී හේතු පාඨයක් වුවද එහි ඇති මානුෂීය ඛේදවාචකයේ ගැඹුර තේරුම් ගැනීමට සමාජයක් ලෙසම සිංහල සමාජය අසමත් වී ඇත. එසේම චම්පික රණවක වැනි ජාතික හෙළ උරුමය  නායකත්වය ද ඊටම නො දෙවෙනි ස්ථානයක සිටින අතර නලීන් ද සිල්වා අමරසේකර වැනි දෘෂ්ටිවාදී ජාතිවාදී බලවේගයන් ද යුද්ධය ජය ගැන්වීමේ ලැයිස්තුවෙහි ඇත.යුද්ධයේ අවසාන කාලය වන විට, බහුතර දකුණු සමාජය යුද්ධයේ ජයග්‍රාහී විඝඨනය නාට්‍යානුසාරීව ජන මාධ්‍ය හරහා කොටස්කරුවන් බවට පත්ව ජයග්‍රහනයේ ආශ්වාදය බුක්ති විඳින්නට විය. රතිඥ්ඥා බෙර හඬ නන්වමින් අවසන කිරි උතුරා කිරිබත් කමින් මහා ප්‍රපාතයකට ඇද වැටුණේ ගැටුමේ හේතුවට ඵලයක් සොයා ගැනීමේ අසමත්කමේ ව්‍යාධියෙන් පෙලෙමින්ය.

එහෙත් 2009 මැයි මාසයෙන් පසුව මහා සතුරාගෙන්, මහා අනෙකාගෙන් නිදහස් වූ සමාජය ඉතිහාසයේ අවසානය යැයි යන හැඟීමකින් කටයුතු කළ ද, මහා රික්තයකින් මහා සමාජය ගල් ගැසෙන්නට වූයේ විනාශයත් සමඟ අහිමි කරගත් හෘද සාක්ෂිය සහිතවය. සංඛ්‍යාත්මක වශයෙන් සුළු පිරිසක් හැරුණු විට, බහුතරයේ කැමැත්ත අභිලාෂය හා මනෝභාවය වූයේ ඓතිහාසික සතුරාගේ කඩා වැටීමය.විනාශයමය. එනම් දෙමළාගේ අවසානය ය.

දූපතක් රටක් රාජ්‍යයක් තුල ජන වර්ග දෙකක් අතර සිවිල් යුද්ධයක් ඇති විය. එය ස්වකීය රාජ්‍යෙය් අවශ්‍යතාවයට කැමැත්තට හා අභිලාෂයට පමණක් අනුව සිදු වූවක් නොවූ අතර එසේ වූවත් ලෝක සම්මතයෙන්, නීති හා සම්මුතීන්ගෙන් බැහැරව ක්‍රියා කළ නොහැකි බව දිනෙන් දින යථාර්ථයක් වී තිබේ. අත්තනෝමතිකව බලය හා මුග්ධකම මත ඕනෑම දෙයක් කළ හැකි වුවද එහි විපාකයන්ගෙන් බැහැර විමට පහසු නොවන බව පෙනී යන්නේ, යුද්ධය අතර තුර හා අවසානයේ දි හා ඉන් අනතුරුව සිදු වූ යේ යැයි සලකන මානව විරෝධී අපරාධයන් විසින් සාක්ෂි සපයන නිසාය.

තුන්වැනි බලවේගය

එහෙත් යුධ අපරාධ, හා මානව හිමිකම් උල්ලංඝණයන් සඳහා සෘජු වගකීම නෛතිකමය වශයෙන් පාලක රෙජීමයට පැවරුණ ද සදාචාරාත්මක වශයෙන් ඇති සමාජ වගකීම නිර්වචනය වී නොමැති සමාජයක් තුල, සෙසු අයගේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කළ යුතුය.රාජපක්ෂව දඬුකඳේ ගැසීයෙන් හෝ බලයෙන් පහ කිරීමෙන් මිය ගිය සමාජ ආත්මයට පිළියමක් වන්නේ නැත. සමාජ සංහිඳියාවක් හෝ යුක්තියක් හා සාමයක් ලැබෙන්නේ නැත. එය නිවැරදිව නිදසුනකින් තේරුම් ගැනිමට නම්, නාසි ජර්මනිය වෙත හැරීම වටිනාකමක් ගෙන දෙන්නේය. දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව, යුද්ධයේ දී සිදු වූ අපරාධ හිට්ලර් මතට පටවා චෝදනා නගන්නට වුවත් ඔහු පසු පස සිට නිහඩව සහය වූ ජාතික සමාජවාදී බහුතරය සිටින්නට විය. යුද්ධයෙන් පසුව සංහිඳියාව ඇති කිරීමේ දී නිහඬව සිටි පරම්පරාවේ වරද හා සදාචාරය පිළිබඳ ගැටුම මතු කළ අවස්ථාවක් වූයේ 1968 ජර්මන් ශිෂ්‍ය අරගලයයි.

 

1968 ව්‍යාපාරයේ හදවත වූ පරම්පරා ගැටුමක හැඟීම ඇති කිරීමට විශෙෂිත බලයක් ජර්මනිය තුල ගෙන දුන්නේ නාසි කාල පරිච්ඡේදයෙ දීර්ඝ සෙවැවැල්ල විසිනි. පැරිසියේ සිසුන් ඒකාධිපති ඩිගොල්ට එරෙහිව අරගල කරද්දී, ජර්මානු සිසුන් තමන්ව දුටුවේ, හිට්ලර්ට සහ නාසින්ගේ අපරාධවලදී නිහඬව කුමණ්ත්‍රණකාරීව උන් තම දෙමව්පියන් අපරාධයන්ට සහාය දීමට එරෙහිව කළ අරගලයන් ලෙසය.(Utopia or Auschwitz: Germany’s 1968 Generation and the Holocaust)

නමුත් ලංකාවේ රාජපක්ෂට හා පාපකාරී සමාජ පරම්පරාවට යන සමස්ථයට එරෙහිට ඇඟිල්ල දිගු කිරීමේ සැබැ ලාංකීය උවමනාව ඇති ව්‍යාපාරයකට ඇති කාලය දුරය. නිසි ගර්භාෂයක පිළිසිඳ ගත යුතු එම කළල නම් වූ සමාජ ප්‍රබුද්ධත්වයට සංසර්ගගත විම අද යුගයේ ලාංකික සිංහල දෙමළ මුස්ලිම් හා සෙසු අලුතින් හිතන ජනයාගේ කාර්යය වනු ඇත. එය හුදෙකලා සංසිද්ධියක් නොවන අතර පුළු ල් ලෝක දැක්මක් සතු කරගත් ප්‍රතිපත්තිගරුක, ආචාර ධර්මීය මනුෂ්‍යත්වයේ ව්‍යාපාරයක් විය යුතුය. විවිධත්වයට ගරුකරමින් තමන්ට ඇති අයිතිය අනෙකාට ද ලැබිය යුතු නම්, එයට ජාතිය, වර්ගය, හා භූමිය බාධකයක් නොවීමේ සරල සිද්ධාන්තයවත් වටහා ගතහැකි මිනිසුන් ද ව්‍යාපාරද, අදහස් හා මතවාද අලුතින් කල්පනා කළ යුත්තේ, දිනෙන් දින මිනිසා අලුත්වන නිසාය.

මනුෂ්‍යත්වය වෙනුවෙන් සිතන ක්‍රියාකරන විකල්ප තුන්වෙනි බලවේගයකට ලංකාවේ මනස පෑදේවා!!!

 

උදය ආර්. තෙන්නකෝන්- Udaya R. Tennakoon

 

 

 

 

කැමරන් උතුරේ. දෙමළ විරෝධතා ව්‍යාපාර (වීඩියෝව)

http://www.bbc.co.uk/sinhala/sri_lanka/2013/11/131115_jaffna_demo_video.shtml

 

කොළඹ දී රාජ්‍ය නායක සමුළුව විවෘත කිරීමෙන් පැය කිහිපයකට පසුව බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් උතුරේ යාපනය ප්‍රදේශයේ සංචාරය කළේය.

යුද්ධයේ දී මියගිය ඥාතීන් ගේ පවුල් වල කාන්තාවන් අගමැති කැමරන් ගිය වාහන පෙළ ඉදිරියට කඩා පනින්නට උත්සාහ කළ බවයි වාර්තා වන්නේ.

එක් දහස් නවසිය හතළිස් අටේ දී නිදහස ලැබීමෙන් පසු යාපනයේ සංචාරය කළ පළමු විදේශ නායකයා ඔහුයි.

අතුරුදහන් වී ඇති තම ඥාතීන්ගේ ඡායාරූප අතේ දරා සිටි ඔවුන් සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා හඬ නගා තිබේ.

සමුළුව ආරම්භ වූයේ ශ්‍රී ලංකාව සමුළුව පැවැත්වීමට සුදුසු රටක් ද යන විවාදයක් මතුව තිබියදී යි.

දෙමළ කොටි කැරලි කරුවන්ට එරෙහිව සිදු කල යුද හමුදා මෙහෙයුමේ දී යුද අපරාධ සිදුව ඇති බවට එල්ලවන චෝදනා විමර්ශනය කිරීම පිණිස ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ කිරීම ශ්‍රී ලංකාව විසින් ප්‍රතික්ෂේප කිරීමට විරෝධය පෑම සඳහා කැනඩාව, ඉන්දියාව , සහ මොරිෂස් යන රටවල නායකයන් විසින් සමුළුව වර්ජනය කොට තිබේ.
(උපුටා ගැනීම BBC

බාහුගේ කතාව- මානව හිමිකම් උළෙල